රාජ්‍ය මුදල් බිලියන ගානින් නාස්ති කිරීම, දේශපාලන පක්ෂවලට චන්ද එකතු කිරීම සහ දේශපාලන ගැත්තන්ට රැකියා සැපයීම හැර ජනතාවට කිසිදු සේවයක් නොකරණ ප්‍රාදේශීය සභා ක්‍රමය වහාම අහෝසි කොට පැරැණි ගම්සභා ක්‍රමය නැවතත් පිහිටුවනු.
Posted on May 2nd, 2025
ආචාර්‍ය සුදත් ගුණසේකර
1987 අන්ක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තියේ දැක්වෙන පරිදි ප්‍රාදේශීය සභාවල කර්තව්‍ය මෙසේ දක්වා ඇත.
එක් එක් ප්‍රාදේශීය සභා ප්‍රාදේශය සඳහා සන්ස්ථාපනය කරණ ලද ප්‍රාදේශීය සභාව, එම ප්‍රදේශය ඇතුලත පලාත් පාලන ආයතන විය යුතු අතර, මහජන සෞක්‍යට,පොදු උපයෝගිතා සේවාවන්ට සහ පොදු මන්මාවත් වලටද සාමාන්‍යයෙන් එම ප්‍රදේශය ඇතුලත ජනතාවගේ සුඛ විහරණය, පහසුව සහ සුභසාධනය සහ සියළු පහසුකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරිරීමට ද අදාල සියළු කරුණු විධ්මත් කිරීම, පාලනය කිරීම සහ පරිපාලනය කිරීම ඊට භාර විය යුතුය”.
මා මේ රටේ රජයෙන්,සියළුම ප්‍රාදේශීය සභා වලින් සහ සමස්ත ජනතාවගෙන්ම අසා සිටින පළමු ප්‍රස්නය නම් මේ වගන්තියේ සඳහන් කුමන සේවාවක් මෙම ආයතනය විසින් තම කොට්ටාශය තුල ඉටු කරන්නේද යන්නය.
අපගේ ප්‍රද්ශයේ නම් සතියකට වරක් හෝ දෙවරක්, ඒත් අක්‍රමත්ව, කුණු ගෙනයාමට ට්‍රක්ටරයක් ඒම හැර ඉහතින් දකවනලද වෙනත් කිසිම මහජන සේවාවක් නම් සිදු නොවන බව ඉඳුරාම කිව යුතුය. විදුලිය, විදුලිබල මණ්ඩලයෙන්ද,
ජලය, ජල සම්පාදන මන්ඩලයෙන්ද සිදුකෙරෙන අතර ප්‍රදේශයේ ප්‍රාදේසීය සභාවෙන් සිදුවන එකම මහජන සේවය වනුයේ” නොවරදවාම ජනවාරි මාසයේ පලමු සතියේම පැමිනිණ වරිපනම් එකතු කිරීම පමණි. එම සේවයද” සිදු කෙරෙන ස්ථානය සහ වේලාද දින කීපයකට පෙර ශබ්ද විකාශන මගින් කොට්ඨාශය පුරාම ප්‍රචාරය කිරීමටද ඔවුහු අමතක නොකරති. වසරකට වරක් ජනවාරි මාසයේ සිදු කෙරෙන එම රාජකාරියෙන්”පසු අප ප්‍රදෙශයේද ප්‍රාදේශීය සභාවක් තිබෙන බව දන්නේ වසරකට වසරක් අවුර්දු පතා නොවැ මසයේ පමණ ලැබෙන වරිපනම් දැන්වීමෙන් සහ වසර 5 කට වරක් චන්දයක් තිබෙන බවට දන්වමින් සිද්හුකෙරෙන දැන්වීම් සහ අපේක්ශකයින්, චන්දය ඉල්ලා බෙදා හරින චන්ද පත්‍රිකා වලින් පමණි.
ඒ අපගේ මුදලින් මිලගත් අපගේ ඉඩම්වලට සහ අප විසින් අමාරුවෙන් ණය තුරුස්වී සාදගෙන ඈති නිවාස ආදිය වරිපනම් එකතු කිරීම පමණි, මා දන්නා තරමින් දිවයිනපුරාම ප්‍රාදේශීය සභාවලන් අදාල කොට්ඨාශ සිටින ජනතාවට සිදුවන සේවය එපමණි. ඔවුන්ට අයත්යයි කියන අප නිවාසවල මන්මාවත් අපම සුද්ද කරගත යුතුය. කුනු එකතු කිරීමට සතියකට දෙවරක් එනවා කිවද ඒත් නිසි පරිදි එයද සිදු නොවේ.එහෙත් අප ඉඩමක් මිලදී ගතහොත් ඊට අදාල මුද්දර ගාස්තුවද ලක්ශගනනින් ඔවුන්ගේ ගිනුමට බැර කෙරේ.මෙ අනුව මධ්‍යම රජයේ භාණාගාරයට වර්ශිකව කෝටි ගණනක ආදායමද අහිමි වෙයි
එම මුදල් ප්‍රදේශයේ මහජන සේවාවන් සඳහා වැය කලයුතු වුවද ඒවා වැය කරණුයේ ඔවුන්ට යානවාහන ආදි සැප පහසු කම් සහ ඔවුන්ගේ සුඛවිහරණය සඳහා පමණි 1987 වන් විට අග්‍රාමාත්‍ය සහ පලාත්පාලන ඇමති වරයා වූ ප්‍රේමදාස අග්‍රාමාත්‍ය වරයා ගේ ඊනියා සන්කල්පයක් අනුව මෙම ප්‍රාදේෂීය සාභා පිහිටුවන ලද්දේ ඊට පෙර පැවති ගම්සභා ක්‍රමය වෙනුවට පරිපාලනය විමධ්‍යගත කිරීම යන සටන් පාටය අනුවය. ඒ අනුව ඊට පෙර එක කෝරලයකට එකක් වෂයෙන් පැවති ගම්සභා කීපයක් ඒකාබඩ්ධකොට එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට එක බැගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසහ්ස්යකට එක බැගින් දේශපාලන අධිකාරියක් වෂයෙන් මේවා පිහිටුවන ලදී. ප්‍රේමදාශ අගමැතිවරයාගේ අදහසක් අනුව සිදුකෙරුණු මින් සිදු වූයේ වසර ගනනාවක් තිස්සේ එක් කෝරලයකට එක බැගින් තිබුණු ගම්සභා ජාලය අහෝසිකොට ඒ වෙනුවට ප්‍රාදේසීය ලේකකම් කොට්ඨාසයකට එක බැගින් සුපිරි ප්‍රාදේශීය සභා ජාලයක් රටපුරා පිහිටුවීම පමණි.
මෙම ක්‍රමයේ අරමුණ වශයෙන් ප්‍රකාශිතවූයේ රජයේ සේවාවන් ගම්මට්ටමට විමධ්‍ය ගත කිරීමය. වියමධ්‍ය ගත කිරීමෙන් ගමට්ටමේ වඩා හොඳ සේවයක් ජනතාවට ලබා දීම වශයෙන් ප්‍රකාශ වින.එහෙත් ඇත්ත වශයෙන්ම සිදුවූයේ පන්ඩුකාභය් රජු කාලයේ සිට මේ රටේ පවති අපූරු ගම්ස්සභා නැතිවීම පමණි.
1. 1987 ට පෙර එක් කෝරලයකට එක්. ගම්සභාවක් බැගින් තිබුණි.ගම්සභා පරදේශය කොට්ඨාශවලට බෙදා තිබුණි.එක් ගම්සබා කොට්ඨාෂයක් නියෝජනයට එක් ගම් සභිකයෙක් සිටියේය. එකී ගමේ ගම්සභාවෙන් සිදු කළයුතු සියළුම කටයුතු එම ගම නියෝජනය කරන නියෝජිතයා හරහා සිදු කෙරින.සියළුම ගම්සභිකයින් පදින්චිව සිටියේ ඒ ඒ ගමේමය. සභිකයින් අතරින් එක් අයෙකු එම ගම්සභාවේ සභාපතිවර්යා වශයෙන් සබ්භිකයින්ගේ ච්නදයෙන් පත් වෙයි.
2.එම ක්‍රමය යටතේ ගම්වැසියන්ට තම ගමේදීම පාගමනින් හෝ බයිසිකලයකින් ගොස් ජනතාවට ලබාගත හැකිව තිබුණු සියළුම සේවාවන් ප්‍රාදේශීය මට්ටමට ගෙනගොස් රාජ්‍ය සේවය මද්‍යගත වීම නිසා පාගමනින් හෝ බයිසිකයකින් ගම්සභාවට ගොස් ලබාගැනීමට තිබුණු සේවාවන් ඇතැම්විට සැතපුම් 25-30 බස්වලින් ගොස් මුළු දවසක්ම ඒ වෙනුවෙන් නාස්ති කිරීමට සිදුවෙයි. එම තත්වය යටතේ ගම්සභාවට ගොස් අදාල කාර්‍ය ඉටුකරගෙන නිවසට පැමිණ තමන්ගේ කුඹුරේ හෝ හේනේ වැඩක් කර ගැනීමට ද හැකිවිය.
3. ඒසඳහා නව ක්‍රමය යටතේ බස්ගාස්තු ආදිය නිසා අධික වියදමක්ද දැරීමට සිදුවීම
4 මුලු දවසම ඒ වෙනුවෙන් කාලය නාස්ති වීම
5.පරන ක්‍රමය යටතේ ගම්සභාපති ගමේම කෙනෙක් නිසා ගැමිගෙදරට කිට්ටු මෙන්ම සුහද සම්භන්න්ධයක් ද තිබින.
6 අලුත් ක්‍රමය යටතේ සභාපති තම ගමේ කෙනෙක් නොවීම නිසා සේවා දායකයා සහ ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා සමඟ එවැනි කිට්ටු හෝ සුහද සම්භන්ධයක්ද නැතිවිය
7. නව තත්ව්ය යටතේ ප්‍රාදේශීය සභාව තවත් එක් රාජ්‍ය කාර්‍යාලයක් පමණි ගම්සභාවේ මෙන් ප්‍රාදේශීය සභා සමඟ කිට්ටු සම්බහන්ධතාවක්ද නැත.
8 .තවද ගම්සභාවක සභාපති වරයා , නියෝජිතයින් මෙන්ම එහි නිලධාරින්ද ගමේ වැසියන් සියලු දෙනාම ඉතා හොඳින් දන්නා නිසා රාජකාරි කටයුතු කරගැනීමද ඉතා පහසුය.
ඒ වෙනුවට නව ක්‍රමය යටතේ ගම්වැසියන්ගේ සහ ප්‍රාදේශීය සභාපතිවරුන් අතර කිසිදු දැන හැඳුනුමක් හෝ සුහද තාවයක්ද නැත.
මේ අනුව මෙම නව ක්‍රමයෙන් සිදුවූයේ පාර්ලිමෙන්තු ආසන මට්ටමේ නවපන්නයේ දේශපාලන අධිකාරියක් බිහිවීම පමණි. ඔවුන්ගේ ප්‍රධාන කටයුත්ත වූයේ තම පක්ෂයට ප්‍රදේශයේ ගමට්ටමින් චන්ද එකතු කිරීම මිස මහජන සේවයක් කිරිම නොවේ. ප්‍රාදේශීය මට්ටමේ සියලුම රජයේ කොන්ත්‍රාක් ගත්තේද ඔවුන්මය. තමන් අයත් දේශපාලන පක්ශයේ බලය නිසා නිතරම මෙන් සිදුකල තැනීම් ආදියද කෙටි කලකින් විනාශවන ගුනාත්මක බවින් අඩු ඒවාම විය.
1992 දි මේ අතරම ප්‍රාදේශීය ලේකම් වරුන්ද ප්‍රාදේශීය සභාපතිවරුන්ගේ ලේකම්වරුන් වශයෙන් පත්කිරීම සඳහාද වැඩපිලිවෙලක් අග්‍රාමාත්‍ය වරයා විසින්ම සකස්කොට තිබින. ශ්‍රී ලන්කා පරිපාලන සේවයේ වාසනාවට එම යෝජනාව අඩන්ගු අමාත්‍ය මණ්ඩ්ල සන්දේශය මා අතට පත්වූ නිසා පරිපාලන සේවා සන්ගමයෙ එවකට සභාපති වශයෙන් මා ඊට විරුද්ධව 1992 දී බන්ඩාරනායක සම්මන්ත්‍රණ සාලාවේ පැවති විරෝධතා රැස්වීමක දී එම තීරනයට විරුද්ධව කරුණු දැක්වීමෙන් පසුව එය පිළිගත් ප්‍රේම දාස ජනාධිපති වරයා එම තීරණය ඉල්ලා අස්කරගත් නිසා අදටත් ශ්‍රී ලන්ලන්කා පරිපාලන සේවය ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන ග්‍රහනයෙන් නිදහස්කර ගැනීමට මට හැකිවිය. මවිසින් එදා එසේ නොකළේනම් දිවයිනේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් අද ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගේ ලේකම් වරුන්ය. ෂ්‍රී ලන්කා පරිපාලනසේවයෙ අවශානාය්ද එය වීමට ඉඩ තිබිණ.
මහනුවර යුගය වනවිටත් මේ රටේ ගම් මට්ටමේ ගම්සභා මීටත් වඩා දියුණු තත්වයක පැවති බව පෙනේ, බ්‍රතාන්න්‍ය ජාතික සිවිල් සේවකයෙකු වූ ඩී. ඇෆ්. ඩික්සන් නමැති මධ්‍යම පලාතේ සිටි ආණ්ඩුවේ ඒජන්තගේ මේ සටහනින් ඒ බව මනාව පැහැදිළික්වේ.
A remarkable system of self-government strikingly developed in the village administration of the East”
තවදුරටත් පැරැනි ඉතිහාශය දෙස බැලීමේදී පැහැදිලිවන කරුණක් නම් මේ රටේ ගම්සභා ක්‍රමය ක්‍රිස්තු පූර්ව 394-307 රජකම් කළ පණ්ඩුකාබය රජුගේ නිර්මාණයක් බවය. එසේම පණ්ඩුකාභය රජු විසින් සමස්ථ ලන්කාවම ගම්වලට බෙදා, ගම් මායිම් සලකුණු කොට ගම් පාලනය කෙරුණ ක්‍රමයක් මේ රටේ තිබුණ බව පහත සඳහන් උපුටා ගැනීමෙන් පැහැදිළි වෙයි.
දසවස්සාභි සිත්තෝ සො පන්ඩු කාභ නරින්දජෝ
ලන්කා දීපම්හි සකලේ ගාමසීමා නිවේසයි මහවම්ස (10 පරිච්චේදය :103)
මෙවැනි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති ජාතියක් වන අපි අද සියළු දෙයටම බටහිර පාලන ක්‍රම පසුපසම යමින් දෑසපියාගෙන අන්ධකාරයේ අතපත ගාන ජාතියක් බවට පත්ව තිබීම කොපමණන නම් අභාග්‍යක් ද.