13-A මර උගුල හා ජනාධිපති රනිල් (ව) කරකවන <කොටි> වලිගය – part 1
Posted on February 1st, 2023

C. Wijeyawickrema, LL.B., Ph.D.

හිට්ලර් කෙනෙක්වී හෝ රට නොකඩන්න

ජනවාරි 27 දා පක්ෂ නායක රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා  විසින් ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ඔහුට කල තියුණු අභියෝගයට (confrontation not challenge) දැක්වූ ප්‍රතිචාරය, ලංකාවේ නූතන මැකියාවේලි කෙනෙකුගේ දේශණයක් (lecture) නොව යමෙකු ඔල්මාදයෙන් (delusion) කල හැසිරීමක් වැනිය කියා මට සිතුනි.  13-A මර උඟුල (death trap) ගැන දශක දෙකක සිටම විමසිල්ලෙන් සිටින අයෙකු වශයෙන් මට සිතේ. 

මේ පිළිඹඳව විග්‍රහයක් ඉදිරිපත් කිරීම අපගේ යුතුකමය.  රනිල් ජනාධිපතිතුමාගේ මනස ගවේශණය කිරීමට හෝ පෙබරවාරි 4 දා ඔහු මොන අන්ඩර දෙමළයක් කියාවිදැයි  අනුමාණ කිරීමට නොහැකි හෙයින් ඔහුගේ කතාව ප්‍රශ්ණ තුනක් වශයෙන් හඳුනාගෙන සළකා බැලීම යෝග්‍ය සේ පෙනේ:

(1). ඔහු ගේන තර්ක පොදුවේ පොලොව මත දැනටමත් ඔප්පුවී ඇති යථාර්ථයට පටහැනි මනස්ගාත නොවේද?

(2). රනිල් නම් පංචස්කන්ධය අතීතයේදී 13-A මර උඟුල නමැති විෂයට අදාලව පුද්ගලිකව ක්‍රියාකර ඇති ආකාරය පිළිඹඳව පොදු ලියකියවිලි වල වාර්තා ගතව තිබෙන ශාක්ෂි මොනවාද? (තොප්පිගල කියන්නේ කැලයක්, සල්ලි තියෙනවා නම් ඕනෑම ගොනෙකුට යුද්ධකරන්න පුළුවන් (ලක්ෂ්මන් කිරිඇල්ල) වැනි කතා මතක් කර ගැනීම)

(3). 13-A+ යනු 1923 සිට යන ඊළම් ගමනේදී ගන්නට ඉතිරිව තිබෙන අන්තිම පියවර නොවේද? (රාජා වනසුන්දර නඩුකාරතුමාගේ වචනවලින් කියනවා නම් 13-A වනාහි ශ්‍රී ලංකාවට උඩින් එල්ලා තිබෙන කඩු තුඩකි. එම කඩු තුඩ එල්ලා තිබෙන්නේ නූල් පොටවල් කිහිපයකිනි)

මෙම ලිපියේ 1 කොටස 1 වෙනි ප්‍රශ්ණයට පිළිතුරකි.

ගෝඨාභය-රනිල්-දිනේෂ් සුසංයෝගය

සිය ප්‍රතිවාදියා මෙන් දිගටම වහල් ක්‍රමය පවත්වා ගන්නට ජනාධිපති චන්දයේදී පොරොන්දුවූ ඒබ්‍රහම් ලින්කන් පසුව වහල් ක්‍රමය නැතිකරන්නට දරුණු යුද්ධයක් කලා මෙන්, පලස්තීනයේ යුදෙව් ජනාවාස ඇතිකල ඒරියල් ෂැරෝන් පසුව එම ජනාවාස බලෙන් ඉවත් කර යුදෙව්වන්ගෙන් මරණ තර්ජනයට ලක්වූවා මෙන්, ප්‍රභාකරන්ගේ නිලලත් හා නොලත් භාරකාරයෙක් සේ උඩින් හා යටින් ක්‍රියාකල රනිල් වික්‍රමසිංහ මහතා, ගෝඨාභයගේ අගමැතිවූ විට, මා සිතුවේ, ඔහුද සිය පරණ පව් සෝදාගෙන, සිංහල බෞද්ධ ජනයාගේ මිත්‍රයෙක් වේය කියාය. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් විසින් පෙන්වා දුන් අන්දමේ, යම් ජීවිත අවදානමකදී  ඕ මයිගෝඩ් යයි ඉබේටම කටින් පණින වර්ගයේ (තෙම්පරාදු/ඩොනමෝර්) බෞද්ධයෙක් වෙනුවට, <බුදු අම්මෝ බෞද්ධයෙක්> බවට පරිවර්තනය වෙනු ඇත කියාය.

වෙස්වලාගත් භාග්‍යය – ජන සභා සංකල්පය

මෙම අදහස තවත් තහවුරුවූයේ හිටපු කතානායක කරු ජයසූරිය (හා වික්ටර් අයිවන්) යටතේ ජන සභා ක්‍රමයක් පිහිටුවනවා යයි ඇමෙරිකාවේ සමන්තා පවර් ඉදිරියේ ඔහු දුන් ප්‍රතිඥාව නිසාය (එය ගෝල්පේස් අරගලයේ <නිර්පාක්ෂික>, jvp හා පෙරටුගාමී යන කොටස් තුනේම ඉල්ලීමක්ද විය). ඊට හේතුව රට වට්ටවා ඇති, රාජ්‍ය පරිපාලන, ආර්ථික, සමාජීය/සදාචාරත්මක අඝාධයෙන් ගොඩ ගැනීමට මූලික පියවරක් වන්නේ ජන සභා සංකල්පය වන නිසාය. නියමාකාරයට (meaningful) ජනයාට ගම් මට්ටමින් බලය පවරා දීමෙන් (empowerment of people not separatist politicians) දැනට වල දමා ඇති (buried, not dead) ද්‍රවිඩ බෙදුම්වාදීන්ට හා දකුණේ සිංහල හොරුන්ට රන් ආකරයක්වී (gold mine) තිබෙන  පලාත් සභා නමැති සුදු අලියා මරා දැමිය හැකිවන නිසාය.

Emperor’s new clothes (රජ්ජුරුවන්ගේ යට ඇඳුම)

ඉහත සඳහන් කල ප්‍රතිචාරයෙන් සිදුවූයේ තම ව්‍යාජ දේශපාලන රඟපෑම රටටම එලිදරව්වීම බව ජනාධිපති රනිල්ට නොතේරුනු බව නිසැකය. රැස්වීමේ සිටි, තමන්ට මොහම්ඩ් රාජිත යයි කියනවාට කැමතියි යනුවෙන් වරක් ඇමෙරිකාවේ බොස්ටන් නගරයේදී කිව් රාජිත හා චන්ද්‍රිකාට වඳින කුමාර වෙල්ගමට අමතරව, ජීනීවා වලට පැන ගිය යහපාලන ඔරුමිත්තනාඩුකාරයෙක්වූ මාක්ස්වාදී ජයම්පති වික්‍රමරත්න හා ක්‍රිස්තියානි ඩොලර් ngoකාරයෙක් වන  ජෙහාන් පෙරේරා  (මේ දෙන්නාම අයිලන්ඩ් පුවත් පතේ රනිල්ට ප්‍රශස්ති ගායනා කිරීමට ඉදිරිපත් විය) හැරුණුවිට, අනිත් හැමෝම රනිල් රජ්ජුරුවන්ගේ යට ඇඳුම දුටුවේය. එහෙත් ඉදිරි චන්ද භීතිය ඔවුන්ව ගොළුවන්/ මීයන් කලේය.

රනිල් ගේ කෙස් පැලෙන තර්ක (පැස්බරා වැල්ලේ හිස සඟවා ගැනීම)

*මම විධායකය;

*නීති පොතේ ඇති නීතිය මම ක්‍රියාත්මක කල යුතුය;

*එසේ නැත්නම් එය අහෝසි කල යුතුය, ඒමිසක් අපිට මැද ඉන්නට නොහැකිය;

*අපි ඉන්නේ ඒකීය රාජ්‍යයකයි;

*මම පෙඩරල් රාජ්‍යයකට විරුද්ධයි, බලතල බෙදා දෙන එකට කමක් නැහැ;

* ලන්ඩන් කවුන්ටි කවුන්සිලයට අපේ පලාත් සභාවට වඩා බලය තිබෙනවා;

*මේ රට බෙදන්න මම ලෑස්ති නෑ;

*අපි සිංහලයෝ, අපිට සිංහල ජාතිය පාවා දෙන්න බෑ.

සෙනාලි වඩුගේ ඉදිරිපත්කල අභියෝගය

නීති විද්‍යාව හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ ද්‍රවිඩ ජනයාට යුක්තිය ඉෂ්ට කරන්නේ කෙසේද යන්න ගැන හෝ ඔහුට දැණුමක් හෝ අවභෝධයක් නැතිබව පෙන්වා දීමට රටවැසියන් දෙදෙනෙක් සමත් විය. රට දැය වෙනුවෙන් කැපවී ක්‍රියාකරණ සෙනාලි වඩුගේ  රනිල් නම් නීතිවේදි ශාන්තුවරයාට  පෙන්වා දෙන්නේ 13-A ට පෙර 1976 වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රකාශණය හා 1949 ද්‍රවිඩ  රාජ්‍ය පක්ෂයේ ව්‍යවස්ථාවට (ITAK) 2008 දී කල බොරු සංශෝධනය ඉවත් කරණ ලෙස ඔහුගේ දෙමළ සගයින්ට දන්වන ලෙසය. පෙබරවාරි 4 දාට බැංකි මූන් හා යුක්‍රේනය අවුල්කල ඇමෙරිකන් නිලධාරිනියද කොළඹට පාත්වන නිසා ඒ දෙන්නා ඉදිරියේ රනිල්ට එය කලහැකිය. ලෝකයේ දරුණුම පාවාදීමයයි ස්කොට් ජාතික පෝල් හැරිස්  විසින් පෙන්වාදුන් 2002 සටන් විරාම ගිවිසුමේ කපුවාවූ එරික් සොල්හයිම් නම් දැනටමත් රජගෙදර පරෙයියෙකි (1).

අරුන් සිද්ධාර්ථන්ගේ අභියෝගය

ඔවුන් දෙදෙනාට අමතරව  ඔහුගේ නිදහස් උත්සවයට එන දෙමළ කොටි ඩයස්පොරා හා අනිකුත්  නොයෙක් අයටත් ඔහු විසින් පෙන්වා දිය යුතු වන්නේ අරුන් සිද්ධාර්ථන් නම් යාපනේ චේ ගුවාරා වැනි තරුණයාගේ ප්‍රකාශයය. සියේට 60 ක් පමණවන පහත් කුල යයි, වෙල්ලාලයින් විසින්  වෙනස්කම් කරණ  යාපනේ ජනයාට පොලිස් හා ඉඩම් බලතල අවශ්‍ය නැති බවත් ඔවුන්ට අවශ්‍ය කුල පීඩනය නැතිකර, කොළඹට දෙන දේ අපිටත් දෙන්න (give us what Colombo gets) යන කර්නල් කරුණා මීට කලකට පෙර කරන ලද ඉල්ලීම වැන්නක් බවත්ය. උතුරේ හැම ගෙදරකටම වැසිකිලියක් දෙන්න යන සටන් පාඨය දැනටමත් ඔවුන් රාසමානික්කම් මන්ත්‍රී කොල්ලාට යවා ඇත.

තේසවලාමෙයි ඉඩම් නීතිය නිසා යාපනෙන් පිට අයට පමණක් නොව යාපනේ වෙල්ලාල නොවන දෙමළ ජනයාටද ඉඩම් මිලදී ගැනීමට නොහැකි බව අරූන් පෙන්වා දේ. එකම රටක්-එකම දැයක්-එකම නීතියක් යන තේමාව යටතේ විනිවිද පදනමේ නාගානන්ද කොඩිතුවක්කුගේ ව්‍යවස්ථා කෙටුම්පතට අනුව මෙම තේවසලම නීතිය අහෝසි වන්නේය. ඥානසාර හිමියන්ගේ එක රටක්, එක නීතියක් වාර්තාව ක්‍රියාත්මක කල යුතු මේ නිසාය (මේ පහත් කුල යයි සළකන ජනයා උතුරේ සිටි සිංහල ජනයා යයිද කතාවක් ඇත. මෙය විග්නේශ්වරන්ගේ ආදි වාසී දෙමළ බෞද්ධයා තියොරි එක සමඟද පෑහේ).

Law is (not) an ass.

ඇල්ලේ ගුණවංශ හිමියන්ට අනුව ව්‍යවස්ථාව කියන්නේ අකුරු ගොඩකි. නීති පොතේ ඇති බොහෝ නීති මළ නීතීය (dead laws). 1957 දී උතුරේ කුල පීඩනය වැලැක්වීම සඳහා පැනවූ නීතිය උදාහරණයක් ලෙස අරුන් පෙන්වා දෙයි (Prevention of social disabilities Act). 2022 දී වඩ්ඩුකෝඩ්ඩේ වල සිදුවු මිනිස් ඝාතනය කුල ප්‍රශ්ණයක් නිසා සිදුවූවක් යයි පොලිස් බී වාර්තාවේ සඳහන් වුවත්, 1957 නීතිය වඩා කාර්යක්ෂම වුවත්, නඩු දැම්මේ ඒ නීතිය යටතේ නොව රටේ සාමාන්‍ය නීතිය යටතේය. මැත් ප්‍රොපෙසර් සුන්දරලිංගම් සිය කෝවිල් පහත් කුලවල ජනයා ඒමෙන් අපවිත්‍රවීම වලක්වන්නට ක්‍රියාකරද්දී මෙම 1957 නීතිය ගෙනාවේ මෙම කුල සංග්‍රාමය නතර කිරීමට විශේෂ බලවත් නීතියක් අවශ්‍යවූ නිසාය. මෙවැනි මළ නීති දුසිම් ගණනින් නීතීඥ රනිල්ට සොයාගත හැකිය. පොතේ නීතිය හා ක්‍රියාත්මකවන නීතිය (law in book and law in action) යයි නීති දෙකොටසක් ලෝකයේ තිබේ.

මේ යුද්ධය නම් කවදාවත්ම දිණන්න බෑ – නිදන කාමරයෙන් එන හඬ

1957 බණ්ඩා-චෙල්වා ගිවිසුම හා 1965 ඩඩ්ලි (JRJ)-චෙල්වා ගිවිසුමේ සිටම ලංකාවේ අගමැතිලා හා ජනාධිපතිලා (විජේතුංග ජනාධිපති හැර) දෙමළ බෙදුම් වාදයට උඩගෙඩි දුන්නේය. බොදු බල සේනාවේ ඥානසාර හිමිඳුන් පෙන්වා දුන් කාරණයක් නම් සිංහල දේශපාලන නායකයින්ගේ නිවෙස්තුල සිංහල බෞද්ධ නොවන ලඟ සාමාජිකයින් සිටීම  නිසා ඔවුන්ට බුදු අම්මෝ බෞධයින්ගේ දුක නොතේරෙනවා යන්නය. උදාහරණයක් වශයෙන් රනිල්ගේ පියාගේ සහෝදරයාවූ ලක්ෂ්මන් වික්‍රමසිංහ කුරුණෑගල බිෂොප්තුමා චෙල්වනායගම්ගේ අවමඟුලේදී,  චෙල්වා දෙමළ ජනයා මුදාගැනීමට ආ දෙමළ මෝසස් කෙනෙක් යයි  පැවසුවේය. රනිල්ගේ මව බෞද්ධ වුවත් පියා ක්‍රිස්තියානි මාක්ස්වාදියෙක් විය. මේ නිසා රනිල් මැතිඳු වෙල මැද තනිවූ එකම  පව්කාරය නොවේ.  එම ඉතිහාසය නොහොත්, ඩී. ඇස්. සේනානායකගේ සිටම දැන හෝ නොදැන, මෝඩකමට හෝ පුද්ගලික වාසියට මොවුන් සුළු ජනවර්ග වල අතකොළු වූ ආකාරය මීලඟ ලිපියකින් ඉදිරිපත් කරමි.

*1. 13-A අවුරුදු 37 ක්ම නීති පොතේ පණ ඇදිමින් සිටීමට හේතුව කුමක්ද?

JRJ ගේ අනුවණ ක්‍රියාකලාපය නිසා ඉන්දිරා ගාන්ධි හා පසුව ඇගේ පුතා අමිර්තලිංගම්ගේ දෙමළ බෝයිස්ලාට ඉන්දියාවේ යුද පුහුණුව ලබාදී, ආයුධ මිසයිල් පවා ලබාදී අන්තිමේදී JRJ ව දණ ගස්වා ගිවිසුමක් අත්සන් කර ගත්තේය. මේ ගිවිසුම ජාත්‍යන්තර නීතිය කෙසේ වුනත් ලංකාවේ සිංහල බෞද්ධ ජනයාට අනුව අසාධාරණ  අපරාධ වරදකි. 1987 ජූලි 30 දා විජිත රෝහණ නම් නාවික භටයා රජිව් ඝාතනයට තැත්කලේ ඒ නිසාය. එපමණක් නොව ඉන් පසුව ඉන්දියාවේ 1935 ඉන්දියානු ආණ්ඩු පණතට (Government of India Act) අනුව යමින් ඩික්ෂිට්ලා මැදිහත්ව සැදූ 13-A පාස්කර ගත්තේ මන්ත්‍රීලා හෝටලයක සිරකර තබා පාර්ලිමේන්තුවට දක්කගෙන ගොස් චන්දය ලබාගෙනය. ඊට විරුද්ධවූ හා දින රහිත ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් නොකල එකම පංචකන්ධයවූයේ ගාමිණී ජයසූරිය මහතා පමණය.

ඒ මදිවාට ගිවිසුමේ ඉන්දියන් කොටසක්වූ ප්‍රභාකරන්ගේ කොටි නිරායුද කිරීමට ඉන්දියාව අසමත් විය. උතුර නැඟෙනහිර එකතු කිරීමට ජනමත විචාරණය සිදුවූයේද නැත. වර්ධරාජා පෙරුමාල් දයාන් ජයතිලකලා සමඟ පිස්සු නැටුවේ ඒනිසාය. ස්වභාව ධර්මය විසින් ඉන්දිරා හා රජිව් බිලිගත්තේය. මේ සියළු ජරමර අස්සේ ගම්වල සිංහල කොල්ලන්, කෙල්ලන්ගේ ජීවිත පූජාවෙන් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය ගෝඨාභය නමැති සාධකය නිසා අවසාන විය. සරත් ෆොන්සේකා ක්‍රියාවට නැඟුවේ ලලිත් ඇතුලත් මුදලිගේ ප්ලෑනය.

ඉන් පසුව සිදුවූයේ දෙමළ අන්තවාදියෙක් නොවේ යයි සිතූ විග්නේශ්වරන්ට මහින්ද රාජපක්ෂ විසින් බන්දේසියක් තබා උතුරු පලාත පූජා කිරීමය. මෙම අඥාන ක්‍රියාව යුද පරාදවලදී සිදු නොවන දෙයකි. යුද තුවාල සුවවීමට කාලයක් අවශ්‍යය (give war a chance!). පාරවල් වෙනුවට පාසැල්, ලිං, ගෙවල් දොරවල් හා මානව සංවර්ධනය කලයුතුව තිබිණ. 13-A වනාහි සාමයක්, සමඟියක් නොව මර උඟුලක් බව විග්නේශ්වරන් විසින් ඔප්පු කලේය.  එය හරියට ඔහුගේ පුත්තු දෙන්නාවම කොළඹ සිංහල ස්ත්‍රීන් දෙන්නෙක් විසින් ඩැහැ ගත්තානේද යයි සිතා සිංහලයින්ගෙන් පලිගන්නවා සේ දිස්විය!

මීට වඩා දීර්ග වශයෙන් මෙම කරුණු ජාතික ඒකාබද්ධ කොමිටියේ සමසභාපති කර්නල් අමරසේකර විසින් ලංකා වෙබ් වෙබ් අඩවියට ලියූ ලිපියකින් පෙන්වා දී ඇත (ජනවාරි 30).  රනිල් විසින් හිතාමතාම 5/4 සුප්‍රිම් උසාවි 13-A තීරණය වැරදි ලෙස  අර්ථකථනය  කිරීම (interpret) එම ලිපියේ වාර්තා කර ඇත. නඩු තීන්දුව O.L/A.L ශිෂ්‍යයෙකුට වුවද තේරෙන භාෂාවෙන් ලියා ඇත.

හිඟමනට වැටුණ රට

මේ කරුණු අනුව මෙම 13-A ගැන හදිසියේ කුලප්පුවීමට නීතිමය හෝ  සදාචාරාත්මක හෝ අයිතියක් රනිල්ට නැත. වහා කලයුතුව ඇති මිනිසුන් ජීවත්කරවීමේ වගකීම වෙනුවට ඔහු මේ කරන්නේ ඔහුගේ පුද්ගලික අභිප්‍රාය වන රට කැබලි කිරීම ඉෂ්ට කරගැනීමටය. ඉන්දියාව හා IMF හරහා ඇමෙරිකාව විසින් ඔහුව හිරකාරයෙක් කිරීම සමානකල හැක්කේ ජර්මණිය හා ජපානයට බෝම්බ දැමීමටය. හිඟාකන රටකින් දෙමළ රටක් කඩාගැනීමේ කාරිය සඳහා රත්වූ තැටියෙන් රොටිය පුච්චා ගැනීමය. විමල් වීරවංශ විසින් පෙන්වා දුන් කතාවය. 1978 සිට ණයට කෑමට පුරුදු කල රටේ, පී. බී ජයසුන්දර ප්‍රමුඛ ආර්ථික ඝාතකයින් කල විනාශය අනුව රනිල්ගේ පිට උඩ බෝම්බයක් පටවා ඇත. මේ නිසා ඔහු කල යුතු 13-A ගැන ජනමත විචාරණයක් තැබීම හෝ ඔහු ජනාධිපති චන්දයක් තියා  එයට ජනතා අනුමැතිය ලබා ගැනීමය.

*2. 13-A නිසා ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් නොවන බව, සුප්‍රීම් උසාවිය විසින් 2017 අගෝස්තු 4 දා දී ඇති තීරණයකින් නොකියා කියනබව රනිල් දන්නේ නැද්ද? මේ අනුව අපි ඉන්නේ ඒකීය රාජ්‍යයක යන රනිල්ගේ ප්‍රකාශය ඔහු මුලාවී රටත් මුලා කිරීමකි.

තවද එම තීන්දුව,  යුනයිටඩ් (ඒකීය නොව එක්සත්) රටක් තුල බලය තව තවත් ලබාගැනීම (devolve not delegation) සඳහා ITKA 2008 ව්‍යවස්ථාවට අනුව ක්‍රියාකීරීම හෙවත් පෙඩරල් රාජ්‍යයක් ඉල්ලා සිටීම, රට බෙදන (separation) ලෙස කරණ ඉල්ලීමක් නොවන බව සටහන් කර ඇත (federalism is not separatism). මේ නිසා පෙඩරල් ක්‍රමයට තමන් විරුද්ධය යන රනිල්ගේ ප්‍රකාශය බොරු නිෂ්ඵල ස්වයංමුලාවක් පමණය. සිය ගැටවර කාලයේ සිට ITAK ක්‍රියාකාරිකයෙක්වූ දැන් කැනඩාවේ වාසයකරණ DSB ජෙයරාජ් විසින් මෙම <ජයග්‍රහණය> ගැන නැවත නැවතත් ලියමින් උදම් අනිමින් සිටින්නේ  එහෙයිනි. 1954 දී ඇමෙරිකන් සුප්‍රිම් උසාවියේ තීරණයකින් (Brown vs. Board of education of Topeka (347 U.S. 483)) හුදෙක් නීති පොත හා පරණ නඩුතීන්දු පමණක් වෙනුවට, ඉන් බාහිර සමාජ විද්‍යා කරුණුද (extralegal evidence) සළකා බැලිය යුතුයයි ගත් ඓතිහාසික තීරණය වැන්නක් ලංකාවේ නඩුකාරයින් අනුගමණය නොකිරීම රටේ අවාසනාවය. මේ සිස්ටම් එක වෙනස් විය යුතුය.

*3. ලන්ඩන් කවුන්ටි කවුන්සිලය ගැන සඳහන් කිරීමේ තේරුමක් තිබේද? එය ඇපල් හා දොඩම් සමාන කිරීමක් නොවේද?

*4. අපි සිංහල යන කතාවද මෙම විෂයට නොගැලපේ. සිංහල සංවර්ධන සංවිධානයේ සභාපති  චානක බණ්ඩාරගේ විසින් ලංකාවෙබ් වෙබ් අඩවියේ පෙන්වා දී ඇති අයුරු (ජනවාරි 30) සිංහලයා මුළුමණින්ම ක්ෂය නොවෙනු ඇතිමුත්, ඔවුන් දැනට සිටින සියේට හැටේ සිට 20-30 දක්වා වඳවී/ අඩුවී යාමට එතරම් කාලයක් ගත නොවෙනු ඇත. කොළඹ නගරය හොඳ නිදසුණකි.

මෙහිදී වැදගත් සිංහල බෞද්ධයින් කිසිම හෝ ජනවර්ගයකට හෝ පංචස්කන්ධයකට හානියක්, වෙනස්කමක් නොකිරීමය. එහෙත් ඊලම් ව්‍යාපාරයෙන් හෝ ශාරියා ව්‍යාප්තවාදයෙන් හෝ බෝන් අගේන් ආක්‍රමණයෙන් සිය ජාතිය ආරක්ෂා කර ගැනීම ජාතිවාදය නොවේ. රටේ දකුණු පලාත් හතේ හැමතැනම සෑම ජනවර්ගයක්ම බිත්තර ඔම්ලට් එකක් මෙන් විසිරී මිශ්‍රව සිටියත්, උතුරේ හා නැඟෙනහිර පින්තූරය ඊට වෙනස්ය. 13-A අරමුණ වූයේ මෙවැනි බෙදීමක් කිරීමය.

චන්ද්‍රිකාගේ පැකේජ් ඩීල් කාලයේ නීලන් තිරුචෙල්වම්ට ඕනෑ වූයේ තනිකරම දෙමළ බිමක් වෙන්කර ගැනීමය. උතුරේ හා නැඟෙනහිර බිම්මටටමින් සිංහලයාට දැනටමත් සිදුවන හිරිහැරවලට උදාහරණ එමටය. මඩකලපුවේ මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමියන් තනිවම කරගෙන යන සටන,   මුලතිව් භික්ෂු ආදාහනය (2019), කුරුන්දි (2022), මුහුදු මහා විහාර අර්බුද 13-A+ යටතේ අනාගතයේදී සිදුවෙන දේට සංඥාය. ඒවා නැවැත්වීමට බලයක් වයෝවෘධ රනිල්, මහින්ද, දිනේෂ්ලාගේ හොල්මන් වලට ලැබෙන්නේ නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress