බුදු සමය හා මාක්ස්වාදය – part-IV-(ඥානසාර හිමියන්ගේ මස් රාත්තල හා ලාල් කාන්තගේ පිරිත් නූල)
Posted on October 3rd, 2023

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

බල පෙරනිමිති පෙරමඟ නැකතටත් වැඩී.”  සැළලිහිණි සංදේශය

මෙම ලිපි මාලාව ලිවීමට මට සිතුනේ ලාල් කාන්ත හා සේපාල් අමරසිංහ යන පංචස්කන්ධ දෙක එකතුව ඥානසාර හිමියන්ට හා පිරිත් නූලට කල අවඥාව නිසාය. ඉන් පසුව සේපාල් ඇමෙරිකාවේ ඔරිගන් ජනපදයේ සිටි රාජනීස් නම් හින්දු පූජකයා (දාර්ශනිකයා?) මෙන් හිස තොප්පියකින් වසාගෙන, JVP එකට සම්බන්ධව සිටි වාරණ ආනන්ද ජයකොඩි සමඟ පරණ් JVP කතා පටිගත කරමින් සිටී. ඔහු සමඟ තරඟයකට මෙන් උපුල් ශාන්ත සන්නස්ගල JVP අතීත කතා එලිදක්වන වැඩ සටහනක් ආරම්භකර ඇතිසේ පෙනේ. කල්යානන්ද පෙරේරා  සම්ඟ ඔහුගේ ප්රථම සාකච්චාව සිදුවිය.

(636) විජේවීර නටන්න එපා කිව්වට සකබර්ග් නටෝල ගත්තා! – YouTube

1977 අගදී බෞද්ධ දර්ශණ මහාචාර්ය W.S. කරුණාරත්න යොදවා ගෙන චන්ද රැස්වීම් වලදී “ධර්මිෂ්ට සමාජයක්” ගැන රටට බණ දෙසවූ JRJ, බලයට ආ වහාම ලංගම බස් හා බස් හෝල්ට් වලට කොළ පාට තීන්ත ගෑව්වේය. මෙම තීන්ත සෙල්ලම රටට අත්වන්නට යන ඉරණම පිළිඹඳ අශුභ නිමිත්තක් නොවේදැයි සිතී 1978 මුලදී මම රටෙන් පිටවුනෙමි.  බලය ලැබුනහොත් මාලිමාව පරයා සීනුව හඞ නගාවිද ?  යනුවෙන්  වෛද්‍ය රුවන් එම් ජයතුංග ලියන්නේද මෙවැනි අශුභ නිමිත්තක් ගැනයයි මට සිතේ (ලංකාවෙබ්, 9/21/2023). එය වලක්වා ගැනීමට සත්‍යවශයෙන්ම ක්‍රියාකිරීම JVP නායකයින්ගේ වගකීමය.

සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතවීමට JVP විසින් ගන්නේ ව්යාජ උත්සාහයක්ද කියා සිතෙන්නේ ඥානසාර හිමි හා පිරිත් ජවනිකාවෙන් පමණක් නොවේ. 1971 හා 1988/89 කාලවල සිදුවූ ව්යසන වලදී ගම් නියම් ගම් වල JVP කාරයින් අශිෂ්ට ලෙස හැසුරුණේය, නිරාපරදේ මිනිස් ඝාතන කලේය. අමානුෂික ලෙස ඔවුන්ගේ මෙම හැසිරීම නිසා ආණ්ඩුව හා අනිකුත් සන්නධ කල්ලි විසින් කල මනුෂ් ඝාතන පවා ඔවුන්ගේ ගිණුමට බැරවිය. ධර්මන් වික්රමරත්න වාර්තා කල අන්දමට හාමුදුරුවරුන් 800 ක් පමණද ඊට ඇතුලත්විය. ඉහතින් දැක්වෙන බස් හෝල්ට් එක මෙන්ම ජ්Vප් පෝස්ටර් එකක් ඇලවීමේදී ඊට විරුද්ධවූ පුද්ගලයාට ගමේ ජ් කාරයෙක් කල තර්ජනයද අති භයානකය. මෙවැනි සිදුවීම්වලදී ජ්ව්ප් නායකයින්

LankaWeb – ‘88-89 අමුඩ ගස්සලා හන්දිවල වෙඩි තිවුවේ උඹලා වගේ අයට..’- ජවිපෙ මන්ත‍්‍රීගේ හඬ පටයක් සමාජ ජාලවල  (2023/10/2)

JVP එකට ලැබී ඇති ඓතිහාසික අවස්ථාව

1935 ට කලින් සිටම මාක්ස්වාදීන් විසින් ගෙනගිය, සාදුකින් පෙලෙනවුන් ... අන්තිම සටනට සැරසියව්… යන බංගවේවා බෙරපදය වෙනුවට දැන් 2023 අගදීවත් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට අනුගතව ක්‍රියා කලොත් JVP එකට ලංකාවේ පොල්පොට්ලා නොව හෝචිමින්ලා වීමට අවස්ථාවක් උදාවී ඇත.

දුප්පත්කම නමැති මඳුරුවල

දුප්පත්කම ලෝකයේ හැමදාම තිබෙනවායයි ජේසුතුමා කිව්වේය. බඩගින්නේ ඉන්න අයෙකුට බණ දේශනා නොකරණ ලෙස බුදුදහමේ  කියවේ. ආහාර, බිය, නින්ද හා කාමාශාව  සතුන්ට හා මිනිසුන්ට පොදුයයි සංස්කෘත ශ්ලෝකයක සඳහන්ය. මෑත කාලයේ මැස්ලෝගේ hierarchy of (human) needs යනුද මේ කතාවමය. කාල්මාක්ස්ලා දුප්පත්කම අල්ලා ගත්තේ ශ්‍රමය සූරාකෑමේ ප්‍රතිඵලයක් ලෙස දෑකැත්තෙන් හා මිටියෙනි (මේ දෙක කකුල් ලෙස යොදා බස් හෝල්ට් එකක් හැඳීමෙන් මහජනයාට ලෝකල් JVP නායකයින් දෙන්නේ අශුභ පණිවිඩයකි). පන්ති සටන එයට පිළිතුර විය. ලංකාවේ පක්ෂ දේශපාලන කළුසුද්දන් විසින් 1930 ස් ගණන්වල සිටම මේ සම්බන්ධයෙන් ගෙනගිය අවපාලනය (mismanagement) නිසා  ලංකාවේ වාමාංශික පක්ෂවලට වගකීමක් හෝ වගවීමක් හෝ නැතිව ඔහේ පිණුම් ගැසීමට හැකිතරම්  සමාජ විරෝධී මඳුරු වලවල් දිගින් දිගටම ජඹුරුවී විශාලවී ගියේය.  

අතීත කතා අමතකකර ගෝල්පේස් කුමන්ත්‍රණය ගැන සිතුවොත් ඊට UNP පවා හොරෙන් සහභාගීවුවත්, පසුව JVP එක එහි කොඩිය අල්ලාගෙන ඉදිරියට යන්නට උත්සාහ කලේය. රටපුරාම ගෙවල් ගිනිතබන්නට සමත්වූ ඔවුන්, හොරුන්ගෙන් පිරි පාර්ලිමේන්තුව අල්ලා ගිනි තබන්නට ඉදිරිපත්විය. පාඨලී චම්පික රණවකට අනුව, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙති හා බිමල් රත්නායක මීට මුල් වුනත් අන්තිමට හිරේට ගත්තේ පැතුම් කර්නර් නම් පංචස්කන්ධය පමණය. ඒ කාලයේ සිටම LSSP කාරයින් මැයි දින පෙලපාලි ගියේ <පාර්ලිමේන්තුවකතා සාප්පුව> කියමින්ය

ඉන්දියාවේ නිදහස් සටනේ පෙරමුණට ගොස් හිරේ ගිය උඩකැන්දවල සිරි සරණංකර හිමි, ඒ කාලයේ දුටුගැමුණු මහරජතුමා ගඩොල් මෝඩයෙක් යයි කියූ තරුණ මාක්වාදීන්ව නොමඟ යැවුවාද කියාත් මට වරෙක සිතේ. බුදු දහමේ හේතු ඵලවාදය හා කර්මය නමැති සංකල්පය පටලවා ගැනීම නිසා සමාජයේ පැවති කුල භේදය නිකාය වශයෙන් සංඝ සංස්ථාවටද රිංගීම  විග්රහ කරදීමට වත් මේ හාමුදුරුවරු අසමත්විය.

ගෝඨාභය ජනාධිපතිට සිදුවූ අලකලංචිය ඉදිරියේ රටේ නැතත් පිටරට  ඒජන්තලා (ඇමෙරිකාව, ඉන්දියාව යනාදී) ජයගත්තේ, ලෝකයේ ගිනස් වාර්තා වලිනුත් ඔබ්බට යන අද්භූතජනක විකෘතිවීමක්වූ රනිල් ජනාධිපති වීමෙන්ය. මේ නිසා උදාවී ඇති ව්‍යාකූල, අශීලාචාර, අඥාන ක්‍රියාකලාපය රටතුලට UNO-R2P හමුදා ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් වෙන්නටද පුළුවන.  රටතුල ශක්තිමත් සංවිධාන ජාලාවක් ගොඩනඟා ගෙන සිටින JVP එක සීනුව ලකුණත් (දෑකැත්ත- මිටිය වෙනුවට), මාලිමාව යනුවෙන් එයට බාහිර පිරිසකුත් ඈඳාගෙන, 1977 දී JRJ කලා මෙන්, අන්දමන්දව නන්නත්තාරව හා අන්ධව  සිටින චන්ද දායක රැල්ලක් මතින්, <බලය> අල්ලා ගැනීමේ අවසාන සටනක් සඳහා වලිකමින් සිටී. මෙවරවත් බැරිවුනොත් රට අතහැර යනවා යයි සමහර JVP නායකයින් කියන්නේ ඒ නිසා විය යුතුය.

වියත් මග හා මාලිමාව

JVP එකà සීනුව හාà මාලිමාව වීම එක අතකින් බලනවිට 1971, 1988/9 මාක්ස්වාදී පාපකර්ම මහජනයාට අමතක කරවීමේ උත්සාහයක්ය.  මෙම දේශපාලන ප්ලෑන  සමාන කල හැක්කේ ගොඨාභය ආරම්භකල වියත් මග සංකල්පය සමඟය.  එහෙත් එය ඔහුටම විපත් මගක් විය. මාලිමා සළකුණ හරහා පරණ JVP එක ලබාගන්නට යන අළුත් ප්‍රවේශය වන්නේ වියත් මගට සමාන වන ආකාරයේ රතු කමිස අඳින්නේ නැති, මීට පෙර JVP සාමාජිකයින් නොවූ, පෙලපාලි නොගිය, විශ්‍රාමිකයින් වැනි බාහිර පංචස්කන්ධ වේදිකාවට නග්ගා ගැනීමය. එසේ නමුත් 2022 රටපුරා ගෙවල් ගිනි තැබීම, පොලොන්නරු  පැත්තේ අහිංසක මන්ත්‍රීවරයෙක් ගම්පහදී ගසා මැරීම, කුමාර වෙල්ගමව මරන්නට සැදීම හා අළුතෙන්ම දෑකැති-මිටි බස් හෝල්ට් එකෙන් පෙන්වන්නේ විනයක්, සදාචාරයක් නැති පිරිසක් රටපුරා JVP නම කැතකරමින් සිටින බවය. JVP බලයට ආවොත් ගම්මට්ටමෙන් රට පුරා ඇතිවිය හැකි පහරදීම්, පලිගැනීම් පිළිඹඳ ඉඟියක්ය. 

මීටත් වඩා බරපතල වන්නේ වෛද් රුවන් ජයතුංග විසින් ලංකාවෙබ් වෙබ් අඩවියට ලියූ ලිපියකින් පෙන්වා දුන් පරිදි ඔහු යම් පැහැදිලිකර ගැනීමක් සඳහා ගුවන් හමුදාවේ හුටපු නිලධාරී සම්පත් තුය්යකොන්ත ගෙන් විමසුමක් කල විට ඔහුට ලැබුණ සවුත්තු ප්‍රතිචාරයය. අතීතයේ සුසිල් සිරිවර්ධන/සුනිලා අබේසේකරලාට බෙදු හැන්දෙන්ම (ඔවුන් හා මතභේද හටගත් විට ඔවුන්  CIA ඒජන්තලා යයි හංවඩු ගැසීම) මේ අළුත් මාලිමා සාමාජිකයින්ටද බෙදේවිදැයි ඔහු අනුමාන කරයි. අනිත් කරුණ නම් විශ්රාමික යුදහමුදා පිරිස් කෙරෙහි JVP වේදිකාව දක්වන අසීමිත කෑදරකමය.

LankaWeb – බලය ලැබුනහොත් මාලිමාව පරයා සීනුව හඞ නගාවිද ?    (2023/9/20)

චම්පික රණවකට තිබෙන්නේත් සීනුව හා මාලිමාව එකක් නොව  වෙනස් දෙකක් නොවේද යන භීතියමය.

lanka C news | මාලිමාව දින්නොත් ආයෙ ලංකාවෙ ඡන්ද නෑ.. තනි කොමියුනිස්ට් පාලයයක් විතරයි.. එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (September 13, 2023, lanka C news)

මෙවැනි අය මාලිමාවට එන්නේ රටෙ සිස්ටම් චේන්ජ් කිරීමේ අවංක චේතනාවෙන්ද යන ප්‍රශ්ණයක් මතුවීම සාධාරණ නොවේද? අනාගත JVP ආණ්ඩුවක් සම්බන්ධයෙන් රටේ පවතින බයට තවත් නිදසුනක් වෛද් උපුල් විජයවර්ධන සපයයි. ඔහුට අනුව දොස්තරලා හා අනිකුත් වෘත්තිකයින් පවුල් පිටින් රට හැර යෑමට එක හේතුවක් නම් 1988/9 කාලයේ JVP මැරයින් විසින් ඈත පලාත්වල දොස්තරලා වැනි අයට දුන් භීතිය නැවතත් ඒවිය යන සැකයය.

 Fear of JVP regime: Is it reason for brain drain? – The Island      (2023/8/24)

<බෞද්ධවීමට> JVP ගන්නා උත්සාහ

සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ (හා දිනේෂ් ගුණවර්ධන පවා) තමන් සාසන මාමක බෞද්ධයින් යයි පෙන්වීමට අළුතින්ම කියන කරණ දේ ගැන පසුගිය ලිපියේ සඳහන් කලෙමි.  ලාංකේය සමාජ විප්ලවය සඳහා මාක්ස්වාදය සහ බුදු දහම අතර පාලමක්” යන මැයෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමිගේ දෙසුම (July 25, 2023) අනුගමණය කරමින් දර්ශනවාදී/මතවාදීමය පරිණාමයක් වෙනුවට අනිකුත් බොරුකාර පක්ෂ දේශපාලක කළුසුද්දන් මෙන් JVP නායකයින්ද පාර්ලිමේන්තුවේදීත්, පිට වේදිකාවලදීත් තමන් හා බුද්ධාගම අතර ඇති <ඥාති සම්බන්ධය> හුවා දක්වනු දක්නට ලැබේ. රනිල් සමඟ තරඟයට මෙන් බෞද්ධ සූත්‍ර පද කියවීම, කුඩාකාලයේ දහම් පාසැල් යෑම, බෞද්ධ සමිතිවල සිටීම යනාදිය සඳහන් කිරීම නිදසුන්ය. 

ලාල් කාන්ත විසින් රටේ හැම කොටසක්ම, සංස්කෘති අංශයක්ම,  සිස්ටම් චේන්ජ් එක සඳහා එකතුකරගත යුතුයයි කියන්නේ නව මාලිමා දේශපාලන ප්රවේශයට අනුව විය යුතුය. පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ වැනි අය එලිපිටම කුරුන්දු විහාරයේ ප්රශ්ණය බෞද්ධ ජාතිවාදය යයි කියද්දී, සිංහල බෞද්ධ චන්ද පදනමේ වැදගත්කම ලාල් කාන්තලා වටහාගෙන සිටී. තමන්ට නැති බලයක් පාවිච්චිකර අමාරුවේ වැටුන, කලක සිට ඔහු මානසික ආභාධයකට බෙහෙත් ගන්නවා යයි ඔහුගේ බිරිඳ පොලිසියට වාර්තාකර තිබියදීත්, ජාගොඩ හා අචලා නම් ලෝයර් නෝනා රටින් පැනගිය මුලතිව් මහේස්ත්රාත් වෙනුවෙන් ගොන් ප්රකාශ නිකුත්කිරීම විහිළුවකි. මහේස්ත්රාත් කියූ බොරු දැන් එලිවීද ඇතLankaWeb – මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීමේ ලිපියේ ඇත්ත කතාව (2023/10/1)

<බුද්ධ දර්ශණයෙන් රාජ් පාලනයට මඟ> යනුවෙන් (මාවතසිරස, News 1st) හඳුන්නෙත්ති හා භික්ෂුන් පිරිසක් පැවත්වූ යූටියුබ් වැඩසටහන, බෞද්ධවීමට JVP ගන්නා උත්සාහයේ තරම පෙන්වයි. එසේ වෙතත් පානදුරේ ලාල් ඇතුළු JVP සඳහා කඩේ යන පිරිස් කියනදේ හා වාග් ව්යවහාරය ඉතාමත් අශිෂ්ටය. සමාජ මාධ් ඔස්සේ JVP ගෙනයන ප්රචාරක කණ්ඩායම් අනාගත JVP ආණ්ඩුවකින් බලාපොරොත්තු වියහැකි හැසිරීම එලිදරව් කරයිචමීර පෙරේරා, ලෝයර් මනෝජ් වැනි නම්ද මීටම අයත්ය. අස්සේ ටියුලින් සිල්වා අවුකන බුදුපිළිමයට එසේ කියන්නේ <අව්ව කන > නිසායයි සොයාගෙන ඇත!

හෘදය ශාක්ෂිය

රට හැර යාමට පෙර (තාවකාලිකව?) ලඟදී සුදත්ත තිලකසිරිට නාගානන්ද කොඩිතුවක්කු පැවසුවේ අනුර කුමාර හා සජිත් ප්‍රේමදාස යනු හෘදය ශාක්ෂියක් නැති පුද්ගලයින් බවය. මෙය ඩබල් ගේම් කාරයින්ව හඳුන්වන තවත් විධියකි. දෙබිඩි පිලිවෙතක් කියන්නේද මෙයටය. එය දේශපාලකයින්ගේ වංක කමය. අවංක හා අවස්ථාවාදී නොවූ දේශපාලකයින් ලංකාවේ නැත. දැනටමත් JVP නායකයින් අනිකුත් පක්ෂ නායකයින් මෙන්ම ලිස්සායාමේ, ෂේප්වීමේ අවස්ථා සහිතය. IMF සම්බන්ධයෙන් දැන්  නලින් ජයතිස්ස කියන්නේ රනිල් හෝ සජිත්ලා කියන කතාවමය. හැම දෙනාටම නීතිය ක්රියාවට යෙදවීම ගැන සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ තමන් බලයට ආවිට හොරුන්ට දඬුවම් කරනවා යනුවෙන් අදහස් කරන්නේ මහා පරිමාණ හොරකම් මිස දුප්පත්කම නිසා  ගමක සිදුවන සුළු හොරකම් නොවන  බවය! යමෙකුගේ (ගෙවල් දොරවල්ඉඩකඩම්) දේපල ආණ්ඩුවට ගන්නවා යන භීතිය ගැන අනුර කුමාර කියා සිටියේ තමන් දේපල විකුණන ආයතනයක් නොවේය යන්නය. මේවා චන්ද බලාගෙන කරණ අනවශ් ප්රකාශණ පමණි. මෙවැනි කතා සජිත් ප්රේමදාස වැනි අයෙකුගෙන් මිස JVP නායකයින්ගෙන් බලාපොරොත්තු නොවේ.

JVP/NPP පිරිසට රාජ්‍ය බලයට මැදිහත් වීමට ලැබී ඇති අවස්ථාව, රනිල්-පොහොට්ටු පාලනයක් යටතේ රටම විනාශවී යෑමේ අනතුරකින් බේරා ගැනීම සඳහා හරවා ගත හැකි මඟ නම් සුනිල් හඳුන්නෙත්ති විසින් අපට පවසන <බුද්ධ දර්ශණයෙන් රාජ් පාලනයට මඟ> යන ක්රමවේදයය. මෙම ලිපියේ මීලඟ කොටසින් එය සළකා බැලේ.

රටකැබලි නොකර සිස්ටම් චේන්ජ්කිරීම   (බුදුදහම හා ජන සභා සංකල්පය)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress