Anonymous වැඩ පෙන්නයි – බටහිර ආයෝජනය කල දේශපාලකයන්ගේ නම් ගම් සාක්ෂි සහිතව ලේඛණ එලියට
Posted on June 26th, 2022

උපුටා ගැන්ම ලංකා ඊ නිව්ස්

Anonymous වැඩ පෙන්නයි – බටහිර ආයෝජනය කල දේශපාලකයන්ගේ නම් ගම් සාක්ෂි සහිතව ලේඛණ එලියට – LEN – www.lankaenews.info | Latest News From Sri Lanka

බටහිර රටවල සමාගම් පිහිටවමින් තම කලු සල්ලි ආයෝජනය කල දේශපාලකයන් සහ ඔවුන්ගේ සමීපතමයන් සියල්ල ඊයේ දිනයේදී Anonymous  විසින් Dark Web වෙත මුදා හැර තිබේ. මෙහි විශේෂත්වය වනුයේ මෙවර නම් ගම් සමඟ එම සමාගම්වල ලියාපදිංචි කිරීමට අදාල ලේඛණ සියල්ල ඉදිරිපත් කර තිබීමයි. එම ලේඛණ සහ අදාල විස්තර පහතින් උපුටා දක්වා ඇත.

01. චන්දන රෝහිත රාජපක්ෂ

හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයාය. ඔහු Rocket Space Incorporation නම් සමාගමක ආයෝජනය කර ඇත. මෙහි ඔහුගේ හවුල් කරුවා ලෙස ජෙරම් ජයරත්න සඳහන්ව ඇත. ජෙරම් ජයරත්න යනු රෝහිතගේ බිරිඳගේ පියාය. එනම් රෝහිත රාජපක්ෂගේ මාමණ්ඩියයි. ආයෝජනය කර ඇති කොටස් ප්‍රමාණයේ වටිනාකම ඩොලර් මිලියන 4කට වඩා වැඩි ප්‍රමාණයකි. ($4,606,383.00) පසුගිය කාලය පුරාම විවිධ ඡෝදනා වලට රට පාලනය කල රාජපක්ෂ පවුල ලක්විණි. පහතින් දැක්වෙන්නේ ඊට අදාල ලිපි ලේඛණයි.

2. උදයංග වීරතුංග

මහින්ද රාජපක්ෂ සමයේ හිටපු රුසියානු තානාපතිවරයාය. මිග් යානා ගණුදෙනු සම්භන්ධව විශාල වශයෙන් ඡෝදනා එල්ල වූ පුද්ගලයෙකි. Arup North America Limited නම් සමාගමක මොහු මුදල් ආයෝජනය කර ඇති බවත් එම සමාගමේ අධ්‍යක්ෂ තනතුරක් හොබවන බවත්, ඊට අදාල ලේඛණ ඉදිරිපත් කරමින් Anonymous විසින් හෙලි කර තිබේ. පහතින් දැක්වෙන්නේ ඊට අදාල ලියවිලිය.

කෙසේ වුවත් මෙම පුද්ගලයින් ගැන වහාම පරීක්ෂා කර, මහජනතාවගේ බදු මුදල් අමු අමුවේ කොල්ල කෑ ඡොදනාවට දැඩි දඩුවම් පැමිණවීමට අපි රජයට බල කර සිටිමු. Anonymous විසින් Dark Web වෙත ඉදිරිපත් කරන ඉදිරි ලේඛණ සහ තොරතුරු මොනවාදැයි අප දැඩි විමසිල්ලෙන් සිටින අතර, එම තොරතුරුද කඩිනමින් ඔබ වෙත වාර්තා කිරීමට කටයුතු කරමු.

3. ශානිකා සූරියආරච්චි

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරගේ බිරිඳයි. Design Tree Limited ලෙසින් සටහන් වන සමාගමක මෙම මුදල් ආයෝජනය කර ඇති අතර 2017 වසරේදී එම සමාගමේ මුලු ප්‍රාග්ධනය යූරෝ මිලියන 104,201ක් ලෙස සටහන්ව ඇත. මෙම සමාගමේ අධ්‍යක්ෂිකාවක් ලෙස මනූෂ නානායක්කාරගේ බිරිඳගේ නම සටහන්ව ඇති අතර එය සටහන්ව ඇත්තේ S. Nanayakkara  ලෙසිනි. මනූෂ නානායක්කාර  2016 වසරේදී හිටි හැටියේ එක්සත් ජාතික පක්ෂය හා එක්වූ අතර, පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා, ව්‍යාංගාර්ථයෙන් පැවසුවේ මනූෂ නානායක්කාර මත්කුඩු ජාවරමටද සම්භන්ධ බවයි. එම ලේඛණ පහත දක්වා ඇත.

4. ජලනි ප්‍රේමදාස

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳයි. The Estee Lauder Companies Incorporation නම්  සමාගමක ඇය ආයෝජනය කර ඇති බවත් ඇය එම සමාගමේ විධායක උප සභාපති සහ ප්‍රධාන ගිණුම් නිළධාරී ලෙසත් ලේඛණ සහිතව Anonymous විසින් ලේඛණ සහිතව හෙලි කර තිබේ. එම ලේඛණයේ දිනය ලෙස සටහන් වන්නේ 2021 ඔක්තෝබර් 22 දිනයි. මේ කාලය ආශ්‍රිතවම ජලනි ප්‍රේමදාස විසින් කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ මිල අධික සුඛෝපභෝගී  රූප ලාවන්‍යාගාරයක් ඇරඹි බව අපට මතකය. ඒ වගේම 2019 ජනපතිවරණයේදී සහ 2020 මහ මැතිවරණයට අදාල සම්පූර්ණ මූල්‍ය පාලනය ඇය හරහා සිදු වූ බවට සමාජ මාධ්‍ය ඡෝදනා එල්ල කර තිබිණ. පහතින් සඳහන් වන්නේ එම ලේඛණයි.

5. වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජාතික ජන බලවේගයේ විධායක සභාව නියෝජනය කරන මොහු, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. දූෂණයට හොරකමට විරුද්ධව ගිරිය කඩාගෙන බෙරිහන් දෙන්නෙකි.  GlaxoSmithkline PLC නම් ඖෂධ ආශ්‍රිත සමාගමේ කොටස් 55,000ක් ඔහුගේ නමට මිලට ගෙන ඇති බවත් එහි සම්පූර්ණ වටිනාකම යූරෝ මිලියන 2කට අධික බවත් වාර්තා වේ (£2,474,653.50) එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 897කට අධිකය. කෙසේ වෙතත් ජවිපේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙය ඔහුගේ පෞද්ගලික මුදල් නොවන බවත්, පක්ෂයට ලැබුණු මුදල් ඔහුගේ නමින් ආයෝජනය කර තිබීමට ඉඩ ඇති බවත් ය. ඊට අදාල ලේඛණ පහත දැක්වේ.

6. සුජීව සේනසිංහ

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. පසුගිය යහපාලන රජයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ සුජීව සේනසිංහ Morgan Stanley Company නම් සමාගමක ආයෝජනය කර ඇති බවත්, ඔහු එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් බවත් Anonymous විසින්  හෙලි කර සිටී. පහතින් දැක්වෙන්නේ එම සමාගමට අදාල ලේඛණයි.

7. D M කසුන් දිසානායක

ජාතික ජන බලවේගයේ නායක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ පුතා ලෙස හැඳින්වෙන්නේ කසුන් දිසානායකයි. Vanguard VI Venture Partners L L C නම් සමාගමක අධ්‍යක්ෂ වරයෙක් ලෙසත්, එම සමාගමේ 10%ක කොටස් ප්‍රමාණයක් ඔහුට හිමි බවටත් අදාල ලේඛණ තහවුරු කර තිබේ. කසුන් දිසානායක මහින්ද රාජපක්ෂ සමයේ මිහින් ලංකා ගුවන් සේවයේත්, මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේත් රැකියාව කරයි. ඔහුගේ විවාහ මංගල්‍යය මෙරට මිල අධික හෝටලයක් වන Thotupala Residencies තුල පැවැත්වීම සම්භන්ධයෙන් පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් සමාජ මාධ්‍ය තුල ඇති විය. ඊට අදාල ලේඛණ පහත දැක්වේ.

8. හර්ෂ ද සිල්වා

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. පසුගිය රජයේ විදේස් ආයෝජන කෙරෙහි සෘජුව බලපාන වගකීම් දැරූ රාජ්‍ය ඇමතිවරයෙකි. Yucheng Technologies Limited නම් සමාගමේ කොටස් වලින් 8.01%ක අයිතිය හර්ශ ද සිල්වා සතු බව Anonymous විසින් හෙලිදරව් කොට ඇත. එම ලේඛණ පහතින් දැක්වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress