රනිල් ජනාධිපටිය. ඒකට මට හිනාය.
Posted on July 16th, 2022

ජයන්ත හේරත්

රනිල්

ජනාධිපටි උනේය

ඒ කට

මට

හහ් හහ් හා

කියා සිනහ පහල වන්නේය.

’77 පටන්

උප ඇමටි

අධ්‍යාපන ඇමටි

අර ඇමති

මේ අමැටි

අගමැටි

වීමේ වාසනාවය.

මාමා

බෑනා

පක්ෂයේ

list එකේ

ඉහල

නායකයෝ

එකා පිට එකා 

මැරී වැටෙද්දී

පණ

බේරා ගත්තේය.

ඇරගල්කාරයෝ

මරා ගනිද්දී

හබන් කුකුළාට මගුල්ය.

රනිල් ජනාධි පටි උනේය.

හිටපු තරුණ බෑණා

අත්දැකීම්

අතැතිව

දැන් මහළු වියට ඇවිත්ය

සීයා ය.

තාත්තා

පත්තර කාරයා නිසා

මාධ්‍යය

අල්ලේය.

බාප්පා

බිෂොප්

නිසා

කාදිනල්

කට අරින්නේ නැත.

ජීවිතේ හැටිය.

මේ පසු වන්නේ

අත්දැකීම් බහුල

බෑණාගේ 

දේශපාලන ජීවිතයේ

ස්වර්ණමය

අවසාන ඉනිමය.

තට්ටු අල්ල අල්ලා ඉඳ

එකවර  

හතරේ පහරවල්

හයේ පහරවල්

කෙලින්නේය.

නොසිතු විරූ

ලෙස

දැවී යන්නටද ඉඩ ඇත.

එන්ග් ලන්තේ

ඉන්දියාවේ 

අගමැටි

වෙන්නට බැරිය.

ලබන ආත්මේය.

ඇරගල්කාරයෝ

වචනයේ

පරිසමාප්ත අර්ථයෙන්ම

තමන්ම

ඇර ගන්නේය.

ගල්

ගහ ගන්නෝය

ඇන කොටා ගන්නෝය

ගිනි තබන්නෝය

බෙලි කපා

දිවි නසන්නෝය

උන් දන්නා

ආණ්ඩු ක්රමයය

ඊට වඩා දෙයක් ගැන

හිතන්නට

මොළයක් නැත.

නැති කරන්නට වුවමනා

විධායක ජනපති නම්,

පළමුව කල යුත්තේ

ඉන්දියාව බලහත්කාරයෙන්

අත්සන් කරවා ගත්

13 අහෝසි කිරීමත්

පළාත් පාලන සභා ක්රමය

තුරන් කිරීම බවත්

මුන්ට තේරෙන්නේ නැත.

විසඳුම

ඍෂි සුනක්ය.

ප්රිටි පටෙල් ය.

ඉන්දියාවේ අගමැති කමය.

බිරියානි, මාළුපාන්

නොමිලේ

බුදින

හොර

ඇරගැලිස්ලාට

නොතේරෙන්නේය.

ඇරගලිස්ට්ලා

හසුව ඇත්තේ

බෙදුම්වාදි එංජීඕ නඩ පහරකටය.

නැත්තේ

කිරි පිටි නම්,

ඒවා පිටරටකින්

එන තුරු

ගෝල් ෆේස්

මුහුද දිහා බලමින්

ඇර ගල් කරාට

වැඩක් නැත.

කල යුත්තේ

ගව පට්ටි හදා

පිරිසිදුව නැවුම් දියර කිරි

තමන්ම උරා

බීමය.

නිපදවා විකිණීමය

විශේෂයෙන්

මේ කාලයේ

ක්ෂණික විසඳුම්

සෙවීම

අමු මෝඩ කමකි.

මුන්ට මේවා

තේරෙන්නේ නැත.

නැත්තේ ඉන්ධන නම්,

ෆොසිල ඉන්ධන හොයමින්

පරිසරය දුෂණය කරමින් 

ඇර ගල් කරනවාට වඩා

ඉර එලිය,

සඳ එලිය

සුළඟ, මුහුදු රළ තරංග වැනි

පුනර්ජනනය

කල හැකි ශක්ති ප්රභේද

භාවිතකර ශක්තිය ලබා ගන්නට

මහන්සි විය යුතුය,

ජීව-ඉන්ධන හරහාද 

ශක්තිය  ලබා ගත හැක,

මුන්ට මේවා තේරුම් ගන්නට බැරිය.

අවුරුදු 40 කට පෙර

100% ම

විදුලිය තිබුනේ නැත

smart phone

තිබුනේ නැත.

සුමානෙටම

තිබුනේ

භූමිතෙල්

බෝතලයක්ය

අවශ්යතා සිමා කර ගන්නට

මොනම වෑයමක්වත්

නොගන්නා මුන්ට

විදුලි බලය නැතුව ම 

ඉන්නට බැරිය.

රොටී

වෙනුවට

ඉල්ලන්නේ 

pizza ය.

උද්ධමනය ගැන

දෙඩෙව්වාට

එය අඩු කර ගත හැකි

පහසුම මාර්ගය වන

අනවශ්ය අවශ්යතා

අඩු කර ගැනීම

කර ගන්නට

දන්නේද නැත.

ඉගෙන ගන්නට

ලැබෙන තරුණ කාලය

නිරපරාදේ විනාශ කරගෙන

කිසිම දැනුමක්

පර්යේෂණයක්

අත්දැකීමක්

දැක්මක්

නොලබා

ඇර ගල් කිරීමෙන් 

උන්ටවත්

උන්ගේ අම්මට වත් තාත්තටවත් 

රටටවත්

ජාතියටවත්

වෙන සෙතක් නැත. 

ජනපටි

දැන් වත් 

කල

යුත්තේ

හොඳින් හෝ නරකින් හෝ

ප්රජා තන්තරෙ න්

බැරිනම්

මිලිටරීකරණයෙන් හෝ

පුද්ගලීකරණයෙන් හෝ

තරුණ පරම්පරා

උගතුන්

කිරීමය.

රටේ නීතිය ප්රතිෂ්ඨාපනය 

කිරීමය.

එක රටක්

එක ආණ්ඩුවක් 

එක නීතියක්‍ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress