වැරදි ඉංග්‍රීසි පරිවර්තන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්බුදයක…
Posted on July 19th, 2025

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ,සමායෝජකවෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. 


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඉංග්‍රීසි භාෂා පරිවර්තනය යොදා ගෙන ජනතාවගේ පරමාධිපත්‍යය අත්හැරවූ, අහිමිකළ නීතියේ බලවතුන්ට එරෙහිව ජනාධිපතිතුමා නීතිය ක්‍රියාත්මක කරයිද?

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල භාෂා පාඨය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වී නැත. (83.b)

2. එනම් එහි ඉංග්‍රීසි භාෂා පරිවර්තනය මගින් ජනාධිපති ධූරකාලය හෝ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා අඩු කිරීමට ජනමතවිචාරණයක් පැවැත්වීම වළක්වා ඇති නමුත් එහි වලංගු සිංහල භාෂා පාඨය මගින් ජනාධිපති ධූරකාලය හෝ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා අඩු කිරීමටද හෝ වැඩිකිරීමටද ජනමතවිචාරණයක් පැවැත්වීමට නියම කර ඇත.

3. ඉංග්‍රීසි භාෂා පරිවර්තන පාඨය මගින් ජනාධිපති ධූරකාලය හෝ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා අඩු කිරීමට ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී ජනතාවගේ ජනමතවිචාරණ ඡන්ද බලය අත්හැරවා,
අහිමි කරවා ඇත.

4. එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ වැරදි ඉංග්‍රීසි භාෂා පරිවර්තනය නිවැරදි කරන ලෙස නීතීඥවරුන් 200ක් පමණ සහ පුරවැසියන් මේ වනවිට ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමට අත්සන් කර ඇත.

5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ වැරදියට පරිවර්තනය කර ඇති ඉංග්‍රීසි භාෂා පාඨය වැරදියට යොදාගෙන/ අවභාවිත කර, ජනතාව නොමඟ යවා නීතියේ බලවතුන් කිහිප දෙනෙකු විසින් ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා අඩුකරගෙන ඇත.

6. ජනතාවගේ පරමාධිපත්‍යයේ අංගයක් වන ජනමතවිචාරණ ඡන්ද බලය වැරදි ඉංග්‍රීසි පරිවර්තනය අවභාවිතා කරමින් ජනතාවගේ පරමාධිපත්‍යය (ජනමතවිචාරණ ඡන්ද බලය) අත්හැරවූ සහ අහිමි කළ අයට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කර ද‍ඬුවම් කළ යුතුය.

7. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනය නිවැරදි කරන ලෙස නීතීඥවරුන් සහ පුරවැසියන් විසින් ගරු ජනාධිපතිතුමා වෙත කරන ඉල්ලීම එතුමා වෙත ලැබීමෙන් පසු  ජනතාවගේ පරමාධිපත්‍යයේ අංගයක් වන ජනමතවිචාරණ ඡන්ද බලය වැරදි ඉංග්‍රීසි පරිවර්තනය අවභාවිතා කරමින් අත්හැරවූ සහ අහිමි කළ අයට එරෙහිව එතුමා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ යුක්තිය අගයන ජනතාව අවධානයෙනි.

http://neethiyalk.blogspot.com/2025/07/blog-post_18.html?m=1

අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col) නීතීඥ,
සමායෝජකවෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394   
(2025.07.18)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress