බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසිද? – ඒකීය රටක් වෙනුවෙන් අපි එකමුතුව ජනපති අනුරගෙන් අසයි..
Posted on July 23rd, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

හිනිදුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයා  විසින් ඉකුත් දා රූපවාහිනී වැඩසටහනක දී බුද්ධ ශාසන අමාත්‍යංශයක් දැන් නැති බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකීය රටක් වෙනුවෙන් අපි එකමුතුව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකරමින් ඒ පිළිබඳව විමසීමක් කර ඇත.

 අදාළ ලිපිය පහළින්..

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

ජනාධිපති කාර්යාලය,

කොළඹ 1.

ගරු ජනාධිපතිගේ අවධානයට,

බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසිද?

පසුගිය දිනක ගරු. මහාචාර්ය. හිනිදුම සුනිල් සෙනෙවි ඇමතිතුමා විසින් මධයේ ප්‍රකෂවූ බුද්ධශාසන අමාත්‍යංශය අහෝසි බාව යැයි ජනතාව අතර මතයක් ඇතිවී ඇති අවස්ථාවක, අප විසින් බුද්ධශාසන අමාත්‍යංශයේ වෙබ් පිටුව පරික්ෂා කිරීමේදී, එදා, තිබුණු බුද්ධ ශාසන අමාත්‍යංශය වෙනුවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය” වශයෙන් සඳහන් වේ.

ඉදිරියට සොයා බැලීමේදී, මේ වෙබ් අඩවියට පිවිසීමේදී අප දුටු දෙයක් වනුයේ, මේ වෙබ් පිටු 2025 අප්‍රේල් මාසයේ නැවත සංස්කරණය කොට ඇතිබව පෙනේ.

නමුත්, මෙහි සඳහන් අනෙකුත් පිටු පරීක්ෂණ වෙනුවෙන් සඳහන් ලින්ක් සොයා බලද්දී පෙනී ගියේ “බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව” සහ “හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව” සඳහන් වෙබ් පිටු වසා හෝ මෙය හිතා මතා කගේ වුවමනා වකට විය හැක. මෙය ඔබගේ පක්ෂයේ උවමනාවකට විය හැකිය.

මෙවැනි වෙබ් අඩවියක් පවත් වන්නේ, ඕනෑම පුද්ගලයෙකුට හෝ විදේශිකයෙකුට මේ මගින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ බෞද්ධ කටයුතු, බෞද්ධ ස්ථාන ගැන දන ගැනීමට පිණිස වේ.

මේ අවස්ථාවේ, මේ පිටු වසා ඇත්නම්, මොවුන්ට මේ විස්තර වලට පිවිසීමට භාදාවක් නොවේද? මෙය සිත මත කල දෙයක් බව හැගේ. මේ පිටු වල ඇති විස්තර වසාදැමීම රජය විසින් සිත මතා හෝ කට හෝ කඩේ යන බව හැගේ.

එම නිසා, වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වෙබ් පිටු කාලීනව සකසන්න.

මේ රටේ උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල අවුරුදු 2000 වැඩි ඉතිහාසයක් ඇති, ඓතිහාසික උරුමය මහාවංශය වැනි පුරාණ වංශකථාවල සඳහන් වන්නේ දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 3 වන සියවස) මෙම ස්ථානයේ හෝ ඒ ආසන්නයේ මුල් තිස්ස මහා විහාරය ආරම්භ කළ බවත්, එය උතුරු ශ්‍රී ලංකාවේ සැලකිය යුතු මුල් බෞද්ධ විහාරස්ථානයක් බවට පත් කළ බවත්ය. මේ තිස්ස මහා විහාරය සතු අක්කර 15ක් සහ මුල් පන්සල් අඩිපාර අක්කර ~1.25 බව සඳහන් වේ.

එදා බුදුරජනන්වනස ලංකාවට වැඩමකළ නාගදීප විහාරය ඉතිහාසයේ සඳහන් වේ, එමෙන්ම, 1980 ගණන්වල දෙමළ අන්තවධින් විසින් මේ නාගදීප විහාරය කඩා දැමු බව මතකද?

පුරාණ වංශකථාවල සඳහන් වන්නේ අවුරුදු 2000 ඉහතදී මේ රටේ විශිෂ්ට රජෙකු වූ, දුටුගැමුණු රජුගේ පියාණන් විසින් ඉදිකළ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පොතුවිල් ප්‍රදේශයේ අක්කර 264 ඉදිකළ  “මුහුදු මහා විහාරය” සඳහන් වේ. අද අන්තවධින් විසින් බලහත් කාරයෙන් මේ විහාරයට අයිති ඉඩම් අත්පත් කරගෙන සහ 1951 රජයේ ගැසට් එකට අනුව අක්කර 72 වුවද 2023දී මෙය අක්කර 56 බව සඳහන් වේ.

මෙයට අමතරව මහනුවර රජ දවසේ, මහා නුවර දළදා මාලිගාවට පුජා කළ අක්කර 85 භුමිය අද අනෙකුත් පුද්ගලයින් විසින් පරිහරණය සහ එම භූමියට අයත් කොටස් වල අන්‍යාගම් ඔවුන්ගේ පල්ලි සතුව ඇත.

රජය, හිතාමතා මේ වෙබ් පුටුවලින්, මේ බෞද්ධ උරුමයන් සහ අනෙකුත් දේ වසා මේ කරන්නේ දෙමළ ඩයස්පෝරාවට කඩේ යැමක්ද? එසේ නොමැති නම්, විදේශ බලවේග සහ අන්‍ය ආගම් වලට සහය දැක් වීමක්ද? එසේ නොවේ නම් නිරගාමී පිළිවෙතක් ද? මේ බුද්ධ ශාසන අමාත්‍යංශය අහෝසි කොට  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය” වශයෙන් වෙනස් කිරීම කගේ උවමනා වකටද?

එම නිසා, වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වෙබ් අඩවිය නැවත පිළිසරණ කොට, අපේ බෞද්ධ උරුමයන් සඳහන් විස්තර ඇතුලත් කරන්න. මේ රටේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ උරැමයන් මහා වංශයට අනුව සකස් කරන්න.

2025 අප්‍රේල් මස සංස්කරණ කල මේ වෙබ් අඩවිය අදට මාස 3කට කාලයක් ගතවී ඇතත්, මේ දක්වා මෙය සකස් නොකොට කරන්නේ, ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුත් සහ බෞද්ධ ඉතිහාසය වසා දැමීමක් නොවේද?

මේ අවස්ථාවේ, කැනඩාවේ ඩයස්පෝරාව විසින් උතුරු නැගෙනහිර වෙන් කරන මෙන්, ඔබ ජනාධිපති වී බලයට ආ විගස ඉල්ලා

ඔබ වෙත ඉල්ලමින් ලිපියක් ඒවා තිබුණු අතර, මේ සනාථ කිරීමටද? විදේශයට පෙන්වීමට ද? මේ  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය” වෙබ් පිටුවෙන් බෞද්ධ ඉතිහාසය මකා දැම්මේ කුට උපක්ක්‍රමයක් හෝ රජයේ උවමනාවට මේ රටේ බෞද්ධ උරුමයන් වසා දැමීමේ පිළිවෙතක් ද?

මේ රටතුළ, ජාතිභේද, අගම්භේද, ජතිවධින් අවශ්‍ය නොවේ. මේ රට, ඒකීය රටක්තුළ සැමටම එකසේ ජිවත්වීමේ ක්‍රම වේදයක් සහ නීති පද්ධතියක් සදහන් කරන්න.

මේ රට රැක ගැනීම, මේ රටේ ජනතාව පත් කරන රජයන් සහ ආණ්ඩු වල වග කීමක්. සියලුම පාලකයින් බලයට පැමිණ දිවුරුම් දෙන්නේ මේ රටේ බෞද්ධ උරුමයන් සහ බුද්ධ ශාසනය රැක ගන්නවා බවට සහ සියලුම ජාතින්, ආගම් ආරක්ෂා කොට රට රැක ගන්න බවය.

අපි බෞධයන් හැටියට ඉල්ලා සිටින්නේ මේ වෙබ් පුටු සියල්ලම නිසි පරිදි සකසන්න, එමෙන්ම බුද්ධ ශාසන අමාත්‍යංශය නැවත ස්ථාපනය කොට සහ අනෙකුත් ආගම් කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශ එක අමාත්‍යවරයෙක් වීම ගැන කිසිදු වරදක් නොවේ.

මෙයට, ඒකීය රටක් වෙනුවෙන් අපි එකමුතුව.

ජයන්ත වෙදසිංහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress