පරිපූරක වෛද්‍ය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටළු විසඳීම සඳහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සාධනීය මැදිහත් වීමක් නොවීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එලඹීම.
Posted on May 17th, 2025

G. A. Lesantha Chathuranga

මගේ අංකය: JCPSM/Gen/2025 (26)
දිනය: 2025.05.17

ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා
ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මැතිතුමා
සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා
අතිරේක සෞඛ්‍ය ලේකම් (පාලන) II චාමික H ගමගේ මහතා
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මැතිතුමා

පරිපූරක වෛද්‍ය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටළු විසඳීම සඳහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සාධනීය මැදිහත් වීමක් නොවීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එලඹීම.

  • මූලික හා ප්‍රධාන පර්ශ්වකරුවන් නොසලකා පක්ෂ දේශපාලනය අමාත්‍යාංශය තුලට ගෙන ඒම.
  • ලොව දියුණු යැයි සම්මත විවෘත සාකච්ඡාමය ප්‍රවේශය නොසලකා හැරීම.
  • ඉතා සරල, විසඳුම් සහිත ගැටළු සංකීර්ණ හා විසඳිය නොහැකි තත්වයට පත්කිරීම.

වර්තමාන සෞඛ්‍ය ප්‍රතිපත්තියට බවට පත්කර ඇති සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වැඩපිළිවෙලට එරෙහිව සිදු කරන එක් දින සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගය 2025.05.22 දින උදෑසන 8.00 සිට ක්‍රියාත්මක වේ.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ලෙස පරිපූරක වෛද්‍ය සේවාව තුල ඇති වන ඕනෑම ගැටළුකාරී තත්වයකදී සෞඛ්‍ය සේවා ලාභියාත්, සමස්ථ මහජනතාවත්, රජයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, සෞඛ්‍ය බලධාරීන් හා නිලධාරීන් මෙන්ම පරිපූරක වෛද්‍ය වෘත්තිකයාත් ආරක්ෂා කර ගනිමින් අදාල ගැටළු විසඳා ගැනීමට නිල මැදිහත්වීම සිදු කර ඇත. එසේම සමහර අනාගත ගැටළු පුරෝකථනය කරනමින් එවැනි ගැටළු ඇති වීමේ අවධානම පවා ඉවත් කර ගැනීමටත් අප විසින් කටයුතු කර ඇත.

කෙසේ නමුත් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉතාම උඩඟු ලෙස මෙම සාමය බිඳදමා ඇති අතරම රජයේ සහ පක්ෂයේ අනුදැනුම සහිතව හෝ රහිතව ඉතාම අත්තනෝමතික තීන්දු තීරණ ක්‍රියාවට නංවමින් පහත ගැටළු වලට අදාලව පරිපූරක වෛද්‍ය සේවාව හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර දැඩි විරසකයක් නිර්මාණය කරමින් පවතී.

  1. උසස්වීම් වලට අදාල ගැටළුව.
  2. සතිඅන්ත හා නිවාඩු දින දීමනා වලට අදාල ගැටළුව.
  3. උපාධිධාරීන් බඳවා ගැනීමට අදාල ගැටළුව.
  4. සීමාවාසික පුහුණුව යන නාමයට අදාල ගැටළුව.
  5. වැටුප් හා දීමනා විෂමතාවයන්ට අදාල එකඟතා නොසලකා හැරීමේ ගැටළුව.

සාකච්ඡා මාර්ගයෙන් උක්ත කරුණු විසඳා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ දායකත්වය ලබා ගැනීම සඳහා මෙතෙක් දැරූ සියළු උත්සහයන් ව්‍යවර්ත වී ඇති අතරම තවදුරටත් වෘත්තීය සමිති ලෙස මෙම අන්තනෝමතික ප්‍රතිචාරය අනුමත කිරීමට නොහැකි බවත් පෙන්වා දෙමු. ඒ අනූව මේ වන තෙක් සිදු වූ සියල්ල පිළිබඳ සලකා බලමින් අකමැත්තෙන් හෝ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අපතීර්ණ වීමට සිදුවී ඇති බව පෙන්වා දෙන අතරම සාකච්ඡා මාර්ගයෙන් උක්ත ගැටළු විසඳා ගැනීම සඳහා තව දුරටත් අප සූදානම් බවත් පෙන්වා දෙමු.

නමුත් ඊට අදාල කඩිනම් මැදිහත්වීම නොලැබෙන්නේ නම් 2025.05.22 වැනි දින යෝජිත සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස දක්වන ප්‍රතිචාරය මත ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බවත් ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමු.

ස්තුතියි!
මෙයට විශ්වාසී

රවී කුමුදේශ් – සභාපති
චානක ධර්මවික්‍රම – ලේකම්
ලෙසන්ත චතුරංග – උප ලේකම්

පිටපත්:

  1. සියළු රෝහල් හා සෞඛ්‍ය අයතන ප්‍රධානීන්
  2. සියළු අනුබද්ධ වෘත්තීය සමිති සහ සමස්ථ සාමාජිකත්වය
  3. සියළු මාධ්‍ය ආයතන

G. A. Lesantha Chathuranga

MSc in Service Management, University of Colombo, Sri Lanka

EMSc in Digital Marketing, Asia E University, Malaysia

BSc (Hons) In Biomedical Science, KAATSU International University, Sri Lanka

EDSMgt (UoC), HNDMLT (MoH), HNDIT (MoHE)

Medical Laboratory Technologist (MLT) Base Hospital – Balapitiya
Secretary of CMLS.SL & AHP | Executive Member of SLSMLS | General Secretary (SlagMLT) | Asst. Treasure (JCPSM)

Mobile (voice) – 0770094225
Viber, Whatsapp, imo, Skype, FB, Instagram – 0712684421

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress