ඉන්දීය විදේශ ලේකම් ඇතුළු දූත පිරිස පිටව යයි – ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවකටත් සූදානම් – රනිල් (වීඩියෝ)
Posted on June 23rd, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

තමන් ඉදිරියේ දී ඉන්දීය රජය සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (23) පස්වරුවේ ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු පිරිස සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

මේ අතර මෙරටට අද පෙරවරුවේ පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී විනේයි ක්වාත්‍රා ඇතුළු දූත පිරිස අද (23) පස්වරුවේ පිටව ගොස් තිබෙනවා.

ඒ පස්වරු 05ට පමණ ඉන්දියාවට අයත් කේ. 3603 දරණ විශේෂ යානයෙන්.

මෙරට ආර්ථික අර්බුදයට විසඳුම් සාකච්ඡා කිරීම සඳහායි මෙම දූත පිරිස මෙරටට පැමිණියේ.

එම එක්දින නිල සංචාරයේ දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමඟ මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳව ඔවුන් සාකච්ඡා කළා.

ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ පැමිණි දූත පිරිසට ඉන්දීය ප්‍රධාන ආර්ථික උපදේශක ආනන්ත නාගේෂ්වරන් සහ ඉන්දීය ආර්ථික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා ද අයත්.

“‘අසල්වැසියාට ප්‍රමුඛතාව’ දුන් ඉන්දීය ප්‍රභූන් නික්ම යති – හයියක් වෙනවට ස්තුතියි !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress