අභියාචනාධිකරණයේ දැනුම්දීම මත නීතිඥවරයෙක් සිය නීතීඥ වෘත්තීය අයිතිවාසිකම්, වරප්‍රසාද අතහැර අභියාචනාධිකරණයේදී අද (2022.10.17) කරුණු දක්වයි.
Posted on October 17th, 2022

නීතියේ සිංහල නුග මුල “ෆීනික්ස් නීති සඟරාව”

නීතීඥවරුන් කිහිප දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් (COC/0011/22) එස්. පී. ජයතුංග මහතා විසින් අභියාචනාධිකරණයේ පවරා ඇත.

එස්. පී. ජයතුංග මහතා වෘත්තීයෙන් නීතිඥවරයෙක්ද වෙයි.

එම නඩුවට පදනම් වී ඇත්තේ අභියාචනාධිකරණයේ පවරා ඇති රිට් ආඥා නඩුවක පෙනී සිටීමේ ලේඛනයේ පෙනී සිටින නීතිඥවරුන්ගේ නම් සටහන් කර එම නඩුව කැදවූ අවස්ථාවේ අභියාචනාධිකරණයේ පෙනී නොසිට අධිකරණයේ යථා පැවැත්මට බාධා කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 ව්‍යවස්ථාව යටතේ අභියාචනාධිකරණයට අපහාස කර ඇති බවයි.

අධිකරණයට අපහාස කිරීමේ මෙම නඩුව 2022.10.12 දින කැදවා ඇති අතර, ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටිමින් වෙනත් කරුණු අතර එස්. පී. ජයතුංග මහතාට නීතීඥවරයෙක් ලෙස අභියාචනාධිකරණයේ පෙනී සිටිය නොහැකි බවත්, ඔහුට නීතිඥ ලෝගුව පැළඳිය නොහැකි බවත්, අධිකරණයේ නීතිඥ මේසයේ අසුන්ගත නොහැකි බවත් කියා ඇති අතර අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් වන බන්දුල කරුණාරත්න මහතා සහ ආර්. ගුරුසිංහ මහතා එය අනුමත කරමින් පෙත්සම්කරුම නීතීඥවරයෙක් ලෙසද පෙනී සිටීම සුදුසු නොවන බවට නීතිඥ එස්. පී. ජයතුංග මහතාට දැනුම් දී ඇති අතර ඒ අනුව නඩුවේ ඉදිරි දින එනම් 2022.10.17 දින නීතිඥ එස්. පී. ජයතුංග මහතා සාමාන්‍ය පුරවැසියෙක් ලෙස අභියාචනාධිකරණයේ පෙනී සිටියේය.

නීතිඥ එස්. පී. ජයතුංග මහතා නීතිඥවරයෙකුගේ තත්ත්වයෙන් පෙනී නොසිටි අතර, ඔහු කරුණු දක්වමින් තමන් අද දින පෙත්සමක් සහ දිව්රුම් පෙත්සමක ඉදිරිපත් කර ඇති සහන අයද ඇති බවත් කියා සිටි අතර එහි පිටපතක් විරුද්ධ පාර්ශවයේ ජනාධිපති නීතීඥවරයා වෙතද ලබා දුන්නේය.

දෙපාර්ශවයේ කරුණු වලට සවන් දීමෙන් පසු අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ කරුණු තහවුරු කිරීම 2022.11.08 දිනට නියම කරනු ලැබීය.

නීතියේ සිංහල නුග මුල
“ෆීනික්ස් නීති සඟරාව”
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress