ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුකරන බව ජනපති කියයි (වීඩියෝ)
Posted on September 6th, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථාවේ සිදුකළ යුතු වෙනස්කිරීම් සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරයට සමගාමීව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද පැවති උත්සවයට එක්වෙමින්.

එක්ව ගොඩනැගෙමු තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය සමරනු ලබන්නේ වසර 28 කට පසුව පක්ෂයෙන් ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසුව වීම විශේෂත්වයක්.

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයෙකු යටතේ අවසන් වරට පක්ෂ සංවත්සරයක් පවත්වනු ලැබුවේ 1993 වසරේදියි.

එක්සත් ජාතික පක්ෂයේ අද පැවති සංවත්සරයට ආරාධිතයෙකු ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද එක්ව සිටියා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress