1815 මාර් 02 උඩරට ගිවිසුමෙන් උඩරැටියන් ඉන්ග්‍රීසීන්ට රට පාවා දුන්නා කියමින්, වසර 310 ක් පුරා (1505-1815) ජීවිත පරිත්‍යාගයෙන් පරසතුරන්ගෙන් රට දැය සමය ආරක්ශාකොටගත් වීරෝදාර උඩරට සින්හලයින්ට නින්දා කිරිම, දැන්වත් වහාම නතර කළ යුතුයි.
Posted on May 1st, 2025

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර අගමැති සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම් (1994) ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991-94)
2029.04.25.


2025 අප්‍රේල්.06 ඉරිදා අරුණ පුවත් පතේ 14 වන පිටුවේ පළවූ ඉන්දියාව සමඟ අත්සන්කරන ආරක්ෂක ගිවිසුම “උඩරට ගිවිසුමට දෙවැනි නෑ”යන ලිපිය හා බැඳේ

එම ලිපියට යෙදූ මෙම මාතෘකාව, ලිපිය ලියු ලේකඛකයාගේද, සාකච්ඡාව ලබාදුන් විද්වතාගේද, එසේත් නැතිනම් පුවත්පත් කතු වරයාගේදැයි මම නොදනිමි. බොහෝ විට එය පිටුවභාර පුවත්පත් කතුවරයාගේ විය හැක.එය කාගේ වුවද, එම මතෲකාව මේ ලිපියේ අන්තර්ගතයට කිසිසේත් නොගැලපෙන බවනම් පළමුවෙන්ම පෙන්වාදිය යුතුව ඇත. ලිපියේ අදහස් ලබාදුන් විද්වතා හඳුන්වා දීමේදී දෙරට අතර මෙවැනි ගිවිසුමක් අවසානවරට අත්සන් කෙරුණේ මීට වසර 38 කට පෙරය. ඒ ඉන්දුලන්කා සාමගිවිසුමය” යනුවෙන් සඳහන්කොට තිබියදීත් යතෝක්ත ල්පියෙන් පොල්ගෙඩි අකුරෙන් උඩරට ගිවිසුමක් ගැන සඳහන් කළේ අසවල් කාරණයකට දැයි මට තේරුම් ගැනීමට නොහැකිය.
එමනිසා මෙම මාතෘකාව තෝරාගත් අය කවුරු උවත්, ඔහු සිදුකොට ඇත්තේ බලවත් වරදකි. ඔහු උඩරට ගිවිසුම කිසි දිනක සිහිනෙන් හෝ දැක හෝ කියවා නැති අයකු විය යුතුය. මන්ද ඔහු උඩරට ගිවිසුම දැක හෝ කියවා තිබුණේ නම් මෙවැනි අමණ කතාවක් කිසිසෙත්ම නොකියනු ඇති නිසාය. මෙම මාතෲකාව තෝරාගත් අය, තවමත් සුද්දන් වන්දනාමාන කරණ, උඩරට- පාතරට බෙදීම, සුද්දා විසින් සින්හල ජාතියත් රටත් බෙදා පාලනය කිරීම සඳහා යොදාගත් කපටි උපක්‍රමයක් බවවත් නොදන්නා, අයකු විය යුතුයඑසේම ඔහු උඩරට හා පාතරට කියා සින්හලයින් ජාති දෙකක් මේ රටේ නැති බවවත් නොදන්නා අසින්හලයෙකු” ද වියයුතුය.
උඩරට- පාතරට බෙදීම
ලිපියේ අඩන්ගු අදහස් ප්‍රකාශකළ අය හඳුන්වා දීමේදීම, 1987 රජිව්/ජේ.ආර්. ගිවිසුම ගැන සඳහන්කොට තිබෙන නිසා, මෝඩි-අනුර ගිවිසුම අනිවාර්යෙන්ම සැසඳිය යුතුව තිබුණේ රජිව්/ජේ. ආර්. ගිවිසුම සමඟ මිස උඩරට ගිවිසුම සමඟ නොවේ.එසේ තිබියදී මෙහිදී උඩරට ගිවිසුම ඇද ගත්තේ කුමන හේතුවක් නිසාදැයි මට නොතේරේ. එසේම වර්තමාන ජනාධිපති වරයා විසින් අත්සන්කරණලද ගිවිසුම් සියල්ලෙන්ම 1987 රජිව්/ජේ.ආර්. ගිසුමෙන් මෙන්ම මේ රට ඉන්දියාව්ට ජාතිද්‍රෝහිව, දේශ ද්‍රෝහීව, නිවටව සහ බියගුළු අන්දමින් මේ රටත් ජාතියත් පවාදී ඇති බව ඉර හඳ මෙන් පැහැදිළි උවද, උඩරට ගිවිසුමෙන් රට හෝ ජාතිය කිසිම දිනක ඉන්ග්‍රීසීන්ට පාවාදී නැති බවද අවධාරණය කරමි. පාරම්පරික උඩරට වාසී සින්හල බෞද්ධයකු වශයෙන් එම අශාස්ත්‍රීය බොළඳ ප්‍රකාශය පිළිබඳ මගේ බලවත් අසතුට මින් පළ කෙරෙන අතරම, අභිමානවත් උඩරට සින්හලයින්ට සිදුකොට ඇති මෙම දැඩි නින්දාවට සහ අපහාසයට මගේ දැඩි විරෝධයද මින් ප්‍රකාශ කරමි.
මෙම ලිපියට එම මාතෘකාව තෝරාගත් අය කවුරු වුවද එසේ කිරීමෙන් ඔහු සිදු කොට ඇත්තේ, පහතරට සිටි සින්හලයින් ආක්‍රමනිකයින්ට යටත්වි සිටියදී 1505-1815 දක්වා වසර 310 ක් පුරා සතුරන්ට එරෙහි සටන්වලදී සිය දහස් ගණනින් ජීවිත පූජාකොට රට දැය හා සසුන බේරාගත් උඩරට වීර සින්හලයින්ට මෙන්ම ඔවුන්ගෙන් පැවත එන වර්තමානයේ උඩරැටියන් වශයෙන් හැඳින්වෙන සින්හලයින්ටද මහත් අවමානයකි. එමනිසා මෙහිදී, අනුර/මෝඩී ගිවිසුම රජිව්/ජේ.ආර්. ගිවිසුම සමඟ සමාන බැව් නොකියා උඩරට ගිසුම ඇදගැනීම අතිශයින්ම බලවත් වරදකි,
රට දැයේ අභිවුර්ධියට ප්‍රමුකත්වය දෙන, එසේම පවතින රජයට ගැතිකම් නොකරන, පුවත්පත් සන්ස්කෘතියක් නැති රටක, ඔබ පුවත්පතින් හෝ ජනතාවට සත්‍ය තොරතුරු ලබා දෙණු ඇතැයි මේ රටේ පාඨක ජනයා බලාපොරුත්තු වෙයි.

වීරෝදාර උඩරට සින්හලයින් පුරා වසර 310 ක් තිස්සේ (1505-1815) පෘතුගීසි, ලන්දේසි සහ ඉන්ග්‍රීසී ආක්‍රමණිකයින්ගෙන් ආරක්ෂාකොට ගත්
ශ්‍රි ලන්කාවේ උඩරට රාජධානිය

1505 සිට1815 දක්වා වසර 310 ක් පුරා පරම්පරා ගානක් තිස්සේ පෘතුගීසි, ලන්දේශි සහ ඉන්ග්‍රීසි ආක්‍රමනික පරසතුරන්ට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් සටන්කොට, සිය දහස්ගනන් ජීවිත පූජාකොට, මේ රටත්, තවත් අමෙරිකාවක්, ඕස්ට්‍රේලියාවක් හෝ නවසීලන්තයක් නොවීමට මේ සින්හල රට බේරාගත් ඒ වීරෝදාර උඩරට සින්හලයින් නින්දාවාට පත්කෙරෙන මෙවැනි සාවද්‍ය ප්‍රකාශයක් කිරීම පිලිබඳ ප්‍රසිද්ධියේ සමාව ගන්නා ප්‍රකාශයක් ඔබ පුවත්පතේම පළ කරනමෙන්ද මම ඉල්ලා සිටිමි.
ප්‍රථමයෙන්ම මෙම සාවද්‍ය මතය දරණ සියළු දෙනාගේම දැනගැනීම සඳහා මගේ බලවත් අප්‍රශාදය සහ කනගාටුව මම මින් ප්‍රාශකරන අතර 1815 මාර්තු 02 උඩරට ගිවිසුමෙන් ඉන්ග්‍රීසින්ට උඩරැටියන් විසින් රට පාවා දුන්නායයි කියන මිත්‍යාව සියළුම පුවත් පත් මගින් සහ අනෙකුත් මාදධ්‍යවල පළකිරීම දැන්වත් වහාම නතර කළ යුතුයයි මම සිතමි.ලෝකයේ කුමන තැනක සිටියත් සියළුම සින්හලයින් එක් ජාතියකි. ඒ බවවත් නොදන්නා සින්හලයින් ගැන මම අතිශයින්ම දුක් වෙමි. මන්ද සින්හල ජාතිය බිහිවූ දා සිටම ඔවුන් සින්හලයින් නම් වූ එකම ජාතියකි.
ඔවුන් මේ අන්දමින් සතුරු කඳවුරු දෙකකට බෙදුවේ සුද්දන් විසිනි. ඒ An Account of the Island of Ceylon” (1803) ලිවූ රොබට් පර්සිවල් නමැති සුද්දා විසිනි. එහි ඔහු විසින් කන්ද උඩරට වැසියන් Candians (උඩරැටියන්) වශයෙන්ද මුහුදුබඩ ප්‍රදේශ වල මිනිසුන් Cinglese (සින්හලයින්) වශයෙන්ද පළමු වරට හඳුන්වා ඇත.
ඔවුන් යටත් විජිත රටවල්වල සිටි ජනවර්ග බෙදා පාලනය කිරී මේ කූඨ උපායක් වශයෙන් මේ රටේ සින්හලයින්ද උඩරට පාතරට වශයෙන් දෙකොටසකට බෙදුවේ ඉන්ග්‍රීසීන් විසිනි.මේරටේ එවකට සිටි සුළුජන කොටස් දෙකක්වූ මලබා සහ මුස්ලින් වරුන්ද, මේ රටේ ජාතීන් නොවුවද, සුද්දන් විසින් 1799 සිටම (Cleghorn minute to Governor North) ඔවුන්ද හැඳින්වූයේ ජාතීන් වශයෙනි.

Kandyans
Kandyans” යන වචනයේ උපත ගැන සොයා බැලීමෙදි පැහැදිලිවනුයේ උඩරට රාජධානියේ සිටි රොබට් නොක්ස් (1660-1679) නමැති බ්‍රතාන්‍ය ජාතික සිරකරුවා විසින්, කන්ද උඩරට හැඳින්වීම සඳහා An Historical relation of Ceylon” නැමැති පොතේ යොදාගත්තේ Cande යන වචනයයි. එය සමහර තැන්වල Candia වශයෙන් ද යොදා ඇති අතර ඔහුගේ පොත පුරා පිටු 347 දක්වාම Cande යන වචනය යොදා ඇත. එවකට කන්දඋඩ පස්රට නමින් හැඳින්වූ උඩරට රාජධානිය ඔහු Cande යනුවෙන් යොදා ඇති බව පෙනේ.මේ අනුව රොබට් නොක්ස්, Cande කියා යෙදුවේ කඳුරට යන තේරුමෙන්ය. අනෙක් අතින් Kandy යන වචනය පළමු වරට යොදා ඇත්තේ ජෝන් ඩේවි විසිනි. ඒ ඔහුගේ An Account of the interior of Ceylon (1821) යන කෘතියේය. මේ අනුව පැහැදිළිවනුයේ Kandyans යන්න කඳුරටේ වාශයකල සින්හලයින් හැන්දින්වීම සඳහා සුද්දන් විසින් යොදාගත් වචනයක් පමණක් බවය. ඔවුන් සියලුදෙනාම Ceylon නමින් මේ රට හැඳින්වූයේද ”සින්හලයින්ගේ රට” යන අරුතෙන්මය. එමනිසා සින්හල කියා මිස Kandyans නමින් ජාතික් නැති බව පැහැදිළිය.
සින්හලයින් උඩරට හා පාතරට වශයෙන් බෙදීම
1803 දී කපිතාන් රොබට් පර්සිවල් නම් සුද්දා විසින් උඩරට සහ පාත රට කියා සින්හලයින් සතුරු කඳවුරු දෙකකට බෙදන තුරුම මේ රටේ ඉතිහාසයේ ඊට පෙර කිසිම දාක සින්හලයින් ජාතියක් වශයෙන් බෙදා සිට නැත. ඉතිහාසය පුරාම මේ රට තුන් සින්හලේ” වශයෙන් හඳුන්වා තිබීමෙන්ම එය මැනවින් තහවුරුවෙයි. ඉන් පැහැදිළි වනුයේද ඉතිහාශයේ ආරාම්භයේ සිටම මේ රට සින්හක්ලයින්ගේ රට වූ බවය.

වීරෝදාර උඩරට සින්හලයින්
ක්‍රි.ව.1505සිට 1815 දක්වා වසර 310 ක කාලයක් පුරා පෘතුගීසි, ලන්දේසි සහ ඉන්ග්‍රීසි යන මිනීමරු බටහිර කොල්ලකාරී ආක්‍රමණනිකයින්ගෙන් මේ සින්හල බෞද්ධ රටත්, ජාතියත් සාශනයත් ජීවිත පරිත්‍යාගයෙන් සටන්කොට, 14 වන සියවසේ සිට ලොව පුරා ක්‍රියාත්මක්වූ යුරෝපීන්ගේ දේශාටන ආක්‍රමණ නිසා, මේ රටත් තවත් එක් අමෙරිකාවක්, ඕස්ට්‍රේලියාවක් හෝ නවසීලනතයක් වීමෙන් බේරාගත්තේ වීරෝදාර උඩරට සින්හලයින්ය. එමනිසා මේ අන්දමින් මාධ්‍යයෙන් ඔවුන්ට නින්දා අපහාස කිරීම ගැන උඩරට වාසී සින්හල බෞද්ධයෙකු වශයෙන් සියලුම උඩරැටියන් වෙනුවෙන් මාගේ බලත් විරෝධය සහ අප්‍රසාධය මින් පළකරණ අතරම එවැනි අසත්‍ය, පදනම් විරහිත ලිපි, ඔබ පුවත්පත වැනි වගකීමකින් යුත් පුවත්පතක පළකිරීම දැන්වත් වහාම නතරකරණ මෙන් මම ඔබගෙන් ඉල්ලමි.
උඩරට සින්හලයින් සහ පාතරට සින්හලයින් වශයෙන් සින්හල ජාති දෙකක් නැත. ඔවුන් සියළු දනාම එකම ජාතියකි. එනම් සින්හවන්සික අභිමානවත් සින්හල ජාතියය.
මේ අනුව සින්හලයෝකොටියෙකුගෙන්, වුර්කයකුගෙන් හෝ නරියෙකුගෙන් ආරම්භවූ ජාතියක් නොවන බවද අභිමානයෙන් ප්‍රකාශ කරමු.
නයි මුගටින් මෙන් බෙදුණු ජාතියක්
1948 ඊනියා දේශපාලන නිදහස ලැබී වසර 77 ක් ගතව ඇතත් අපි ජාතියක් වශයෙන් තවමත් සුද්දාගේ ලණු කා උඩරට, පාතරට, ආගම්, දේශපාලාන පක්ෂ හා කුළමළ ආදී වශයෙන් නයි මුගටින් මෙන් බෙදී ඇණකොටාගනිමින් සිටී. මේ විකාර බෙදීම් නැතිව දැන්වත් සියලු දෙනාම අතීතයේදී සිටි පරිදි එකම සින්හල ජාතියක් වශයෙන් එකමුතුවී එක රැහැනකින් බැඳුණු දර මිටියක්සේ කටයුතු කළ කළ යුතු කාලය දැන් උදාවී ඇත.
උඩරට ගිවිසුම කියන්නේ කුමක්ද?
උඩරට ගිසුම කියන්නේ කුමක්ද කියා හෝ නොදන්නා එසේම උඩරට ගිවිසුම සිහිනෙන්වත් දැක නැති, කියවා නැති, උඩරට සහ පාතරට සින්හලයින් වශයෙන් සින්හල ජාති දෙකක් නැති බවවත් , සින්හලයින් කියන්නේ එකම සින්හ වන්සික ජාතියක් බවව ත් නොදන්නා පඬිවරුන් යයි කියාගන්නා, සුද්දන්ට යටත්ව, වසර 310 ක කාලයක් පුරා සුද්දන්ගේ වහළුන් මෙන් මුහුදුබඩ වාසය කළ සින්හලයින්, පාතරැටියන් වශයෙනුත් කඳුකරයේ මහනුවර රාජධානියේ සිටි සින්හලයින් උඩරැටියන් වශයෙනුත් ජාති දෙකක් වශයෙන් සුද්දන් විසින් හඳුන්වණු ලැබූයේ ඔවුන්ගේ බෙදා පාලනය කිරීමේ’ දුෂ්ඨ මෙන්ම කූඨ අධිරාජ්‍යවාදී අරමුණ ඉටුකර ගැනීම සඳහාය. එකී කුමන්ත්‍රණකාරී හා පවිටු උපක්‍රම තේරුම් නොගෙන එවැනි නිගමන හා ආකල්ප අන්ධාණුකරණයෙන් පිලිගෙන, ඒවා අජීර්ණයවී, සුද්දන් මේ රටින් පිටව ගොස් 77 වසරක ගතව ඇතත් තවමත් වීරෝදාර සින්හල ජාතිය මේ අන්දමින් භේධකරණ කථා වපුරන මෙවැනි පණ්ඩිතයින් සහ ලේඛකයින් මෙසේ උඩ බලාගෙන කෙළ ගසා ගැනීම දැන්වත් නතර කොට උඩ පාත භේධය වහාම අමතකකොට එක් ජාතියක් වශයෙන්, එක් රටක් වශයෙන් මේ රටේ සියලුම සින්හලයින් එකමුතුව නැගී සිටීමට දැන්වත් අධිෂ්ඨානය කරගත යුතුය. මන්ද එසේ නොකොට ජාතියක් වශයෙන් කිසිදාක අපට යළි හිස එසවිය නොහැකි නිසාය.
උඩරට රාජධානිය කියන්නේ කුමක්ද?
උඩරට රාජධානිය වශයෙන් හඳුන්වණුයේ ක්‍රි. පූ. 543 විජය රජු විසින් මේ ලක් දෙරණ මත පිහිටුවනලදුව, අනතුරුව පණ්ඩුකාභය රජුවිසින් (ක්‍රි.පූ.394-307) එතුමා රාජ්‍යපදවි ප්‍රාප්තවී වසරකට 10 පසු, එනම් ක්‍රි.පූ. 384 දී ලක්පොලව මත ග්‍රාම සීමාමායිම් ස්ථාපිත කරනලදුව දේවානම් පියතිස්ස (247-207) රජ දවස මහින්දාගමනයෙන් පසු මේ ලක් පොලොව මත ස්ථාපිත වූ අසදෘස සින්හල බෞද්ධ ග්‍රාම රාජධානියේ අවසන් පුරුකය.
(මේ අතර සින්හල ජාතියේ සහ සින්හල රාජධානියේ උපත පිලිබඳ නව මතයක්ද මෑතකදී මවිසින් දක්නාලදී. පාඨකයින්ගේ දැනගැනීම සහ පහන් සන්වේගය සඳහා එම මතයද මම මෙහි සඳහන් කරමි.
එම මතය අනුව මහාවන්සය ලිවූ 5 වන සියවසට සියවස් එකහමාරකට පමණ පෙර ලියලද කරණ්ඩව්‍යුහ සහ දිව්‍යාවදාන ආදී බෞද්ධ සන්ස්කෘත ග්‍රන්ථ වල සඳහන් වණුයේ බටහිර ඉන්දියානු ඉන්දු නිම්න ප්‍රදේශයෙන් ලක්දිවට පැමිණි සින්හ නැමති සිටුවරයාගේ පුත්‍රයාවන ‘සින්හල නැමති බෝධිසත්වයන් වහන්සේ විසින් මේ රට මනුශ්‍යාවාසකොට සින්හල ජාතිය පටන්ගන්නා ළද බවයි.” ඉන්දු නිම්න ප්‍රදේශයේ පොලව යට වලලා තිබුණ අතිපුරාණ මොහෙන්ජෝදාරෝ හාරප්පා නාගරික ශිෂ්ඨාචාරයක් මතුකරගැනීමෙන් පසු ඉහතකී සන්ස්කෘත බෞද්ධ ග්‍රන්ථවල එන ප්‍රවුර්තිය සත්‍ය සිද්ධීන් ලෙස ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසයඥයින් විසින් විවිධ සමීක්ෂණ මගින් තහවුරුකොට ගෙන තිබේ.
සින්හල ජාතියේ සමාරම්භය පිලිබඳ වාර්ථාව දිව්‍යවදානයෙහි සටහන්කර ඇත්තේ මෙසේය.
සින්හලේන රාඥා ආවාසිතමිති සින්හල දීප: සින්හල දීප ඉති සන්ඥාසන්වුර්ත්තා. කින් මනධ්‍යවේ, භික්ෂව: යෝසෞ සින්හල: අහමේව තේන කාලේන තේන සමයේන”.
(සින්හල රජු විසින් ජනාවාශ කරණ ලද්දේ නුයි. සින්හල ද්වීපය යන නම් හට ගත්තේය.මහනෙණි ඒ සින්හලයානම් කවරෙක් දැයි තොපි සිතව්ද? මහනෙණි, ඒ බෝධිසත්ව කාලයෙහි මම මැ වෙමී.”
දිව්‍යවදාන 446-464 පිටු පී.එල්. වෛද්‍ය සන්ස්කරණය; පිරුවානා පොත් වහන්සේ බෞද්ධ සන්ස්කෘතික මධ්‍යස්ථානය.පෙරවදන.
මේ දෙයාකාරයෙන් කුමණ එකෙන් සින්හල ජාතිය ආරම්භ වුවද ක්‍රි.පූ. 02 වන සියවසේ සිට පහත සඳහන් අවාසනාවන්ත දකුණු ඉන්දීය ආක්‍රමණ සිදුවී ඇත.
මිහිමත පිහිටා ඇති රටවල් අතුරෙන් අසාමාන්‍ය යසඉසුරෙන් පිරි තුන්ලෝකාග්‍ර බුදුරජුන්ගේ සිරිපතුලෙන් පූජනීයවූ සමණළ මුහුලෙන් ශෝභමානවූ, කිසිදාක වියපත් නොවන නව යොවුන් යුවතියකගේ සිරිගත්, මිහිබට සුරපුරක් බඳු මේ සින්හල බෞද්ධ දේශය අල්ලාගැනීමේ නොසිඳෙන දොළදුකින් ක්‍රිස්තු පූර්ව 02 වන සියවසේ සිට පෙලුණු, දකුණු ඉන්දියානු ආකරමනිකයින් වූ සේන ගුත්ථික, එලාර සහ අවසානයේදී අතිශයින්ම විනාශකාරීවූ කාලින්ඝ මාඝ (ක්‍රි. ව.1214- 1235) දක්වා සිදු වූ චෝල,පාන්ඩ්‍ය සහ කාලින්ඝ ආදි දකුණු ඉන්දීය ආක්‍රමණ සියල්ල පරාජයකොට රට ජාතිය හා බුදු සසුන බේරාගත් නරපතීන් සහ වීර සින්හලයින්,යාපහුව,දඹදෙනිය,කුරුනෑගල, ගම්පොල සහ කෝට්ටේ ආදි රාජධානි වලින් පසු 1594 දී මහනුවර කේන්ද්‍රගතකොට ගෙන මේ සින්හල දේශයේ රාජ්‍ය විචාරණය කරණලද අභිමානවත් සහ ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කී සමස්ථ සින්හලේ රාජ්‍යධානියේ වසර 2358 ක එම ශ්‍රේෂ්ඨ උරුමය සිය පණ දෙවැනිකොට ආරක්ෂාකළ වීර සින්හලයින් විසින් ජීවත පරත්‍යාගයෙන් රැකගත් අවසන් නිවහල්, නිදහස්, ස්වාධීන සින්හල බෞද්ධ රාජධානිය උඩරට රාජධානිය වේ.
1815 දී ඩොයිලිගේ කුමන්ත්‍රණයෙන් හා උපායෙන් අල්ලාගත් උඩරට රාජධානිය
1803 උඩරට ආක්‍රමණයේදී ඉන්ග්‍රීසීන් ලැබු අන්ත පරාජයෙන් පසු උපායෙන් මිස යුද්ධයෙන් උඩරට රාජධානිය අල්ලාගැනිමට නොහැකිබව අවභෝධකොටගත් ඉන්ග්‍රීසීන් එය සිදුකළ යුත්තේ කුමන්ත්‍රණයෙන්, උපායෙන් සහ උඩරට නිලමේවරුන් භේධ කිරීමෙන් සහ රටේ වැසියන්, ශ්‍රී වික්‍රම රාජසින්හ රජු කෙරෙහි කළකිරවීමෙන් බව වටහා ගණු ලැබීය. එම කුමන්ත්‍රනයේ නියමුවා වූයේ ජෝන් ඩොයිලිය. සමස්ථ බ්‍රතාන්‍ය අධිරාජ්‍යයේම සිටි උපායශීලී සිවිල් සේවකයා වශයෙන් සහ රහස් ඔත්තුකරුවා වශයෙන් නම් ලත් බ්‍රතාන්‍ය ජාතික ඩොයිලිගේ කුමන්ත්‍රණ සැලැස්ම අනුව ජනතා පීඩාකාරී හා කෲර දෙමළ රජුගෙන්” සින්හලේ බේරා ගැනීමේ ඩොයිලිගේ උපායෙන්, 1815 මාර්තු 02 දිනති මතුපිටින් මිත්‍ර ජාතීන් දෙකක් වශයෙන් උඩරට රාජධානියේ ප්‍රධානීන් සහ ඉන්ග්‍රීසීන් අතර ඇතිකරගත් උඩරට ගිවිසුමෙන් බ්‍රතාන්‍ය කිරීටයට රට භාරදෙනලදි.
ඊට දින කීපයකට පෙර එනම් 1815 ෆෙබ් 18 වන දින මීමුරේට පලායමින් සිටි ශ්‍රී වික්‍රමසින්හ රජු මැදමහනුවර ගල්ලැහැ වත්තේ උඩුපිටියේ ගෙදර ආරච්චිගේ අටුවේ සැඟවී සිටියදී අල්ලාගෙන විත් තෙල්දෙනියේ රාජකීය අටුව, දම්බරාව සහ වෑඋඩ හරහා කොළඹට යැවීමට කටයුතු යොදා තිබින.
මේ අතර ෆෙබ 27 වන දින ආණ්ඩුකාරයා හමුවු ඇහැලේපොල මහ අදිකාරම තමාට (පොරුන්දුවූ පරිදි සින්හලේ රජකම නොලැබෙන්නෙනම් කිසිම තනතුරක් බාර නොගන්නා බව පවසා ඇත. එසේම 28 වන දිනද ඇහැලේපොල නිළමේ එම ස්ථාවරයම ප්‍රකාශකොට ඇත. මින් පැහැදිලි වනුයේ ඩොයිලි ප්‍රමුක ඉන්ග්‍රීසින් විසින් රජකම ඇහලේපොලට දෙන බවට පොරොන්දු වී ඇහෙලේපොල මහ අධිකාරම්ගේ සහායෙන් රජු අල්ලා ගැනීමේ සැලැස්ම සකස්කොට තිබුණු බවය.
1815 මාර්තු 1 වන දින මඟුල් මඩුවේදී අත්සන් කිරීමට නියමිත ගිවිසුමද සකස් කොට අවසන් කෙරින. මාර් 02 දා එය අත්සන්කිරීමට පෙර ආණ්ඩුකාරයා හමුවූ මාම්පිටියේ බුද්ධාගම ආරක්ෂා කරන බවට සහ රටේ මහත්තයා වැනි දේශීය පරිපාලන ක්‍රමයද තවත් පිරිසක් තමන්ගේ නායකයා (රජ?) වශයෙන් පිලිමතලව්වේ හෝ සුදු ජාතිකයකු පත්කරන්මෙන් ඉල්ලා සිට ඇත.
මාර් 02 දින ප.ව.4ට මඟුල් මඬුවට රැස්වූ අදිකාරම් වරුන් ඇතුළු නිලධාරින්ට ගිවිසුම කියවන ලදී. කිසිවෙක් එදින ගිවිසුම අත්සන්කළ බවක් සඳහන් වි නැත. මාර් 03 වන දින පෙරවරුවේ රජගෙදරට රැස්වූ ප්‍රධානීන් ඉදිරියේ එදිනම ප. ව. 4ට නැවතත් ආණ්ඩුකාර තැන හමුවු වලන්දුරේ මොහොට්ටාල කියා සිටියේ තමන් පාලනය කිරීමට කිසිම සින්හලයකු පත් නොකරන මෙන්ද ඒ සඳහා සුදු ජාතික හමුදා නිලධාරියකු වුවද සුදුසු බවය.
මේ අනුව සක්සුදක් සේ පැහැදිළිවන කරුණක් නම් කපටි ඩොයිලි විසින් සින්හලේ රජකම ඇහෙලේපොල මහ අධිකාරමට දෙන බවට වාචිකව පොරුන්දුවී ඔහුගේ සහායෙන් රජු හා රාජධානිය යන දෙකම අල්ලා ගෙන අනෙත් අතින් වන්ශවත් නිලමේවරුන් අතරින්ම ඇහෙලේපොල විරෝධයක් ගොඩනගා සැළසුම් සහගතව ඇහෙලේපොල කොන්කොට, පසුව අත් අඩන්ගුවට ගෙන ඔහු ඉන්ග්‍රීසි ආණ්ඩුවේ ද්‍රෝහියකු සහ අපරාධකාරයකු වශයෙන් මුරිසි දිවයිනට යවා, මේ සින්හල රටත් ජාතියත් එසේම සම්බුදු සසුනත් කෲර නායක්කාර දෙමළ පාලනයෙන් බෙරාගැනීමට ක්‍රියාකළ අසාමාන්‍ය ජාතික වීරයකුවූ එතුමා මුරිසි දිවයිනේ සිර මැදිරියක් තුල ඉන්ග්‍රීසින්ගේ සිරකරුවෙකු වශයෙන් මියයාමට කටයුතුකොට, ඩොයිලි නැමැති කපටි ඉන්ග්‍රීසි පාපතරයා සහ බොරුකාරයා පොරුන්දු වූ පරිදි සින්හලේ රජකම දීම වෙණුවට ඒ වීර සින්හලයා පර දේශයකදී මරාදමා තම අධිරාජ්‍ය වාදී සිහිනයක් සැබෑකරගත් බවය.
එක් දිනක මුරිසි සිරමැදිරි අන්ගනයේ ඇහෙලේපොල මහ අධිකාරම නැමීගෙන ඇවිදින විට එතුමාගේ ආරක්ෂක භටයාවූ ප්‍රන්ශ ජාතික සොල්දාදුවා නිළමේ නැමීගෙන බිම සොයන්නේ කුමක්දැයි ඇසුවිට, ‘මගේ මව්බිමේ හා ජාතියේ අපට අහිමිවූ නිදහස සොයනවා’ යයි කිමෙන්ම, ඒ උදාර සින්හලයාගේ දේශ ප්‍රේමය සහ ජාති වාත්සල්‍යය කොතරම් දැයි කෙනෙකුට සිතාගත හැක.
මේ අනුව 1815 උඩරට ගිවිසුමෙන් උඩරැටියන් මේ රට ඉන්ග්‍රීසීන්ට පාවදුන්නායයි කීම අමූලික මුසාවක් බව ඔබට අවභෝධ වණු ඇතැයි සිතමි. සින්හලේ පාර්ෂවකරුවන් මේ ගිසුමට එකඟ වූයේ දෙමළුන් පන්නාදමා රටේ රාජ්‍යත්වය ඔවුන්ට දෙන බවට ඩොයිලි සහ ඇහැලේපොල අදිකාරම අතර ඇතිකරගත් පොරොන්දුව මතය.
උඩරට ගිවිසුමෙන් රට පාවාදුන්නා යයි කියන්නේ උඩරට පාතරට කියා සින්හලයින් දෙකොටසක් මේ රටේ ඉතිහාසයේ කිසිම දාක නොසිටි බවවත් නොදන්නා, උඩරට ගිවිසුම හීනෙන්වත් දැක නැති,එසේම එහි අන්තර්ගතය පිබඳ මෙලෝ අවභෝධයක් නැති පිරිසකි. සුද්දන් විසින් අවුරුදු 310 ක කාලයක් පුරා මුහුදුබඩ ප්‍රදේශ තම යටත් විජිතයක් වශයෙන් පවත්වාගෙන යමින් එහි යටත් වැසියන්ට පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු, වැන්ඩර්ස්බර්ග්, මාටින්, පීරිස්,මෙන්ඩිස් වැනි පෘතුගීසි, ලන්දේශි සහ ඉන්ග්‍රීසි නම් දි බෞතීස්මකොට, ඔවුන්ගේ සින්හල බෞද්ධ කොඳු නාරටි කඩා, කතෝලික ආගමට හරවා, සින්හලකම මුලුමනින්ම සෝදාහැර සින්හල බස මෙන්ම සිරිත් විරිත් සෝදා හැර වසර 2500 ඔවුන් ඇදහූ බුදු දහමින්ද කතෝලික ආගමට හරවා මානසික වශයෙන් බටහිර ගැත්තන් බවට පත් පිරිසය.
ඔවුන්ට වික්ටෝරියානු සම්ප්‍රදාය ප්‍රධානකොට ඇති බටහිර ඉතිහාසය උගන්වා එම සිරිත් විරිත්ද අජීරණය කොට තමන් සින්හලයින් වශයෙන් හැඳින්වීමට පවා අකමැති වූ සුද්දන්ගේ වහලුන් බවට පත්ව ඔවුන්ට ගැතිකම්කළ පිරිසකි. සුද්දන්ට සිදුකළ මෙහයට තුටු පඬුරු වශයෙන් සුද්දන්ගෙන් ලත්,රජයේ ඉඩකඩම් තුට්ටුදෙකට ලබාගෙන ධනවතුන් බවට පත්වී මුදලි මුහන්දිරම් පට්ටම් වලින්ද සැරසී උඩරට සින්හල රාජ්‍යට එරෙහිව ඔත්තු.සපයමින් සුදු ආණ්ඩු කාරයා ඉදිරියේ වාඩිවීමටවත් අවසර නොතිබුණු මහමුදළි, මුදළි පට්ටම් ලාභීන් ජීවිතය රැකගැනීම සහ පැවැත්ම සඳහා සුද්දන්ගේ නිවට වහළුන් මෙන් සුද්දන්ට ගැතිකම් කරමින් මේ සින්හල රටත්, සින්හල ජාතියත් එසේම බුදු සසුනත් පාවා දී සුද්දන්ට අවුරුදු 310 ක් පුරා පක්කළිකම් කොට තම ජන්ම උරුමය වූ සින්හලකම මරා දමා මුසල්මානුවන් සමඟ එක්වී උඩරට රාජධානියට එරෙහිව සුද්දන්ට රහස් ඔත්තු ලබාදෙමින් මේ සින්හල රටත් ජාතියත් සුද්දන්ට පාවාදෙනලද්දේ ඔවුන් විසින් මිස වීරෝදාර උඩරැටියන් නොවේ.
සුද්දන් විසින් රට බෙදා පාලනය කිරීමේ කුමන්ත්‍රණයේ ප්‍රධාන කොටස් කරුවන් පිරිසක් මෙන් මුහුදුබඩ ප්‍රදේශවල සිටි සින්හලයින්ද යොදාගත් බව ප්‍රසිද්ද රහසකි. උඩරට සහ පාතරට වශයෙන් සින්හල ජාතිය බෙදුවේ එම අරමුන ඉටුකරගැනීම සඳහාය.
එහි අවසාන ප්‍රතිඵලය වූයේ වසර 2500ක් පුරා එකම ජාතියක් වශයෙන් පැවති සින්හල ජාතිය සහ එකම රාජ්‍යක් වශයෙන් පැවති සින්හළ දේශය සහ බුද්ධාගමද විනාශකිරීමට ඔවුන්ද පාපතර කොටස්කරුවන් පිරිසක් වීමය.
මේ අනුව සින්හල ජාතිය සහ සින්හල දේශය බෙදා විනාශ කිරීම සඳහා සුද්දන් විසින් යොදාගත් ප්‍රබලම උපායවූයේ සින්හලයින් උඩරට සහ පාතරට වශයෙන් බෙදා විරසකකොට එකිනෙකාට සතුරන් කිරීමය.මේ අන්දමින් සුද්දන් විසින් රටත් ජාතියත් විනාශකිරීම සඳහා යොදාගත් උඩරට පහත රට සින්හල කුමන්ත්‍රණය යටතෙ බිහිවූ මුහුදු බඩ ප්‍රදේශවල විද්වතුන් වශයෙන් හැඳින්වෙන සියළු දෙනාම විසින් දැන්වත් අවුරුදු 310 ක් පුරා මේ රටත් රාජධානියත් සින්හල ජාතියත් සින්හල භාෂාවත් බුද්ධාගමත් එසේම සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරයත් යුරෝපීය යටත් විජිත ආක්‍රමණ වලින් ආරක්ෂාකොටගත් වීරෝදාර උඩරැටියන්ට කරණ අවමානය වහාම නතරකළ යුතුයයි මම සිතමි..
සිංහලයින් උඩරට සහ පාතරට වශයෙන් පළමුවෙන්ම ලේඛන ගතකොට ඇත්තේ 1803 දී ඉහත දැක්වූ පරිදි රොබට් පර්සිවල් නමැති ඉන්ග්‍රීසි ජාතිකයා විසිනි.

උඩරට ගිවිසුම
මෙම ලිපියේ උඩරට ගිවිසුම ගැන සඳහන් කොට ඇති නිසා එහි සාරාන්ශයක් පාඨකයින්ගේ දැනගැනීම සඳහා මෙහි පහතින් දක්වමි.
1815 මර්තු 02 උඩරට ගිවිසුමේ සාරාන්ශය.
1815 මාර්තුමස 2 වන දින එන්ගලන්තයේ මහ රජු වෙනුවෙන් රොබට් බ්‍රවුන් රිග් එක් පක්ශයකටද සිංහලේ වැසියන් වෙනුවෙන් සිංහලේ අදිකාරම්වරු සහ සිංහලේ රටවල්වල සහ දිසාවල දිසාපති නිලමේ වරුන් සහ… එක් පක්ෂයකට වී මෙසේ ගිවිස්වා නියෝග කරන්ට යෙදුනාය.
මෙහි අන්ක 1 සහ 2න් දක්වා ඇත්තේ ශ්‍රී වික්‍රම රාජසින්හ රජු සහ ඔහුගේ ගෝත්‍රයට අයිති සියළු දෙනාම ඇතුළු දෙමළ වර්ගයාට ඇති සියළු අයිතිවාසිකම් නැතිකොට ඔවුන් බලයෙන් ඉවත්කොට දෙමළ වර්ගයාට මේ රට වූ සින්හලේ ආණ්ඩුකරන්ට තිබුණු සියළුම අයිතිවාසිකම් නැතිකොට විනාශකළ බවය.
4 වන් වගන්තියෙන් ඉන්ග්‍රීසි ආණ්ඩුවෙන් පත්කෙරෙන අදිකාරම්වරුන් දිසාපති වරුන් මොහොට්ටාල,කෝරාල විදානේවරුන් සහ ඔවුන්ගේ දේපල වලටද වෙනත් නිදහස් කම් වලටද ඔවුන් අතරේ නොකඩවා පවත්නා පුරාණ සීරිත් චාරිත්‍ර ප්‍රකා ආරක්ශා ඇතිව සිංහල රටේ ආණ්ඩුව ඉන්ග්‍රීසි රජයේ ඒජන්තයින් මුලෑදෑනීන් විසින් පවත්වනට යෙදෙනවා ඇත.
5 මෙකී රටවල්වල මුලාදෑනින් සහ වැසියන් විසින් අදහන්නාවූ බුද්ධ ශාසනයද,දේවාගමද කඩකල නොහකිව ඕනෑවා සහ එහි කටයුතුද සන්ඝයාද විහාරස්ථාන දේවාලද පවත්වන්නට සහ ආරක්ෂා කරන්ට ඕනෑය

  1. සිංහලේ රටවල වැසියන්ගේ සිවිල්, අයිතිවාසිකම් ඒ නම් ගම් බිම් දේ පාලනය ගැන,මිනීමැරුම සොරකම් ආදී ණඩුද මේ රටේ ණඩු පනත් සහ රටේ ආන්ඩුව නියමව තිබෙන ක්‍රමවල බලේ ලත් රදළ වරුන් විසින් පවත්වන්ට ඕනෑය සිංහලේ වැසියන් නොවන මෙහි එන්ට යෙදෙන සෑම අයගේම
  2. සිංහලේ වැසියන් නොවන පිටරැටියන් (බ්‍රතාන්‍යයන්) සෑම අයගේම සියළුම සිවිල් සහ ක්‍රිමිනෙල් නඩු එන්ගලන්තයේ ණඩු ක්‍රමය අනුව ආන්ඩුකාරවරයා විසින් නියම කරන කොමසාරිස්වරුන් විසින් එන්ගලන්තයේ නීතිය අනුව විභාග කෙරෙණු ඇත
    පසුවදන 01
    පාවාදීමේ කථාව හැර අරුණ පුවත් පතේ 2025. 04. 06.ලිපියේ සඳහන් සියළු නිගමන සහ අදහස් මාද අනුමත කරමි.
    එසේම එම ලිපියේ දක්වා ඇති හේතු නිසා සත්තකින්ම ඉන්දීය අගමැති වරයා සහ අනුර කුමාර ජනාධිපති වරයා අතර අත්සන්කළ ගිවිසුම් සියල්ලම ඉතාම භයානකවූද එමෙන්ම දේශ දේස්ද්‍රෝහි, ජාතිද්‍රෝහී පාවාදිම් වශයෙන්ද මම දකිමි. එම නිසාම එම ගිවිසුම් සමඟ උඩරට ගිවිසුම සමාන කිරීම තරයේ ප්‍රතික්ෂේප කරමි.මන්ද උඩරට ගිවිසුම ස්වාධීන මිත්‍ර රාජ්‍යයයන් දෙකක් අතර සාකච්ජාකොට සන්සෝධන සහිතව ගිවිසගත් ජාත්‍යන්තර ගිවිසුමක් බැවිනි. එසේම එය රහස් ගිවිසුමක් ද නොවේ.එමනිසා මෙ ගිවිසුම අනුර/මෝඩී ගිවිසුමට සමාන කිරීම මම තරයේ ප්‍රතික්ෂේප කරමි.
    අනෙක් අතින් ජනාධිපති වරයා සහ ඉන්දීය අගමැති වරයා අතර ගිවිසගත් ගිවිසුම අත්සන් කළේ රහසිගතවය.රටේ ආරක්ශක ලේකම්, නීතිපති, ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම අමාත්‍ය මන්ඩලය මෙන්ම පාර්ලිමේන්තුවද ඒ ගැන කිසිවක් දැන සිටියේද නැතැයිද කියවේ. ඊටත් වඩා ලොකුම පාවාදීම වන්නේ මෙම ගිසුම් සියල්ල අරාබි,ඉන්ග්‍රීසි සහ හින්දි භාෂාවලින් පමණක් සකස්කොට තිබීමය. ගිසුමේ ප්‍රධාන පාර්ශවකරු වන රටේ රාජ්‍ය භාෂාව වන සින්හල භාෂාවෙන් ඒවා සකස් කොට නැතැයිද කියවේ.මේ හේතුව නිසාම මෙම ගිවිසුම් සියල්ල අධිකරණයකින් ප්‍රතික්ෂේප කළ හැක. මන්ද එය ව්‍යවස්ථා විරෝධී නිසාය.
    මෙසේ කිරීමෙන් වත්මන් ජනාධිපති වරයාද,1987 දී ජේ.ආර් කලාක් මෙන්ම මේ රටේ ජනතාවගේ පරමාදිපත්‍ය අමු අමුවේ පාවාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලන්ගනය කොට ඇත. මේ මහා ජාතික විපත්තියෙන් රට ජාතිය බේරාගැනීම විපක්ශයේ සහ නීති විසාරධයින්ගේ වගකීමකි.
    1987 දී රජිව්/ජේ.ආර්. ගිවිසුමෙන් මේ සින්හල රට හා ජාතිය ඉන්දියාවට ජේ.ආර් පාවා දුන්නේ ඔහුගේ පරම්පරාව දකුණු ඉන්දියාවෙන් පැමිණි තම්බි මුදලියාර් පරමපරාවෙන් පැවත එන නිසා යයි කථාවක් ඇත.අනුර කුමාර ජනාධිපති වරයාද ගජබා රජු විසින් චෝල දේශයෙන් මෙහි ගෙන ආ දෙමළ සිරකරුවන් 12,000 න් පැවත එන දෙමළ ජාතිකයෙක් විය හැකි යයි ජනතාව අතර කතාවක්ද ඇත. එසේ නොවන සිංහල බෞද්ධයෙකුට නම්, කිසිසේත්ම තම මව්බිමවූ සිංහලේ රටත් ජාතියත් මේ අන්දමින් මේ රට ගිලගැනීමට පෙරුම්පුරන ඉන්දියාවට පාවා දිය නොහැකිබව බොහෝ දෙනකුගේ අදහසය.
    අනෙක් අතින් උඩරට රාජධානිය 1815 මාර්තු 02 ගිවිසුමකින් සුද්දන්ට භාරදීමට අවුරුදු 310 කට පෙර සමස්ත මුහුදුබඩ ප්‍රදේශයම 1505 සිට සුද්දන්ට පාවා දුන්නේ සුද්දන්ට යටත් වූ, සුද්දන් ගැති ඊනියා පහත රට සින්හලයින්මය. එම යුගයේ සිටි අසාමාන්‍ය ජාතික වීරයා වූ අනගාරික ධර්මපාල තුමා වැනි අතලොස්සක් හැර සෙසු සියළු දෙනාම ලක්බිමේ සමස්ත මුහුදුඩුබඩ ප්‍රදේශයම සුද්දන්ට පාවාදීමේ පාපකර්මයට වගකිව යුතුය. එවකට ගුවනින් යුධ කිරීමක් නොතිබුණු නිසා පහතරට වැසියන්ගේ සහාය නොලැබුණේනම් සුද්දන්ට උඩරට රාජධානිය අල්ලාගැනීම සිහිනයක් වන්නටද ඉඩ තිබිණ. මේ සින්හල බෞද්ධ දේශය ගොඩ ගැනීමට සිටි එකම දේශප්‍රේමියා,ජාති හිතෛෂයා සහ ජාතික වීරයා වූ අසහාය ජාතික වීරයාවූ අනගාරික ධර්මපාල තුමාට මේ රට එපා කළේද එසේම රටින් පන්නා ගත්තේද, 1505 සිට 1915 පමණ දක්වා පෘතුගී, ලන්දේශි සහ ඉන්ග්‍රීසිකාරයින් බවට පත්වූ මේ පහතරට සින්හල කියන මිනිසුන්ම බවද කිසිසේත්ම අමතක්කළ නොහැක.

පසුවදන 02
උඩරට ගිවිසුම පිටුපස ක්‍රියාත්මකවූ ඩොයිලි- බ්‍රවුන්රිග් කුමන්ත්‍රණය.
උඩරට ගිවිසුමේ අන්තර්ගත වගන්තිවලට එකඟ වීම ගැන යටත්විජිත භාර ලේකම් වරයා බ්රවුන්රීග්ට දොස් පැවරූ විට සිංහලයින්ගේ ඇතැම් ඉල්ලිම්වලට එකඟ නොවූයේ නම්,කිසිදිනක මේරට අල්ලා ගැනීමට නොහැකි නිසා රට අල්ලා ගැනීමේ උපායක් වශයෙන් එසේ එකඟ වූ බව පවසා ඇත.

  1. සුදු පාලකයින් උඩරට ගිවිසුමේ තීන්ත වේලීමටත් පෙර ගිවිසුම ඒක පාල්ෂිකව උල්ලන්ගනය ආරම්භ විය, ඒ අතර හජ්ජි මරික්කාර් නැමැති වෙල්ලස්සේ මුසල්මානුවෙක් මඩිගේ මුහන්දිරම් වශයෙන් ඩොයිලිගේ රෙකමදාරුව අනුව ආණ්ඩුකරයා විසින් පත්කෙරින. කැරල්ල මර්ධනය කිරීමට යවනලද කැප්පෙටිපොල දිසාව සටන් කරුවන්ගේ පැත්ත ගත් නිසා සටන් දරුණුවිය
    ඉන් පසු 1817-1818 දී ආරම්භවූ ඌව වෙල්ලස්ස සටනත් සමඟම බ්‍රවුන්රිග් සහ ඩොයිලි ක්‍රියාකල ම්ලේච්ච, අමානුසික සහ අලුගෝසු ආකාරයෙන් ඒ බව මනාව සනාත වෙයි.
    උඩරට ගිවිසුම තිබියදීම 1817-1818 දී ඔහු විසින් නිකුත්කරණලද අන්ක 01 දරණ රාජකීය ආඥාවෙන් සුද්දන් විසින් සිංහලයින් මර්ධනය ඇරබින.
    ඔහු විසින් නිකුත් කරනළද එම ආඥාවෙන් අවුරුඩු 18 ට වැඩි සියලුම පිරිමින් මරාදැමීමටද, සියලුම ගෙවල්දොරවල් කඩාදමා ගිනිබත්කිරීම, මිනිස් ආහාරයට ගන්නා සියලුම ගස්කොලන් කපා විනාශ කිරීම,සියළුම ධාන්‍ය රාජසන්තක කිරීම හො විනාශකිරීම, සියලුම වාරි මාර්ග,ඇල අමුණු, වැව්, විනාශකිරීම, ගෙවල් ගිනිතැබීම, පලදරන සියලුම ගස්කොලන් කපා විනාශ කිරීම, හමුදාවේ අවශ්‍යතාවන්ට වැඩි, මිනිසුන්ට අයිති සියළුම එළ, මීගවයින් වහාම මරා දැමීම” වැනි ම්ලේච්ච අමානුෂික නියෝගයක් නිකුත් කළේය.
    1820 දී බ්‍රවුන් රිග්ගෙන් පසු පැමිණි සිටි සියළුම අනුප්‍රාප්තික ඈණ්ඩුකාරවරුන්ද බ්‍රවුන්රිගේ මර්ධන්කාරී පාලනයම අනුගමනය කරන ලදී
    ඒ අතරින් වඩාත්ම දරුණු සහ දුෂ්ඨම පාලකයා වූයේ 1847-50 දක්වා සිටි ටොරින්ටන් ආණ්ඩුකාරයාය. ඔහු 1848 මාතලේ නිදස් අරගලය මැඩ පැවැත්වූයේ අලුගෝසුවෙක් මෙන්ය.
    1833 දී මේ රට උතුර, දකුණ,නැගෙනහිර, බටහිර සහ මධ්‍යම වශයෙන් පලාත් 5 කට බෙදා මුළු දිවයිනම පරිපාලන වශයෙන් ඔවුන්ගේ පලාත් පාලන ක්‍රමය පිහිටුවා ගන්නා ලදි. අනතුරුව,1845 වයඹ,1873 උ.මැ 1886 ඌව සහ අවසානයේදි 1889 සබරගමුවද වශයෙන් පලාත් 9 කට මේ රට බෙදා ඒ තුල වු එක් දිස්ත්‍රික්කයකට එක් ආණ්ඩුවේ ඒජන්ත කෙනක් බැගින් පත්කොට ඔවුන් හරහා රට පාලනය කලේය. 1833 පලාත් 5 බෙදපු අවස්ථාවේ අනුරාධපුරය උ.පලාතටත් පොලොන්නරුව නැ. පලාතටත් එක් කරලා තිබුනේ (සුද්දන්ගේ දෙමළ රටට. උ.නැ. පලාත් දෙක පුත්තලමේ සිට කුමන දක්වා))
    1840 අන්ක 12 දරන පනතින් සින්හලයින්ගේ සියලුම ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගැනීම සිදුවිය.
    මේ අතර සින්හල රටේ අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන් වෙනුවට ඉන්ග්‍රීසි මිෂනාරි පාසැල් රට පුරා ඇති කෙරින.
    (1845 වනවිට දිවයින පුරා ඇතිකල එවැනි පාසැල් 105 න් 45 ක්ම තිබුණේ යාපන අර්ධද්වීපයේ වීම සහ මැදරට තිබුනේ පාසැල් 3ක් පමණ ක් වීමද සුද්දන් තුල තිබුණ සින්හල විරෝධය මැනවින් පෙන්වා දෙයි.)
    1848 මාතලේ නිදහස් සටනේදී උඩරට ප්‍රදේශවල ඉතිරිවී සිටි පීරිමින් සියල්ලද මරාදැමීම සහ කඩහපොල හිමි වැනි ජාතික වීරයින් වූ යතිවරුන් ණඩු නොවිමසා මරා දැමීම. මේ සියළුම අපරාධ සිදුකලේ ටොරින්ටන් ආණ්ඩුකාරයාය
    1853 දී විහාර දේවාල සතු සියලුම ඉඩම් බලෙන් අත්පත් කර ගැනීම
    1897 දී ඊනියා මුඩුබිම් පනතකින් සින්හලයින්ගේ ඉතිරි ඉඩම් සියල්ලද අත්පත් කරගැනීම
    1840,1853 සහ 1897 දී බලෙන් අත් පත්කරගත් ඉඩම්වලට මෙන්ම මේ කිසිම ඉඩමකට ඒවායේ අයිති කරුවන් වූ උඩරට සින්හල්යින්ට කිසිදු වන්දියක් ගෙව්වේද නැත
    1840 දී පමණ ආරම්භකොට කන්ද උඩටරට වනාන්තර ඇතුලු සින්හලයින්ගේ ඉඩම් අක්කර 13 ලක්ශ 50,000ක් පමණ බලහත්කාරයෙන් අත්පත්කොටගෙන, ඉර හඳ පැයූදා සිට තිබුණු වනාන්තර කපා, කොටා ගිනිතබා කෝපි සහ තේ වගාව කඳුරට පුරාම ව්‍යාප්ත කිරීමට එරෙහිව විරෝධය පෑමක් වශයෙන් සහ සුද්දන්ට වහල්වැඩ කිරීමට උඩරැටියන් ප්‍රතික්ෂේප කළ නිසා, එම ඉඩම්වල වහලුන්මෙන් වැඩකිරිමට දකුණු ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ලක්ශ 12 කට වැඩි පිරිසක් ආනයනයකොට මේ සින්හල රාජධානියේ හදවත බඳු සින්හලේ” හදබිමේ” එම ඉන්දියානුවන් සියළු දෙනාම පදින්චිකොට උඩරට සින්හලයින්ගෙන් පළිගැනීම සඳහා මේ රටට ,ජාතික, ආර්ථික, සාමාජික සහ දේශපාලනික කාල බෝම්ඹයක් දායාදකොට දී 1948 දී සුද්දෝ ආපසු ගියහ.
    ඒ අතර 1765න් පසු ලන්දේසීන් සහ ඉන්ග්‍රීසින් විසින් තල් රා මැදිම සහ වෙනත් කම්කරුවැඩට වහලුන් වශයෙන් මෙහි ගෙන ආ දකුණු ඉන්දියානු මලබා දෙමලුන් විශාල ගණනින් උතුරු-නැගෙනහිර පදින්චි කළා.
    1901 දී එතෙක් මලබා ජාතිකයින් වු ඔවුන් ලන්කා දෙමළ නමින් මේ සින්හල රටේ අළුත් ජාතියක් නිර්මාණය කළා.
    දිවයින පුරාම කතෝලික පල්ලි සහ පාසැල් ඇති කළා.
    මේ අනුව 1818 සිට 1948 පෙබ 04 දක්වාම ඔවුන් මේ රට පාලනය කළේ රාජනියෝග මගින්මය මේ කාලේ උඩරට ගිවිසුම තිබුණේ’ කොහේද?
    අවසානයේදී 1948 දී බ්‍රිතාන්‍ය ජාතික ව්‍යවස්ථා විසාරදකයෙකු වූ ජෙනින්ග්ස් වීසින් ඉර හඳ පවතිනාතුරු බ්‍රතාන්‍යයේ බලය රැකෙන පරිදි සම්පාදිත සෝල්බරී ව්‍යාවස්ථාව නැමති අධිරාජ්‍යවාදී යදමින් බැඳි නිදහසක් නැති, නිදහසක් දී වියවස්ථාදායක, විධායක සහ අධිකරණ යන නිදහස් රාජ්‍යක මූලික අවශ්‍යතා 3 ම ඔවුන් අතේම තබාගෙන, බෙදුණු ලක්පොලවක්, බිඳුණු ජාතියක් හා සුළු ජාතික ගිනිකඳු වලින් ගිනිතැබූ රටක් හා සමාජයක් අපට දායාදකොට දී ඇතුලෙත් පිටත් දේශපාලන, ආරක්ශක,ජනවාර්ගික,ආර්ථික හා සාමාජ ගැටවලින් ගැට ගැසූ, හුදෙක් ආයාත, නිර්යාත මතම යැපෙන පරාධීන ආර්ථිකයක් අප හිස මත පටවා හරසුන් සමාජයක් මෙහි පැලකොට ඔවුන් නැව් නැග ගියා.
    1815 දී අහිමිවූ නිදහස් රාජ්‍යය ගොඩනගා ගැනීමට නිදහස දෙනවා වෙනුවට 1948 දී ඔවුන් කළේ ඔවුන්ගේ හිරු නොබසින අධිරාජ්‍යය තුලම තවදුරටත් අපව හිරකොට තබා ගැනීම සඳහා බ්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය නැමති යටත් විජිතවාදී බූවල්ලෙකුට අපගේ මව්බිමත් ජාතියත් තවදුරටත් බැඳ තැබීමය.
    මේ අනුව 1815 දී ඇත්තවශයෙන්ම සිදුව ඇත්තේ ජෝන් ඩොයිලිගේ ප්‍රධානත්වයෙන් සිදු කරණළද අධිරා‍යවාදි කුමන්ත්‍රණයකින් පාතරට සිටි සින්හලයින් සහ මුස්ලිම් වරුන්ගේද සහාය ලබාගෙන උඩරට සින්හලයින් රවටාගෙන, ඇහෙලේපොල මහ නිලමේට රජකම දෙනවායයි කියා බොරු පොරොදු දී ශ්‍රී වික්‍රම රාජ්සින්හ අල්ලා ගැනීමට ඉත්තෙක් මෙන් යොදාගත් ඇහෙලේපොල මහ නිලමේද මුරිසි දිවයිනට පිටුවහල් කොට ඒ වීර කළු සින්හලයා සිර මැදිරියක් තුල සාපරාධී අන්දමින් මියයාමට ඉඩ හැර උඩරට රාජධානියේ අවුරුදු 18 ට වැඩි සියලුම පිරිමින් මරා දමා මේ තුන් සින්හලයම වසර133ක් පුරා කොල්ලකා ඔවුන්ගේ අධිරාජ්‍ය ගොඩ නගාගැනීම නොවේද? මෙහි වාඩිවී සිටින්නේ ගුවන් කපිතාන් එල්මෝද?

ඇත්ත වශයෙන්ම සුද්දන්ට මේ රට පාවා දුන්නේ උඩරට සින්හලයින්ද නැතිනම් පහත රට සින්හලයින්ද?
ඇත්තවශයෙන්ම ඉතිහාශය අනුව උඩරට රාජධානිය අතුළු තුන් සින්හලයම සුද්දන්ට පාවා දීමට පාර කපා දුන්නේ අවුරුදු 310 ක් සුද්දන් යටතේ සිටි පහත රට වැසි සින්හලයින් මිස උඩරට වැසි සින්හලයින් නොවන බව මේ අනුව සක්සුදක් සේ පැහැදිළිය.මේ රටේ සිටි අසාමාන්‍යා ජාතික වීරයා වූ අනගාරික ධර්මපාල තුමා (1864-1933) වැනි අතලොස්සක් හැර පහත රට වැසි සෙසු සියළු දෙනාම සුද්දන්ට රට,ජාතිය සහ බුදුසසුන පාවාදීමට වගකිව යුතුය. ඔවුන් එසේ කළේ මුදලි, මුහන්දිරම් ආදී තනතුරු ලබාගැනිමට සහ වස්තු ලෝභය නිසාය.
ඩොයිලි- බ්රවුන්රිග් කුමන්ත්‍රණය
උඩරට ගිවිසුමේ අතැම් වගන්ති වලට එකඟවීම ගැන යටත්විජිත භාර ලේකම් වරයා බ්රවුන්රිග්ට දෝසාරෝපනය කල විට, තමා සින්හලයින්ගේ ඇතම් ඉල්ලීම්වලට කන්දුන්නේ එසේ නොකොට මේරට අල්ලා ගැනීමට නොහැකි නිසා බව පවසා ඇත. උඩරට ගිවිසුමේ තීන්ත වේලීමටත් පෙර සුද්දන් එහි කොන්දේශි කඩකළ නිසා1817 දී ඌව වෙල්ලස්සෙන් ආරම්භ වූ ජාතික නිදහස් සටනත් සමඟම ඔවුන්ගේ සිත්සතන් තුල සඟවාගෙන සිටි රහස් වැඩපිලිවෙල බ්රවුන්රිග් ක්‍රියාකළ ආකාරයෙන්ම මැනවින් සනාථවි ඇත. උඩරට ගිවිසුම තිබියදීම 1818 නොවැ 01 දින ආණ්ඩුකාරයා විසින් නිකුත්කරණලද රාජකීය ආඥාවෙන් සුද්දන් විසින් සින්හලයින් මර්ධනය කිරීමේ අශීලාචාරී, වනචාරි හා අමානුසික මිනීමරු මර්ධන වැඩපිලිවෙල අරඹා ඇත.
ඔහු විසින් නිකුත් කරනලද 1818 නොවැ 01රාජාඥ අන්ක 01 යටතේ නිකුත් කරණ ළද ගැසට් පත්‍රයෙන් සින්හලේ අවුරුදු 18 ට වැඩි සියලුම් පිරිමින් මරාදැමීම සියලුම ගෙවල්දොරවල් කඩාදමා ගිනිබත් කිරීම, මිනිස් ආහාරයට ගන්නා ඵලදරණ සියලුම ගස්කොලන් කපා විනාශ කිරීම, සියළුම ධාන්‍ය රාජසන්තක කිරීම හෝ විනාශකිරීම, සියලුම වාරිමාර්ග,ඇලමාර්ග කඩාදමා විනාශ කිරීම, ගෙවල් ගිනිතැබීම, පලදරන සියලුම ගස්කොලන් කපා විනාශ කිරීම, වැව් අමුණු,ඇලමාර්ග සියල්ල විනාශකිරීම, හමුදාවේ අවශ්‍යතාවන්ට වැඩි, මිනිසුන්ට අයිති සියළුම එළ, මීගවයින් වහා මරාදැමීම වැනි ම්ලේච්ච නියෝගය නිකුත් කළේය.
තවදුරටත් උඩරට ගිවිසුම උල්ලන්ගනය කරමින්,
1818 න් පසු සුද්දන් විසින් මේ රට, ජාතිය හා බුදු සසුන මෙන්ම සින්හලේ සාම්ප්‍රදායික නීතිය සහ පාලන ක්‍රමය අවසන් කිරීම සඳහා සිදුකරන ලද අධිරාජ්‍යවාදි විනාශයන් අතර,
1833 දී මේ රට උතුර,දකුණ,නැගෙනහිර,බටහිර සහ මධ්‍යම වශයෙන් පලාත් 5 කට බෙදා මුළු තුන් සින්හලයම පළමු වරට ඔවුන්ගේ ඒකාබද්ධ පාලනයට යටත් කර ගැනීම
1840 අන්ක 12 දරන පනතින් සින්හලයින්ගේ සියළුම පාරම්පරික ප්‍රවේනි ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම
මේ රටේ චිරාගත් අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන් වෙනුවට කතෝලික ඉන්ග්‍රීසි පාසැල් ඇති කිරීම
(1845 වනවිට දිවයින පුරා පිහිටුවා තිබුණු එවැනි පාසැල් 105 න් 45ක්ම තිබුණේ යාපන අර්ධද්වීපයේ වීම සහ ඉන් මධ්‍යම පලාතට තිබුනේ පසැල් 3 ක් පමණක් වීමද සුද්දන් විසින් මේ රටේ දෙමලුන්ට ලබාදුන් විශේෂ වරප්‍රසාද මැනවින් පැහැදිළි වෙයි.)
1848 මාතලේ නිදහස් සටනේදී ජීවිතුන් අතර සිටි උඩරට පිරිමින් සියල්ල මරාදැමීම සහ කඩහපොල වැනි භික්ශූන් ඔවුන්ගේම අගවිනිසුරු පවා විරුද්ධව සිටියදී වෙඩිතබා මරා දමීම
1853 දී විහාර දේවාල සතු සියලුම ඉඩම් බලෙන් අත්පත් කර ගැනීම
1897 දි ඊනියා මුඩුබිම් පනතකින් සින්හල්යින්ගේ ඉතිරි ඉඩම් සියල්ලද අත්පත් කරගෙන සින්හලයින් පාරට ඇද දැමීම සහ දුබල කිරීම.
1840 දී පමණ සිට කන්ද උඩරට පිහිටි සියළුම වනාන්තර ඇතුලු සින්හලයි න්ගේ ඉඩම් අක්කර 13 ලක්ශ 50,000ක් පමණ බලහත්කාරයෙන් අත්පත්කොට ගෙන, ඉර හඳ පැයුදා සිට තිබුණු මධ්‍යම කඳුකරයේ නොඉඳුල් වනාන්තර කපා ගිනිතබා කෝපි සහ තේ වගාව මුලු කඳුරට පුරාම ව්‍යාප්ත කිරීම සහ එම ඉඩම්වල වැඩකිරිමට උඩරට සින්හලයින් ප්‍රතික්ෂේප කළ නිසා දෙමළ වහල් කම්කරුවන් ලක්ශ 12 කට අධික පිරිසක් දකුණු ඉන්දියාවෙන් ආනයනයකොට මේ සින්හල රාජධානියේ හදවත බඳු (හදබිමේ) පදින්චිකොට, 1948 දි සුද්දන් ආපසු යනවිට එම ඉන්දියානුවන් සියළු දෙනාම මේ සින්හල රටේ සින්හලයින්ගෙන් කොල්ලකාගත් ඉඩම්වල පදින්චිකොට ගියහ.
1800 ගනන්වල සිටම මේ රටේ සින්හල ජනගහනය අඩුකිරීමට දකුණු ඉන්දියානු මලබා දෙමලුන් ලක්ෂ ගනනින් උතුරු නැගෙනහිර පදින්චි කිරීම.
1901තෙක් මලබා ජාතිකයින් වු ඔවුන් ලන්කා දෙමළ නමින් මේ සින්හල රටේ අළුත් ජාතියක් නිර්මානය කිරීම
දිවයින පුරාම කතෝලික පල්ලි සහ පාසැල් පිහිටුවීම
අවසානයේ 1948 දී ජෙනින්ස් නමැති ඉන්ග්‍රීසිජාතික ව්යවස්ථානීති විසාරදයෙකු විසින් සකස් කරණ ළද සෝල්බරී ව්‍යවස්ථාව නැමති උගුලෙන් නිදහසක් නැති නිදහසක් දී ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ යන නිදහස් රාජ්‍යක තිබියයුතු මූලික අවශ්‍යතා 3 ම ඔවුන් අතම තබාගෙන, බෙදු ලක්පොලවක්, ජාතියක්, සහ සමාජයක් අපට දායාදකොට හරසුන් සමාජයක් මෙහි පැලකොට ඔවුහු නැව් නැග ගියහ.
මේ අනුව 1818 සිට 1948 දක්වාම ඔවුන් මේ රට පාලනය කළේ 1815 උඩරට ගිවිසුම සම්පූර්ණයෙන්ම නොසලකා හැර බ්‍රතාන්‍ය රජයේ රාජ්‍ය නියෝග මගින් බ්‍රතාන්‍ය රජු /රැජිනගේ නියෝජිත ආණ්ඩුකාරයින් විසිනි. එහෙත් ස්වාධීන රටවල් දෙකක් අතර ගිවිසුම්ගතව අත්සන් කළ ජාත්‍යන්තර ගිවිසුමක් වූ 1815 mar 02 උඩරට ගිවිසුම කිසිදාක පරිච්චින්න කොට නැතිනිසා එය අදටත් නීත්‍යානුකූල වලන්ගු ගිවිසුමකි.
මතු දවසක කවදා හෝ මේ රටට හා ජාතියට ආදරය ඇති පාලකයෙකු ලැබුණොත් එදාට උඩරට ගිවිසුම උල්ලන්ඝනය කොට මේ රටටත් සින්හල ජාතියටත් සුද්දන් විසින් සිදුකරණලද අපරාධ සඳහා වන්දි ඉල්ලා ණඩු මඟට බසිණු ඇත.
1815 දී අපට අහිමිවූ නිදහස් රාජ්‍යය ගොඩනගා ගැනීමට නිදහස දෙනවා වෙනුවට 1948 දී ඔවුන් කලේ ඔවුන්ගේ අධිරාජ්‍යයේම තවදුරටත් වහල් රාජ්‍යයක් මෙන් ඔවුන්ගේ අවශ්‍යශයතාවන් ඉටුකරගත හැකි ආන්ඩුක්‍රමයක්, පරිපාලන රටාවක්, සහ ආර්ථිකයක්, අප ලවාම මෙහෙයවා ගැනීමේ ආණ්ඩුක්‍රමයක් මේ රටේ පිහිටුවීමය.
ඒ සියල්ලටම වඩා ඔවුන් සිදුකළ භයානකම අපරධය වූයේ, ඔවුන්ට සම්පූර්ණ කිරිමට නොහැකිවූ විනාශයන් සම්පූර්ණ කිරීම සඳහා රටක්, ජාතියක් හා ආගමක් නැති මනස් සේදූ කළු සුද්දන් පිරිසක් බෝකොට ඔවුන්ට මේ රට භාරදි යාමය. 1948 න් පසු ඒ අච්චුවේ නිර්මාණය වූ අන්ක එකේ දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී දේශපාලකයින් තිදෙනෙකි.එනම් ජේ. ආර්,රනිල් සහ අනුර කුමාර යන තිදෙනාය. ඔවුන් තිදෙනාම ඉන්දියාව සමන්ග අත්සන්කළ ගිවිසුම් වලින් වසර 2500 කට අධික අපගේ රටත් ජාතියත් ඉන්දියාවට සහ බටහිර මන්කොල්ල කරුවන්ට පාවාදිම සම්පූර්ණ කොට ඇත. ඊට අමතරව ලෝක බැන්කුව,ජා. මූල්‍ය අරමුදල ආදී බටහිර යටත්විජිතවාදී අධිරාජ්‍ය ආයතන හරහා බටහිර අධිරාජ්‍ය වාදීන්ට මේ රටත් මුලුමහත් ජනතාවත් එසේම නූපන් පරපුරත් පාවාදී ඇත.
ක්‍රි. පූ. 5000 පටන් රාම සහ ඔහුගේ වඳුරු හමුදාව ඇතුළු 13 වන සියවසේ සිදුකළ මාඝ අවසන්කොට ඇති ඉන්දීය ආක්‍රමනිකයින්ට මෙන්ම 1505 සිට අද දක්වාම බටහිර ආක්‍රමනිකයින් සියළුදෙනාටම කිරීමට නොහැකිවූ ලක්පොලව නුහුලන විනාශයක් මේ ජනාධිපතිවරුන් තිදෙදෙනාම ගිවිසුම් කිපයකින් සම්පූර්ණකොට මේ සින්හල රට සහ සින්හල ජාතිය ඉන්දියාවට පාවාදී අවසන්කොට ඇත.
1931දී ශ්‍රීමත් අනගාරික දර්මපාල තුමා දිව ඇසින් දැක කළ පහත සඳන් ප්‍රකාශය අද සැබෑ වී ඇත.
කවදා හරි සුද්දො මේ රට දාලා යනවා.උන්යන්නේ උන්ගෙ දරුවෝ වගෙ කළු සුද්දො විසිතිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සෙයි. ඊට පස්සෙ අපේ රට පාලනය කරන්නේ මේ කළුසුද්දො.උන් සින්හල භාශාව, සින්හල සිරිත් විරිත් වලට වෛරකරනවා.උන් උඹලාගේ දරුවන්ට උගන්වාවි ජාති ආගම් භේධයක් එපා කියලා. එහෙම කියලා උන් ඉන්ග්‍රීසියම රජ කරාවි.පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයා උපදිනකම් බලාගෙන ඉන්නවා.උපදින්න ඉන්න දියසේන තිඹිරිගෙයිදීම මරා දාන්ට මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේත් දෙනවා. ඊට පස්සෙ උඹලගේ කොල්ලො කෙල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්ට සිද්ධ වේවි.”
බටහිර අධිරාජ්‍යවාදී මන්කොල්ල කරුවන් අදටත්, එදා තුවක්කුවෙන් සහ කඩුවෙන් කිරිමට නොහැකිවු දේවල් ඊනියා ජාත්‍යන්තර සන්විධාන යයි කියාගන්නා ලෝක බැන්කුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙළඳ සන්විධානය, එක්සත් ජාතීන්ගේ සන්විධානය, ආසියානු සන්වර්ධන බැන්කුව වැනි උන්ගේම කොල්ලකාරී ආයතන මගින්, දකුණ නැතිනම් තුන්වන ලෝකය වශයෙන් අහන්කාර බටහිර ලෝක බලවතුන් හඳුන්වන ආසියා අප්‍රිකා රාජ්‍යයන් පාලනය කරනවා.
,
මේ සමස්ථ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ අද අපටම කියා අනන්‍යතාවයක් නැති, ගිහි හෝ පැවිදි ජාතික නායකයෙක් හෝ ජාතික සන්විධානයක් නැති, රට ජාතිය හා ආගම ගැන මෙලෝ අවභෝධයක් හෝ කිසිදු ආදරයක් ඇති ජාතික දේශපාලන පක්ශයක් නැති, කිසිදු ජාතිකත්වයක් නැති, ජාතික ඇඳුමක්, බසක් හෝ ජාතික චින්තනයක්ද නැති, මිහිබට සුරපුරක් බඳු මේ ලක්පොලවේ ගෝලීය හා භූදේශපාලන පිහිටිමේ වටිනාකම නොදත්,එහි හාත්පස අනන්තය දක්වා විහිදෙන මහසයුර හෝ එහි සම්පත් ගැන සහරට තුල තුල ඇති ස්වාභාවික හා මානවසම්පත් ගැන කිසිදු අවභෝධයක් නැති,වසර 2500 කටත් වැඩි කාලයක් පුරා අභිමානවත් සින්හල බෞද්ධ රාජ්‍යයක් වූ මේ රට අද බහු ජාතික බහු ආගමික, බහු භාසික සහ බහු භූත රටක් බවට පත්ව පූර්ණ සන්ස්කෘතික හා සදාචාරාත්මක හා සන්ස්කෘතික සෝදාපාලුවකට ලක්ව ඇති අච්චාරු සමාජයක් පමණක් ඉතිරිවු, හෙටක් නැති එදාවේල පමණක් ගැන සිතන අනාගතයක් නැති නරුම ජාතියක් බවට අද අප පත්වීමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress