ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්
Posted on February 1st, 2023

මහජන ආරක්ෂක අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා අද(1දා)දින සුහද හමුවක්  සඳහා  මහජන  ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා හමුවීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියේය.

ප්‍රංශ – ශ්‍රි ලංකා රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා වූ අතර තවදුරටත් එම සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දෙන බව ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා ප්‍රකාශ කළේය.

එහිදී ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ප්‍රංශයේ දූපත් වලට ඇතුලුවීම වැලැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා පොලිස් නිළධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක් සංවිධානය කිරීමට සහයෝගය දැක්වීමට ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා මෙහිදී එකඟ විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress