පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටකළ බහාලුම් ගැන CIDයට ප්‍රකාශයක් දෙන්න ගිය විමල් එළියට ඇවිත් හෙළිකරපු සුවිශේෂී හෙළිදරව්ව මෙන්න.. (වීඩියෝ)
Posted on July 9th, 2025
උපුටා ගැන්ම ලංකා ලීඩර්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ විමර්ශන ඒකකය විසින් ”ශ්‍රී ලංකා වරාය වෙත ආනයනය කරන ලද බහාලූම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව ශ්‍රී ලංකා රේගුව මඟින් නිදහස් කිරීම” සම්බන්ධව ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද දින එම ඒකකයට කැඳවා තිබිණි.
ඒ අනුව ඒ මහතා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම ඒකකය හමුවට ගොස් තම ප්‍රකාශය ලබාදීම සිදුකරන ලදී.
පසුව පිටතට පැමිණි විමල් වීරවංශ මහතා පවසා සිටියේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට අයත් එක්ස් ෆෝ ලංකා ආයතනයට අයත් බහාලුම් කන්ටේනර් මේ තුළ තිබූ බව තමා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළ බවත්, පසුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා තමා එම ආයතනයත් සමග දැන් සබඳතාවක් නැති බව ප්‍රකාශ කර තිබූන ද එම ආයතනයට අයත් කන්ටේනර් කිසිවක් මෙහි නොතිබූ බවට ඔහු සඳහනක් කර නොතිබූ බවත් ය.
එමෙන්ම රෝහණ විජේවීර චරිතාපදානය ගැන චිත්‍රපටයක් කිරීම සඳහා මුදල් යෙදවූ සහ ජනතා විමුක්ති පෙරමුණේ පසුගිය මැතිවරණ සමයේ වේදිකා නිර්මාණය කිරීමට සම්පූර්ණයෙන් මුදල් යෙදවූ අමෙරිකාවේ දැනට වාසය කරන පුද්ගලයකුට අයත් එතනෝල් කන්ටේනර් ප්‍රමාණයක් ද මේ අතර තිබූ බවට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අනාවරණය කළ බවත් ඒ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න..