මේ අවනඩුව කාට කියන්නද?
Posted on October 14th, 2022

ලංකාවේ වෙනදේ

මුලතිව් මහෙස්ත්‍රාත් ලබාදෙන තීන්දූ,. 2020/10/22 පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ රාජකාරිය අඛණ්ඩව සිදුකරන්න. ..2022/07/14 සංරක්ෂණය වන ස්ථූපය ඇතුළු නිර්මාණ ඉවත් කරන්න,.. #නීතීපති දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා අධ්‍යෂක ජෙනරාල්තුමා කරැණු පැහැදිලි කළ පසු,2022/07/19 ඔහු විසින් මීට පෙර ලබාදුන් නියෝගය (07/14) අත්හිටවූ අතර ඊට කලින් පැවති ආකාරයට වැඩකටයුතු සිදුකරන්න (එනම් 2020/10/22 ලබාදුන් තීන්දුව පරිදි කටයුතු කරන්න [පුරාවිද්‍යා දේපාර්තමේන්තුවට රිසි පරිදි කටයුතු කරන්න] )

2022/09/22 පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ නිළධාරියාට මරණීය තර්ජනය එල්ල කොට රාජකාරියට බාධා පමුණුවා ලූ අත්අඩංගුවට ගත් අය ඇප මත නිදහස්කොට නැවත වතාවක් සංරක්ෂණ කටයුතු නතර කිරීම සහ නැවත වතාවක් පුරාවිද්‍යා අධ්‍යෂක ජෙනරාල් අධිකරණයට කැඳවීමට නියෝග ලබාදීම

2022/10/13 සංරක්ෂණය අතරමග නතර වීම තුළින් විශාල පුරාවස්තු හානීයක් පැමිණෙන බව නීතීපති දේපාර්තමේන්තුව නිළධාරියා කරැණු ඉදිරිපත් කළද එළඹෙන 27 තීන්දුව ප්‍රකාශ කරන තෙක් සංරක්ෂණ කටයුතු නවතා ලීම,

(මේ වනවිටත් වැසිසමය ආරම්භ වී ඇති බැවින් ස්ථූපයට හානී සිදුවූහොත් එහි හානිය මිළකළ නොහැකිය. ඒවාට වග කියන්නේ කවුරුන්ද? නීත්‍යානුකූලව රාජ්‍ය ආයතනයක් කටයුතු සිදුකරන විට එය මැරබලයෙන් නැවැත්වීමට කටයුතු කොට පසුව එයට මහෙස්ත්‍රාත්තුමා විසිනුත් නැවැත්වීමට කටයුතු කරන්නේ කුමක් නිසාද?

මෙම නඩුවේ පාර්ශව කරැවකුවන මා (පුජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමි ) වෙනුවෙන් සහ බෞද්ධ උරැමය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ පිරිසට ද්‍රවිඩ භාෂාවෙන් හැර වෙනත් භාෂාවකින් අධිකරණයට කරැණු දක්වාලන්න නොදුන්නේ කුමන පදනමකින්ද??

කිසිදු කොවිල් සංඛේත හෝ පුදපුජා නොපැවැත්වෙන කුරැන්දි පුරාවිද්‍යා පරිශ්‍රය තුළ කෝවිල් පරිශ්‍රයක් ඇත කියා මහෙස්ත්‍රාත්තුමා සඳහන් කරන්නේ කුමන පදනමකින්ද??

මේ අවනඩුව කාටනං කියන්නද ????

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress