ආණ්ඩුවෙන් සල්ලි එපා.. මගේ අතින් කෝටි පහ බැගින් මාස්පතා ජනතාවට වියදම් කරනවා..- ඇමති ධම්මික
Posted on June 28th, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ජනතාව වෙනුවෙන් මාස්පතා රුපියල් මිලියන 50 බැගින් තම පුද්ගලික ධනයෙන් වියදම් කිරීමට කටයුතු කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමිනි.

ටෙන්ඩර් කෝල් කරලා වැඩ කරන්න ගියොත් එහෙම ඒකට ලොකු කාලයක් යනවා. මම ඇමතිධුරයේ වැඩ භාර ගත්තේ මගේ පෞද්ගලික සල්ලිත් මම මාසෙට මිලියන 50 ගානේ දානවා කියලා හිතාගෙන.

ඒ වගේ බජට් එකක් මම වෙනුවෙන් වෙන්කරගෙන තමයි මම මේ පුටුවේ ඉද ගත්තේ. මම ආණ්ඩුවේ සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ. මම මාසෙකට මිලියන 50ක් මිනිස්සු වෙනුවෙන් මගේ පුද්ගලික සල්ලි දානවා. ඒ ඔක්කොටම ලෑස්ති වෙලා තමයි මම මේ පුටුවේ ඉගෙන ගත්තේ.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress