නීතීඥවරුන් 209ක් ජනාධිපතිතුමාගෙන් නිවැරදි කිරීමට ඉල්ලන ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෝෂය විධායකය සහ ව්‍යවස්ථාදායකය මේ දක්වා නොදැන සිටියේ ඇයි?
Posted on July 24th, 2025
අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ, සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස නීතීඥවරුන් 209ක් ජනාධිපතිතුමාගෙන් මේ වන විට ඉල්ලීම් කරන (2025.07.09 දින සිට දින සිට දින කිහිපයක් ඇතුළත මෙම ඉල්ලිම් කිරීමට නීතීඥවරුන් 209ක් අත්සන් කර ඇත) අතර මෙම ඉල්ලීම 2025 ජූලි මස අවසන් සතියේදී ජනාධිපතිතුමා වෙත බාර දීමට දිනයක් සහ වේලාවක් ලබා ගැනීමට ජනාධිපති ලේකම්තුමා වෙතින් ඉල්ලීමක්ද කර ඇත.
නීතීඥවරුන් ඇතුළු පුරවැසියන් විසින් අත්සන් කර ඉදිරිපත් කරන මෙම ඉල්ලීම ජනාධිපතිතුමා වෙත බාරදීමට දිනයක් සහ වේලාවක් ලබා ගැනීමට ජනාධිපති ලේකම්තුමා වෙත යොමු කරන ලද ලිපිය ජනාධිපති කාර්යාලය වෙත ලැබී ඇති බවත් යොමු අංකය:- PS/2025/07/22/63322 බවත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2025.07.22 දින දන්වා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනයේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය මගින් දැක්වෙන ආකාරයට ජනාධිපති ධූරකාලය හෝ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා අඩු කිරීමට ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී ජනමතවිචාරණයක් පැවැත්වීම වළක්වා ඇති අතර ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් ලෙස පළ කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නියම කර ඇත්තේ ජනාධිපති ධූරකාලය හෝ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා වැඩි කිරීමට ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී පමණක් ජනමතවිචාරණයක් පැවැත්වීමටය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය මගින් දැක්වෙන ආකාරයට ජනාධිපති ධූරකාලය හෝ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා අඩු කිරීමටද හෝ වැඩිකිරීමටද ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතකටද ජනමතවිචාරණයක් පැවැත්වීමට නියම කර තිබුණද එය ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් ලෙස පළකර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිවැරදිව දක්වා නැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය මෙසේය.
30 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහාත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්රතියෝජනය කිරීම හෝ සදහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධූර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට,
ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් ලෙස පළ කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය මෙසේය.
Bill for the amendment or for the repeal and replacement of or which is inconsistent with the provisions of paragraph (2) of Article 30 or of paragraph (2) of Article 62 which would extend the term of office of the President or the duration of Parliament, as the case may be, to over six years,
නීතීඥවරුන් 209ක් ජනාධිපතිතුමාගෙන් නිවැරදි කිරීමට ඉල්ලන ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදයේ පවතින දෝෂය විධායකය සහ ව්‍යවස්ථාදායකය මේ දක්වා නොදැන සිටියේ ඇයිද යන්න ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ නීතියේ පාලනය සම්බන්ධයෙන් වැදගත් කතිකාවක් පුරවැසියන් අතර ආරම්භ කරනු ඇත.
(මෙවැනි දෝෂ ඉංග්‍රීසි භාෂාවෙන් පළ කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් තිබේද යන්න විද්වතුන් විසින් අවධානය යොමු කළ යුතුය.)
http://neethiyalk.blogspot.com/2025/07/209.html?m=1
අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col) නීතීඥ,
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
(2025.07.23)