13-Aමර උගුල හා ජනාධිපති රනිල් (ව)කරකවන <කොටි>වලිගය – part 3 (B)
Posted on February 13th, 2023

C. Wijeyawickrema, LL.B., Ph.D.

දැන හෝ නොදැන ලංකාවේ අගමැතිවරු/ජනාධිපතිවරු දමිළ බෙදුම්වාදයට ඉණිමං බැඳීම

Link between the Indian Railway Zones and the 13-A?

හැඳින්වීම

කොමියුනිස්ට් ගොරිල්ලා  නිදහස් සටනත්, භූමිපුත්‍ර දේශප්‍රේමී ව්‍යාපාරයත් නිසා මැලේසියා බ්‍රිතාන්‍ය කොලනිය හැර යාමට සිදුවූ දමිළයෙක් ලෙස චෙල්වනායගම් ලංකාවට ආවේ (1940s) දකුණු ඉන්දියානු පල්ලිය හරහාය. පසු කාලයක කුඹුරු පණතට විරුද්ධ වුනත්, ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය ඔහුට ක්ෂේම භූමියක් විය. කොසොවෝ, පකිස්ථාන් බෙදුම්වාදී උපනතීන් දුටු ඔහු, 1921/23 කාලයේ අරුණාචලම් පොන්නම්බලම් විසින් ආරම්භකල දෙමළ  ජාතිවාදී සටනට නව මුහුණුවරක් දුන්නේය. 1911 දී අරුණාචලම් විසින් මලබාර් ඉන්හැබිටන්ට් වෙනුවට ලංකා දෙමළ යයි ද්‍රවිඩ ජන කොට්ඨාශයේ නම වෙනස් කර ගත්තේ ඔහු ජන සංඛ්‍යා (census) දෙපාර්තමේන්තුවේ ලොක්කෙක් වූ විටය.

මැනිං ආණ්ඩුකාරයාගේ උසිගැන්වීමද මත එතෙක් පැවති මුළු රටේම සමබර නියෝජනයක් යන ඉල්ලීම (සමසමාජකාරයින්ගේ සමතැන පනහට-පනහ කතාව?) වෙනුවට, උතුර නැඟෙනහිර දෙමළ නිජබිමක් තිබෙනවා යයි චෙල්වනායගම් කියා සිටියේය. සිංහලයා බිහිවූයේ  දෙමළා ගෙන් යයි විග්නේශ්වරන් විසින් මෙම මිථ්‍යාව දැන් 2023 වනවිට අප්ඩේට් කර ඇත.

මෙම මිථ්‍යාවට හොඳම සක්කය ගසා දුන්නේ බණ්ඩාරනායක (1957) හා ඩඩ්ලි (1965) විසින්ය. මේ නිසා දැන් රනිල් මහතා පැටලී ඉන්නා 13-A පඹගාලේ මුල් ගවයින් ඒ දෙන්නාය. ඉන්දියන් නිලධාරීන් ලියූ 1988 13-A පලාත් සභා මර උඟුලේ දෙමළ  නිජ භූමියට <දුම් රිය ප්‍රදේශ> (railway regions) වශයෙන් අළුත් ඉඩම් වර්ගයක්ද අතුලත් කර තිබේ. 13-A වනාහි ඉන්දියාවේ මුස්ලිම්-හින්දු බෙදීම නීතිගත කල, 1935 ඉන්දියන් ආණ්ඩු පණතේ (Government of India Act of 1935) අවතාරයය.

අවිචාර සමය

මෙම ඉතිහාස කතාව අපක්ෂපාතීව, දැනට වාර්තාගතව තිබෙන සත්‍ය තොරතුරු පදනම් කරගෙන ලියනවා නම් වත්මන් හා අනාගත පරම්පරා යූටියුබ් දමාගෙන කරණ මෝඩ හා අර්ධ සත්‍ය ප්‍රකාශ වලින්  මුදවා ගත හැකිය. (අභිෂේකා කෙළීගේ හා බෲනෝගේ <ශාස්ත්‍රීය සංවාද> එක් උදාහණයකි). එවැනි ජාතික සේවයකට (යුතුකමකට) දැනට ඇති එකම මාධ්‍යය ලංකාවෙබ් වෙබ් අඩවිය පමණයයි මට සිතේ. මෙම ලිපියේ විෂය පථය බෙදුම් වාදයට රටේ සිංහල හා බෞද්ධයයි කියාගන්නා කළු සුද්දන් විසින් දුන් <තල්ලුව> වාර්තා කිරීමට සීමාව ඇත. එහෙත් මේ අය බුදු දහමේ හැඳින්වෙන <පංචස්කන්ධ> වශයෙන් සිය දේශපාලනයේදී හැසිරී ඇති ආකාරය ලැජ්ජා සහගතය. පුද්ගලික වාසිය සඳහා එකිනෙකාගේ බෙලි කපා ගැනීම්, කෲර හා පහත් හැසිරීම් හා ඒ නිසා රට ජාතියට සිදුවූ විනාශය ගැන ඉදිරියේදී වාර්තා කිරීමට සිතා සිටිමි. එය සර්  ජයතිලකව ඉන්දියාවට තල්ලු කිරීමේ සිට, මිසිස් B ගේ පුරවැසිභාවය තහනම් කිරීම, ඇයට පඩි නැඟීමට නොහැකි බව දැන දැනත් චන්දෙට නොමිනේෂන් දීම සඳහා කොළඹ නගර සභාවේ උඩතට්ටුවේ ශාලාවක් සූදානම්කර, ඇය උඩතට්ටුවට ගිය පසු එහි විදුලි සෝපානය ක්‍රියා විරහිත කොට, එහි යතුර හංගා,  ඇය අමාරුවෙන් පඩිපෙල බහින විට එය වීඩියෝ කර කැත සින්දු පද දෙකක් සමඟ එය ප්‍රචාරය කිරීම මොන තරම් වනචාරී, පහත් දුෂ්ඨ ක්‍රියාවක්ද?  මෙය අගමැති ප්‍රේමදාස විසින් අනුමත කලේ නැද්ද?

පන්සල හා බෙදුම්වාදය

මෙම හැඳින්වීමේ කොටස අවසාන කිරීමට පෙර පෙන්වා දියයුතු තවත් කරුණක් නම් පන්සල් හා, රටේ ජාතියේ මුර දේවතාවුන් ලෙස සැලකෙන හාමුදුරුවරුවරුනුත්, දෙමළ හා ඉස්ලාම් අන්තවාදීනුත්, එකම කාසියක පැති දෙකක් නොව යින්-යැන් තාලයේ  සංසිද්ධීන් දෙකක් බවය. මින් අදහස් වන්නේ යම් දේශපාලන පංචස්කන්ධයක් ඕනෑවට වැඩියෙන් සීමාව ඉක්මවා කඹ වැනි පිරිත් නූල් අතේ බැඳගෙන <බෞද්ධ ක්‍රියා> කරට ගෙන ඉන්නවා නම් ඔහු හෝ ඇය දෙමළ බෙදුම්වාදයට (හා ඉස්ලාම් චන්ද පෙරේත කමට?) රහසින් උඩගෙඩි දෙන්නෙක්ය යන්නය. එක් අතකින් මෙය මේ දේශපාලකයින් සිංහල බෞද්ධයින්ට සළකන්නේ සමහර පිරිමි හිත හොඳ ගෑණුන්ට සළකණ ආකාරයටය යන ග්‍රාම්‍ය කියමනට සමානය. මෙම මතයට ඕනෑතරම් නිදර්ශණ තිබේ.

මොවුන් මෙසේ කිරීමෙන් බුද්ධ ශාසනය ඩබල්- ට්‍රෙබල් ජෙපඩියකට (අකරතැබ්බයකට, jeopardy) අසුවිය. 9 වෙන වගන්තිය නිස බුදු සසුනට ලැබුණ කෙංගෙඩියක් වත් නැත. එහෙත් ඇමෙරිකන් ජනාධිපති කාටර්, දකුණු ඇමෙරිකන් බිෂොප් ඩෙස්මන්ඩ් ටුටු පමණක් නොව දලයි ලාමා පවා සිංහලයින් සුළු ජනවර්ග වලට හිරිහැර කරණවා යයි ප්‍රකාශ කලේ මේ 9 වෙනි වගන්තිය ගැන මහාවංශ විරෝධීන් ලෝකයට දුන් වැරදි ප්‍රචාරණය නිසාය. අනිත් අතට බුද්ධ ශාසන අමාත්‍යාංශයක් නිසා සිදුවූයේ ගමේ පන්සල් වලට දායකයින්ගෙන් ලැබෙන ආධාර ඇනහිටීම, නිලධාරින් මුදල් ආධාර මඟින් පන්සල් පාලනය කිරීම හා ඒ නිලධාරින් පන්සල් පිළිඹද විස්තර බෝන් අගේන් පාස්ටර්ලාට සපයාදීම වැනි හානිය. දුප්පත් පන්සල්වල නායක හාමුදුරුවරු ngo ගොඳුරු (ටාගට්) විය.

*5. අගමැති/ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන (1977-1989)

මෙවැනි පසුබිමක් යටතේ රටේ මිනිසුන් පාන් පෝලිම්වල සිටිනවා නවත්වන්නට හා ධර්මිෂ්ට සමාජයක් ගොඩනගන්නට, 1947 සිටම සේනානායක දේශපාලන බලපරාක්‍රමයට යටවී සිටි JRJ, 1977 අගදී අගමැති වුයේ හයෙන් පහක මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනාගෙනය. ඔහු අතගැසූ හැම දෙයක්ම විනාශයෙන් කෙළවරවූයේ කුවේණිගේ සාපය නිසාද?

මෙහි පහළින් තිබෙන්නේ ඔහුගෙන් ඇරඹී, ඔහු විසින් දේශපාලනයට ගෙනා ඔහුගේ බැනා කෙනෙක්වන රනිල් මහතා ගෙන් අවසාන වන (1977-2023) මෙම ලිපියේ අවසාන කොටසය.

ලංකාවේ ගාන්ධි හා ලංකාවේ මෝසස්

ගාන්ධි මෙන් චන්ද වේදිකාවේ ඉඳගෙන, බෞද්ධ දර්ශණ මහාචාර්ය W.S. කරුණාරත්න මහතා ලවා ධර්මිෂ්ඨ සමාජයක් කතාව රට පුරා පතුරවමින් JRJ විසින් රටට කල විනාශය අදහා ගැනීමට පවා අසීරුය. රනිල්ගේ පවුලේ ඥාති බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ කී පරිදි චෙල්වනායගම් දෙමළ ජනයාගේ මෝසස් නම් සිංහල ජනයා JRJ ට මුලාවුනේ ඔහු පරණ යැන්කි ඩිකී නොව පරිණතවූ ගාන්ධි අවතාරයක් යයි සිතාය.

ඔහුගේ නොයෙක් ක්‍රියා හා ඔහු රටට ගෙනා මත්ස්‍ය න්‍යාය (ලොකු එකා පොඩි එකා ගිල ගැනීම, තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සපයාගත යුතුය යන කැලෑ නීතිය) ගැන කතා කිරීමට මේ අවස්ථාව නොවේ. ගව මුත්‍රා බොන මොරාජි දේසායි සමඟ ඉන්දිරා ගන්ධිට හා ඇගේ පුතාට අපහාස කරමින් ඔහු ඉන්දියාව  හතුරෙක් කර ගත්තේය. අන්තිමේදී ඔහු පන්දම් ඇල්ලු ඇමෙරිකාව ඔහුව අනාථ කලේය. මේ නිසා රජිව් ගාන්ධි නම් කොළු ගැටයා ඉදිරියේ දණගසන්නට ඔහුට සිදුවිය.

මෙම ගිවිසුම පසුකාලීන රනිල්ගේ 2002 (CFA) සටන් විරාම ගිවිසුම මෙන් පිටපතවත් නොකියවා අත්සන් කල බව සිතෙන්නේ එහි දුම්රිය ප්‍රදේශ වර්ගයක් ගැන පවා සඳහන් වන නිසාය. මුල් ගිවිසුමවත්, 13-A වත් ස්වාභාවික නීතිය (principles of natural justice) අනුව අවලංගු වන ක්‍රියාය. මන්ත්‍රීලාගේ චන්දය ගත්තේ බලහත්කාරයෙනි. සමස්ත ක්‍රියාදාමයම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිඹද ගිනස් වාර්තාවකි. එපමණක් නොව ගිවිසුමේ කොන්දේසිවත් ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවට නොහැකි විය.

JR විසින් රටබේරා ගැනීම

නාවික හමුදා භටයාගේ ප්‍රහාරයෙන් මරණයෙන් ගැලවී යන ගමන් ටැමිල්නාඩ් වලදී 13-A ගිවිසුම ගැන රජිව් ගාන්ධි කියා සිටියේ ලංකාවේ දමිළ ජනයාට ටැමිල්නාඩ් වල අයටවත් නැති තරම් බලතල ඔහු විසින් ලබාදුන් බවය! අනිත් අතට ඔහු කල සියළුම අඥාන ක්‍රියා අතරින් මෙම ක්‍රියාව තුලින්ම ඔහු විසින් රට බේරා ගැනීමද සිදුවිය. එය නම් යම් විධියකින් මහළු ඔහු ඒ අවස්ථාවේ රජිව් නම් කොළුගැටයා ඉදිරියේ දණ නොගැසුවා නම් ඉන්දියන් හමුදා උතුර නැඟෙනහිර අල්ලාගෙන, බංගලාදේශ උදාහරණය මෙන් ලංකාවේ දෙමළ <රටක්> පාදා ගැනීමට අත්තිවාරම දමා යනවා යන කරුණය. 13-A හරහා ඊළමට වක්කඩ කඩා ගෙන යාම වැලැක්වීම සඳහා එසේ තම දේශපාලන ආත්ම ගෞරවය පාවා දෙන ගමන් එම හැසිරීමට හිලව්වක් වශයෙන් රට වෙනුවෙන් යම් ආරක්ෂාවක් කපටි ඩික්ෂිට්ලා ගෙන් ආපසු ලබා ගන්නට ඔහු ක්‍රියාකලේය. සමහර විට ඊළම ඉන්දියාවටද තර්ජනයක් වන බව ඔවුන් දැන සිටියා විය හැකිය. දැන් 2023 දී රනිල් විසින් 13-A සම්පූර්ණයෙන්ම බලාත්මක කරණවා කියන්නේ JR විසින් මෙසේ ලබාගත් ආරක්ෂණ ආවරණ ඉවත් කිරීමටය.

අවාසනාවන්ත සිද්ධිය නම් 2009 මැයි යුද ජයග්‍රණයෙන් පසු මහින්දගේ උපදේශකයා තානාපති වශයෙන් දයාන් ජයතිලක ජිනීවා ගොස් 13-A+ ක්‍රියාත්මක කරනවා යයි ප්‍රකාශ කිරීමය. මෙය හසලක වීරයා වැනි ජාතිය වෙනුවෙන් ජීවිතය පිදූ දහස් ගණන් අමු අමුවේ ක්‍රිස්තියානි, මාක්ස්වාදී, මේ යුද්ධය නම් කවදාවත් දිණන්න බෑ යයි කී පිරිසේ අයෙක් විසින් එක වාක්‍යයකින් සිදු  කල මහා පාවාදීමකි. ජීනීවා යැවීමට නුසුදුසුම පුද්ගලයා වන දයාන්ව ජීනීවා යවා මහින්ද රටට කරවා ගත් (පසුව දයාන්ව තනතුරෙන් පහ කලත්) හානිය සදාකාලිකය.

බෙදුම්වාදයට රුකුලක් වශයෙන් ඔහුගෙන් සිදුවු තවත් දෙයක් නම් පාර්ලිමේන්තු චන්ද ක්‍රමය වෙනස් කිරීමය. දිස්ත්‍රික් හා මනාප සූත්‍ර මඟින් සුළු ජනවර්ගවලට කැබිනට් ඇමතිකම් පවා කේවල් කිරීමට බලයක් හිමිවිය. මෙය 1940 ගණන්වල ගෙනා සමබර නියෝජනය යන ඉල්ලීම දෙසට යෑමක් වැනිය. 1965 දී ITAK පක්ෂය ආණ්ඩුවක් පිහිටුවන්නේ කුමණ සිංහල පක්ෂයද යන්න තීරණය කලා වැනිය. 

මෙහි බරපතලකම තේරෙන්නේ පාර්ලිමේන්තූවේ එක චන්දයකින්  බලවත් විධායක ජනාධිපතිව කොට උඩ යවන්නට ඉඩකඩ උදාවීමය. 113+1 යනු එයය. විධායක ජනධිපති ධූරය නිසා නොවේ නම් 30 අවුරුදු යුද්ධය අවුරුදු 3 කින් නිමකරන්නට හැකිවන්නේ නැත. පාර්ලිමේන්තුවේ සුළු පක්ෂ වලට ඇති ආසන සමඟ මන්ත්‍රීන් 114 ක් සිටියොත් ජනාධිපතිගේ අය වැය යෝජනා පරාජය කල හැකිවේ.

*6. ජනාධිපති R ප්‍රේමදාස (1989-1993)

ඉහතින්  සඳහන්කල දිස්ත්‍රික් හා මනාප චන්ද ක්‍රමය යටතේ දෙමළ හා මුස්ලිම් පක්ෂවලට ලැබෙන  වාසිදායක තත්වය, ප්‍රේමදාස විසින් තවත් වැඩිකර දුන්නේය. දිස්ත්‍රික් මන්ත්‍රී ලැයිස්තුවේ යම් පක්ෂයක් විසීන් ලබාගතයුතු අවම චන්ද ප්‍රතිශතය 12.5% සිට 5% දක්වා අඩුකරණ ලෙස අශ්‍රොෆ් කල යෝජනාවට ඔහු එකඟවූයේ මුස්ලිම් චන්ද ලබාගනීමටය. ෂොපින් බැග් එකක ඇඳුම් දමාගෙන දකුණට ආ රිෂාඩ් බතියුර්දීන් හැම ආණ්ඩුවකම වෙළඳ, කර්මාන්ත වැනි ප්‍රධාන අමත්‍යධූර හා ආයතන ලබාගන්නේ ඔහුගේ කුඩා පක්ෂයට ලැබෙන ආසන කීපයේ කේවල් කිරීමට ඇති ශක්තිය නිසාය.

ඔහුගේ ජනාධීපති චන්දයට කලින් 16 වන සංශෝධනය හරහා ප්‍රේමදාස කල තවත් පාවා දීමක් නම් දෙමළ භාෂාව උතුරු නැඟෙනහිර රාජ්‍ය භාෂාව කර, අනිත් පලාත් හතේ සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා කිරීමය. මේ නිසා උතුරට යන නිතීඥයෙකුට උසාවියේ ඉංග්‍රීසි භාෂාවෙන් වත් කතා කරන්නට නොදීමට මහේස්ත්‍රාත් කෙනෙක් තීරණයක් ගත්තේය. සාමාන්‍ය සිංහල ජනයා මේ නිසා විඳින හිරිහැර මඩකලපුව මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමියන් විසින් පෙන්නා දෙමින් සිටී. බොදු බල සේනා සංවිධානයේ ඥානසාර හිමියන් මූලිකවු එක රටක් එක නීතියක් කොමිටිය ඉදිරියේ ශාක්ෂිදුන් සිංහල අය සුළු ජාතිය වශයෙන් තමන්ට ලොකු කුඩා දෙමළ හා මුස්ලිම් නිලධාරීන්ගෙන් සිදුවන හිරිහැර  පෙන්වා දුන්නේය.

ප්‍රේමදාස විසින් සිහි විකල්ව මෙන් කල ක්‍රියා ඉදිරි ලිපියකින් වාර්තා කරමි. ඔහු විසින් උතුරු පලාත ප්‍රභාකරන්ට බදුදීමට කල යෝජනාව ප්‍රභාකරන් ප්‍රතික්ෂේප කලේය. මෙවැනිම යෝජනාවක මිසිස් චන්ද්‍රිකාද කලේය.

*7. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග (1994-2005)

ලංකාද්වීපයේ පෙඩරල් රැජින

රටේ ඉතිහාසය, භූගෝල විද්‍යාව, භාෂාව, ආගම ගැන කිසිදු ඉගෙනුමක්, අවභෝධයක් නොතිබූ ඇය දෙමළ ජනයාට සාධාරණය ඉටු නොකලා යයි සිය පියාට චෝදනා කලේ ඊළම්වාදීන් හා මාක්ස්වාදීන් පිරිවරා ගෙනය. ලංකාවේ සිංහල බෞද්ධ පදනම බිඳ දැමිය යුතුය යන්න ඇගේ සිල්පදය විය. ලංකාව දෙකට නොව කැලි 9 කට හෝ 10 කට කැබලි කරණ පෙඩරල් ප්ලැනක් (Union of Regions)  ඇය විසින් පිළියෙල කලේ  නීලන් තිරුචෙල්වම්, ජී ඇල් පීරිස්,  ජයම්පති වික්‍රම රත්න යන අය සමඟය (මෙම ප්ලැන සැදීමේදී එංගලන්තයේ කොම්පැනියක් දායකවී ඇති බව පෙන්වන සෙනාලි වඩුගේ විසින් ලියන ලද ලිපියක් ලංකාවෙබ් අඩවියේ පලවිය)

LankaWeb – Main elements of New Constitution drafted by British Solicitors in 1994.

The proposal by the British firm was on the request of an entity known as Sri Lanka Peace Support Group formed within the Centre for Policy Alternatives. Guess who members of this group consisted

  • Radhika Coomaraswamy
  • Sunila Abeysekera
  • Sunil Bastian
  • Sunanda Deshapriya
  • Rohan Edrisinha
  • Kethesh Loganathan
  • Jehan Perera
  • Paikiasothy Saravanamuttu
  • Jeevan  Thiagarajah
  • Joe William
  • Javed Yusuf

ප්ලෑනේ මූලික අරමුණ වූයේ තිරුචෙල්වම්ට නොකිලිටි දෙමළ ප්‍රදේශයක් සාදා දීමය.  මේ සඳහා ඔවුන් යොදාගත් නිර්ණායකය වූයේ පාර්ලිමේන්තු චන්ද කොට්ඨාශය. යම් කොට්ඨාශයක් ඉන්නා සිංහල, දෙමළ, මුස්ලිම් ජන සංඛ්‍යා ප්‍රතිශතය අනුව පලාත් නවය පෙඩරල් ඒකක ලෙස කඩා ගොණු කරණු ලැබේ. මෙම බෙදීම දක්වන රහස් ප්ලැන අහම්බෙන් මට හමුවිය. එයට අදාල ලිපියේ ලින්ක් එක මෙහි පහතින් ඇත.

LankaWeb – Mrs. Chandrika’s ‘conspiracy’ to balkanize Sri Lanka (නොහොත් මළවුන්ගෙන් නැඟිටිමට සිතන නීලන්-GL- ජයම්පති-චන්ද්‍රිකාලාගේ පැකේජ් ඩීල් හොල්මන)

ඉන්දියාවේ පොන්ඩිචෙරි ක්‍රමය මෙන් නොව කාවුන් කැවා මෙන් නොවන මෙම දෙමළ ඒකකය සැදීමට අම්පාර චන්ද කොට්ඨාශය වෙනම ඒකකයක් කිරීමට පවා ප්ලැනට ඇතුලත් විය. මෙම සූත්‍රයේ ඇති භයානක කම නම් ඉදිරියේ දිනක උඩරට දෙමළ-මුස්ලිම් බහුතරයක් ඇති චන්ද කොට්ඨාශවලටද එසේ වෙනම පෙඩරල් ඒකකයක් ඉල්ලා සිටීමට නීතියෙන් අයිතියක් හිමිවීමය. චන්ද්‍රිකාගේ මෙම  පැකේජ් ඩීල් එකට එවකට අගමැතිව සිටි රනිල්ගේ සහයෝගය ලැබුණේය. නමුත් අන්තිමේදී චන්ද්‍රිකා විසින් අළුත් විධායක අගමැති ධූරය ඇයටම තබාගන්නට තීරණය කල නිසා රනිල් ඊට අකමැතිවී පාර්ලිමේන්තුව තුල 2000 ව්‍යවස්ථා කෙටුම්පත ඉරා ගිනිබත් කරණ ලදී. පණත පැරදුනේ ඉතාමත් සුළු චන්ද ප්‍රමාණයකිනි. ජනයාගේ ඇස්වලට වැලි ගසා මේ කළු සුද්දන් සුද්දියන් රටට කරන්නට ගිය/යන ද්‍රෝහී ක්‍රියා දන්නේ කී දෙනාද? මේ වනවිට 13-A ට කැමත්ත පලකර සිටින ලැයිස්තු මන්ත්‍රී දර්ශන විද්‍යා මහාචාර්ය චරිත හේරත් වැනි  අය පවා මේ ගොඩට වැටීම ඛ්‍යේදජනකය.

ජනාධිපති සිරිසේන-අගමැති රනිල් යහපාලන ආණ්ඩුව විසින් 2018 දී ගෙනා ඔරුමිත්තනාඩු කෙටුම් පත මෙම චන්ද්‍රිකා 1995-2000 පැකේජ් ඩීල් ප්ලැනමය. සිය පරණ ප්ලැන රනිල්ලා විසින් පිළිගැනීම ගැන චන්ද්‍රිකා උදම් ඇණුවාය!

මීළඟ කොටසින් පහත සඳහන් පංචස්කන්ධ ගැන වාර්තා කරමි.

 *8. ජනාධිපති මහින්ද රාජපක්ෂ

*9. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

*10. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

*11. ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress