ව්‍යවස්ථා සංශෝධන මගෝඩි වලට ගොදුරු වෙන්න එපා! වසන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවේ 225න් ඉල්ලයි (වීඩියෝ සහිතයි)
Posted on September 2nd, 2022

 Lanka Lead News

විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙනඑන ලබන ව්‍යවස්ථා මගෝඩියට මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගොදුරු නොවිය යුතු බවත් එසේ වුවහොත් මෙරටේ ජනතාව මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය භෞතික වශයෙන් අවසන් කිරීමට කටයුතු කරනු ඇති බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිදුවූ ව්‍යවස්ථා සංශෝධන මගෝඩි පිළිබඳව සහ විශේෂයෙන්ම විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමතිවරයා ලෙස සිදු කළ දේ පිළිබඳව විග්‍රහයක් සහිත ග්‍රන්ථයක් අද දින( 01) නිදහස් චතුරස්‍රයේ පුස්තකාල සහ සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී එළි දැක්වීමට එක් වෙමින් ඒ මහතා මෙසේ සදහන් කළේය.

එසේම අධ්‍යාත්මය සිදගෙන ජීවත් වුවත් ඉන් පළක් නොමැති බව සදහන් කළ වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ මීට ගොදුරු වී මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවිපිදු 30000 තරුණ තරුණියන්ගේ සහ අත් පා ඇස් අහිමිකරගත් තවත් 30000කට අධික මිනිසුන්ගේ නාමයෙන් මීට ගොදුරු නොවන ලෙසත් එසේ වුවහොත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම කාර්යභාරය අවසන් කිරීමට මේ රටේ ජනතාව පෙළගැස්සවීමටද පසුබට නොවන බවයි.

එහිදී අදහස් දක්වමින් මෙතෙක් ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් සිදුකළ මගෝඩි සම්බන්ධව විශේෂ හෙළිදරව්වක් එම කෘතියේ කර්තෘ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් සිදුකරනු ලැබීය.

මෙම කෘතිය පිළිගැන්වීම සිදුකරනු ලැබුවේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාටය. එය එළිදැක්වීමේ උත්සවය ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress