නීතීඥවරයෙක්, නීතිඥ සංගමයේ සභාපති ධූරය දරන කාලසීමාවේ සේවාදායකයන් වෙනුවෙන් අලුත් නඩුවලට පෙනී සිටීමට නොහැකිවන ලෙස, විධිවිධාන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුත්තේ ඇයි?
Posted on June 6th, 2022

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col)

(අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පාලනය, අපක්ෂපාතීත්වය, විවෘතභාවය, වගවීම, යහපාලනය ගැන වර්තමානයේ විද්වත් සාකච්ඡාවක් ආරම්භ වී ඇත. මෙම කෙටි ලිපිය ලියවී ඇත්තේ ඒ සම්බන්ධයෙන් නීතීඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන්  සිඳුවිය යුතු නීති සංශෝධන වෙනුවෙනි.මෙය සභාපතිධූරයට පත්වීමට පෙර තමන් පෙනීසිටීමට බාරගෙන ඇති නඩු කටයුතුවලට අදාල නොවේ.)

1. සබඳතා අතර ගැටුම් අවම කිරීමට.

2. නීතීඥ වෘත්තියේ ගරුත්වය සහ අභිමානය ආරක්ෂා කිරීමට

3. නීතීඥවරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ විනය කටයුතු වලදී ස්වාධීනව සිටීමට.

4.සභාපතිධූරය දරන කාලසීමාවේ පූර්ණ කාලීනව නීතීඥවරුන්ගේ අයිතිවාසිකම්, යුතුකම් සහ වගකීම් වෙනුවෙන් පෙනීසිටීමට අවස්ථාව ලැබීම.

5. සිය පෞද්ගලික අරමුණු සභාපතිධූරය යොදාගනිමින් අධිකරණය මගින් ක්‍රියාත්මක කර ගැනීමේ අවස්ථාව අවම වීම.
6. සභාපතිවරයා විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වය සමඟම සම්බන්ධතාවය පවත්වාගෙන යා යුතු වීම.

7. සභාපතිධූරය දරද්දී තමන් එක් පාර්ශවයක් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමට තීරණය කිරීමේදී නීතීඥ සංගමයේ ස්වාධීනත්වයට අයුතු බලැපෑමක් සිඳුවීම.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394) (2022.06.06)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress