මාධ්‍ය නිදහස සහ නීතිය
Posted on March 23rd, 2023

හිරාන්

ප්‍රබල පාතාල කල්ලි නායක හරක් කටා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ය. එපමණක් නොවේ, මැඩගස්කරයේ අත්අඩංගුවට පත්වූ හරක් කටා නැවතත් ශ්‍රී ලංකාවට ගෙන ඒමට මැඩගස්කරය බලා පිටත්ව ගියේ සාලිය පීරිස් යටතේ කටයුතු කරනා කණිෂ්ඨ නීතිඥයන් දෙදෙනෙකි.

හරක් කටා වෙනුවෙන් අධිකරණයේ සාලි පිරීස් පෙනී සිටින්නේ ඒ වෙනුවෙන් ලැබෙනා මිලියන ගණනක මුදල් කප්පම මත පමණක් නොවේ. මේ ගණුදෙනුව පසුපස ඉන් එහා ගිය කතාවක් තිබේ.

ශ්‍රී ලංකාව ජාතික රාජ්‍යයක් වශයෙන් ස්ථාවරව පවත්වා ගන්නා කුළුණු තුනකි. මේ කුළුණු තුන නම් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයයි.

මේ කුළුණු තුනෙහි සමබරතාවය, යහපැවැත්ම සහ සම්බන්ධතාවය බිඳ දැමූ පසු ජාතික රාජ්‍යය බිඳ වැටේ. ජාතික රාජ්‍යය බිඳ දැමූ පසු මේ රට ඕනෑම ගෝලීය බලවතෙකු රිසිසේ පිනුම් ගැසිය හැකි, හමුදා කඳවුරු සෑදිය හැකි, ඔවුන්ට භාවිතා කළ හැකි මුඩු බිමකි.

සාලිය පීරිස්ලා සිදු කළේ ඒ කොන්ත්‍රාත්තුවයි.

ගෝල්ෆේස් අරගලය මෙහි තීරණාත්මක මංසන්ධියකි. එමගින් මේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය බොහෝ දේ ආර්ථික අර්බුධයකින් නැති කොට ඔවුන් පාරට දැම්මේය. පාරට දැමූ ජනතාව ප්‍රචන්ඩ වීමට දිරිමත් කළේ සාලීය පීරිස් ය. ඔවුන්ගේ අරමුණ වූයේ ගෝල්ෆේස් අරගලය මගින් ජාතික රාජ්‍යයේ අක්මුල් වලට පහර දීමයි.

අවසානයේ විධායකය රටින් පලා ගියේය. ජාතික රාජ්‍යය වෙනුවෙන් සැමදා පෙනී සිටි භික්ෂූන් වහන්සේලා, දේශප්‍රේමී බලවේග සියල්ල බියෙන් ත්‍රස්ත කර මුලුගැන්වීමට අරගලය සමත් වූයේය. ඇමෙරිකාව හෝ වෙනත් ඕනෑම රටක් ශ්‍රී ලංකා භූමියේ පිනුම් ගැසුවාත් යළිත් කරලියට පැමිණීමට ඔවුන්ට නොහැකි කරවීමට අරගලය සමත් විය.

කොටින්ම රට වෙනුවෙන් කතා කිරීම, දේශප්‍රේමීත්වය විහිලු සහගත සංකල්ප කරවීමට අරගලය සමත් විය. මෙරට සිංහල බෞද්ධයන් අතර පවා මහනායක හිමිවරු කොනකට තල්ලු කර, කවදත් බෙදුම්වාදී කාදිනල් මහා පොරක් කරවීමට අරගලය සමත් විය.

අරගල සමයේත් හරක් කටාලාගේ ගෝලයන් ගෙවල් ගිනි තැබුවේය. වාහන ගිනි තැබුවේය. එළිපිටම මිනිසුන්ට තර්ජනය කළේය. මේ ප්‍රචන්ඩකාරී ත්‍රස්තයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන විට සාලිය පීරිස්ලා නොමිලයේම අධිකරණය හමුවේ පෙනී සිටියේය. නමුත් නීතිඥයන් එදා මේ ත්‍රස්තයන් වෙනුවෙන් පෙනී සිටියේ නොමිලයේ නොවේ. එදාත් විදෙස් තානාපති කාර්යාල මෙන්ම විදෙස් ගතව සිටි හරක්කටාලා ඇති පදමෙට සාලිය පීරිස්ලාට මුදල් විසි කළේය.

එලෙසට ඔවුන් ජාතික රාජ්‍යයේ ප්‍රථම කුළුණ සහ එය වටා පිහිටි මුරගල් අක්‍රීය කළේය.

ඉන්පසුව ඔවුන් ව්‍යවස්ථාදායකයටත් අත තැබුවේය. දැන් පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් සාලීය පීරිස් ජනපතිවරයාට ලිපියක් යවා තිබේ. පොලිස්පතිවරයා පත් කිරීම විධායකය සහ ව්‍යවස්ථාදායකය සතු රාජකාරියකි. හරක් කටාගේ නීතිඥවරයා ලිපියක් යවමින් වක්‍රව කියා සිටින්නේ පාතාලය මර්ධනයට සම්බන්ධ නැති නිළධාරියෙක් පොලිස්පතිවරයා කරන ලෙසය. මේ සෘජුව හරක් කටා වෙනුවෙන් පෙනී සිටිමකි. තවද ව්‍යවස්ථාදායකය දුර්වල කිරීමකි.

හරක් කටාගේ නීතිඥයාට අවශ්‍ය හරක් කටාට නිදහසේ කුඩු විකිණිය හැකි, කප්පම් ගත හැකි පොලිස්පතිවරයෙකි. හරක් කටාගෙන් සාලිය පීරිස්ට මුදල් කුට්ටිය හිමිවන්නේ ඒ කුඩු සල්ලිය, මිනිසුන්ගේ රුධිරය උරා බිව් කප්පම් සල්ලිය.

මේ වනවිට සාලිය පීරිස්ලා මෙරට අධිකරණය බිඳ වැට්ටවීමේ ක්‍රියාවලියකද නිරත වෙමින් සිටියි. එනම් විධායකය – ව්‍යවස්ථාදායකය අතර අධිකරණයේ සම්බන්ධතාවය සහ සමතුලිතතාවය බිඳ දමමිනි. මෙරට අධිකරණය සිය විෂය සීමා වලින් එහා ගොස් රාජ්‍යයේ සෑම දෙයකටම මැදිහත් වෙමින් පවති.

රටේ ආර්ථික පාලනය විධායකයේ සහ ව්‍යවස්තාදායකයේ වගකීමකි. නමුත් පනවන නව බද්ධක් පිලිබඳව අවසන් තීරණය අධිකරණයෙනි.

රටේ විදුලි බලය සහ බලශක්තිය විධායකයෙ, ව්‍යවස්ථාදායකයේ සහ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ වගකීමකි. නමුත් විදුලි කප්පාදුව පිළිබදව අවසන් තීරණය ගන්නේ අධිකරණයයි.

රටේ ආර්ථිකය හැසිරවීමේ සිට සියලූම වගකීම් අධිකරණය විසින් දරනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව ඡන්දය භාවිතා කර විධායකයක් සහ ව්‍යවස්ථාදායකයක් තෝරා ගන්නේ කුමකටද ? ඒ වගකීමත් අධිකරණයටම ලබා දිය හැකි.

ඉතින් මේ සාලිය පීරිස්ලා සිදු කරන්නේ මහා කුමන්ත්‍රණයකි.

මේ යළිත් ගෝලීය දේශපලනයේ සීත යුද්ධයක් පවතින කාලසීමාවකි. ඉන්දීය සාගරයේ සියලූම නෞකාගමනාන්තයන් ආශ්‍රිතව පවතින මේ ක්ෂේමභූමිය යුද්ධයකදි අතිශය වැදගත් ය.

ඉතින් තුන්වන ලෝක යුද්ධයකදි ශ්‍රී ලංකාවේ පාලනය පවතින කණ්ඩායමට ආසියාවේදි විශේෂ වාසියක් හිමිවේ. ඒ වාසිය හිමිකර ගැනීමට මෙරට ජාතික රාජ්‍ය බිඳ දැමීමට තීරණාත්මක කුමන්ත්‍රණයක් පාතී. සාලිය පීරිස් නොහොත් හරක් කටාගේ නීතිඥයා එහි පළමුපෙල කොන්ත්‍රාත්කරුවෙකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress