අරගලයේ නව ජවය විසුරුවා හැරේ! – විරෝධතාකරුවන් 84ක් අත්අඩංගුවට!
Posted on September 24th, 2022

 Lanka Lead News

අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට” යන තේමාව යටතේ සමාජවාදී තරුණ සංගමය අද (24) කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාව අතරතුර කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 84 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ පුරහල අසලින් ගමන් ආරම්භ කළ පාගමන කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබූවද විරෝධතාකරුවන් ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහිර එල්ල කරමින් පාගමන විසුරුවා හැරීමට පියවර ගත්තේය.

විරෝධතාවය අතරවාරයේ තුවාල ලැබූ විරෝධතාකරුවන් 7 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ස්වාමීන් වහන්සේ දෙනමක්, පිරිමි පුද්ගලයින් 78 දෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කරයි.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව වාර්තා වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress