උතුර සහ නැගෙනහිර බැඳීම-5
Posted on August 16th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්

4 වෙනි කොටසෙන්

…. ස්ථිර පදිංචිය සහිත දෙමළ ජනයා වාසය කළේ නම් ”දෙමළ කොලනි” පිහිටුවීම සඳහා දකුණු ඉන්දියාවෙන් ආනයනය කිරීමට සහ ”නිදහස් සහ ලිහිල් කොන්දේසි” ප‍්‍රදානය කිරීමට අවශ්‍ය නොවෙනු ඇත. දෙමළ පදිංචියක් තිබූ බවට ”නිශ්චිත ශාක්‍ෂි ලැබී නැති” බව ආචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල ද නිශ්චිතව ප‍්‍රකාශ කොට ඇත.(*

5 වෙනි කොටස

ව්‍ය.ව. 1910 දී ආණ්ඩුකාර සර් හෙන්රි මැකලම්ගේ (1907-1912* යාපනේ දෙවෙනි සංචාරයේ දී ඔහුගේ මූලාසනයෙන් පැවැත් වූ යාපනේ දෙමළ ප‍්‍රධානීන්ගේ රජදැක්මේ (ද දුර්බාර් ඔෆ් ටැමිල් චීෆ්ස්* දී කළ සාකච්ඡුාව මෙහිලා වැදගත් ය. (පොන්නම්බලම් රාමනාදන්, හෙන්රි ප‍්‍රැන්සිස් මුත්තුකිස්ට්නා, කි‍්‍රස්ටෝපර් බි‍්‍රටෝ ආදීන් ද සහභාගී වෙන්නට ඇත.* සාකච්ඡුා කළ කරුණු අතර එක් ප‍්‍රධාන කරුණක් වූයේ ”වන්නියේ කොලනි” (”Colonization of the Wanny”* පිහිටුවීම ය.* ඒ වෙන විට වන්නියේ දෙමළ කොලනිකරණයට ආණ්ඩුකාරයාගේ ඍජු මැදිහත් වීම අවශ්‍ය ලෙස යාපනේ දෙමළ ප‍්‍රධානීන් සලකා ඇත. වන්නියේ දෙමළ කොලනි පිහිටුවීම ඉහළ සිට පහළට විධිමත් ලෙස වේගවත් වූ බව නිසැක ය. වන්නියේ ස්ථිර දෙමළ පදිංචියක් වූයේ නම් කොලනි පිහිටුවීමට සහ ඒ සඳහා ආණ්ඩුකාරයා  ඍජුව මැදිහත් කරගැනීමට අවශ්‍යතාවයක් නැත. 

ව්‍ය.ව. 1833 න් පසු මිළට ගත් බිම් කොටස්වල වැඩට කුලීකරුවන් සපයාගැනීම ඔවුන්ගේ වගකීමක් විය. යාපනේ දෙමළ ප‍්‍රධානීන් සහ ආණ්ඩුවේ ඒජන්තයන් සංවිධානාත්මකව ඉංගිරිසි ආණ්ඩුකාරයාගේ පූර්ණ අනුග‍්‍රහය ඇතිව ව්‍ය.ව. විසිවෙනි සියවසේ මුල් කාලයේ සිට වන්නිය සහ නැගෙනහිර පළාත පුරා දෙමළ කොලනි පිහිටුවන ලද බව ඉංගිරිසි පාලක නිල වාර්තා සනාථ කරයි. ක‍්‍රවුන් ලෑන්ඞ් (එන්ක්‍රෝච්මන්ට්*  ඕඩිනන්ස්, සිලෝන් වේස්ට් ලෑන්ඞ්  ඕඩිනන්ස් නීති මගින් වන්නිය ඇතුළු මේ ප‍්‍රදේශයේ සිංහල ගම්මානවලින් පලවාහැර තමන්ගේ ම මවුබිමේ අනාථයන් බවට පත් කරන ලද සිංහල පවුල් නැවත පදිංචි කරවීමේ වගකීම ඉවත දමා ”නිදහස් සහ ලිහිල් කොන්දේසි” ප‍්‍රදානය කරමින් දකුණු ඉන්දීය ද්‍රවිඩ වාර්ගිකයන් පදිංචි කරවමින් දෙමළ කොලනි පිහිටුවීම කොලනි ලේකම් (ක්‍දකදබස්ක ීැජරුඑදරහ*, ඉංගිරිසි පාර්ලිමේන්තුව අනුමත කිරීම සහිත ව කළ බව නිසැක ය.  

දිවයින අත්පත් කරගත් නොබෝ කලෙකින් ඉංගිරිසීන් විසින් සිංහල රාජ්‍ය පාලනය තුළ පැවති ඉහළ ම පදවියක් වූ ‘අදිකාරම්’ තනතුර අහෝසි කරන ලදී. රජුට දෙවෙනි ව රාජ්‍ය පාලනයේ නිරත වී සිටි ප‍්‍රධානියා වූයේ අදිකාරම් ය. ව්‍ය.ව. 1909 දී කොළඹ රජගෙදර පැවති යාපනේ දෙමළ ප‍්‍රධානීන්ගේ රජදැක්මේ දී කළ සාකච්ඡුා අනුව ආණ්ඩුකාර සර් හෙන්රි මැකලම් දෙමළ ජනයා අතර ඉතා උසස් බව දැක්වීමට අදිකාරම් (්ාසට්ර* පදවි නාමය දීම යළි ආරම්භ කිරීමට තීරණය කළේය.* යාපනේ සහ වන්නි ප‍්‍රදේශවල දෙමළ කොලනි පාලනය තුළ ‘අදිගාර්ලා’ මුල් තැනක් ලබා ඇත. වෙල්ලාල කුලයේ නොවෙන අයෙකුට කිසිදු තනතුරක් ලැබුනේ නැත. 

ව්‍ය.ව. 1917 දී රාජකීය උපන් දින සැමරුම් උත්සවයේ දී ආණ්ඩුකාර සර් ජෝන් ඇන්ඩර්සන් වන්නිය සම්බන්ධ කටයුතුවල මූලිකව නිරත වූ, වයස අවුරුදු අසූ ගණනක් වූ යාපනේ දෙමළ ව්‍යාපාරිකයෙකුට ”වන්නිඅර්නාර්” යන අළුත් නම්බුනාමයක් ප‍්‍රදානය කළේය.55 දිවයින් ඉතිහාසයේ පළමුවරට සඳහන් වෙන, ව්‍ය.ව. 13 වෙනි සියවසේ පැවති අරාජික කාලයේ වනගත පාලන ඒකකවල (වන්නි* ප‍්‍රධානීන් සඳහා භාවිත වූ ”වන්නියා” පදවි නාමය දෙමළකරණය කොට ව්‍යාපාරිකයෙකුට ප‍්‍රදානය කොට ඇත. 
ඉංගිරිසි කොලනිවාදී පාලකයන් විසිවෙනි සියවසේ මුල් කාලයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ කොලනි පිහිටුවීමට දැඩි සේ උනන්දු වී ඇත. යාපනේ මිෂනාරි පාසල්වල ඉඩම් මැනීමේ සහායකයන් ලෙස සාමාන්‍ය පුහුණුව ලද දෙමළ තරුණයන් යොදාගත් අතර පිඹුරුපත් (බිම් සැලසුම්* නැතිව ඉඩම් විශාල ප‍්‍රමාණයක් විකුණනු ලැබීය.* ඉංගිරිසි පාලනයට සහාය වූ අති බහුතරය දෙමළ නිලධාරීන් බව නිල වාර්තාවල දැක්වෙයි. ඉංගිරිසීන් මුහුදුබඩ ප‍්‍රදේශය පැහැරගත් විගස ම ආදායම් එකතු කිරීම ආදී කටයුතු සඳහා මදුරාසි (මැඞ්රාස්* පාලනයෙන් අවශ්‍ය සේවකයන් ගෙන්වා ගනු ලැබීය. අඳුනාගැනීමට නොහැකි තරමට පුරාණ ස්ථාන නාම, ගම්වල නම්, වැව්වල නම් දෙමළකරණය වීම වඩ වඩාත් සිදු වීය. එපමණක් නොව යන එන මං නැතිව ඉංගිරිසි පාලන නිලධාරීන්ට දුක්ගැනවිලි ඉදිරිපත් කරමින් සිටි උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල සිංහල ජනයා දෙමළකරණයට පත් කළ ආකාරය ඉංගිරිසි නිල වාර්තා හෙළි කරයි.* සිංහල උපත් ලියාපදිංචි කිරීමේදී නම දෙමළ ස්වරූපයෙන් සහ සිංහල ජනයාගේ පාරම්පරික පෙළපත් නම් වෙනුවට දෙමළ ක‍්‍රමයට පියාගේ නම නිල ලේඛනවල සටහන් කිරීම සිදු විය. විසිවෙනි සියවසේ පවා තිරිකුණාමල සහ මඩකලපුව දිස්ති‍්‍රක්කවල (අම්පාර=දිගාමඬුල්ල* සිංහල බෞද්ධ ජනයා මේ ඛෙදජනක තත්වයට පත් වූ බව නිලවාර්තා එළිදරවු කරයි. 

ව්‍ය.ව. 13 වෙනි සියවසේ සිට ස්ථිර ද්‍රවිඩ/දෙමළ පදිංචියක් පැවති බවට අදහසක්* ඉදිරිපත් කොට ඇතත් සිංහල රාජ්‍යය ආරම්භ වූ කල සිට ව්‍ය.ව. 16 වෙනි සියවසේ යුරෝපීය ආක‍්‍රමණිකයන් මැදිහත් වෙන කාලය දක්වා වසර දෙදහසකට වැඩි කාලයක ඓතිහාසික තොරතුරු සහ පුරාවිද්‍යා සාධක අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ /දෙමළ ආධිපත්‍යයක් හෝ ස්ථිර පදිංචියක් තිබූ බවට හෝ ජන බහුතරය දෙමළ වූ බවට සාධක කිසිවක් නැත. දිවයිනේ අභ්‍යන්තර කටයුතුවලට යුරෝපීය ආක‍්‍රමණිකයන් මැදිහත් වෙන කාලය වෙන තෙක් ද්‍රවිඩ/දෙමළ කොලනි නොපැවති බව ඓතිහාසික තොරතුරු සහ පුරාවිද්‍යා සාධක තුළින් තහවුරු වෙයි. එමෙන් ම, ලංකාවේ දෙමළ ජනයා පිළිබඳ පර්යේෂණයේ නිරත වූ ආචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල තමන්ගේ ආචාර්ය උපාධි නිිබන්ධයේ ලංකාවේ දෙමළ පදිංචිය පිළිබඳ සඳහන් කරමින් නැගෙනහිර පළාතේ, ”මඩකලපුව දිස්ති‍්‍රක්කයේ හෝ දකුණු ලංකාවේ අනෙක් ප‍්‍රදේශවල හෝ සඳහන් කිරීමට තරම් දෙමළ ජනයාගේ පදිංචියක් පැවති බවට නිශ්චිත සාක්‍ෂි කිසිවක් ලැබී නැත.” යනුවෙන් කරන ලද නිගමනය* මේ සම්බන්ධයෙන් බැහැර කළ නොහැකි ය.

ලැබී ඇති ඓතිහාසික තොරතුරු සහ පුරාවිද්‍යා සාධක යාපන අර්ධද්වීපය සහ නැගෙනහිර පළාතේ උතුරු සීමාව අතර පිහිටි භූමි ප‍්‍රදේශය, වන්නිය, සහ නැගෙනහිර පළාත දෙමළකරණය කිරීම විසිවෙනි සියවසේ ඉංගිරිසි කොලනිවාදී පාලන කාලයේ සිදු කළ බව සහ ඉන් පෙර උතුරු සහ නැගෙනහිර පළාත්වල ස්ථිර දෙමළ පදිංචියක් නොතිබූ බව ඉතා පැහැදිළිව පෙන්වා දෙයි. එමෙන් ම ව්‍ය.ව. 13 වෙනි සියවසේ සිට සිංහල රාජ්‍ය පාලනයෙන් වෙන් වූ සහ වෙනස් වූ දෙමළ දේශපාලනයක් මේ පළාත්වල පැවති බවට සාධක කිසිවක් නැත. ව්‍ය.ව. 19 වෙනි සියවසේ ආරම්භ වූ ඉංගිරිසි කොලනිවාදී පාලන කාලයට පෙර වන්නිය සහ නැගෙනහිර පළාත එකට බැඳුනු අසිංහල සහ අබෞද්ධ හෝ විජාතික දේශපාලනයක් නොපැවති බව සහ අවම වශයෙන් ඊට අවශ්‍ය සාධක කිසිවක් නොපැවති බව ඓතිහාසික තොරතුරු සහ පුරාවිද්‍යා සාධක සනාථ කරයි.

නැගෙනහිර පළාත, තිරිකුණාමල සහ මඩකලපුව (1961 පිහිටුවන ලද අම්පාර=දිගාමඬුල්ල ද ඇතුළත් වූ* දිස්ති‍්‍රක්ක දෙක දෙමළකරණය කිරීම, ද්‍රවිඩ/දෙමළ කොලනි පිහිටුවීම සම්බන්ධයෙන් නිල වාර්තා ඉදිරිපත් කරන ලද ඓතිහාසික තොරතුරු සහ පුරාවිද්‍යා සාධක පිළිබඳ වෙනම ම සාකච්ඡුා කිරීම ඉතාමත් සුදුසු ය. 

ව්‍ය.ව. 13 වෙනි සියවස සහ ව්‍ය.ව. 1815 අතර කාලයට අදාල ඓතිහාසික තොරතුරු නිශ්චිත ලෙස නැගෙනහිර පළාතේ සිංහල රාජ්‍ය පාලනය කි‍්‍රයාත්මකව පැවති බව සහ ස්ථිර ද්‍රවිඩ/දෙමළ පදිංචියක් නොවූ බව සනාථ කරයි. එමෙන් ම පුරාණ කඩඉම්පොත් ඉදිරිපත් කරන තොරතුරුවලින් ද තහවුරු වෙයි. එපමණක් නොව මේ කාල පරිච්ෙඡ්දය තුළ, විශේෂයෙන් ම ව්‍ය.ව. 16 වෙනි සියවසේ සිට සිදු වූ යුරෝපීය ආක‍්‍රමණික තර්ජනවලට එරෙහිව සහ ව්‍ය.ව. 1917-1918 සහ 1848 නිදහස් සටන්වල දී දෙමළ ජනයා සහ මුස්ලිම් ලබ්දිකයන් සිංහලයන් සමග බද්ධ වූ බවට තොරතුරු නැත. යුරෝපීය ආක‍්‍රමණිකයන් විසින් ගෙනෙන ලද, ඉන්දියානු මලබාර්, ද්‍රවිඩ/දෙමළ වාර්ගිකයන් කුලීකරුවන් සහ ඔත්තුකරුවන් ලෙස සිංහල නිදහස් සටන් මැඩලීම සඳහා ඉංගිරිසි ආක‍්‍රමණික හමුදා සහායකයන් වී ඇත. නිදහස් සටන් මර්ධනයට ඉංගිරිසි කොලනිවාදීන්ට සහාය වූ දෙමළ අයට ප‍්‍රසාද දීමට ටොරිංටන් සාමි කොලනි ලේකම්ගෙන් (Colonial Secretory අවසර ඉල්ලීමෙන් සනාථ වෙයි.(* 

….. 6 වෙනි කොටසට

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress