13-Aමර උගුල හා ජනාධිපති රනිල් (ව)කරකවන <කොටි>වලිගය – part 3 (A)
Posted on February 11th, 2023

C. Wijeyawickrema, LL.B., Ph.D

දැන හෝ නොදැන ලංකාවේ අගමැතිවරු/ජනාධිපතිවරු දමිළ බෙදුම්වාදයට ඉණිමං බැඳීම

හැඳින්වීම

මහජන චන්දයෙන් එක මන්ත්‍රී ආසනයක්වත් දිනා නොගෙන, රටේ ජනාධිපතිවී, 13 නමැති විෂඝෝර සර්පයාව සිය කලිසම් සාක්කුවේ ඔබාගෙන, විශේෂයෙන් රටේ බුදු අම්මෝ බෞද්ධයින්ට පුස්පාට් දමනලද පංචකන්ධයක් වශයෙන් රනිල් මහතා ඉතිහාසගත වනු ඇත. ඔහු කුවේණීගේ සාපය යනු කුමක්දැයි යමෙකුට සිහිපත් කරවයි. ප්‍රභාකරන් විසින් අනිත් අය මරා දැමීම නිසා ඉතිරිවීම නිසාම UNP පක්ෂයේ නායක කම ඔහුගේ ඔඩෝක්කුවට වැටුනේය.

ඔහු විසින් 2023 දී මේ කරගෙන යන්නේ 1948 දී ප්‍රථම අගමැති D. S. සේනානායක මහතා ගේ සිටම, ධර්මපාලතුමා විසින් රට අතහැර බුද්ධගයාවට යාමට පෙර නම්කල, කළු සුද්දන් පිරිසගේ න්‍යාය පත්‍රයය. මේ නිසා මේ රනිල් මහතා එම එකම දම්වැලේ මලකඩ කකා ඉතිරිව තිබෙන පුරුකය.

ටැමිල් ට්‍රේටර්ස්ලා

දමිළ ඊළම්කාරයින්, සිංහල ආණ්ඩු සමඟ සහයෝගයෙන් ක්‍රියාකරණ දෙමළ නායකයින් හඳුන්වන්නේ දෙමළ ද්‍රෝහීන් ලෙසය. මේ අනුව G.G පොන්නම්බලම්ට පවා දෙමළ ද්‍රෝහියා යන ලෙබලය වැදුනි. යාපනේ SLFP නගරාධිපති ඇල්ෆ්‍රෙඩ් දුරෙයියප්පා, ඉන්ස්පෙක්ටර් බැස්තියන් පිල්ලේ මරා දමණ ලදි. මනෝගනේෂන් කර්නල් කරුණාට මේ ලේබල් එක ගැසුවේය. දකුණේදී නම් එසේ අමතන්නේ කොටින්ට ඔත්තු සපයන සිංහල අයටය. රට කඩන්නට මොනතරම් දේ කලත් අගමැති/ජනාධිපතිලාට එසේ ඇමතීම බෞද්ධ විරෝධිසේ සැලකේ.

යම් රටක භූගෝල විද්‍යාවට පටහැනි නීති පැනවිය නොහැක

‘You cannot legislate against geography.’ (එසේ කලොත් ඉක්මණින්ම හෝ ප්‍රමාදව හෝ අමාරුවේ වැටෙනවාමය)

පසුගිය 2 කොටසේ සඳහන් කල අයුරු ඊළම් අදහස රටේ  භූගෝල විද්‍යාවට (භෞතික, මානව physical & human)  පටහැනිය. දෙමළ නිජබිම් කතාව මිථ්‍යාවක් වන්නේ ඒ නිසාය. සිරිමා අගමැතිනියගේ සිවිල් නිලධාරී ලේකම්වූ භූගෝල විද්‍යාඥ සුදත් ගුණසේකර විසින් පෙන්වා දෙන අයුරු අප දිවයින මධ්‍යම හද බිමකින් (heartland) එකට බැඳුණු වටේට ගලන ගංඟා රටාවකින් පිරී ඇත. මහවැලි ගඟ, කළු ගඟ මෙන් නොව, ගංඟා පද්ධතියකි. බුදු පිළිම අරහං විග්නේශ්වරන් උතුරට මහවැලි ජලය ඉල්ලා දැනටමත් අනතුරු අඟවා ඇත.  LankaWeb – ‘Federal’ Marriages and Water Wars

එය ප්‍රධාන දේශගුණික කලාප තුනකින් (තෙත්, වියළි හා ඒ දෙකට මැදින් පිහිටි දුවන ශුෂ්ක, wet, dry & arid) සමන්විතය.  උතුර-නැඟෙනහිර යනු 1832 දී සුද්දා විසින් කෝල්බෲක් සූත්‍රයට අනුව ඇතිකරණ ලද කෘතිම පලාත් දෙකක් මිස ස්වාභාවික භූගෝලීය ප්‍රදේශයක් නොවේ (regional concept in geography).

Delimitation dilemma- සීමා නිර්ණායක කොමිෂම්

මෙම සූත්‍රයට අනුව ජනගහනය හා භූමි ප්‍රදේශය (කච්චේරි යේ සිට ඇති දුර) අනුව ප්‍රදේශ මායිම් කරණ ලදී. මේ අනුව යමින් පහලම සිවිල් පාලන ඒකකයවූ ග්‍රාම සේවා වසම්ද බෙදන ලදී. එපමණක් නොව පාර්ලිමේන්තු හා අනිකුත් චන්ද බල ප්‍රදේශ හා වෝඩ් ද බෙදුවේ මේ අන්දමටමය. එය කරනු ලැබූයේ සීමානිර්ණය කිරීමේ කොමිෂන් සභා ක්‍රමයක් හරහාය.  දැන් 2023 වනවිට මුළු රටම මෙසේ කෘතිම බෙදීම් ක්‍රමයකට යටවී ඇත. අළුත්ම සීමා නිර්ණය කොමිෂමේ මෙම විෂය සම්බන්ධයෙන් දිගුකාලීන අත්දැකීමක් ඇති භූගෝල විද්‍යා උපාධිධාරි නිලධාරියෙක්ද සිටියත්  (K. තවලිංගම්) මෙම ක්‍රමය වෙනස් කල යුතු නොවේද යන්න ගැන ඔහු ගොළුවෙක් සේ හැසිරී ඇත. මෙම ක්‍රමය මඟින්, විශේෂයෙන් පාර්ලිමේන්තු චන්ද කොට්ඨාශ  සීමා මායිම් කිරීම  සුළු ජන වර්ග වලට වාසිදායකවී තිබේ.

අගනුවර රජ රටට ගෙනයාම

රටේ අගනුවර රජරට දෙසට ගෙනයාම 1955 දී බෞද්ධ තොරතුරු කොමිෂන් සභාව මඟින් නිර්දේශ කලේ රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාවට අනුකූලවය. ඒ වෙනුවට 1978 න් පසු සිදුවූයේ මඩවඟුරක් ගොඩකර කොළඹ ලඟින්ම අළුත් පාර්ලිමේන්තු බිල්ඩිමක් සැදීමය. යම්තම් වැස්සකදී වුනත් කොළඹ ජලයෙන් යටවන්නේ මේ නිසාය! පරිනාමයවූ පංචස්කන්ධයක් වන පාඨලී චම්පික පවා  එක අතකින් කොළඹ කරට ගෙන අනිත් අතින් ම් ගිවිසුම වර්ණනාකරමින් සිටී.

ස්වභාවධර්මයේ මෙම සිස්ටම් (ecological system) එක අනුව අප රටේ අවුරුදු 2500 කට වැඩි ශිෂ්ටාචාරය ගොඩ නැඟී ඇත. මේ සමඟ ඇති සිතියම් දෙකෙන් පෙන්වන්නේ මෙම භෞතික තලය මත මානව ක්‍රියා සිදුවූ අන්දමය. වාරි කර්මාන්ත සිතියම (1905) හා ක්‍රිස්තු පූර්ව කාලයට අයත් ශිලා ලිපි සිතියම අනුව උතුරු නැඟෙනහිර දෙමළ නිජබිමක් නැත. වල්පොල රාහුල හිමියන්ගේ ලක්දිව බුදු සමයේ ඉතිහාසය යන පොතේ ඇති මෙම සිතියම පිළියෙල කර තිබෙන්නේ C.W. නිකොලස් නම් පේරාදෙණියේ ඉතිහාසඥයා විසින් 1955 දීය ටැමිල්නාඩ් පමණක් නොව ලොව වෙන කිසිම භූමියක මෙවන් වාරි ශිෂ්ටාචාරයක් නැත.

මානව භූගෝල විද්‍යාවේ  ශාඛාවක් වන ජන සංඛ්‍යා භූගෝල විද්‍යාවෙන් (population geography) උදාහරණයක් ගත්තොත් රටේ සිංහල, දමිළ හා මුස්ලිම් ජනයා එකට මිශ්‍රව වාසය කරන්නේ කලවම් කල බිත්තරයක් මෙන්ය (ප්‍රභාකරන් විසින් එලවා දමන්නට කලින් යාපනේ නගරයේ පවා සිංහල/මුස්ලිම් ජනයා පදිංචිව සිටියේය (මේ නිසා දෙමළ ජනයා සඳහා වෙනම ඊළමක් සැදූවිට දකුණේ ඉන්නා දෙමළ ජනයාට වෙන්නේ කුමක්ද යන ප්‍රශ්ණය මතුවේ. එපමණක් නොව ටැමිල්නාඩ් සිට පාලමෙන් ඊළමට එන ජනයා අනුරාධපුර, පොලොන්නරු ප්‍රදේශ වල පදිංචි නොවේවිද? ලංකාව තවත් පලස්තීනයක් වී මායිම් යුද්ධ  ඇතිවනවා නිසැකය. ඉන්දියාව දෙකට කැඩු සුද්දා ලංකාව දෙකට නොකැඩීමට එක හේතුවක් නම් මේ බිත්තරයේ කතාවය. ඒ හැර උතුරේ අය දකුණේ රක්ෂා කරන්නට ඇවිත් තපැල් මඟින් සල්ලි ගෙදර යවා යාපනේට මනිඕඩර් ඉකොනොමි එකක් සාදාගත්තේය.

මෙම භූගෝල විද්‍යාත්මක කරුණුත්, 1921 සිටම වෙනම දෙමළ රටක් පිළිඹඳව ගෙන ගිය ව්‍යාපාරයේ ඉතිහාසයත්, සිංහල කළු සුද්දන් හරියාකාරව වටහා ගත්තා නම් ඊළම් පිළිකාවකින් සිංහල, දෙමළ, ඉස්ලාම් පොදු ජනයා පීඩාවට පත්වන්නේ නැත. බුදු අම්මෝ බෞද්ධයින් පාගා අතුගා දැමීමට සමහර ක්‍රිස්තියානින්ට හා මාක්ස්වාදීන්ට අවශ්‍යවීම මෙම කෲර හැසිර්‍රිමට හේතුවක් වන්නටද ඇත. රෝසි සේනානායක හා මිසිස් චන්ද්‍රිකා අදටත් කියන්නේ රටේ සිංහල බෞද්ධ පදනම අහෝසි කල යුතුය කියා නොවේද?  රනිල් මහතා උපුල් ශාන්ත සන්නස්ගලට කිව්වේ පොසොන් යනු ලංකාවට එල්ලවූ ප්‍රථම ආක්‍රමණය යනුවෙනි!

‘A report, not an essay’

මෙම ලිපිය වාර්තාවක් මිස රචනාවක් නොවේ. මෙහි ලැයිස්තුවක් වශයෙන් වාර්තා කරන්නේ ප්‍රසිද්ධ ලේඛණ වලින් ලබාගත් තොරතුරුය. යම් පංචස්කන්ධයක් ගැන අපගේ දැණුම ඔහු/ඇය ගැන ඇති තොරතුරුවල ප්‍රමාණය මෙන්ම ඒවායේ සත්‍යතාවයට සාපේක්ෂය. නැතිනම් සිදුවන්නේ GIGO න්‍යායය (garbage in, garbage out).

මෙහි එක් එක් පුද්ගලයා විසින් බෙදුම්වාදයට සක්ක ගැසීම යටතේ සැඟවෙන දෙයක් නම් මොවුන් සිංහල බෞද්ධයාට සැළකුවේ හරියට සමහර පිරිමි හිත හොඳ ගෑණුන්ට සළකණ ආකාරයටය යනුය. මතු පිටින් බෞද්ධ බෝඩ් එක පෙන්නා යටින් බෞද්ධ විරෝධී, සිංහල විරෝධී ක්‍රියා කිරීමය. මෙම ගේම් එක රටටම හඬ නඟා ප්‍රකාශකලේ බොදු බල සේනා සංවිධානය විසින් 2012 මැයි මාසයේ සිටය. මෙම නායකයින් සිංහල බෞද්ධ නොවන ලඟ සාමාජිකයින් පවුලේ, නිදන කාමරයේ, සිටි අය විය. තවද මහළු වයසට පත්වන තුරුම බොහෝ මාක්ස්වාදීන් හැමවිටම ගත්තේ බෞද්ධ විරෝධී පැත්තය.

*1. අගමැති D. S. සේනානායක (1947-52)

          ඔහු විසින් අයිවෝර් ජෙනින්ස් ලවා සදවා ගත් <අමාත්‍ය මණ්ඩල කෙටුම්පතේ> (සෝල්බරි කොමිෂමට රහසින් දුන්), 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ තිබෙන 29 වෙනි වගන්තියත් තිබුණාදැයි මට දැන් මතක නැත. කෙසේ වෙතත් එම වගන්තිය 1815 ගිවිසුම මෙන්ම සිංහල බෞද්ධයා පාවාදීමකි. මෙය සිංහල බෞද්ධයාට 1505 න් පසු දිගටම සිදුවූ හිරිහැර, සමූල ඝාතන හා අසාධාරණ රාජ්‍ය ක්‍රියා නිවැරදි කරගැනීමට නිදහස ලත්  ජාතියකට තිබෙන අයිතිය සිය කැමත්තෙන්ම අත්හැරීමකි. අම්බෙඩ්කාර් මූලිකවූ ඉන්දියන් ව්‍යවස්ථාව මීට වෙනස්ය. 29 වගන්තිය, 1949 පෙඩරල් රාජ්‍ය පක්ෂයේ අත්තිවාරමය. අනිත් අතට 1972 වනතුරුම මෙම වගන්තිය සිංහල බෞද්ධයාගේ දුක්ගැනවිලි යටපත් කිරීම සඳහා යොදා ගැණුනේය

          1951 දී T.B. ජයාගේ ඉල්ලීම උඩ ලබාදුන් මුස්ලිම් කාති උසාවි ක්‍රමය UNP පක්ෂයේ එක්සත් ජාතික (united national) කතාවට පටහැනිය. මේ මඟින් ඉස්ලාම් ලබ්ධිකයින්ට දුන් අයිතිය 29 වගන්තියටද පටහැනිය. 1976 වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රකාශණයට සමාන 2003 ඔළුවිල් ප්‍රකාශණය මීට සම්බන්ධය.

*2. අගමැති බණ්ඩාරණායක (1956-59) 

*3. අගමැති ඩඩ්ලි සේනානායක (1966-70)

සිය තනි කැමැත්තට, ස්ටැන්ලි සොයිසාද සමඟ  හොරගොල්ලේදී චෙල්වනායගම් සමඟ ගැසූ ගිවිසුම දෙමළ බෙදුම්වාදයට දමා දුන් අත්තිවාරමක් විය. උතුරු නැඟෙනහිර දෙමළ නිජබිමක් පිළිඹඳ මිථ්‍යාවට තමන් විසින් රාජ්‍ය පිලිගැනීමක් (recognition) ලබාදුන් බව ඔහුට ඒකාලයේ නොතේරුණ බව නිසැකය. එංගලන්තයේ ඉතිහාසය මිස, ලංකාවේ ඉතිහාසය හෝ සිංහල භාෂාව නොදත් ඔහු ඔක්ස්ෆර්ඩ් සිට ලංකාවට ගොඩ බැස්ස කාලයේ රට පෙඩරල් කරන්නට කතා කලේය. උඩ රට සිංහලයින්ට පෙඩරල් දීමේ යෝජනාව උඩරට කාන්තාවක් විවාහ කර ගැනීමත් සමඟ ඔහුට අමතක විය. D.S.S කලේද උඩරට ස්ත්‍රියක් විවාහ කර ගැනීමය. මේවා දැන් කාලයේ සජිත් ප්‍රේමදාසලාගේ මෙන් ලව් මැරේජ් නොවීය. සුද්දන් විසින් කල උඩරට හා පහත රට යනුවෙන් සිංහලයා බෙදීම නිසා දෙමළ  ජනවර්ගයට ජන සංඛ්‍යා වශයෙන් වාසියක් ලැබුණේය.

බද්දේගම විමලවංශ හිමියන්ගේ මූලිකත්වයෙන් මතුවූ විරෝධය නිසා B-C පැක්ට් එක ඉරා දැමුවත් ඉන් සිදුවූ හානිය නැතිවූයේ නැත. මෙහි පහතින් උපුටා ඇති ලිපියක කොටසින් දෙමළ බෙදුම්වාදී සම්බන්ධන් විසින් බණ්ඩාරනායකව හා අගමැති ඩඩ්ලිව වර්ණනා කරන්නේ ඒ නිසාය. 

බණ්ඩාරානයක රෑ වැටුන වලට ඩඩ්ලි හා JRJ මහ දවාලේම පැන්නේ බලයේ සිටීමේ කෑදර කම නිසා මිස ඔවුන් හදිසියේම දාර්ශනිකයින් දෙන්නෙක් බවට පෙරළුණ  නිසා නොවේ. ඔවුන් දෙන්නා B-C Pact එකට විරුද්ධව නුවරට ගිය පෙලපාලිය ඉඹුල්ගොඩ වීරයා විසින් ගල් මුල් ගසා බකල් කලේය.

1964 දී SLFP-LSSP-CP සභාග ආණ්ඩුව ලේක් හවුස් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් එක චන්දයකින් පාර්ලිමේන්තුවේදී පැරදුනේය. ඉන් පසු පැවැත්වු මහ චන්දයේදී SLFP හා UNP කාණ්ඩ දෙකටම තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ආසන ප්‍රමානයක් තුබුණේ නැත. මේ නිසා පෙඩරල් පක්ෂයේ සහාය ලබා ගැනීමට දෙපිරිසම කේවල් කලේය <සක්විති රජකම ලැබුණත් රට පාවා නොදෙමි> යනුවෙන් චන්ද කාලයේදී ඩඩ්ලි කියා සිටියත්, ඩඩ්ලි/JRJ චෙල්වාලාගේ කොන්දේසි වලට එකඟ විය. ඊට විරුද්ධව SLFP පිරිස මෙහෙයවූ කොළඹ පෙලපාලියේදී හාමුදුරු නමක්ද වෙඩි වැදී අපවත් විය.

තිරුචෙල්වම් පලාත් පාලන ඇමති විය. ඩඩ්ලි හොර රහසේ ගැසූ ගිවිසුම (D-C Pact), B-C Pact එකටත් වඩා භයානක විය. උදාහරණයක් වශයෙන් ස්ථාපිත කරන්නට යන රට සභාවේ ඉඩම්වල ජනයා පදිංචිකරවීමේදී සිංහල ජනයාට ඉඩක් දෙන්නේ ඉඩම් ඉල්ලන  කොළඹ ඉන්නා දෙමළ වැසියෙකුට පවා ඉඩම් දී ඉතිරි වුනොත් පමණය!

 LankaWeb – R. Sampanthan and the Sinhala black-whites

Unreasonable pacts

   …Two of the tallest leaders, Mr. S.W.R.D. Bandaranaike and Mr. Dudley Senanayake who served this country, signed these Pacts (7/26/1957, 3/24/1965) and along with the undisputed leader of the Tamil people, the late Mr. S.J.V. Chelvanayakam, in their capacity as Prime Ministers of this country. Their idea was that the territorial identity of minority peoples, who preponderantly occupied the Northern and Eastern Provinces, must be preserved…” Parliamentary speech by TNA Leader, R.  Sampanthan on December 14, 2013).

[Thus], Sampnathan’s long story needs to be considered in the light of all these interlinked factors. The complaint that colonization schemes were government projects aimed at Sinhalization cannot hold water when examined in detail. How can SWRD agree to give power over land to a group of Tamil separatists when their aim was to create a separate country joining with Tamil Nad?  Only in 1962, with nationalism cry during the Indo-China war that Nehru gained sufficient courage to ban Tamil separatism by a constitutional amendment. This means SWRD’s time was not a <separatism free period in Ceylon>. Even though it was not as bad as what Dudley did, as Sambandan’s speech records, it was agreed that in the matter of colonisation schemes, the powers of the Regional Councils shall include the power to select allottees to whom lands within their area of authority shall be alienated and also power to select personnel to be employed for work on such schemes”. SWRD was willing to remove monitoring power of the central government.

But a real disaster came with Dudley. During his time the DMK proscribed in India was a severe problem in the Kandyan areas plus the Kallathoni illegal immigrants, yet Dudley agreed to a giveaway like what RanilW did in 2002. Thus, as Sampanthan reveals, Mr. Senanayake further agreed that in the granting of land under colonization schemes the following priorities be observed in the Northern and Eastern provinces.

(a) Land in the Northern and Eastern Provinces should in the first instance be granted to landless persons in the district.

(b) Secondly, to Tamil-speaking persons resident in the northern and eastern provinces.

(c) Thirdly, to other citizens in Ceylon, preference being given to Tamil citizens resident in the rest of the Island.”

This order of priority means a landless Tamil in Dehiwala or Hambantota will get preference over a landless Sinhala in NP or EP! The Thesawalmei law blocks any outsiders buying most lands in NP. Thus, Tamil separatists want all for them, and none for others.

 This behavior of Dudley for the simple reason of keeping the PM job for him was arbitrary and he had no power to decide a national matter like this without a people’s mandate in a clear statement in an election manifesto. Therefore, citing D-C pact as a historical incident in the march toward separatism has no moral or legal authority. The behavior of these politicians, at least since 1948, only proves what the Anagarika Dharmapala said in the 1940s. He said that the white master would leave the island after creating a group of black-white group of about 20-30,000 people and that they would continue to do what the white master trained them to do.

අන්තිමේදී ත්‍රිකුණාමළයේ කෝනේෂ්වරන් දේවාල භූමිය, හින්දු පූජා භූමියක් ලෙස ගැෂට් කිරීමට ඩඩ්ලි එකඟ නොවීම නිසා ඒ කාලයේ හත්හවුල ලෙස හඳුන්වන ලද ඩඩ්ලි/JRJ පෙඩරල් දීගය නිමවිය (එම දේවාලය යටින් ඇත්තේ පෘතුගීසීන් විසින් විනාශකල පුරාණ බෞද්ධ විහාරයක නටබුන් යයි සැළකේ.). එම කාලයේදී රිචඩ් ගෝඨාභය සේනානායක (අකාලයේ මියගිය ඩඩ්ලිගේ මහප්පාවූ F.R. සේනානායකගේ පුතා) ත්‍රිකුණාමළයේ සිංහල ජනයා රැක ගැනීම වෙනුවෙන්  බලවත් ජාතික සේවයක් ඉටුකලේය.

*4. අගමැතිනි සිරිමාවෝ (1960-64/ 1970-77)

ඉන්දියාව හා චීනය අතර යුද්ධය සමාදාන කිරීමට ඇය මැදිහත්වූයේ ඉන්දියාවට යුද ආධාර දීමට ජනාධිපති කෙනඩි සළකා බලමින් සිටියදීය. එසේ වූවා නම් චීනය ඔවුන් අල්ලාගත් ප්‍රදේශ අත්හැර යාවිද යන්න සැක සහිතය.

සිරිමා -ශාස්ත්‍රී ගිවිසුම අනුව ඉන්දියන් දෙමළ  පුරවැසි ප්‍රශ්ණය බොහෝ දුරට විසඳුනේය. සෑම විටම සමතැන වෙනුවෙන් පෙනීසිටි LSSP පක්ෂය අතහැර කොළඹ දෙමළ ජනයා පෙඩරල් පක්ෂය වටා එක්වීම මේ කාලයේදී සිදුවිය. අධ්‍යාපන ඇමති බදියුද්දීන්ගේ කාලයේදී පාසැල් වලින් රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව ඉවත් කිරීම මාක්ස්වාදීන් SLFP එකට එකතුවීමත් සමඟ වැඩිදුරටත් තහවුරුවිය.

ඇගේ ධූර කාලය තුල ඉන්දිරා ගාන්ධි සමඟ තිබූ ලඟ සම්බන්ධය නිසා උතුරේ පෙඩරල් කරදර ඇය ගණන් ගත්තේ නැත. N.Q. ඩයස් ආරක්ෂක ලේකම් DMK පිරිස් හොරෙන් රටට ඒම හා හොරබඩු ජාවාරම් මැඩලීමට හමුදා කඳවුරු පිහිටුවේය. 1962 පොලිස්-නේවි ක්‍රිස්තියානි කුමණ්ත්‍රනයට පසුව හමුදාවලට වැඩිවැඩියෙන් සිංහල බෞද්ධයින් බඳවා ගන්නා ලදී. මිරිස් රතුලූණු ආදිය ආනයනය නැවත්වීම නිසා යාපනේ ගොවියාගේ අතමිට සරුවිය. තැපැල් ඇමති ලෙස කුමාරසූරියර් (වෙල්ලාල නොවන?) පත්කරණ ලදී. යාපනේට විශ්ව විද්‍යාලයක් දෙන ලදී. එහෙත් පෙඩරල් පක්ෂයේ මිතුරන්ව සිටි LSSP හා සමඟ නිජබිම් මිථ්‍යාව ජය ගන්නට ඇය අසමත් විය.

ඒ සඳහා ඇයට මඟ පෙන්වන්නට කෙනෙක් නොවීය. උදාහරණයක් වශයෙන් සිංහල-දෙමළ භාෂා දෙකම පාසැල් වල උගන්වන්නට ක්‍රියාකලානම්, උතුරේ පහත් කුලවල යයි සළකන ජනයා වෙනුවෙන් රජය මැදිහත් වුනා නම්, කොළඹ දෙමළ ක්‍රිස්තියානි නායකයින් පිරිසක් විසින්  රට බෙදන්නට ගෙන ගිය ව්‍යාපාරය පරදවන්නට ඉඩ තිබුණි. 1957 දී අගමැති බණ්ඩාරනායක ගෙනා කුලභේදය උඩ යාපනේ මිනිසුන්ට හිරිහැර කිරීම වැලැක්වීමේ පණත (Prevention of Civil Disabilities Act, 21 of 1957) සංශෝධනය කර ඒ සඳහා රජයේ ආයතනයක් යාපනයේ පිහිටුවන්නට ඉඩ තිබුණේය. ඊට ඉන්දිරා ගාන්ධිගේ සහාය ලැබෙණු  නිසැකය. පොදු රාජ්‍ය මණ්ඩල සම්මේලනයක් කොළඹ පවත්වනවා වෙනුවට මෙවැනි දෙයක් කලා නම් කෙතරම් වටිනවාද?

බෞද්ධ ප්‍රතිපත්ති අනුව යමින් දෙමළ බෙදුම්වාදය පරාජය කිරීමට තොබූ අනගි අවස්ථාවක් සිරිමාවෝ ආණ්ඩුකාලයේදී තිබුණත් කොල්වින්-ෆිලීක්ස් ඩයස් යන අය සැදූ 1972 ජන රජ ව්‍යවස්ථාව පෙඩරල් දෙශපාලක කල්ලියෙන් ඔබ්බට ගොස් දෙමළ ජනතාවට සහන සපයන්නක් කිරීමට ක්‍රියාකලේ නැත. රටේ නම සිංහලේ කියා වෙනස් කිරීමටවත් අගමැතිනිය වටේ සිටි මේ  කළු සුද්දන් අතපසු කලේය. රටේ අගනුවර රජ රටට ගෙනයන්නට තිබුණි. ඇය හා එක්වූ මාක්ස්වාදීන්ට මේවා වැඩකට නැති දේය. එම ව්‍යවස්ථාව රටේ අස්සක් මුල්ලක් නෑර හැම රජ්‍ය ආයතනයක්ම දේශපාලනීකරණය කිරීමක් විය.

*5. අගමැති/ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන (1977-1989)

මෙවැනි පසුබිමක් යටතේ රටේ මිනිසුන් පාන් පෝලිම්වල සිටිනවා නවත්වන්නට හා ධර්මිෂ්ට සමාජයක් ගොඩනගන්නට, 1947 සිටම ඉව අල්ලමින් මඟ බලමින් සිටි JRJ 1977 අගදී අගමැති වුයේ හයෙන් පහක ආසන සංඛ්‍යාවක් දිනාගෙනය. ඔහු අතගැසූ හැම දෙයක්ම විනාශයෙන් කෙළවරවූයේ කුවේණිගේ සාපය නිසාද?

ඔහුගෙන් ඇරඹී, ඔහු විසින් දේශපාලනයට ගෙනා ඔහුගේ බැනා කෙනෙක්වන රනිල් මහතා ගෙන් අවසාන වන (1977-2023) මෙම ලිපියේ ඉතිරි කොටස ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress