ජයසුන්දරගේ උපදෙස් අරන් රට වට්ටපු අය දැන් නන්දලාල්ගේ උපදෙස් වලින් රට ගොඩ නගන්න හැදීම විහිලුවක්- ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර
Posted on September 3rd, 2022

Lanka Lead News

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රට ගොඩ නැගීමට කළ යුතු දේ සම්බන්ධයෙන් ටියුෂන් පන්තියක් පැවැත්වූ බැවින් දැන් රටේ අර්බූදය විසඳෙනු ඇතිද යන්න පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.

එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින්, ” මීට පෙර පී බී ජයසුන්දරගෙන් උපදෙස් අරගෙන තමා රට අද මේ අර්බූදය දක්වා රැගෙන ආවේ. නන්දලාල් වීරසිංහ අහසින් කඩා වැටුණු සුර දූතයෙක් නෙවෙයි.ඔහු මීට පෙර මහ බැංකුවේ නියෝජ්‍යය අධිපති ලෙස වසර 10ක් කටයුතු කළ අයෙක්. අභ්‍යන්තර තීන්දු ගැනීමේදී මහ බැංකු අධිපතිට සමාන බලයක් නියෝජ්‍යය අධිපතිටත් තිබෙනවා. 2015-2019 කාලයේදී ඉතා ඉහළ පොලියකට ඩොලර් මිලියන 12000කට අධික වානිජ ණය ගන්නකොට ඔහුට පෙනුනේ නැද්ද වසර කිහිපයකින් ගොඩ එන්න බැරි ණය අර්බූදයක් එන බව. ඒ ණය ගත්තේ එදිනෙදා වියදම් පියවා ගැනීමට හෙවත් ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීමට මිස කිසිදු සංවර්ධන ව්‍යාපෘතියකට නෙවෙයි. නන්දලාල් කියන්නේ ලෙඩේ උත්සන්න වෙදෙක්. ඔහුගේ උපදෙස් වලින් ලෙඩා බේරා ගැනීමට සිහින දැකීම මේ සියවසයේ ලොකුම විහිලුවයි.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress