කෝටි හතරහමාරක් රැට්ටාලට ලැබිලාලු
Posted on July 16th, 2022

 Lanka Lead News

රතිඳු සේනාරත්න (රැට්ටා), ඩිලාන් සේනානායක සහ අවිශ්ක විරාජ් කෝනාර විසින් මෑතකදී ලංකා බැංකුවේ යූනියන් ප්ලේස් ශාඛාවේ නව ගිණුම් තුනක් අරඹා තිබේ.

මෙම ගිණුම් තුනට අද (15) රුපියල් ලක්ෂ 150 බැගින්, ලක්ෂ 450ක මුදලක් (හාරකෝටි පනස් ලක්ෂයක්) විදේශයක සිට තැන්පත් කෙරී තිබේ.

ඉන් පැය කිහිපයකට පසු බැංකුවට සුදු පැහැති ප්‍රියස් මෝටර් රථයක පැමිණ තිබෙන රැට්ටා, ඩිලාන් සහ කෝනාර මෙම සම්පූර්ණ මුදලම රැගෙන ගොස් තිබෙන අතර, සාමාන්‍ය ක්‍රියාවලිය අනුව මුදල් ලැබීමට හේතුව පිළිබඳ ප්‍රශ්න කළ බැංකු නිළධාරීන්ට තර්ජනය කර තිබෙන්නේ තමන් අරගලයේ බවත්, තමන්ට බාධා කළහොත් ඊළග දිනයේ බැංකුවත් වටලන බව කියමින්ය.

(මෙම ප්‍රවෘත්තිය මේ වන විට අන්තර්ජාලය ආශ්‍රිතව සංසරණය වන එකකි. මෙහි සත්‍යය අසත්‍යයතාවය පිළිබඳව අදාල නම් සඳහන් වන්නන් විසින් පැහැදිලි කිරීමක් කරනු ඇතැයි විශ්වාස කරමු.)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress