නිවාස ඇමැතිධුරය සජිත් දැරූ කාලයේ වංචා දූෂණ වාර්තා 2ක් පාර්ලිමේන්තුවට
Posted on December 4th, 2022

Lanka Lead News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යධූරය දරන අවධියේදී එම අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියනු ලබන වංචා හා දූෂණ සම්බන්ධව විගණන වාර්තා 2ක් පාර්ලිමේන්තුවේදී සභාගත කර ඇතැයි වාර්තා වේ.

විපක්ෂ නායකවරයා නිවාස අමාත්‍යධූරය දැරූ 2017 වසරේ සිට 2019 වසර දක්වා කාලයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය කලාප කාර්යාලය මගින් නිවාස ණය හා ආධාර නිකුත් කිරීම, හිස් ඉඩම් බැහැර කිරීමේදී සිදුකර ඇති වැරදි හා අක්‍රමිකතා සම්බන්ධ වාර්තාව මෙහි එක් වාර්තාවක් ලෙස දැක්වේ.

අනෙක් වාර්තාව වන්නේ 2016 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ නිවාස ගම්මාන වෙනුවෙන් මුද්‍රණය කළ පෝස්ටර්, ආරාධනා පත්‍ර සහ සමරු කලාප සම්බන්ධ පරීක්ෂණ වාර්තාවයි.

මෙම වාර්තා දෙකම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී සභාගත කළ බව සදහන් ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress