1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 2වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස 1978 ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව පවතින හෙයින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය බලාත්මක වන ආකාරය.
Posted on July 17th, 2025

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ, සමායෝජකවෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. 

1. 1815 උඩරට ගිවිසුම මගින් බ්‍රිතාන්‍යය කිරීටය විසින් මෙරට විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය යටත් කර ගැනීමෙන් පසු බ්‍රිතාන්‍යය අලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාලනය කිරීම සිඳු විය.

2. 1947 ඩොමීනියන් නිදහස ලබා දුන් සෝල්බරි ව්‍යවස්ථාව සහ සියළු ආඥා පනත් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැනවීය.

3. 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට නීති පැනවුවද බ්‍ර්තාන්‍ය අලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බිහිකළ සෝල්බරි ව්‍යවස්ථාව හෝ ආඥා පනත් සිංහල භාෂාවෙන් ලබා දීමට කටයුතු නොවූ අතර අවසන් අධිකරණ බලය බ්‍රිතාන්‍ය රාජාධිකරණය සතුවිය.

4. 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ගෘන්නෝමයක්/ නෛතික විප්ලවයක් මගින් වගන්ති 134කින් යුත් පළවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 මැයි මස 22වන දින පාර්ලිමේන්තුව විසින් පනවා ව්‍යවස්ථාදායකය ජාතික රාජ්‍ය සභාව බවට පත්වීමෙන් පසු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කර පැනවීම සිඳුවිය.

5.1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි ව්‍යවස්ථාව මගින් සිංහල භාෂාවෙන් නීති පැනවීම සි‍ඳුකළ යුතු බවත් දෙමළ භාෂාවෙන් පරිවර්තනයක් විය යුතු බවත් දැක්වා ඇත.

6. එසේම නීතියක් සඳහා ඉදිරිපත් කරන සෑම පනත් කෙටුම්පතක්ම සිංහල භාෂාවෙ ඉදිරිපත් කළ යුතු බවත්, දෙමළ භාෂාවෙන් පරිවර්තනයක් සහිතව ගැසට් පත්‍රයේ පළ කළයුතු බවත් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 වන වගන්තියේ දක්වා තිබුණි.

7. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් එහි X පරිච්ඡේදය මගින් දක්වා ඇති අතර, ඒ අනුව ජාතික රාජ්‍ය සභාවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුළුව මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් යටත් පිරිසෙන් 2/3ක ඡන්දයෙන් සම්මත වුවහොත් එහි 49වන වගන්තිය යටතේ කතානායකවරයා විසින් සහතිකය යෙදීමෙන් පසු එහි 48වන වගන්තිය යටතේ නීතියක් විය.

8. ඒ අනුව 1978 ජූලි මස 21 වන දින පැවති මැතිවරණයෙන් පත් වූ  ජාතික රාජ්‍ය සභාව විසින් උත්තරීතර නීතිය ලෙස අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ( ව්‍යවස්ථා 172කින් යුත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව) පැනවූ අතර එය 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 2වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වූ අතර 1වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වූයේ විධායක ජනාධිපති ධූරයට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමය.

9. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය අනුව දෙමළ භාෂාවෙන් පරිවර්තනයක් සහිතව සිංහල භාෂාවෙන් 1978 ආණ්ඩුක්‍රම පැනවීම සිඳුකර ඇත.

10. ඉහත කාරණා සැළකීමේදී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය බලාත්මක වෙයි.

http://neethiyalk.blogspot.com/2025/07/1972-2-1978-1978.html?m=1

අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col) නීතීඥ,
සමායෝජකවෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394   

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress