උදය-වය දකින ආකාරය – 2 කොටස – මධ්‍යම ප්‍රතිපදාව
Posted on March 27th, 2023

තිස්ස ගුණතිලක

‘ස්වාමිණි, සෝවාන්, සකදාගාමි, අනාගාමි, අර්හත් වීම සඳහා කල යුත්තේ කුමක්ද?

මහනෙණි, කලයුත්තේ ස්කන්ධයේ උදය-වය දැකීම පමනමයි’

ඉහත සංවාදය නැතහොත් බුද්ධවචනය තුල ධර්මයත්, ධර්ම මාර්ගයත් යම්පූර්ණයෙන් ගැබ්වී තිබිය යුතුය.

ඒ අනුව තවදුරටත් සද්ධර්මය දෙස බලමු.

භාහිරයේ ඇති රූප හැඩතලයෙන් නිකුත්වන තරංගය (ඉන්ද්‍රිය) ප්‍රසාදය හා ගැටෙන විට ප්‍රසාදයේ විපරිනාම වේගය හා භාහිරයෙන් එන තරංගයේ වේගය අතර ඇති වෙනස නිසා ප්‍රසාද ධාරා phases තුනක් ඇතිවන බවත් ඒවා අතරින් උදය හා වය ප්‍රසාද ධාරාවන් දෙක ප්‍රකට වන බවත් 2023 මාර්තු 24වන දින lankaweb හි පලවූ ‘ භාහිය සූත්‍රය තුල සිහියට හසුවන සිතේ (උදය-) වය අදියර phase’ ලිපිය තුල පැහැදිලි කිරීමට උත්සාහ කලෙමි. එම ලිපියට පහත සඳහන් link තුලින් පිවිසිය හැකිය.

ස්කන්ධය යනු සත්වයා සද්ධර්මය තුල නිර්වචනය වන ආකාරයයි. ‘ස්කන්ධයේ උදය phase’ යනු ස්කන්ධය තුල උපදින සත්වයා විඤ්ඤාණ මායාවට හසුවී භාහිරය දෙයක් යමක් කෙනෙක් (ආත්මීය) කරගෙන එනම් භවය සකස්කර ගෙන නැති ‘මමෙක්’ ඇතිකරගෙන දුකට පත්වන ආකාරයයි. එනම් උදය කලාව/ධාරාව phase යනු සද්ධර්මයේ සඳහන්වන ‘ඇත අන්තය’යි – ‘භාහිරයේ ආත්මීයවූ යමක් ඇත’ යන අන්තයයි.

‘ස්කන්ධයේ වය phase’ යනු සත්වයෙක් ඇති නොවන ප්‍රභාශ්වර තත්වයක් තුල ක්‍රියා සිතක් සමඟ දුකක් ඇති නොවන ස්වභාවයක් තුල පැවතීමයි. මෙය සද්ධර්මයේ සඳහන් වන ‘නැත අන්තය’යි – ‘භාහිරයේ ආත්මීයවූ යමක් නැත’ යන අන්තයයි.

දැන් මේ අවස්ථා දෙකෙන් වය අවස්ථාව phase ගැන හැඟීමක්වත් නැති පෘතග්ජන තත්වය සලකා බලමු. පෘතග්ජනයා භාහිරයේ ඇති අනාත්මීය ස්වභාවයවත්, භාහිරය දෙයක් යමක් වන විඤ්ඤාණ මායව ගැනවත්, භවයක් සකස්වන ආකාරය ගැනවත්, දුකට පත්වීමක් කෙසේවෙතත් සැමදා සෑම මොහොතකම දුකෙහි ගැලී ජීවත්වන බවක්වත් නොදනී. ඒ ඔහු දුකෙන් මිදුනු ස්වභාවයක් මෙතෙක් ආ ගමනේදී (මව් කුසෙන් බිහිවූදා සිට මේ මොහොත දක්වා) අත්විඳ නැති බැවිනි.

නමුත් සත්‍ය ඤාණය හා ධම්මවිඡය (තිපරිවට්ටයේ දැනුම තුල ධර්මයේ ස්වභාවය හඳුනාගත් keen knowledge of Dhamma) සහිත ස්‍රැතවත් ආර්ය ස්‍රාවකයා බුද්ධ දේශනාව අනුව වය phase පවතින බවත් එහි ඇත්තේ භාහියට පැවසූ පරිදි ප්‍රභාශ්වරය සහිත ක්‍රියා සිතක කෙලෙස් හට නොගන්නා තත්වයක් තුල දුකහට නොගන්නා ස්වභාවයක් බවත් හෙතෙම දනී.

(ක්‍රියාසිත –  එදිනෙදා වැඩ තටයුතු සිහියට හසුනොවී සිඳුවන ක්‍රියාවලිය, උදා: ආශ්වාස ප්‍රස්වාශය – ආනාපානාසති පබ්බ, සතර ඉරියව්වෙන් නොදැනී සිදුවන ක්‍රියා – ඉරියාපත පබ්බ වැනි)

දුක හටගැනීම හා දුක ඇති නොවීම අතර වෙනස දැකගැනීමට ස්කන්ධයේ උදය හා වය අවස්ථා දෙකම හොදින් නුවනට (සිහියට) හසුකර ගතයුතුය.

අස්‍රැතවත් පෘතග්ජනයා මෙන් ස්කන්ධයේ උදය පමනක් දකින්නා මෙන් නොව ස්‍රැතවත් ආර්ය ස්‍රාවක තෙමේ ස්කන්ධයේ උදය හා වය යන phases  දෙකම දකි. එනම් හෙතෙම ‘ඇත-නැත අන්ත’ දෙකම දකියි. ස්‍රැතවත් ආර්ය ස්‍රාවක තෙමේ උදය හා වය phases අතර දෝලනයවෙමින් පවති. එසේ වුවහොත් පමනි ස්කන්ධයේ දුක ඇතිවීමට හේතුව වන විඤ්ඤාණ මායාව තුල භාහිරය දෙයක් යමක්වී ඇතිවන ආත්මීය ස්වභාවය තුල භවය සකස්වන හැටි දැකිය (සිහියට හසුවන) හැකිවන්නේ.

බුදුන් වහන්සේ අනුගමනය කල යුතූ මාර්ගය ‘මධ්‍යම ප්‍රතිපදාව’ යයි පැවසුවේ ස්‍රැතවත් ආර්ය ස්‍රාවක තෙමේ මෙසේ උදය හා වය phases (ඇත-නැත අන්ත) අතර දෝලනය වෙමින් සිහියට හසුකර ගන්නාවූ ‘ආත්මීය නොවන භාහිරය සිත තුල ආත්මීය වන’ සංසිද්ධියයි.

සත්වයා ඇතිවන හා සත්වයා නැති ස්ථාන (ඇත-නැත) අතර වෙනස (සුවය) දැනීමට එම අවස්ථා දෙකම අත්විඳිය යුතුවන අතර ඒ සඳහා එම අවස්ථා දෙක අතර පිහිටිය යුතුය. සද්ධර්මයේ එන ‘මධ්‍යම පුතිපදාව’ යනු මෙසේ උදය හා වය අතර පිහිටීමයි, දැකීමයි.

ස්‍රැතවත් ආර්ය ස්‍රාවක තෙමේ මධ්‍යම ප්‍රතිපදාවේ පිහිටමින් උත්සාහ කරන්නේ භාහිරය දෙයක් යමක් වී භවය සකස්කරනා, ආත්ම දෘශ්ඨිය ඇතිකරනා කාරකය/සාධකය හඳුනාගැනීමයි. එය හඳුනාගත් කල (දැකගත්කල, අවබෝධකරගත්කල) ඔහු සෝතාපන්නයට පත්වෙයි. එවිට ස්‍රැතවත් ආර්ය ස්‍රාවකයා තමන්තුල මෙතෙක් දැනුමක් පමනක්ව පැවති ධර්මය අවබෝධයක්වී (විචිකිච්චාව දුරුවී), ආත්ම දෘශ්ඨියද, සිලබ්බතයද (දෙයක් යමක් කෙනෙක් නැතිතැන සීලය obsolete වෙයි. සොරකම් කිරීමට දෙයක් හෝ කෙනෙක් නැත.) දූරිභූතවී සෝතාපන්නයට අවශ්‍ය සංයෝජන තුනම එකවර ප්‍රහීන වෙයි. 

tgunite@tpg.com.au

තිස්ස ගුණතිලක

2023 මාර්තු මස 28 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress