ඉතිහාසයේ සිටම රට දෙකඩ කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුණා – වඩමාරච්චි සටන හරියට අවසාන කරන්න ඉඩ ලැබුණා නම් රටේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා – විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් (වීඩියෝ)
Posted on February 16th, 2023

Lanka Lead News

දෙමළ ජනතාවට රටක් නැති බවත්, එනිසාම ඔවුන් රටක් සොයන්නේ අතීතයේ සිටම බවත් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් ඩයස් මහතා පවසයි.

මාධ්‍ය නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම කරුණු සදහන් කරයි.

ඊශ්‍රායලයට ද රටක් නොතිබුණු අවදියේ බටහිර බලපෑම මත ඔවුන්ට රටක් අත්පත්කර ගැනීමට හැකි වූ බවද, දෙමළ ජනතාවට රටක් නොමැති නිසා එය මුලින්ම ඉන්දියාවෙන් ලබාගැනීමට උත්සාහ කළ බවද, ඉන්දියාව තම රට තවදුරටත් බෙදීමට කිසිසේත් එකග නොවීම මත ඔවුන් ශ්‍රී ලංකාව දෙසට හැරුණු බවද ජගත් ඩයස් මහතා අතීතයේ උදාහරණ ගෙනහැර දක්වමින් ප්‍රකාශ කරයි.

1983 මෙරට සිදුවූ කෝලහාලය සහ එම කාලයේදී ඇරැඹි වඩමාරච්චි ක්‍රියාන්විතය පිළිබදවද සදහන් කරන ඒ මහතා, ශ්‍රී ලංකා ඉතිහාසය තුළ ඉතා සංවිධානාත්මකව ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක කළ පළමු මෙහෙයුම වන්නේ ද එය බවයි පවසන්නේ. එම ක්‍රියාන්විතය හරියට කිරීමට ඉඩ ලැබුණා නම් අද වන විට රටේ තත්ත්වය බොහෝ වෙනස් වන්නට ඉඩ තිබුණු බවද ඒ මහතා පවසයි.

කෙසේ වුවද ඉන්දියානු බලපෑම මත එම ක්‍රියාන්විතය ද නතරවූ බවත්, ඉන්දියාව දිගින් දිගටම මෙරට බෙදීම වෙනුවෙන් සැලසුම් සහගතව ක්‍රියාත්මක වූ බවද ඒ මහතා පෙන්වා දෙයි.

13 වැනි සංශෝධනය එම ඉතිහාසය පුර පැවැති බෙදුම්වාදී මෙහෙයුමේ දිගුවක් බවත්, නිදහසින් පසු මෙරට පාලනය කළ නායකයන් බොහෝ දෙනෙකු ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු නොකළ බව හා ඔවුන්ට සැලසුමක් නොතිබූ බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

වීඩියෝව පහළින්…

https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2FJayatv.lk%2Fvideos%2F1372501696625273%2F&show_text=false&width=560&t=0

Facebook

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress