උතුර සහ නැගෙනහිර බැඳීම- අවසාන කොටස
Posted on August 28th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්

8 වෙනි කොටසෙන්

….. ශී‍්‍ර ලංකාවේ වාර්ගික ජාතිවාදී නාසිවාදීන්ට ආරම්භයේ සිට රැුකවරණය, පුහුණුව, ආයුධ, මුදල්, උපදෙස් ආදිය සපයමින් සියලූ ආකාරයෙන් සහායකයන් වෙන ඉන්දියාව, ඇමරිකාව, කැනඩාව, බි‍්‍රතාන්‍යය, නෝර්වේ ඇතුළු යුරෝපීය බටහිර රටවල බලධාරීන්ගේ සහ හිටපු මහ ලේකම් බැන්කි මූන් වැනි එ.ජා.සං. යේ සිටි සහ සිටින නිලධාරීන්ගේ හෘද සාක්‍ෂිය ”නාසිවාදී” නාමය ගැන යළි යළිත් සිතිය යුතුව ඇත.

අවසාන කොටස

විදේශීයයන්ගේ සහ ”දෙමළ රාජ්‍යයක්” සඳහා වූ ද්‍රවිඩ පෙරමුණේ ආශීර්වාදය සහ අතහිත ලබමින් වර්ධනය වූ, ආයුධ සන්නද්ධ ත‍්‍රස්තවාදී භීෂණය මගින් උතුර සහ නැගෙනහිර පළාත් දෙක දැඩි ලෙස බද්ධ කොට තිබුණි. ව්‍ය.ව. 2009 වසරේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාජය කරන තෙක් වසර තිහකට ආසන්න කාලයක් පැවතුණි. එසේ වුව ද, යාපනේ දෙමළ සහ මඩකලපුව දිස්ති‍්‍රක්කයේ දෙමළ ජනයා අතර සමාජමය අසමාන කමක් සහ විරසකයක් ආරම්භයේ සිට ම තවමත් ඔවුන් විසින් ම පවත්වා ගෙනයනු ලබයි. යුරෝපීය ආක‍්‍රමණිකයන් විසින් ගෙනෙන ලද සියලූ මලබාර් ද්‍රවිඩ /දෙමළ ජනයාගේ මවුබිම ඉන්දියාව වුව ද, වතු වගාව හා සම්බන්ධ, ව්‍ය.ව. 1901 දී ”ඉන්දියානු දෙමළ” යනුවෙන් නම් කරන ලද දෙමළ ජනයා සහ ”ලංකා දෙමළ” යනුවෙන් තමන් ම හඳුන්වා ගත් යාපනේ දෙමළ ජනයා, අතර ද එ වැනි ම වෙනස් ලෙස සැලකීමක් පවත්වනු ලබයි. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබී වසර හැත්තෑවකට වැඩි කාලයක් ගත වුව ද මේ පළාත් දෙකේ සාමාන්‍ය දෙමළ ජනතාව තවමත් දෙමළ වෙල්ලාල කුලාධිපත්‍යය යටතේ ය. වහල් සමාජ ලක්‍ෂණ සහිත වැඩවසම් සමාජ ක‍්‍රමයෙන් මිරිකෙමින් ඇත. 1801 විප්ලවයෙන් ප‍්‍රංශ අධිරාජ්‍යයෙන් නිදහස් වූ හයිටි රාජ්‍යය වහල් සේවාව සහ වහල් වෙළ\ම තහනම් කිරීම ලෝකයේ වහල් වෙළ\මට එල්ල කළ පළමු වෙඩි මුරය විය. ලෝකයේ ප‍්‍රධාන ම වහල් වෙළෙඳුන් දෙදෙනෙකු වූ ප‍්‍රංශයට සහ බි‍්‍රතාන්‍යයට වහල් වෙළ\ම නතර කිරීමට සිදු විය. 1844 දී වහල් සේවාව ලෝකය පුරා තහනම් කරනු ලැබුව ද, අහෝසි කළ ද, තවමත් බලාත්මක ව පවත්වා ගෙනයනු ලබන තේසවලාමෙයි මගින් නීතිගත කරන ලද ”කුලවාදය” සහ ”වහල්” භාවය, වහල් සේවාව දෙමළ සමාජය තුළ ප‍්‍රායෝගිකව අහෝසි නො වී, වෙනස් නො වී ඇත. සමහරු බාහිර සමාජය ඉදිරියේ තේසවලාමෙයි නීතිය දෙමළ විවාහ, දික්කසාද සහ දෑවැදි හිමිකම් පිළිබඳ විධිවිධාන වලට ලඝු කරමින් සිටින බව ද දක්නට ඇත. 

1978 ව්‍යවස්ථා නීතියට අනුකූල ව, දෙමළ වර්ගවාදය පදනමෙන් සහ ආගමික පදනමෙන් ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයෙන් වියුක්ත වූ දේශපාලන පක්‍ෂ, සංවිධාන රැුසක්, ලන්සු තබමින්, රටේ දේශපාලනය, ආර්ථිකය සහ සමාජය අස්ථාවර බවට පත් කොට ඇත.

ව්‍ය.ව. 20 වෙනි සියවසේ අවසාන කාර්තුවේ සිට නැගෙනහිර පළාතේ, දෙමළ මවු බස වූ මුහමදික (මුස්ලිම්* භක්තිකයන් ද අප‍්‍රකාශිත ”අභිලාශ” වෙනුවෙන් දේශපාලන සංවිධාන කීපයක් සහ ආගමික කඳවුරු නම්වලින් සංවිධාන කීිපයක් ද හදාගෙන ඇතත් ඔවුන් ආගමික වශයෙන් එකට බඳිමින් සහ බැඳෙමින් ඇත. ඔවුන්ගේ අවසන් අරමුණ මුස්ලිම් රාජ්‍ය පාලනයකි. දෙමළ වර්ගවාදී දේශපාලකයන් ”දෙමළ කථා කරන ජනයා” ලේබලය මගින් මුස්ලිම් භක්තිකයන් තමන්ගේ ජාතිවාදී දේශපාලනයට යොදා ගැනීමට කරන උපක‍්‍රමයෙන් අන්තවාදී මුස්ලිම් භක්තිකයන්ගේ අරමුණ වෙනස් කළ හැකිය’යි සිතීම උගහට ය.

13 වෙනි සියවසේ සිට උතුර හා නැගෙනහිර දේශපාලන ප‍්‍රශ්ණ සමග බැඳීමක් පැවතීමට ස්ථිර දෙමළ පදිංචියක් හෝ දෙමළ දේශපාලනයක් නො වීය. යම් වාර්ගික බැඳීමක් ඇති වූයේ නම් එය සිදු වූයේ ව්‍ය.ව. 19 වෙනි සියවසේ දෙවෙනි භාගයේ සිට නැගෙනහිර පළාත දෙමළ කොලනියක් කිරීමෙන් කලකට පසුව ය. (එය වෙනම සාකච්ඡුා කළ යුතුව ඇත.* නැගෙනහිර පළාත 1824 සිට 1867 දක්වා යාපනේ ආණ්ඩුවේ ඒජන්තගේ අධිකාරිත්වයට යටතේ පාලනය කිරීමෙන් පරිපාලනමය ඒකාබද්ධතාවයක් ඇති විය. එසේ ම, යාපනේ ද්‍රවිඩයන් විසින් විසිවෙනි සියවසේ පවා ”උතුරේ රජ්ජුරුවෝ”, ”යාපනේ රජ්ජුරුවෝ”, ”ඩයික් රජ” යනුවෙන්  බුහුමන් කරනු ලබන ඔහුගේ පාලනය, අධීක්‍ෂණය යටතේ පැවති යාපනේ, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මන්නාරම, පුත්තලම සහ නැගෙනහිර පළාත ඊළාම් භූමිය ලෙස සකස් කරගෙන ඇත. එය ඊළාම් සිතියම පැහැදිලි ව පෙන්නුම් කරයි.

වර්ගවාදීන් නිර්මාණය කරන ලද ”දෙමළ නිජබිම” තුළ මේ මනෝරාජ්‍යය පිහිටි ලෙස දක්වා ඇත. නැගෙනහිර පළාත එහි ප‍්‍රධාන ම සහ වැදගත් ම කොටස වෙයි. රටක් නැතිව සිටි යුදෙව් භක්තිකයන් නැගෙනහිර පළාතේ පදිංචි කොට යුදෙව් භූමිය (ඊශ‍්‍රායලය* නිර්මාණය කිරීමට බි‍්‍රතාන්‍ය කොලනි පාලකයන්ගේ යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට හැකි වී නම්, දෙමළ වර්ගවාදීන්ට 20 වෙනි සියවසේ අවසාන කාලයේ නැගෙනහිර පළාත ඇතුළත් කොට දෙමළ නිජබිම නිර්මාණය කිරීමට ඉඩ ලැබෙනු ඇතැ’යි සීතීම පවා උගහට ය. (දෙමළ නිජබිම සහ නැගෙනහිර පළාතේ උරුමයක් ගැන කථා කරන දෙමළ හෝ මුස්ලිම් කිසිවෙකු එය රැුකගැනීම සඳහා මේ යෝජනාවට එරෙහි වී නැත. විරුද්ධ වූයේ මාතෘභූමි වාසී සිංහලයන් පමණකි. සිංහල විරෝධය සාර්ථක විය.* 

උතුරු පළාතේ මෙන් ම නැගෙනහිර පළාතේ ද දෙමළ කථා කරන හින්දු, කතෝලික/ කි‍්‍රස්තියානි සහ ඉස්ලාම් ලබ්දික ජන කොටස් ද වාර්ගික සහ ආගමික භේදවාදී දේශපාලනයේ කි‍්‍රයාකාරීව නිරත වී සිටිති. එහෙත් ජාතිවාදී පදනමින් සිංහල ජනතා දේශපාලනය බැඳී නැත. උතුරු පළාතේ දේශපාලනය නිරන්තරයෙන් තමිල්නාඩුවේ සහ දිල්ලියේ උපදෙස් සහ පිහිට පතන අතර නැගෙනහිර පළාතේ ඉස්ලාම් භක්තිකයන් සවුදි අරාබිය ඇතුළු මුස්ලිම් රාජ්‍ය කීපයක මෙහෙයවීම් සහ බරපැන ලබන බව ප‍්‍රසිද්ධ රහසකි. ඉංගිරිසි/බි‍්‍රතාන්‍ය, ඇමරිකා, කැනඩා,  ඕස්ටේ‍්‍රලියා, නවසීලන්ත සහ යුරෝපා කොලනිවාදීන්ගේ අතහිත සහ ආශීර්වාදය විවිධ මට්ටමෙන් මේ දෙපිරිසට ම ලැබෙයි. දෙමළ වෙල්ලාලයන් ”දෙමළ වාර්ගික” පාලනයක් ඉලක්ක කොට ඇති අතර අන්තවාදී ඉස්ලාම් භක්තිකයන් ”ශරියා” පදනම මත ගොඩනගන ”අරාබි සුල්තානයක්” ඉලක්ක කොට ඇත. (මුස්ලිම් භක්තිකයන්ගේ ඉලක්කය ආගමික රාජ්‍යයකි. ”මුස්ලිම්” ජාතියක් නොවේ. ආගමික ජන කොටසකි.* කෙසේ වෙතත් ”දෙමළ ඊලාම් රාජ්‍යයක්” (වෙන් වූ දෙමළ රාජ්‍යයක්* හෝ ”අරාබි සුල්තානයක්” බිහිවීම/බිහි කිරීම මහා ව්‍යසනයක ආරම්භය වෙනු ඇත. 

ව්‍ය.ව. 13 වෙනි සියවසේ සිට උතුරු පළාත සහ නැගෙනහිර පළාත දේශපාලනික වශයෙන් ඒකාබද්ධ වී පැවති බවට ඉදිරිපත් කොට ඇති අදහස ”ලංකා දෙමළ රාජ්‍යය”, ”ඊලාම් දෙමළ රාජ්‍යය” මනෝමය එකක් නො වෙන බව දැක්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම වෙනුවෙන් වූ වර්ගවාදී මත ප‍්‍රකාශය කි. 20 වෙනි සියවසේ මුල් කාලයේ ආරම්භ කොට පතුරුවමින් පවත්වාගෙන එන ද්‍රවිඩ/දෙමළ වාර්ගික ජාතිවාදී පදනම මත 1950 දසකයේ සිට උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ පවතින දෙමළ දේශපාලන එකමුතු වීම ව්‍ය.ව. 13 වෙනි සියවසට ආදේශ කිරීමකි. යාපන අර්ධද්වීපය සහ නැගෙනහිර පළාත අතර වර්ග සැතපුම් දහසකට නො අඩු භූමි ප‍්‍රදේශයේ, පුරාණ කුරුඳුගමුරට දිසාවනියට අයත් වූ ප‍්‍රදේශයේ (මුලතිව් දිස්ති‍්‍රක්කයේ* ඓතිහාසික, පුරාවිද්‍යා සහ සංස්කෘතික සාධකවලට අමතරව භූගෝලීය සාධක ද ඒ වාර්ගික අදහස ප‍්‍රතික්‍ෂේප කරයි. එමෙන් ම එය මනෝමය මත ප‍්‍රකාශය කි. හිතළුව කි.

නැගෙනහිර පළාතේ දෙමළ වර්ගවාදී රාජ්‍යයක් සඳහා වෙල්ලාල ප‍්‍රධානීන් මෙහෙයවන දේශපාලන සංවිධාන සහ මුස්ලිම් රාජ්‍යයක් සඳහා දෙමළ මුස්ලිම් ශරියා ආගමික අන්තවාදීන් අතර පවතින අප‍්‍රකාශිත සටන විවෘත සටනක් වුවහොත් එය සියලූ පුරවැසියන්ට දැඩි වේදනාකාරී වෙනු ඇත. කෙසේ වෙතත්, 2006 ශ්‍රේෂඨාධිකරණය නැගෙනහිර පළාත උතුරු පළාතෙන් වෙන් වූ පළාතක් බව තහවුරු කිරීම, නැගෙනහිර පළාතේ පවතින ආගමික අන්තවාදී ප‍්‍රවණතාවය සහ ඔලූවිල් ප‍්‍රකාශය දැනට ම ශී‍්‍ර ලංකාවේ ”දෙමළ නිජබිම” මිථ්‍යා නිර්මාණය බිඳ හෙළා ඇත. 

මවුබස සහ ඉතිහාසය නො දැනීම, අමතක කිරීම, ගැරහීම සහ තමන්ගේ මවුපියන් සහ මුතුන්මිත්තන් කවුරුන් දැ’යි නො දැනීම, නො සලකා හැරීම සහ හෙළාදැකීම අතර වෙනසක් නැත. ඉතිහාසය අධ්‍යාපන විෂය මාලාවෙන් කපා හැරීම 1965 වසරේ ආරම්භය විය. ලංකා ඉතිහාසය, ඉන්දියානු ඉතිහාසය සහ යුරෝපා ඉතිහාසය යනුවෙන් පුළුල් විෂය තුනක් ලෙස එතෙක් හැදෑරූ සිසුන්ට එතැන් සිට ලංකා ඉතිහාසය සහ ඉන්දියානු ඉතිහාසය හෝ ලංකා ඉතිහාසය සහ යුරෝපා ඉතිහාසය යනුවෙන් එක විෂයයක් විය. 1970 වසරෙන් පසු ඉතිහාසය ”සමාජ අධ්‍යයනය” තුළ අච්චාරුවක් බවට පත් කරනු ලැබීය. ඉතිහාසයෙන් සහ සාහිත්‍යයෙන් කන්න පුළුවන් දැ’යි ඇසූ පාලකයන් සිටි රටේ ඉතිහාසය ”රට කෑමට” යොදාගෙන ඇති සැටි නැගෙනහිර පළාතේ ගැටළුව එළිදරවු කරයි.

ව්‍ය.ව. 16 වෙනි සියවසේ මුල් කාලයේ යාපාපටුනේ සම්පූර්ණ ජනගහණය 120,000 ක් පමණ විය. එයින් 66% ක් සිංහල බෞද්ධයෝ වූහ. 15% ක් ද්‍රවිඩ/දෙමළ ජනයා විය. සෙස්සෝ මුස්ලිම් භක්තිකයෝ වූහ. 

ඓතිහාසික සහ පුරාවිද්‍යා සාධක සනාථ කරන පුරාණ සංස්කෘතියක උරුම කරුවන් වෙන, අනාදිමත් කාලයක සිට 19 වෙනි/20 වෙනි සියවසේ පවා යාපාපටුනේ (යාපන දිස්ති‍්‍රක්කයේ* සහ වන්නි ප‍්‍රදේශයේ පදිංචිව සිටි මාතෘභූමි වාසී දසදහස් සංඛ්‍යාත සිංහල බෞද්ධ වැසියන්ට කුමක් වී ද? ඝාතනය කරනු ලැබී ද? ඔවුන් නෙරපා හරිනු ලැබී ද? මෙය ජාතිවාදී ප‍්‍රශ්ණයක් ලෙස නො සැලකිය යුතු ය. එසේ කරනු ලැබී නම් මේ ප‍්‍රදේශවල සිංහල බෞද්ධ සංහාරයට ඉංගිරිසි (බි‍්‍රතාන්‍ය* කොලනිවාදීන් වගකිව යුතු වෙයි. නො එසේ නම්, ඔවුන් දෙමළකරණය කරනු ලැබී ද? එසේ නම්, ඒ ආකාර වූ සිංහල බෞද්ධ සංහාරයට ඉංගිරිසි (බි‍්‍රතාන්‍ය* කොලනිවාදීන් වගකිව යුතුය. නැගෙනහිර පළාතේ කරනු ලැබූ ලෙසින් ඔවුන් දෙමළකරණය කරනු ලැබී නම් උතුරු පළාතේ වත්මන් දෙමළ ජනයාගෙන් විශාල සංඛ්‍යාවක් දෙමළකරණය කරනු ලැබූ සිංහල බෞද්ධයන්ගෙන් පැවතෙන්නෝ ය. දෙමළ බෞද්ධයන් වී ඇති බහුතරය ඔවුන් විය හැකි බව නිසැකය. දෙමළකරණය කරනු ලැබූ සිංහල බෞද්ධයන් දෙමළ වෙල්ලාලයන් විසින් සමාජයෙන් බැහැර කළ අයගේ තත්වයට පත් කරනු ලැබ ඇත. විසිවෙනි සියවසේ දෙවෙනි භාගයේ සිට කරනු ලබන සිංහල බෞද්ධ සංහාරයට හින්දු, කතෝලික/කි‍්‍රස්තියානි දෙමළ ජාතිවාදීන් (නව නාසිවාදීන්* වගකිව යුතු වෙයි. 

 කාලයක සිට දෙමළ ජාතිවාදීන් සහ දේශීය සහ විදේශීය සිංහල බෞද්ධ විරෝධීන්, ශී‍්‍ර ලංකා විරෝධීන් විසින් ”සිංහල ජාතිවාදීන්”, ”සිංහල බෞද්ධ ජාතිවාදීන්” යනුවෙන් ගර්හාවට ලක් කරමින් සිංහල බෞද්ධයන් මානසිකව සිරකරුවන් බවට පත් කරනු ලැබෙයි. ආගමික නායකයන්, ඉහළ ම නායකයන් ඇතුළු දේශපාලකයන්, බෞද්ධ නායකයන්, උගතුන් සිරකරුවන් බවට පත් ව ඇත. රටේ සහ සියලූ රටවැසියන්ගේ එකමුතුකම, සාමය, සෞභාග්‍යය, නිදහස අගයන, පතන ආගමික නායකයන්, විදිවතුන් ඇතුළු පාලක පාලිත සියලූ දෙනා මේ ”මානසික සිපිරිගෙය” විවර කොට තව දුරටත් පමා නො වී පෙරමුණ ගත යුතුව ඇත. 

වර්ගවාදීන්ගේ, ආගම්වාදීන්ගේ සහ ඔවුන්ට සියළු ආකාරයෙන් අනුග‍්‍රහ කරන, සඟවාගත් න්‍යායපත‍්‍ර සහිත දේශීය, විදේශීය, ජාතික සහ විජාතික සියල්ලන්ගේ අභිලාශය වාර්ගික සහ/හෝ ආගමික රාජ්‍යය(ක්* බිහි වෙනු දැකීම වුවත් ශී‍්‍ර ලාංකික පුරවැසියන්ගේ අභිලාශය සියල්ලන් ම එක් වී සහෝදරත්වයෙන් වාසය කරන ඒකීය ස්වෛරී රාජ්‍යය කි. ශී‍්‍ර ලාංකික සියලූ පුරවැසියන්ගේ අභිලාශය සම්බන්ධ තමන්ගේ වගකීම සහ වගවීම පිලිබඳව සිහිඑළවා කටයුතු කිරීම සියලූ ම වර්ගවාදී සහ ආගම්වාදී උගතුන් සහ න්‍යායවාදීන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නො කරන සිංහල, අසිංහල, බෞද්ධ සහ අබෞද්ධ සියලූ දෙශපාලකයන්, දේශපාලන පක්‍ෂ, කණ්ඩායම්, රාජ්‍ය සහ පරපුටු රාජ්‍ය නො වෙන සංවිධාන, සමාජ සහ මුද්‍රිත සහ දෘශ්‍ය මාධ්‍ය වෙත පැවරී ඇති අනුල්ලංගනීය වගකීමක් බව අමතක නො කළ යුතුව ඇත. සියලූ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන තම තමන්ගේ ”දේශපාලන ව්‍යාධි” වලට සහ ”සිවිල්” ලේබලයෙන් පෙනී සිටින සකල විධ සංවිධාන භේදකාරී රෝග පතුරුවන ”මානසික වෛරස්” පැතිරවීමට තිත තැබිය යුතුව ඇත. මේ උත්තරීතර වගකීම අමතක කොට, නො සලකා කටයුතු කරන කිසිම අයෙකුට ”දේශද්‍රෝහී”, ”ජනතා ද්‍රෝහී” හැඳින්වීමෙන් මිදීමට නො හැකි වෙනු ඇත.
ශී‍්‍ර ලංකාව ජනතා පරමාධිපත්‍යය නියෝජනය කිරීම සඳහා, සිංහල ජනයා දෙමළ සහ මුස්ලිම් අපේක්‍ෂකයන්ට, දෙමළ ජනයා සිංහල සහ මුස්ලිම් අපෙක්‍ෂකයන්ට සහ මුස්ලිම් භක්තිකයන් සිංහල සහ දෙමළ අපේක්‍ෂකයන්ට තම කැමැත්ත දී පාර්ලිමේන්තුවට තෝරා පත් කළ සුන්දර අතීතයක් සහිත රටකි. වර්ගවාදී සහ ආගම්වාදී මනෝ ව්‍යාධියෙන් පෙළෙන රෝගීන් එය විනාශ කොට ඇත.

සමස්ථයක් ලෙස මුළු රටේම සහ සියලූ පුරවැසියන්ගේ පූර්ණ ආරක්‍ෂාව, සංවර්ධනය, සහජීවනය සහ සහෝදරත්වය වෙනුවෙන් කැපවෙන, අරමුණු සහිත දේශපාලන පක්‍ෂ, සංධාන සහ පෙරමුණු පමණක් මැතිවරණ සඳහා ලියාපදිංචි කිරීම සහ එක් ජනවර්ගයක්, ආගමක් පමණක් අරමුණු කොට ඒ වෙනුවෙන් පෙනී සිටින, නියෝජනය කරන, නම් සහිත දේශපාලන පක්‍ෂ, සංධාන, පෙරමුණු ප‍්‍රතික්‍ෂේප කිරීම නීති ගත කළ යුතුව ඇත. ජනතා පරමාධිපත්‍යය වාර්ගික ආධිපත්‍යයක් බවට ලඝු නොකළ යුතුව ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුර භටයෝ අවි අමෝරනු ඇත.

1978 ව්‍යවස්ථාව අනුව, පරමාධිපත්‍යය නියෝජනයට නුසුදුසු නිසා ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ සහ එක ඡුන්දයක් හෝ නොලැබූ, ජනතා පරමාධිපත්‍ය නියෝජිතත්වය නොලැබූ 29 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුව සහ ඒ තුළ ඔවුන් විසින් තෝරා ගත්, ජනතාව විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබූ අයෙකු ජනතා පරමාධිපත්‍යය කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රධාන විධායකය වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සරදමකි. ජනතාවට කරන සමච්චලයකි. නතර කළ යුතු සරදමකි, සමච්චලයකි.

අද ලෝක දේශපාලනය තුළ, තමන් ලඟවත් නැති ප‍්‍රජාතන්ත‍්‍රවායේ උරුමයට හිමිකම් කියන අයගේ භාවිතය අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය දේශපාලන කඩතුරාවකි. අභිමතය අනුව අපනයනය කරන වෙළඳ භාණ්ඩයකි. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු, තාක්‍ෂණික යුගයේ නව අධිරාජ්‍යවාදී, කොලනිවාදී දඬුකඳකි. ආයුධයකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress