ඉතිහාසය නැතිකරන්න හදන්නේ ජාතික අනන්‍යතාවක් සහිත පුද්ගලයින් බිහිවීම වැළැක්වීමටයි.. එය දේශපාලනික කාරණාවක් – සොනාල ගුණවර්ධන (වීඩියෝ)
Posted on July 26th, 2025
උපුටා ගැන්ම ලංකා ලීඩර්
රටේ ජාතික අනන්‍යතාවක් සහිත පුද්ලයකු බිහිකිරීම සඳහා අවශ්‍ය වන ඉතිහාසය විෂය නැති කිරීම සඳහා කිසිවෙකුට හෝ උවමනාවක් තිබේද යන්න දේශපාලනික කාරණාවක් බවත්, එසේ අවශ්‍යතාවක් ඇත්නම් එය කරන්නේ මේ රටේ ජාතික අනන්‍යතාවක් සහිත පුද්ගලයකු බිහිකිරීම නැවැත්වීම සඳහා බවත් පුහුණු උපදේශක සොනාල ගුණවර්ධන මහතා පවසයි.
එබඳු පුද්ගලයන් ඕනෑම ආකාරයකට පාලනය කළ හැකි බවත්, සඳහන් කරන ඒ මහතා සියලුම විෂයන් ඉගෙනීමේදී ඉතිහාසය අනිවාර්යෙන් එම විෂයන් තුළ පවතින බවත්, එහිදී ඉතිහාසය හැදෑරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් සඳහන් කරයි.