අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවසන් ලියවිල්ලක් සකස්කර නෑ.. හරිනි කරන්නේ පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක්.. – බිමල් කියයි
Posted on July 23rd, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අවසන් කෙටුම්පතක් හෝ නිශ්චිත යෝජනාවලියක් මෙතෙක් සකස් කර නොමැති බව සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රකාශ කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව හෙට (24) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරනු ලබන ‘පවර් පොයින්ට්’ ඉදිරිපත් කිරීමක් හෝ වෙනත් ලියවිල්ලක් මත පදනම්ව දැනට සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමාත්‍ය රත්නායක මහතා පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් විය යුත්තේ අධ්‍යාපන විශේෂඥයන්, විෂය ප්‍රවීණයන් සහ විවිධ සමාජ කණ්ඩායම්වල අදහස් මත පදනම්ව බවද ඔහු අවධාරණය කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress