ලංකාවේ NGO වලට අමෙරිකාව 2021 දී ඩොලර් 1046136ක් සහ 2016 සිට 2020 දක්වා ඩොලර් 9123573 ක් ලබා දීලා. අද වටිනාකම රුපියල් කෝටි 372කටත් වැඩියි- විමල්ගේ පාර්ලිමේන්තු කතාවෙන් හෙලිවෙයි
Posted on July 30th, 2022
Courtesy Lankalead
පසුගිය 27 වනදා පාර්ලිමේන්තුවේ හදිසි නීති විවාදය පැවැති අවස්ථාවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් අමෙරිකානු CIA සංවිධානයේ පරිවාර සංවිධානයක් වන NED ( National Endowment for Democracy- ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික උරුමය ) නම් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විවිධ රාජ්‍යය නොවන සංවිධාන රැසකට 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ලබාදුන් මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් හෙලිදරව් කරනු ලැබීය.
පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කළ එම ලේඛනයට අනුව 2021 වර්ෂයේදී දී පමණක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍යය නොවන සංවිධාන 15 ක ව්‍යාපෘති 15 ක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 1,046,156ක් පොම්ප කර ඇති බව අනාවරණය වේ. එලෙසම 2016 සිට 2020 දක්වා NED ආයතනය ශ්‍රී ලංකාවේ රාජ්‍යය නොවන ආයතන ඉදිරිපත් කළ ව්‍යාපෘති වෙනුවෙන් අවස්ථා 117කදී ඩොලර් 9,123,573ක් පොම්ප කර ඇති බව අනාවරණය වේ. NED සංවිධානය අමෙරිකානු CIA සංවිධානයේ රහසිගත හස්තයක් ලෙස 1983 වර්ෂයේ දී පිහිටවනු ලැබූ සංවිධානයකි.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ සම්පූර්ණ වාර්තාව පහතින්..
American Grants For SL NGOs 2021