1948 ඉංගිරිසීන් දුන් දෑවැද්ද -1
Posted on July 12th, 2023

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්)

ලංකා ජාතික සංගමයේ ප‍්‍රධානීන් සිංහලේ (Ceylon/ලංකාවේ පූර්ණ නිදහස සඳහා සටන් කළේ නැත. දැඩිව ඉල්ලීමක් හෝ කළේ නැත. ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ මගින් පාලන සහායකයන් වීම සඳහා අතොරක් නැතිව ආයාචනා කොට ඇත. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු, අවරට යමින් සිටි ඉංගිරිසි කොලනිවාදී පාලකයෝ 1948 ඩොමීනියන් තත්වය (අඩ නිදහස) ප‍්‍රදානය කළහ. රටේ ජනතාව සම්බන්ධ වගකීමෙන් සහ වගවීමෙන් මිදුනු ඉංගිරිසි කොලනිවාදීන්් (colonialists) රටේ ආර්ථිකය, ආරක්‍ෂාව සහ විදේශ ප‍්‍රතිපත්තිය පමණක් නොව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මෙහෙයවීමේ බලය ද අත්හළේ නැත. 1955 වසර අවසානය දක්වා ලෝක වාසීන් ඉදිරියේ ලංකාව ”බි‍්‍රතාන්‍ය රූකඩයෙක්” (්a puppet of Britain) හැඳින්වීමෙන්1 සමච්චලයට ලක් විය. 

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අභිමතය පරිදි කිරීටයේ (රජුගේ/රැුජිනගේ* අත්සනින් තමන්ගේ නියෝජිතයෙකු ලෙස පත් කරන ලද, ලංකා ජනතාවට හෝ පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට වග නොකියන, ලිවීමට කියවීමට නොව අඩුම තරමින් කථා කිරීමට හෝ දේශීය භාෂාව නො දත්, ”ශී‍්‍රමත් අග‍්‍රාණ්ඩුකාර උතුමානන්” යටතේ ඉංගිරිසීන්ගේ ලංකා කොලනිය තවදුරටත් පවත්වා ගැනීම සිදු විය. ශාරීරික අභ්‍යාස කරමින් සිටියදී අසුපිටින් වැටී ”ප‍්‍රධාන ඇමති” (අගමැති* මියගිය පසු, ඒ වෙනවිට එංගලන්තයේ විවේක සුව (නිවාඩු* ගනිමින් සිටි ශී‍්‍රමත් අග‍්‍රාණ්ඩුකාර උතුමානන් දින කීපයකින් පසු ලංකාවට පැමිණ මියගිය ප‍්‍රධාන ඇමතිගේ පුතා ප‍්‍රධාන ඇමති පදවියට (පියාගෙන් පසු පුතා* පත් කරන තෙක් ප‍්‍රධාන ඇමති කෙනෙකු තෝරා නො ගැනීමට කළ වාරණයට2 පාර්ලිමේන්තුව අවනත වීමෙන් ”ලංකා කොලනිය” එදා ලැබූ, අද පවා ”නිදහසේ පියා” ප‍්‍රශස්තිය ගයමින් ඉතා ඉහළින් සමරන ”නිදහස” කෙබඳු දැ’යි පැහැදිලි ව පෙන්නුම් කරයි. 

ඉංගිරිසි කොලනිවාදීන් 1948 ලංකාවට ඩොමීනියන් තත්වය දුන්නේ ඔවුන් විසින් නිර්මාණය කරන ලද ගැටළු, අර්බුධ රාශියක් සමග ය. 

1ග 19 වෙනි සියවස ආරම්භයේ සිට දස දහස් ගණනින් ගෙන්වා පදිංචි කරවන ලද ”මලබාර්” වාර්ගිකයන් සහ යාපාපටුනේ පදිංචි කරවන ලද මලබාර් වැසියන් වෙනුවෙන් 1806 දී ”වහල් සේවාව” සහ කුල භේදය නීතිගත කරන ලද තේසවලාමෙයි නීතිය මගින් නීතිගත කරන ලද සමාජ අසමානතාවය;
2ග සිංහල රාජ්‍යයට එරෙහිව සහ 1817-1818 සහ 1848 සිංහල නිදහස් සටන් මර්ධනයට සහ සිංහල ජන සංහාරයට ගෙනා මලබාර්/ද්‍රවිඩ හේවායන් සහ මැලේ ජාතික සොල්දාදුවන් ආපසු නොයැවීම;
3ග මලයාවෙන් ණයට ලබාගෙන, මැලේ හේවායන් සඳහා සහ පසුව සියලූ මුස්ලිම් භක්තිකයන් සඳහා ශරියා නීතිය සහ යාපනේ මලබාර් නේවාසිකයන් සඳහා තේසවලමෙයි නීතිය බල සහිත කිරීමෙන් දිවයිනේ ඒකීය නීති ක‍්‍රමය බිඳ දමන ලද නීතියේ අසමානතාවය;
(වර්තමානයේ පවා කිරීටය පනවන ලද, අනුමත නො කරන ලද කිසිම නීතියක් බි‍්‍රතාන්‍යයේ වලංගු නැත.*
4ග ආණ්ඩුකාරයා ප‍්‍රමුඛ ඉංගිරිසි නිලධාරීන්ගේ සහ යුරෝපීය ව්‍යාපාරිකයන්ගේ කෝපි, තේ සහ රබර් වතුවල කම්කරු වැඩට/අඩවහල් සේවාවට 1830 වසරේ පමණ සිට ගෙන්වන ලද දස ලක්‍ෂ ගණන් දෙමළ ජනයාගේ ”බි‍්‍රතාන්‍ය කොලනි පුරවැසි භාවය” 1948 දී අහෝසි වෙනවිට පිළියම් නො යොදා අනාථයන් බවට පත් කරන ලද ”වතු කම්කරු”/”ඉන්දියානු දෙමළ” ජනයා;
5ග පැමිණ පදිංචි වූ හෝ ගෙනවිත් පදිංචි කරවන ලද, මලබාර්, ද්‍රවිඩ/දෙමළ සහ මැලේ ජනයාගේ ”බි‍්‍රතාන්‍ය කොලනි පුරවැසි භාවය” 1948 දී අහෝසි වෙනවිට ඔවුන් අනාථ කිරීම;
6ග මලබාර්, ද්‍රවිඩ/දෙමළ වාර්ගිකයන් නිදහස් සංචරණය අනුව ඉන්දියාවෙන්, මැලේසියාවෙන් පැමිණ ලංකාවේ පදිංචි වීම සහ විශේෂයෙන් ම දේශපාලනයේ නිරත වීම වාරණය නො කිරීම;
7ග ආණ්ඩුකාරයන් ප‍්‍රමුඛ කොලනිවාදීන් විසින් ඉන්දියාවෙන් ගෙනවිත් ද්‍රවිඩ/දෙමළ කොලනි පිහිටුවමින් දිවයිනේ භූමි ප‍්‍රදේශ දෙමළකරණය කිරීම;
8ග 1815 වෙන තෙක් දිවයිනේ පැවති ශබ්ද ශාස්තී‍්‍රය අධ්‍යාපන ක‍්‍රමය විනාශ කොට පොහොසතුන්ට සහ ඉහළ පෙළැන්තියට සීමා කොට වෙළඳ භාණ්ඩයක් කිරීමෙන් මාතෘභූමි වාසී සාමාන්‍ය ජනතාවට අහිමි කරන ලද අධ්‍යාපන අයිතිය;
9ග ස්වයංපෝෂිත අර්ථ ක‍්‍රමයක් සහිත ස්ථාවර සමාජ සංස්කෘතියක් තුළ පාරම්පරිකව වාසය කළ, ගේදොර, හරකබාන අහිමි කොට, ගම්බිම්වලින් සහ වගාබිම්වලින් නෙරපාහැර කැලෑ ජීවිත ගතකරන, ”අහිකුන්ටිකයන්” ලෙස හේනෙන් හේනට මාරුවෙන අනාථයන් බවට පත් කරන ලද මාතෘභූමි වාසී සිංහලයන්;
10ග පාරම්පරික ගම්බිම්වලින් පලවාහැර පැහැරගත් අක්කර දස ලක්‍ෂ ගණනක් වූ ඉඩම්වල සිංහල ජනයා නැවත පදිංචි නො කොට දෙමළ කොලනි පිහිටුවීම;
11ග විහාරාරාම සතුව තිබූ සාංගික ඉඩම් ද ඇතුළු පොදු අයිතිය තිබූ (රජයේ* ඉඩම් වෙළඳ භාණ්ඩයක් කරමින් අසිංහල, අබෞද්ධ, විජාතික සහ විදේශික අයට විකිණීම;
12ග ”ඉර හඳ පවතිනතාක් කල් වෙනස් කළ නො හැකි” සේ පුරාණ රජවරුන් විසින් සඟසතු කොට පූජා කරන ලද ඉඩම් අක්කර දස ලක්‍ෂ ගණනක් පැහැර ගනිමින් විනාශ කරන ලද බෞද්ධ විහාර, ආරාම සහ බෞද්ධ ස්මාරක;
13ග සිංහල බෞද්ධයන් දෙමළකරණය කිරීම;

1948 දී දායාද කොට දෙන ලද, අද දක්වාත් පවතින ගැටළු රාශියකින් කීපයක් පමණකි. ලංකා භූමිය සහ සිංහල බෞද්ධ ජනයා දෙමළකරණය කිරීම තුළින් සිදු කොට ඇති ඓතිහාසික සහ සංස්කෘතික විපරීතය ඉතා බරපතල ය.

මුහුදු කොල්ලකරුවන්ගේ තිප්පොල
කෝට්ටේ රාජ්‍ය යුගයේ හයවෙනි පරාක‍්‍රමබාහු රජු වෙනුවෙන් සපුමල් කුමාරයා (සපුමල්= සෙම්බග, කුමාරයා=(ප්පෙරුමාල් ”කෝට්ටේ රාජ සභාව වැනි රාජ සභාවක්”3 ඇතිව පාලනය ආරම්භ කළ ව්‍ය.ව. 15 වෙනි සියවසේ මැද (1449* පමණ සිට සහ ඉන් පෙර යාපාපටුනේ වෙනම ස්වාධීන රාජ්‍යයක් නො වීය. රජෙකු ලෙස යාපාපටුන පාලනය කළ පළමු රාජකීයයා සපුමල් කුමරු ය.4 ඉන් පෙර ව්‍ය.ව. 13 වෙනි සියවසේ දෙවෙනි භාගයේ සිට, 1262 දී පමණ දෙවෙනි පරාක‍්‍රමබාහු රජු අතින් පරාජය වී පලාගිය ආක‍්‍රමණික ජාවක චන්ද්‍රභානු සහ ඔහුගෙන් පැවතෙන අය යාපාපටුනේ පාලකයන් වී ඇත.5 පළමුවෙනි භුවනෙකබාහු රජු විසින් පරාජය කරනු ලැබූ චෝඩගංග සහ කාලිංගරායර ආක‍්‍රමණිකයන්, ආචාර්ය නීලකණ්ට ශාස්තී‍්‍ර දක්වන අදහසට අනුව, චෝළ සහ පාණ්ඩ්‍ය සාහසිකයන් දෙදෙනෙකි.6 බොහෝ විට ඔවුන් මුහුදු කොල්ලකරුවන් විය හැකිය. 14 වෙනි සියවසේ දිවයිනේ බටහිර නැව්තොටු ඇතුළුව ඉන්දියාවේ මලබාර් මහුදු තීරය සහ කොරමණ්ඩල මහුදු තීරය මුස්ලිම් සහ හින්දු මුහුදු කොල්ලකරුවන්ගේ ගොදුරු බිමක් ව පැවති බව ඉබ්න් බතූතා දක්වන7 අතර යාපන අර්ධද්ධීපය හින්දු (ද්‍රවිඩ* මුහුදු කොල්ලකරුවන්ගේ තිප්පොලක් ව පැවතුණි. ආර්යචක‍්‍රවර්ති ”කොරමණ්ඩල් වෙරළ දක්වා ම මූදු කොල්ලයෙහි යෙදුණු බවත් ඔහුගේ වෙළඳ ව්‍යාපාර ඈත යේමනය දක්වා පැතිර තිබුණු බවත්” ඉබ්න් බතූතා හෙළි කොට ඇත.8 කෝට්ටේ සවෙනි පරාක‍්‍රමබාහු රජුගේ (1415-1470* වෙළඳ නැව් පැහැරගත් මලවරායර් නම් මුහුදු කොල්ලකරු9 හඹාගොස් චෝල දේශයේ මකුඩම්කෝට්ටෙයි ප‍්‍රදේශයේ ගම් හතරකින් වාර්ෂිකව ආදායම් ලබා ඇත.10 තන්ජෝරයේ සහ මදුරා මුස්ලිම් බලය මැඩ විජයනගර අධිරාජ්‍යය කුමාරි (කොමරින්* තුඩුව දක්වා බලය පැතිර වීමෙන් පසු ජාත්‍යන්තර වෙළඳාමට බාධකයක් වූ, මේ සාගර කලාපයේ මුහුදු කොල්ලකරුවන් මැඩ ආර්යචක‍්‍රවර්ති නම් හමුදා නිලධාරියෙකුට යාපාපටුන භාර කොට ඇත.11 14 වෙනි සියවසේ දෙවෙනි භාගයේ යාපාපටුන විජයනගර අධිරාජ්‍යයේ පාලනය යටතට පත් වී ඇත.12 ක්වේරෝස් ද කොරමණ්ඩල මුහුදු කලාපයේ මුහුදු කොල්ලකරුවන් ගැන සඳහන් කොට ඇත.13 පහළොස් වෙනි සියවසේ මැද පමණ (1449* කෝට්ටේ රාජ්‍යයේ සේනානායක සපුමල් කුමරු යාපාපටුනේ සිටි විජයනගර අධිරාජ්‍ය හමුදාව, ”කන්නඩ” හමුදාව14 පරදවා ආර්ය චක‍්‍රවර්ති නෙරපා ඇත.15

යාපාපටුනේ ස්වාධීන රාජ්‍යයක් නැත
16 වෙනි සියවස ආරම්භයේ සිට 18 වෙනි සියවස අවසානය දක්වා යාපාපටුන සිංහල රාජ්‍ය පාලනය යටතේ පැවති බව ඩි ක්වේරෝස්, බෝල්ජිඅස්, වැලන්ටයින්, ටි‍්‍රනිඩාඬේ ආදි පුර්තුගීසි සහ ලන්දේසි ඉතිහාසඥයන් පැහැදිලිව ම සඳහන් කොට ඇත.

මදුරාවේ සහ තන්ජෝරයේ මුස්ලිම් සුලතාන් පාලනයට යටත් වූ චෝල, පාණ්ඩ්‍ය සහ චේර භූමිවලට හින්දුත්වය රැුකගැනීමට හැකි වූයේ කි‍්‍රෂණා තුංගභද්‍රා දෙගම්මැදි භූමි ප‍්‍රදේශයෙන් ආරම්භ වී, මුස්ලිම් සුල්තාන් බලය අහෝසි කොට, කොමරින් (කුමාරි* තුඩුව දක්වා ව්‍යාප්ත වී වසර 230 ක පමණ කාලයක් (1336-1565* තුළ පැවති විජයනගර අධිරාජ්‍යය යටතේ සිදු වූ හින්දු පුනරුදය නිසාය. 16 වෙනි සියවස ආරම්භයේ සිට දකුණු ඉන්දියාව සහ ලංකාව පුර්තුගීසි, ලන්දේසි, ප‍්‍රන්ස, ඉංගිරිසි ආදී යුරෝපීය ආක‍්‍රමණික බල අරගලයේ ගොදුරුබිමක් වී ය. 14 වෙනි සියවස අවසාන කාලයේ පමණ සිට පාණ්ඩ්‍ය සහ චෝල දේශ පැවතියේ තන්ජෝර් සහ මදුරා මුස්ලිම් සුල්තාන් පාලනය අහෝසි කළ විජයනගර අධිරාජ්‍යය යටතේ ය. 

යාපාපටුන ව්‍ය.ව. 1619 වසරේ සිට 1815 දක්වා කාලය තුළ පිළිවෙලින් පුර්තුගීසී, ලන්දේසි සහ ඉංගිරිසි ආක‍්‍රමණිකයන්ගේ බල ප‍්‍රදේශයක් විය. දිවයිනේ නැව්තොටු සහ ඒ ආශි‍්‍රත ප‍්‍රදේශවල බලවතුන් වූ පුර්තුගීසි සහ ලන්දේසි ආක‍්‍රණිකයන්ගේ කාලයේ, 17 වෙනි සහ 18 වෙනි සියවස්වල, කි‍්‍රස්තියානි ආගමික පූජකයන් වූ ෆර්නා ඕ ඩි ක්වේරෝස්, පිලිප්පුස් බෝල්ජිඅස්, ෆ‍්‍රන්සිස්කුඉස් වැලන්ටයින්, පඋලෝ ඩා ටි‍්‍රනිඩාඬේ ආදී ඉතිහාසඥයන් පැහැදිලිව ම සඳහන් කොට ඇත. පුර්තුගීසීන් 14 වෙනි සහ 16 වෙනි සියවස් අතර කාලයේ පැවති මුහුදු කොල්ලකරුවන්ගේ බලය 1619 වසරේ අහෝසි කරන තෙක් සහ ඉන් පසු 18 වෙනි සියවස අවසානයේ ඉංගිරිසි කොලනිවාදීන් යටතට පත් වෙන තෙක් යාපාපටුනේ වෙනම, ස්වාධීන ද්‍රවිඩ/දෙමළ රාජ්‍යයක් හෝ ද්‍රවිඩ/දෙමළ ආධිපත්‍යයක් පැවති බවට ඓතිහාසික සාධක නැත. ඉංගිරිසි කොලනිවාදීන් 1948 සිංහලේ (ක්‍ැහකදබ*, ලංකාව සිංහලයන්ට ආපසු පවරා දෙන අවස්ථාවේ ”දෙමළ” රාජ්‍යය තමන්ට ආපසු භාර නොදී සිංහලයන්ට දුන් බවට චෝදනාත්මක මැසිවිල්ලක් නගන දෙමළ වර්ගවාදීන්, දිවයිනේ ස්වාධීන දෙමළ රාජ්‍යයක් නොපැවති බවට ඇති ඓතිහාසික සත්‍යය වසංකොට ඇත. 

භේද කොට පාලනයට වර්ගවාදය
යුරෝපීය ආක‍්‍රමණිකයන්, විශේෂයෙන් ම 19 වෙනි සියවසේ සිට ගෙනවිත් පදිංචි කරවන ලද මලබාර් ද්‍රවිඩ/දෙමළ වාර්ගිකයන් සහ මාතෘභූමි වාසී සිංහලයන් භේද කොට පාලනය කිරීම සහ ඔවුන් වරප‍්‍රසාද ලත් කණ්ඩායමක් බවට පත් කිරීම තුළින්, එතෙක් දිවයිනේ නොපැවති වාර්ගික ගැටළුවක් බි‍්‍රතාන්‍ය කොලනි පාලකයන් විසින් නිර්මාණය කරනු ලැබීය. වාර්ගික නීති පනවා වාර්ගික භේදය පමණක් නොව දෙමළ වර්ගවාදය ද බල ගැන්වීය. වර්ගවාදී කි‍්‍රයාකාරකම් වාරණය කළේ නැත. දිවයිනේ පළමු වාර්ගික දේශපාලන පක්‍ෂය බිහි කරන ලද්දේ, ”බි‍්‍රතාන්‍ය කොලනි පුරවැසියෙකු” සහ වර්ගවාදියෙකු වූ ජී. ජී. පොන්නම්බලම් විසිනි. සමස්ථ ලංකා දෙමළ සංගමය (්කක ක්‍ැහකදබ ඔ්පසක ක්‍දබටරුිි* ලංකාවේ පළමු වාර්ගික දේශපාලන පක්‍ෂය විය. ඉන් පසු 1949 වසරේ ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය (ෂක්බන්ස ඔ්පසක ීඒඑැ ඡු්රඑහ* බිහිි කළේ මැලේසියාවෙන් පැමිණි වර්ගවාදී එස්.ජේ.වි. චෙල්වනායගම් විසිනි. (දෙමළ භාෂාව ලිවීම සහ කියවීම නොදත් බව කියති.* ලංකා ජාතික සංවිධානය, අමද්‍යප ව්‍යාපාරය, කම්කරු සංගමය, බෞද්ධ සම්මේලනය, ස්වභාෂා ව්‍යාපාරය ආදී සංවිධාන සහ එ.ජා.ප., ල.ස.ස.ප., කො.ප., ශී‍්‍ර.ල.නි.ප., ම.එ.පෙ. ආදී පක්‍ෂ කිසිවක් වාර්ගික දේශපාලන පක්‍ෂ නොවීය. අවාසනාවකට, ඔවුන්ගේ, විශේෂයෙන් ම, වාමාංශික චින්තනයෙන් යුත් අයගේ ප‍්‍රායෝගික චින්තනය විකෘතියක් විය.

ශී‍්‍ර ලංකාවේ දෙමළ රාජ්‍යයක් සඳහා දෙමළ ජනතාව පෙළඹවීමට කථා නිර්මාණය කිරීම 19 වෙනි සියවස අවසාන කාලයේ සිට ආරම්භ වී ඇත. ව්‍ය.ව. 13 වෙනි සියවසේ පසු භාගයේ සිට ස්ථිර පදිංචිය සඳහා දෙමළ ජනයා දකුණු ඉන්දියාවෙන් පැමිණි බව කියන සමහරු එකල සිට උතුරු සහ නැගෙනහිර පළාත් එකට බැඳුණු දෙමළ දේශපාලනයක් පැවති16 බව ද කියා ඇත. විසිවෙනි සියවසේ දෙවෙනි භාගයේ සිට, ලංකාවේ දෙමළ ඉතිහාසය රාමායන කාව්‍යයේ රාවනා කථාවට සම්බන්ධ කොට රාවනා දෙමළ රජෙකු බවට පත් කොට ඇත. ශ‍්‍රී ලංකා භූමිය සම්පූර්ණයෙන් දෙමළ භූමියක් බව දැක්වීමට ”ලිංග” පහක් පිහිටුවා ආරක්‍ෂා කොට ඇති බව කියන වත්මන් දෙමළ දේශපාලකයන් සහ උගතුන් විවිධ කථා එකතු කරමින් දෙමළ ඉතිහාසය නිර්මාණය කිරීම සම්බන්ධයෙන්, දෙමළ ඉතිහාසය ලෙස බොහෝ ”මනස්ගාත”17 දොඩන බවට ආචාර්ය පෆන්බර්ගර් කළ ප‍්‍රකාශය සටහන් කිරීම ප‍්‍රමාණවත් ය. 

වර්ගවාදී මුලික ඉල්ලීම්
වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කැපවුණු දෙමළ දේශපාලකයන් සහ උගතුන් ආයුධ සන්නද්ධ දෙමළ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය මගින් ”දෙමළ ඊළාම් රාජ්‍යය” සඳහා ඉදිරිපත් කළ මූලික කරුණු තුනකි.
1ග දෙමළ ජාතියක් ලෙස පිළිගැනීම,
2ග ස්වයංතීරණ අයිතිය, සහ
3ග උතුරු පළාත සහ නැගෙනහිර පළාත ”පාරම්පරික නිජබිම” ලෙස පිළිගැනීම. ඔවුන්ගේ මූලික ඉල්ලීම් ය.

ඒ වෙනුවෙන් ඉන්දියාව, ඇමරිකාව, කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව සහ බි‍්‍රතාන්‍යය ඇතුළු සියලූ යුරෝපීය රටවල් රැුකවරණය පමණක් නොව සන්නද්ධ පුහුණුව, බරපැන, ආයුධ සහ රාජ්‍යතාන්ති‍්‍රක බලපෑම් මගින් සහායකයන් වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය (එ.ජා.සං., ඹභධ* පවා සහායට ගනු ලැබ ඇත. මේ රටවල් සහ එ.ජා.සං. වෙනත් අරමුණක් නැතිව අවංකව ම දෙමළ ජනතාවට සහාය දක්වන්නේ නම් කළ යුත්තේ ශී‍්‍ර ලංකාවට බලපෑම් කිරීම නතර කොට ගැටළුව ප‍්‍රායෝගිකව ගෙන නිවැරදි මග ගැනීමයි.

ඉන්දියාවේ වගකීම සහ වගවීම
තමන්ගේ අභිලාශය ඉටුකර ගැනීම සඳහා වර්ගවාදීන් විසඳුම් බලාපොරොත්තු වෙන ඉල්ලීම් තුනෙන් 1 සහ 2 ඉල්ලීම් දෙක ලංකාවට සම්බන්ධ කිරීම විකෘතිය කි. ඒ ඉල්ලීම් දෙක මූලිකව ම ඉන්දීය භූමියේ දේශපාලනය සමග බැඳී ඇති බැවින්, ලංකාව බැහැර කොට, ඉන්දියාව ප‍්‍රශ්ණයේ අනෙක් ප‍්‍රධාන පාර්ශවය ලෙස සලකා ඉන්දීය භූමිය තුළ විසඳුම් ලබා දීමට කි‍්‍රයා කිරීම දෙමළ ජනයාගේ අභිලාශය සනාථනික ව ඉටු කිරීමකි. ඉංගිරිසි කොලනිවාදීන් යටතේ විසිවෙනි සියවස ආරම්භයේ සිට ම දකුණ ඉන්දීය ද්‍රවිඩ/දෙමළ ජනයාගේ ඉල්ලීම් ඉංගීරිසීන් සහ ඉන්දීය රජය නීති මගින් මැඩලනු ලැබුවත්, තමිල්නාඩු ආණ්ඩුවේ වර්තමාන දේශපාලන බලවතුන් ඒ ඉල්ලීම් යළිත් මතු කොට ඇත. පළමු ඉල්ලීම් දෙකේ සඳහන්, තමිල්නාඩු දෙමළ ජනතාවගේ අභිලාශය ඉටු කිරීමේ මූලික වගකීම ඉන්දියාව මත පැවරී ඇත.

දකුණු ඉන්දියාවේ කාවේරි නදියෙන් පහළ කොටසේ ද්‍රවිඩ/දෙමළ ජනයා වසර දෙදහසකට වැඩි කාලයක් පුරා ස්ථිර පදිංචියක් ඇති බව පිළිගත් කරුණකි. අනාදිමත් කාලයක සිට එය ඔවුන්ගේ මවුබිම ය. නිජ බිම ය. එහි ජනගහණය කෝටි අටකට (ලක්‍ෂ 800 කට* වැඩිය. වසර හැත්තෑපහකට (75* නොඅඩු කාලයක් තමන්ගේ ම පාලනයක්, ආණ්ඩුවක්, ආර්ථිකයක්, අධිකරණයක්, භාෂාවක්, භූමි ප‍්‍රදේශයක් සහිත ”දෙමළ රට”, ”තමිල් නාඩු” උරුමකරුවෝ ය. ඩොමීනියන් තත්වය වැනි අත්දැකීම් සහිත ය. අලූතෙන් දෙමළ රටක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් එහි නැත. පළමු ඉල්ලීම් දෙක පිළිබඳ පූර්ණ වගකීම නිසැකයෙන් ම ඉන්දියාව මත පවතින බව නො රහසකි. දෙමළ ජනයා ලංකාවේ ස්ථිර පදිංචිය ලබා ගත වී ඇත්තේ වසර දෙතුන් සියයක කාලයකි. 

”ලෝක කම්කරුවෙනි එක්වව්!” නිෂ්කී‍්‍රය කරමින් මහ පොලව තුළ ලෝක ධන කුවේරයන් එක් වී ඇත. ඇමරිකා, කැනඩා, යුරෝපා,  ඕස්ටේ‍්‍රලියා නවසීලන්ත, බටහිර ලේ නෑයන් එක් ව ඇත. සියලූ ජාතීන් එකමුතු විය යුතු මිස ලෝකය භේද කොට පාලනය කිරීමේ (ඩිවයිඞ් ඇන්ඞ් රූල්* සහායකයන් විය යුතු නැත. ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක්/රටක් තූළ පුරවැසියන්ට වාර්ගිකව හෝ ආගමිකව ”වෙන්වීමේ” අයිතිය ඇති ලෙස අර්ථ දක්වමින් ”නව ගෝති‍්‍රක යුගයක්” බිහි කිරීමේ තැතට තිත තබා, අධිරාජ්‍ය වියගහෙන් මිදීමට අදාල ව යටත් විජිත රාජ්‍ය වෙනුවෙන් වසර සියයකට පමණ පෙර අඳුන්වා දෙන ලද ”ස්වයංතීරණ අයිතිය” නවීකරණය විය යුතුව ඇත. (දෙවෙනි කොටසට)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress