බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක දෙපාර්තමේන්තුවේ පුහුණුවලත් බහුකාර්ය සංවර්ධන සහායකවරුන් 2300ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහයකවරු ලෙස බඳවා ගැනේ.
Posted on March 3rd, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

ඊට අදාල පත්වීම් බෙදාදීම 2023.03.03 දින  අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ  රජය ප්‍රතිපත්තිමය වශයෙන් සේවා ස්ථානවල වැඩ කටයුතු  භාර ගෙන කටයුතු කරන්නට හැකියාව ඇති   තරුණ පරම්පරාවට  සෑමවිටම අවස්ථාව ලබාදෙන බවයි. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ තවත් මේම සේවාවට අන්තර් ගතව සිටින 30,000කට පමණ විවිධ සේවා ස්ථානවල රැකියා අවස්ථාවට පිවිසීමට  හැකි තීරණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ  අග්‍රාමාත්‍යවරයා –
 එම කර්තව්‍ය ඉටු කිරීම සඳහා ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය වගකීම බාරගත්තා. පොදුවේ රටේ තරුණ පරම්පරාවට  රජයේ දෙපාර්තමේන්තු වල සහ පෞද්ගලික අංශයේ  වගකීම් භාර  කරමින් අනාගතයේ දියුණු රටක් බවට පත්කර ගැනීමටත් අප මුහුණ දෙන අර්බුදයෙන් රට ගොඩ ගෙන අනාගත ඉලක්කයට රට ගෙන යාමටත්‍ බහුකාර්ය දෙපාර්තමේන්තුව දුන් සහයෝගය විශේෂයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ තීරණයක් අනුව අමාත්‍ය මණ්ඩලය  ගත් තීරණය පරිදි ඔබ සැම මේ පුහුණුවට බඳවා ගත් අවස්ථාව ඔබ සැමට මතක ඇති. ඉතාම දුෂ්කර අමාරු කාල පරිච්ඡේදයක් ගත කළ බව ඇමතිතුමා සඳහන් කළා. එය අප කාටත් අමාරු කාලපරිච්ඡේදයක්.    රජය ගනු ලැබූ මෙම තීරණය  ක්‍රියාත්මක කිරීමට  බන්දුල ගුණවර්ධන ඇමතිතුමා , ප්‍රවාහන අමාත්‍යංශය, දුම්රිය දෙපාර්තමේන්තුව පළවෙනියෙන් තෝරා ගැනීම අපට විශාල ජයග්‍රහණයකට අත දෙන්නට එක්වුණා.
ජනාධිපතිතුමා විසින් මෙම දෙපාර්තමේන්තුව රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා හැටියට මා වෙත පවරා තිබෙන නිසා මෙම කටයුතු ඉක්මනින් අප නිම නිම කරන්නට ක්‍රියා කරන වැඩසටහනකට අවතීර්ණ වී තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස කිහිපය ගත වන්නට පෙර ඔබ වැනි තවත් මේ සේවාවට අන්තර් ගතව සිටින 30,000කට පමණ විවිධ සේවා ස්ථානවල කටයුතු කරන ඔබේ සහෝදර සහෝදරියන්ට ඒ ඒ දෙපාර්තමේන්තු ඒ ඒ ප්‍රදේශවල  රැකියා අවස්ථාවට පිවිසීමට පුළුවන් තීරණ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
  දුම්රිය දෙපාර්තමේන්තුව ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තු දෙක තුනකින් එකක්. අවුරුදු සියයකට වැඩියි. මහා මාර්ග  දෙපාර්තමේන්තුවත් අවුරුදු සීයකට වැඩිය පරණයි. මේ ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තු දෙකෙන් වැඩිය වේගයෙන් නම් යන්නේ තවම  දුම්රියෙන් යන වේගය තමයි. මොකද දුම්රියට බාධාවක් නෑහැ. මහ පාරේ යන ගමනට නිරන්තර බාධාවන් තිබෙනවා. විවිධ කරුණු නිසා ඒ බාධාවන් ඉවත් කරමින් අධිවේග මාර්ග කිහිපයක් ඉදි වෙලා තියෙනවා.
  ඩී එස් සේනානායක අග්‍රාමාත්‍යතුමා  ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍යතුමා. ඉඩම් හා වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හැටියට ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ තිබුණ   රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කටයුතු  කරනකොට තමයි අද තිබෙන මින්නේරිය ජනපදය ආරම්භ කරන්නට ගියේ. හද්ද කැලෑව. නමුත් ඒ හරහා දුම්රිය ගමන් කරනවා.  දුම්රියෙන් එතුමා ගිහිල්ලා   ඉංජිනේරුවන් සහ අනෙකුත් නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා ඒ පිරිස එතනින් බැහැල පලවෙනි මින්නේරිය ජනපදය ඇතිකරන්නට ගමන් කළා.  ඉතින් දුම්රියෙන් යන කොට බැහැලා පොඩ්ඩක් ගිහිල්ලා බැලුවොත් ඩී එස් සේනානායක මහත්තයා පළවෙනියෙන් නාපු ඒ උල්පත තවම තියෙනවා.  දැන් ඊට වඩා විශාලයි. එය අපේ රටේ කීදෙනෙක් දන්නවද. කීදෙනෙක් එක දැක තියෙනවද.   එහි එතුමා සමග පළවෙනි පස් පිඩැල්ල කපපු මැතිතුමා මේ ලඟදි අප අතරින් වෙන්ව ගියා.   අද මේ මහා ප්‍රදේශය දියුණු ප්‍රදේශයක් බවට පත් කරන්නට පත්කරන්නට දුම්රිය දැවැන්ත කර්තව්‍යයක් ඉටු කළා. ඒ නිසා මහ ජනපද බිහිවුණා.  ඒවායේ පදිංචි වුණු ජනතාවගේ ජන ජීවිතයම පමණක් නොව රටේ සංවර්ධනයට දැවැන්ත හයියක් වූ කෘෂිකර්මාන්තයේ දියුණුවක්ද ඇති කරන්නට පුළුවන්කම ඇති වුණා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ දුම්රිය  දෙපාර්තමේන්තුව  ඉතාම දියුණු සේවාවක් බවට පරිවර්තනය කිරීමේ වැඩසටහනට ඔබ සැම කැපවීඋනන්දුවෙන් අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතුයි.  
  මේ ලැබෙන්නේ සේවා ස්ථානයක් පමණක් නොව රටක දියුණුවේ අනාගතයයි. රටේ සංවර්ධනයේ වැඩ රාශියක් ඉටු කළ හැකි සේවාවක් බවට දුම්රිය පරිවර්තනය කර ගැනීමේ අනාගතයට ගමන් කරන්නට පලවෙනි පියවර ඇති කිරීමේ අවස්ථාවට එක්වන්නට පුළුවන් වීම ගැන යළිත් සතුටට පත්වෙනවා.
මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩබ්.ඒ.ඩී ගුණසිංහ, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් නන්ද මල්ලවආරච්චි යන මහත්වරුන් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress