මාරාන්තික රංගනයේ පිටපත කාගෙද?කුහක විචාරකයෝ සහ ගල් ගහන භූතයෝ..
Posted on May 28th, 2022

උපුටාගැණීම මුහුනුපොත

.විමල්ගේ දේශපාලන භූමිකාව ශිෂ්‍යයෙකු ලෙස ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය තුලත්, 89 මහා ජනසංහාරයෙන් දිවිගලවා ගැනීමෙන් පසු මානව හිතවාදි පත්තර කාරයෙකුගේ සිට මරා පොළොවට සමතලා කොට මැච් එක ඉවරයැයි වහසිබස් දෙඩු ජනතා විමුක්ති පෙරමුණ නැවත දේශපාලනයට රැගෙන ඒම සදහාත්,එය ජනතාව තුල මහජන ව්‍යාපාරයක් දක්වා ඔසවා තැබිම වෙනුවෙනුත් ඔහු කල සුවිශේෂී කැපකිරිම ලෙහෙසියෙන් මකා දැමිය නොහැක.

එවිට නම් එය රංගනයක් යැයි කීමට කවිරුත් ඉදිරිපත් නොවුණි. තවලම්,සුදුනෙළුම් ආදී දවටනයන්ගෙ ඔතා කරළියට රැගෙන එමින් තිබු රට බෙදන යෝජනා සහිත පෑකේජය නොහොත් පෙඩ්රල් ආණ්ඩුක්‍රම යෝජනා වලට එරෙහිවත් ,උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කොට වෙනම ස්වයං පාලන කලාප දොළ පිදේනිය කොටින්ට ලබා දිමට එරෙහිවත් (විමල් එදා උතුරු නැගෙනහිරෙන් වෙන්කර ගැනිමට ගත් ක්‍රියා මාර්ග නොවන්නට අදටත් එය එක් පලාතක් ලෙස පවතිනු ඇත.)

එ සදහා විමල්ගේ මැදිහත් විම ඉතාම ප්‍රශංසනීය විය. ප්‍රභාකරන් සමග සටන් වීරාම ගිවිසුම් ගසාගෙන උතුරු නැගෙනහිරට කොට් අන්තර් පාලන යෝජනා රැගෙන එනවිට එය පැරදවිම සදහා පෙරමුණ ගන්නා විට විමල් ඔය කරන්නේ කාගේ හෝ පිටපතකට අනුව කරණ රගපැමක් යැයි කවිරුන් හෝ කිවේ නැත

.රට මතට කඩා වැදුණු සුනාමි ව්‍යසනය පවා දඩමීමා කරගෙන ප්‍රභාකරන්ට “සුනාමි සහන මංඩල” ලෙස වර්ණ ගන්වා බන්දේසියේ තබනවිට හෝ අධිකරණ ,පොලීසි,හමුදාව,අතැතිව බලවත්ව සිටි LTTE යට පරිපාලන බලතල ලබා දිමට කටයුතු කරන විට හෝ එයට එරෙහිව නැගී සිටි විමල් මේ කරන්නේ රගපැමක් කියා කවිරුන් හෝ කීවේද නැත.

මානෙල් මල් ව්‍යාපාරය,දේශහිතේශි ජාතික ව්‍යාපාරය තුල ඔහු වැඩකරන විට විමල්ගෙ හඩ,විමල්ගෙ රිද්මය,ඔහු අනුයන දේශජ දේශපාලන භුමිකාව මත විමල් ගැඹුරු මකා දැමිය නොහැකි දේශපාලන මුද්‍රාවක් තබා තිබුණි,

පසු කලෙක ජවිපෙ ලාල්කාන්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර පිළිගත් ආකාරයට විමල් ජවිපෙන් වෙන්වුයේ ජවිපෙ ජාතික මතවාදයෙන් විතැන්ව මව්බිමට එරෙහි ස්ථාවරයකට තල්ලුවෙමින් සිටි නිසා එයට එරෙහිව කල අභ්‍යන්තර ප්‍රතිපත්තිමය අරගලය නිසාය.

සාමාන්‍යයෙන් අප දන්නා ලාල් කාන්ත සහෝදරයා බොරු කියන්නෙ නැත. අනිත් අයනම් කට ඇරියම බ්‍රේක් නැතිව දිව උල්කර බොරු විදින්න උපන් හපන්කම් ඇති අය බව දනිමු.

කුමර් ගුණරත්නම් කියලා කෙනෙක් දන්නෙ නැ කියලා කියන්න පුළුවන් නම් අන්දේවල් ගැන කතාකර තේරුමක් නැත.

එය රගපැමක් ,එකම නාට්‍යයේ කොටස්,එකම තිරපිටපතක් කියා කවුරුන් හෝ කියනවා මා අසා නැත.ඉන්පසු එළඹියේ 2008 පසු විමල් ප්‍රමුඛ කණ්ඩායම ජනිපෙ ලෙස එල්ටීටීඊය පරාජය කිරිම සදහා විමල්ගේ පසමිතුරුන් නගන අවලාදය නොහොත් “රගපැමේ භුමිකාව” අතට ගැනිමයි,

අයවැය පරාද කර ආණ්ඩුව වට්ටවා යුද්ධය වැලැක්විමට එරෙහිව රට වෙනුවෙන් රටට හතුරුවුවන් කියනා ලෙස විමල් දුෂ්ටයාගේ භූමිකාව රගපැ බව සෑබැය.

වැඩ වරජනය කර ආර්ථික සටන් පාඨ පෙරට ගෙන එල්ටීටීඊය පරාජය කිරිම වැලැක්විමට දෙස් විදෙස් බලවේග කටයුතු කරන විට ඔවුන්ට අනුව විමල් රට වෙනුවෙන් දුෂ්ඨයා ජවනිකාව අත් හැරියෙ නැත.

ඔහුට ඉන්පසුවද එළඹුනේද සුව පහසු චරිතයකට පණ පොවන්නට නම් නොවේ. බැසිල් ,පිබි වැනි පිල්ලිවලට එරෙහිවි නව වටයකින් රට වෙනුවෙන් ජවනිකා දිග හැරෙන්නට විය. එහි උච්චතම අවස්ථාවල රහස් පොලීසි කණ්ඩායම්,චර පුරුෂ සේවාවන් රෝ ඔත්තු කරුවන් ඔහු වටා සැරිසරන්නට විය.

රාජපක්ෂ ආණ්ඩු ඇතුලේ ඔහුට මුහුණ දිමට සිදුයේ එළිපිට සහ සැගවි සිට ප්‍රහාර එල්ල කරණ පිල්ලිවලට එරෙහිවය,එය බිහිසුණුය,එය ජීවිත අවදානමද දරාගෙන ප්‍රතිප්‍රහාර දියයුතු විය,මෙහිදි සමහර ඔහුගේ සටන් සගයන්ද ඔහු හැර යන්නට විය.

එහෙත් විමල් දේශපාලන ලකුණු වෙනුවෙන් නොව රට වෙනුවෙන් කොන්දේසි විරහිතව සටනට අවතීර්ණ ව් සිටියහ.එය සමහරුන්ට අනුව ජවනිකාවකි සමහරුන්ට නාට්‍යක පිටපතකි.එය රාජපක්ෂලා වෙනුවෙන් කරන රග පැමකි.රාජපක්ෂලා පවා නොසිතුවිරු ලෙස විමල් තම මතය වෙනුවෙන් කටයුතු කරන විට ඔහු අන්ද මන්ද විය.විමල් කියවා ගැනිමට ඔව්හු අපොහොසත්විය.

කිරින්ද ඛනිජ වැලි නිදිය ඉන්දියානු සමාගමකට විකිණිමට චමල් රාජාපක්ෂලා තැත් කරන විට හම්බන්තොට රාජපක්ෂලාගේම වැයික්කියට ගොස් එය විකුණිමට ඉඩ නොදෙන බවත් ජාතික සම්පත් විකුණා ස්වරගයට යනවට වඩා එය විකිණිමට ඉඩ නොදි උවමනාවෙන් අපායට යන බව කියා ආවාය,

සමහරුන්ට එය රංගනයකි, රාජපක්ෂලා හිතන්නේ වෙනත් ඇමතිවරුන් වගේ විමල් දෙන දෙයක් කලා වෙන දෙයක් බලාගෙන ඉන්නෙ නැති නසරාණියෙක් කියාය.

හොදම රංගනය දිග හැරෙන්නෙ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමකට විකිණිමට තැත් කල විටයි.වෘත්තීය සමිති දේශපාලන පක්ෂ ,සිවිල් සංවිධාන ,ශිෂ්‍ය සංවිධාන ,ජාතික සංවිධාන එයට එරෙහිව කදවුරු බදින විට,විමල් ආණ්ඩුව ඇතුලේ අරගලයට අවි මුවහත් කලාය,

තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් ඇතුලේ පක්ෂ 11 වෙනම සංවිධානය විය ඇත්තෙන්ම ආණ්ඩුවේ නායකයින්ගේ මරාන්තික උදහසට සෘජුවම ගොදුරු වන්නෙ එදාය, ඇත්තෙන්ම මේ ආණ්ඩුව දණ ගැස්විම ආරම්භය සනිටුහන් වුනේ එතැන් සිටය, සමහරුන්ට අනුව එයද රග පැමකි,

ඉන්පසු ගොවියා අසරණකර 69 ලක්ෂයේ ජන වරම කිළිටි කල පොහොර තහනම සිදුකල විට බෝහෝ අය එයට හූ මිටි තියද්දී, විමල් ඇතුළු කිහිප දෙනෙක් එයට දැඩිව පහර පිට පහර දෙන්නට විය. එක් අවස්ථාවක ඔහු කිවේ ගත්‍ත තීන්දුව වැරදි බවත්, එය නිවැරදි කිරිමට ලැජ්ජාවියයුතු නැති බවත්ය ,එය කෙළින්ම කිවේ ගෝඨාභය රාජපක්ෂටය.(දිනේශ් වගේ අය පවා රාජපක්ෂලාගේ කිකරු ඉත්තන් වි සිටි පසු බිමක විමල් ගේ කශේරුකාව අන් හැමෝටම වඩා ශක්තිමත්වු බව නොකියාම බැරිය.) මොකද එම තීන්දුව ගත්තේ ගෝඨාභයගේ තනිමතයට වන බැවිනි.

විමල් එසේ කියන විට ගොවි දිස්ත්‍රික්ක වලින් පැමිණි ඇමතිවරු මුඛවල් පුට්ටු කරගෙන ලැජ්ජා සහගතව සිටින අයුරු දැක ගත හැකි විය,

ඒ රාජපක්ෂලාට බියෙනි.ඉන්පසු යුගදනවි බලාගාරය විකිණිම කැබිනට් එක නොමග යවන විට(ඉල්ලා අස්වු මුදල් ලේකම් දැන් එදා විමල් කියු කතාව අනුමත කර ඇත.) එයට එරෙහිව කැබිනට් සාමුහිකත්වයට වඩා රටේ සම්පත් සුරකිම වටින බව කියා අමාත්‍යවරු තිදෙනෙක් ලෝක ඉතිහාසයේ පළමු වරට අධිකරණයට යන විට සමහරුන්ට එය රග පැමකි,

ඒසදහා මහජන මන්ත්‍රණ සභාවක් කැදවන විට එයත් රග පෑමක් යැයි සුපුරුදු අවලාදය දමා ගැසුවාය.රටේ ආර්තික අර්බුධය උත්සන්න කොට රට බංකොලොත් භාවයට පත්කරන විට එයට එරෙහිව මාර්තු 02 පක්ෂ 11 රට හරි මගට ගැනිමේ ප්‍රතිපත්තිය රට හමුවේ තබන විට බුදු අම්මෝ මෙන්න විමල් රගණවායැයි නහයෙන් අඬන්නට විය.

පසුදිනම ඇමතිධුර වලින් පහකරන විටදි පවා ඔවුන් හොටු පෙර පෙරා අඩන ගමන් කිවේ ඕකත් රඟපෑමක් කියාය,

දවසින් දවස රට වලපල්ලට යනවිට සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩු යෝජනාව කරන විට කිවේ ඕක පිස්සු යෝජනාවක් කියාය ,විමල්ට නැතිවෙච්ච ඇමතිකම ගන්න කරන උප්පරවැට්ටියකට ආදලා රග පෑමක් කියාය,

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වියයුතු බව කියන විට ජොන්ස්ටන් සනත් නිශාන්ත රෝහිත,මහින්ද පතිරණ සාගර කාරියවසම් ,තිස්ස කුට්ටි ආරච්චි වැන්නන් බැසිල්ගේ මෙහෙය විමට මාධය සාකච්ඡා කැඳවා විමල්ට තඩි බැවාය.

සර්ව පාක්ෂික සමුළුවෙදි ගොත ගගහා බැසිල් කිවේ රටට හරි මග කියන්න ආපු අය මහ මගට වැටුනු බවය. නමුත් මහ මගවත් නැති වුනේ රාජපක්ෂලාටය,ආයේ රාජපක්ෂලාට රටේ කිසිදාක බලයට ඒමට බැරිබව කිවේ විමල්ය.

අද විමල්ගේ යෝජනාව වෙන විදිහකට බටහිර තානාපතිලාගේ උවමනාව අනුව කඩා බිද දමා බැසිල්, මිලින්ද මොරගොඩ, බටහිර තානාපති කාර්යාල තීන්දු කර රනිල් අගමැති කර ඇත්තෙත් විමල් දේශපාලනිකව වැට්ටවිම සදහායි.

පසුබා සැගවි සිට්න බැසිල් රනිල් හරහා විමල් වැට්ටවිම සදහා තවත් මොට්ට ආයුධයක් භාවිතාකර ඇත.

ඒ උපන් දින දෙකක් සදහන් කර පෙර සහ පසු ලබා ගත් ගමන් බල පත්‍ර දෙකක් සම්බන්ධවය.

සමහරුන්ට අනුව එයත් රග පෑමකි, ඒවා නම් මාර රගපැමිය.ඒ රගපැම වෙනුවෙන් වසර දෙකක් බිරිද හිරෙ යවන්නේය.

සමහරු සොහොන් ළඟින් යද්දි බයට කුණුහරුපයෙන් බැන බැන යන කතාව මා අසා ඇත. මෙයත් ඒසේමය. විමල්ගේ දේශපාලනයට බයවි ඇති අය ඔහුට දිගටම එකම අවලාදයක් දමාගසමින් සිටි ඒ “රගපෑමක්” ගැන කියමින්ය.

ඇත්තෙන්ම බය වු අය කියන කථාව වෙනස් කරලා මහ පොලොවට බහින්න වෙන කාලය පැමිණ තිබේ

ඒ දේශපාලනය වේගයෙන් කැරකෙමින් පැවතිම නිසාය, විමල් මේ රගපාන්නේ මව්බිමේ තිර පිටපතයි.බෝහෝ අය එය අත් හැර තම තමන්ගේ වැඩක් බලාගෙන සිටි. විමල්ද එය අත් හැරිය හොත් රටට අත්වන කලදාසාව අපි දන්නෙමු.නමුත් කිසිදා විමල් එය අත් නොහරින වගකිමක් ලෙස කරට ගෙන ඇති බව දනිමු.

සමහර සතුරු බල මුළු තාවකාලික ජයග්‍රහණ ලබනු ඇත.එහෙත් ස්වදේශික ජනතාව මව්බිම යටත් කිරිමට ඉඩ නොදෙනු ඇත.

ඒ යන ගමනෙදි භූතයෝ ගල් ගසාවි,බධාකරවි,අනේක විධ මර්දන උපක්‍රම භාවිතා කරාවි.මතක තබා ගතයුතු දේ වන්නේ ගල් ගසා,ගෙවල් ගිණිතබා ,බිරිද හිරේයවා විමල් සිපිරි ගෙට දමා ,විමල්ගේ දේශපාලනය නැවැත්විය නොහැකි බවයි…!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress