යුරෝපය ට්‍රක් රථ රියැදුරෙකු වීමට ශ්‍රී ලාංකිකයන් හයසියකට අවස්ථාව.
Posted on February 14th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය 

යුරෝපයේ රටවල්හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන ලිතුවේනියාවේ ප්‍රමුඛ සමාගමක් ට්‍රක් රථ රියදුරන් හය සියක් බඳවා ගැනීමට සූදානම් වෙයි .ඒ සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදෙන බව ලිතුවේනියාවේ Manvesta ප්‍රවාහන සේවයේ ජේෂ්ඨ අධ්‍යක්ෂ ධනා ජැනරිකෙඒට් මහත්මිය පවසයි.

ඇය ඇතුළු නියෝජිත පිරිසක් 2023.02.13 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූහ.

මෙම කඩිනම් බඳවා ගැනීම සඳහා අගමැතිවරයාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බව ඇය සදහක් කළාය.. තෝරාගත්  රියදුරන් සඳහා කඩිනම් පුහුණු වැඩසටහන්  අවශ්‍ය වේ. ඇබෑර්තු හයසියයක් පැවතියත් තෝරා ගැනීමට හැකිවි ඇත්තේ කුසලතා  ඇති එක සිය නව දෙනෙකු පමණි. එක් රියැදුරෙකුට රුපියල් මිලියනක පමණ මාසික වැටුපක් හිමිවේ. යුරෝපයේ  ප්‍රමිති සමාගම් 500 වැඩි සංඛයාවකට සුඛෝපභෝගී මෝටර් රථ, ආහාර සහ අනෙකුත් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කොන්ත්‍රාත්තු තම ආයතනය සතු බව ද ඇය පැවසුවාය. ඒ සඳහා මූලික ඉංග්‍රීසි දැනුම ඇති හොඳ රියැදුරන් අවශ්‍ය වේ.

මෙම පුහුණු කටයුතු සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු පාසලේ සහ අනිකුත් පුහුණු මධ්‍යස්ථානවල රියදුරු පුහුණු පහසුකම් යොදා ගත හැකි  බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙවැනි රියදුරු රැකියා සඳහා අයදුම්කරුවන්  පිළිබඳ දත්ත බැංකුවක් ද ස්ථාපිත කිරීම  පිළිබඳව කම්කරු ඇමතිවරයා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග  සාකච්ඡා කරන බව ද අග්‍රාමාත්‍ය වරයා කීය.

දේශීය බඳවා ගැනීමේ නියෝජිත ආයතනයක් වන Fortuna කළමනාකාර අධ්‍යක්ෂ විමල් පෙරේරා මහතා පැවසුවේ අයදුම්කරුවන් තුන් සියයක් අතුරෙන් සියයකට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමට කොළඹ වරායේ ඇති ට්‍රක් රථ යොදා ගත් බවයි. මෙම රියදුරු පරීක්ෂණය සාර්ථක වීමට නම් වම් පසින් පදවන  ට්‍රක් රථ අවශ්‍ය වේ. ඒ සදහා පහසුකම් ලබාදෙන්නැයි ඔහු රජයෙන් ඉල්ලීමක් කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, Manvesta  පුහුණු ප්‍රධානි (Aussie Isganaitis),  ඔසී ඉග්නේෂස්  Fortuna  ආයතනයේ අධ්‍යක්ෂක (susie perera) සුසී පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය        

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress