NDT ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් විරෝධතා බැනරයක් අත්සන් තැබීම
Posted on July 25th, 2025
NDT ශිෂ්‍ය සංගමය – මොරටුව විශ්වවිද්‍යාලය
මේ වනවිට ශිෂ්‍යයන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනම් ඉවත් කර ගැනීමත්, විශ්වවිද්‍යාලය තුල පවත්වාගෙන යන මිලිටරි පාලනය හෙළා දැකීමත්, අධ්‍යක්ෂකවරයා විසින් සිසුන්ගේ අධ්‍යාපනයේ නිදහසට දිගින් දිගටම බාධා කිරීමට විරුද්ධත්වය පළකිරීමත් යන කරුණු අරමුණු කොටගෙන NDT ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් විරෝධතා බැනරය අත්සන් තැබීම ජූලි 25 වන දින එනම් අද දින මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණ ආයතනය පරිශ්‍රයේ දී සාර්ථකව පැවැන්වුනි.
එහිදී NDT ශිෂ්‍ය සංගමය මූලිකත්වයෙන් විශ්වවිද්‍යාලයීය සිසුන් සමගින් එක්ව අද දින විරෝධතා බැනරයකට අත්සන් තැබීම සිදුකරනු ලැබුවා. දීර්ඝ කාලයක් පුරාවට පරිපාලනයේ පවතින ගැටලු, නේවාසිකාගාර ගාස්තු පිළිබද ගැටලු, අසාධාරණ ලෙස පනවන ලද පන්ති තහනම් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික නිදහස විශ්වවිද්‍යාලය තුල පවතින මිලිටරි පාලනය, වත්මන් ඩිප්ලෝමාව උපාධියක් දක්වා වැඩිදියුණු කිරීම ආදී කරුණු බොහෝමයක් මුල් කරගෙන පවතින පරිපාලනයට විරුද්ධත්වය පෙන්වීමක් ලෙසින් මෙය සිදු කරනු ලැබීය. එමෙන්ම මේ සදහා බලධාරින්ගෙන් සාධාරණ පිළිතුරක් ලැබෙන තෙක් ශිෂ්‍ය ක්‍රියාමාර්ගයන් අඛණ්ඩව සිදුකරගෙන යන බවට ශිෂ්‍ය සංගමය අවධාරණය කළේය.