නීති පැනවීමේදී පරිවර්තනයක් ලෙස දැක්වෙන ඉංග්‍රීසි භාෂාවෙන් පළවී ඇති නීතිය / පනත අනුව අර්ථනිරූපණය කිරීම ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමක්ද? බුක්තිවිදීමක්ද?
Posted on July 6th, 2025
අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ, සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාවේ නීති පැනවීමේ භාෂාව දක්වා ඇති අතර සිංහල සහ දෙමළ භාෂාවෙන් නීති පැනවීම, සෑදීම සහ පළ කිරීම කළ යුතු බවත් ඉංග්‍රීසි භාෂාවෙන් වූ පරිවර්තනයක් තිබිය යුතු බවත් දක්වා ඇත.
2. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇති බවත් එය අත්හළ නොහැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාවේ දක්වා ඇත.
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල භාෂා පාඨය සහ ඉංග්‍රීසි භාෂා පරිවර්තන පාඨය වෙනස් ය.
4. ඉංග්‍රීසි භාෂාවෙන් පළකරන පරිවර්තනය අනුව නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාවේ නීති පැනවීමේ භාෂාව අනුව නීතිය අර්ථනිරූපණය වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 23වන ව්‍යවස්ථා අනුව ජනතාවගේ පරමාධිපත්‍යය නිරූපණය කරයි.
5. එසේ හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාව අනුව පළකර ඇති ඉංග්‍රීසි භාෂා පරිවර්තනය අනුව නොව නීති පැනවීමේ භාෂාව වන සිංහල සහ දෙමළ භාෂා පාඨ අනුව නීති අර්ථනිරූපණය විය යුතු අතර එකී සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර අනනුකූලතාවයක් මතු වුවහොත් බලපැවැත්විය යුත්තේ කවර භාෂා පාඨයද යන්න පාර්ලිමේන්තුව විසින් තීරණය කරන අතර එය සිංහල භාෂා පාඨය බව පාර්ලිමේන්තුව තීරණය කර ඇත. (ඉංග්‍රීසි භාෂාවෙන් ඇත්තේ පරිවර්තනයක් හෙයින් ඒ ගැන සළකා බැලීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වා නැත)
ඒ අනුව නීති පැනවීමේදී පරිවර්තනයක් ලෙස දැක්වෙන ඉංග්‍රීසි භාෂාවෙන් පළවී ඇති නීතිය/ පනත අනුව අර්ථනිරූපණය කිරීම ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමක් හෝ බුක්ති විඳීමක් නොවන බව කිව හැකිය.
http://neethiyalk.blogspot.com/2025/07/blog-post.html?m=1
අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col) නීතීඥ,
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
2025.07.05