වර්තමානයේ කෘෂිකර්ම ක්ෂේත්රය මුහුණ දී ඇති අර්බුදය විසඳීම
Posted on October 27th, 2021
කෘෂිකාර්මික ක්ෂේත්රයේ නියුතු විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන් සහ දෙපාර්තමේන්තු කිහිපයක ඉහළ තනතුරු දැරූ පිරිසක්
2021 ඔක්තෝබර් 25
මහාචාර්ය උදිත් ජයසිංහ මුදලිගේ,
ලේකම්,
කෘෂිකර්ම අමාත්‍යාංශය
මහාචාර්යතුමනි,
වර්තමානයේ කෘෂිකර්ම ක්ෂේත්රය මුහුණ දී ඇති අර්බුදය විසඳීම
කෘෂිකර්ම ක්ෂේත්රයේ සේවයේ නියුතු ස්වාධීන, ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකික විද්‍යාර්තීන් හා විද්‍යාඥයින් පිරිසක් වශයෙන්, අද වන විට අප රට මුහුණ දෙමින් සිටින කෘෂිකාර්මික ක්ෂේත්රයේ අර්බුදය විසඳීම සඳහා, වර්තමාන රජයේ නිරෝගීමත් ජාතියක් බිහිකිරීමේ සහ හරිත කෘෂිකාර්මික දැක්මට අනුගතව, ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙලක් රජයට යෝජනා කිරීමට කැමැත්තෙමු. අප විසින් ස්වාධීන කැමැත්තෙන් අත්සන් කරනු ලබන මෙම ලිපිය මඟින්, ගොවීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු, සියලු පාර්ශවකරුවන්ට එකඟ විය හැකි විසඳුමකට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
වර්තමානයේ ගොවි ජනතාව විසින් මහ කන්නයට වගාවන් සිදුකිරීම සඳහා අවශ්‍ය පොහොර සහ කෘෂි රසායන ඉල්ලා සිටිමින් රට පුරා සිදුකරනු ලබන උද්ඝෝෂණ දිනෙන් දින උග්‍ර තත්ත්වයට පත්වෙන වටපිටාවක් තුල, සහ එම කාබනික යෙදවුම් නිසි පරිදි, නිසි ප්‍රමාණවලින්, නිසි කලට ගොවීන්ට ලබා දීමේ දී මතුවූ විවිධාකාර පරිපාලනමය අර්බුදයන් සලකා බැලීමේදී කන්නයක් හෝ දෙකක් තුල සම්පුර්ණ කෘෂිකාර්මික පද්ධතියම කාබනික වගාවට යොමුකිරීමේ ඇති ප්‍රායෝගික ගැටලු මේ වනවිටත් සියලු දෙනාටම අවබෝධ වී ඇති බව අපහට සහතිකය.
නිරෝගිමත් ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීම සඳහා වූ අතිගරු ජනාධිපතිවරයාගේ දැක්ම අප ඉතා අගය කරනු ලබන අතර, ඒ සඳහා ඔහුට අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම සඳහා තෝරාගත් උපදේශකවරුන්ගේ සාවද්‍ය සහ නොමඟයවන සුළු උපදේශ මත, මෙහි සැබෑ අරමුණ කරා ළඟාවීමට අවශ්‍ය උපායමාර්ගය හෝ නිවැරදි වැඩපිළිවෙල ඉදිරිපත් නොවුණි. මෙහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ඉතා විශාල අර්බුදයකට ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය තල්ලු වීමයි. විශේෂයෙන්ම පසුගිය වකවානුව තුළ අතිගරු ජනාධිපතිතුමාට ඉතාමත් සමීපව උපදෙස් දුන් ඇතැමෙකු කෘෂිකර්ම විෂයට අදාළ මුලික සිද්ධාන්තයන් සියල්ල නොදැන හෝ නොසලකා මෙම උපදෙස් ලබා දී ඇති බව අප හට ඉතා පැහැදිලිය. එමෙන්ම මෙයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ඇතැමෙක් තමන්ගේ ඇඟ බේරාගැනීමේ” ආකල්පය අනුගමනය කරමින්, ජනාධිපතිතුමා සතුටු කිරීමේ අභිප්‍රායයෙන් පමණක්, හරි වැරදි සියල්ලටම එකඟතාවය පල කිරීම මත මෙම වැඩපිළිවෙල සඳහා අවශ්‍ය නිවැරදි ක්‍රමවේදය ගොඩනැගීමට අසමත් වී ඇත.
වර්තමාන රජයේ අරමුණු යථාර්තවාදීව සාක්ෂාත් කරගනු පිණිස, ලෝකයේ වෙනත් රටවල්වල සාර්ථක අත්හදාබැලීම් සහ අප රට තුළ කාබනික වගාවන්ට ඇති සැබෑ විභවයන් සහ ඊට අදාළ නවතම තාක්ෂණයන් සංකලනය කරමින් කාර්යක්ෂම ක්‍රියාකාරී වැඩපිළිවෙලක් යෝජනා කිරීම අපගේ අභිලාශය වේ.
මෙම වැඩපිළිවෙල අතිගරු ජනාධිපතිතුමා හමුවේ ඉදිරිපත් කොට ඒ පිළිබඳව එතුමා සමඟ සාකච්ඡා කිරීම සඳහා අපගේ නියෝජිතයන් පිරිසකට අවස්ථාව සලසා දෙන මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙයට විශ්වාසී,
–
| නම | තනතුර | විශ්වවිද්‍යාලය | |
| ඩී කේ එන් ජී පුෂ්පකුමාර | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ඩබ්. ජේ ඒ එම් කොස්තා | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| දේවිකා ද කොස්තා | මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| බුද්ධි මාරඹේ | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| සමන් ධර්මකීර්ති | මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| කේ කේ අයි යූ අරුණ කුමාර | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| නාලිකා රණතුංග | මහාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| නිලන්ත ලක්ෂ්මන් | මහාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| ආර් එම සී පී රාජපක්ෂ | මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| වර්ෂි දන්දෙනිය | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| මොජිත් ආරියරත්න | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ප්‍රදීප් ගජනායක | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය | |
| ගුත්තිල යුගාන්ත ජයසිංහ | මහාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| ගංගානී චන්දිමා සමරවීර | මහාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| ජී තිරුක්කුමාරන් | මහාචාර්ය | යාපනය විශ්වවිද්‍යාලය | |
| ඩබ් එම ඩබ් වීරකෝන් | හිටපු අධ්යක්ෂ ජෙනරාල් | කෘෂිකර්ම දෙපාර්තමේන්තුව | |
| ජීවිකා වීරහේවා | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| එච් එම් ගුණතිලක | හිටපු අධ්‍යක්ෂක | ආසියානු සංවර්ධන බැංකුව, පිලිපීනය | |
| අනුරුද්ධ කරුණාරත්න | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| චම්මි අත්තනායක | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| බී සී වල්පොළ | මහාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| ඩබ් ඒ යූ විතාරණ | මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| පරාක්‍රම වෛද්‍යනාත | හිටපු සභාපති | පොල් පර්යේෂණ මණ්ඩලය | |
| අජිත් සිල්වා | හිටපු අතිරේක ලේකම් | පරිසර අමාත්‍යංශය | |
| ඊ ආර් ජී සමරකෝන් | කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| සමන්ත දිසානායක | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| නුවන් ද සිල්වා | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ප්‍රදීපා කෝරලේගෙදර | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ප්‍රසාද් නීලවල | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය | |
| ඩබ් එම් එම් පී හුළුගල්ල | කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| පී ආර් එම් කේ ප්‍රනාන්දු | කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ජේ එම් සෙනෙවිරත්න | හිටපු අධ්‍යක්ෂක | අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව | |
| සරත් පී නිස්සංක | මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| එස් ඒ අරුණප්‍රිය | හිටපු අතිරේක ලේකම් | කෘෂිකර්ම අමාත්‍යාංශය | |
| වෙනුර හේරත් | මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ප්‍රදීපා සිල්වා | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| අවන්ති ඉගලවිතාන | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| එස් විජේතුංග | මහාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| ඊ එම් ජී පී හේමචන්ද්‍ර | කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ඉඳුනිල් පතිරණ | මහාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| එච් බී පී සඳනි | කථිකාචාර්ය | විවෘත විශ්වවිද්‍යාලය | |
| වී එන් එස් සිරිමල්වත්ත | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ඩබ් එන් යූ පෙරේරා | කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| සඳරුවන් සුබසිංහ | කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ජිනේන්ද්‍ර බාලසූරිය | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| ඩබ් ඩී ජී ලක්මිණි | මහාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| දේශප්‍රිය රත්නායක | මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ගයාත්‍රි බෙලිගල | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය | |
| පී පී රුවන්පතිරණ | කථිකාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| ඒ ඒ එම් සුබෝධිනී | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| ඒ එල් සන්දික | මහාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| ඒ එම වයි ඩබ් අලහකෝන් | කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| සුරංග කොඩිතුවක්කු | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ඩබ් සී එස් එම් අබේසේකර | කථිකාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| ඩබ් ටී වී තත්සරනී | කථිකාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| සරත් වීරසේන | හිටපු අධ්යක්ෂ ජෙනරාල් | කෘෂිකර්ම දෙපාර්තෙම්න්තුව | |
| එල් එම ජේ එන් කේ දිසානායක | කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| පී වී එස් හර්ෂණ | කථිකාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| ඒ ආර් එස් බී අතාවුද | මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ආර් එම් ෆොන්සේකා | මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| යූ ඇයි සමරවික්‍රම | කථිකාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| එස් එස් කොඩිතුවක්කු | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ජේ කේ විදානාරච්චි | මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| එල් එම් අබේවික්‍රම | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| ජී ඩබ් ප්‍රනාන්දු | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය | විවෘත විශ්වවිද්‍යාලය | |
| ආර් ඒ ඒ එස් රත්නායක | කථිකාචාර්ය | රජරට විශ්වවිද්‍යාලය | |
| එන් එස් අබේසිංහ | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | රජරට විශ්වවිද්‍යාලය | |
| සඳුනි රත්නායක | කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ලංකා රණවක | මහාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| කේ පී පී කෝපියවත්තගේ | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | රජරට විශ්වවිද්‍යාලය | |
| ඩී එන් විදාන ගමගේ | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| එම් බී පී කුමාර මහිපාල | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| එන් ටී බී . මදුෂංක | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය | |
| එස්. සුබසිංහ | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| පී සී අරම්පත් | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ප්‍රියන්ත වීරසිංහ | හිටපු ප්‍රධාන පර්යේෂක | කෘෂිකර්ම දෙපාර්තෙමේන්තුව | |
| ජී තිරුක්කුමාරන් | මහාචාර්ය | යාපනය විශ්වවිද්‍යාලය | |
| සුමිත් අබේසිරිවර්ධන | හිටපු අධ්‍යක්ෂක | කෘෂිකර්ම දෙපාර්තෙමේන්තුව | |
| බී එල් ඩබ් කේ බාලසූරිය | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | වයඹ විශ්වවිද්‍යාලය | |
| ඩී එම ඩී දිසානායක | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | රජරට විශ්වවිද්‍යාලය | |
| එන් වයි හිරිමුතුගොඩ | මහාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| එස් ඒ සී එන් පෙරේරා | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| පී ඊ කාලියදාස | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය | |
| පී සී ඩී පෙරේරා | කථිකාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| ආර් පී එන් පී රාජපක්ෂ | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ඩබ් එම් ටී පී ආරියරත්න | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| බී ඊ පී මෙන්ඩිස් | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| දිමන්ති ජයතිලක | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| චන්දිම ගජවීර | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| ඩබ් ඊ එම් එල් ජේ ඒකනායක | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| සමන් වරුසවිතාන | හිටපු සභාපති | වෘත්තිකයන්ගේ සංගමය | |
| අරුණි වික්‍රමරත්න | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| චමිල විජේකෝන් | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| එච් එම අයි කේ හේරත් | මහාචාර්ය | වයඹ විශ්වවිද්‍යාලය | |
| එච් කේ බී එස් චාමර | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය | |
| පී ඩීබී ජේ පලිහක්කාර | කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| පී අයි පී පෙරේරා | මහාචාර්ය | වයඹ විශ්වවිද්‍යාලය | |
| චාලින්ද බෙනෙරගම | මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| බී සී ජයවර්ධන | මහාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| එන් යූ ජයවර්ධන | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| එෆ් එච් සී ඒ සිල්වා | කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ඩී එම් එම් ආර් දිසානායක | කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| කේ එල් වසන්ත කුමාර | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| පරාක්‍රම වැලිගමගේ | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| කේ ප්රසන්නත් | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | නැගෙනහිර විශ්වවිද්‍යාලය | |
| එච් යූ වර්ණකුලසූරිය | හිටපු අතිරේක අධ්යක්ෂ ජෙනරාල් | කෘෂිකර්ම දෙපාර්තමේන්තුව | |
| තලතා රත්නායක | හිටපු අතිරේක අධ්යක්ෂ ජෙනරාල් | සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව | |
| වී එන් ඩී. බුල්ලත්සින්හලගේ | කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| පී ඒ ජී එස් වර්ණසූරිය | කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| කේ පී පී උදයගී | කථිකාචාර්ය | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය | |
| එම පී දනපාල | අධ්‍යක්ෂක | කෘෂිකර්ම දෙපාර්තමේන්තුව | |
| ආර් එම් එස් විජේරත්න | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| එස් එන් දිසානායක | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | රජරට විශ්වවිද්‍යාලය | |
| ඩබ් වී වී වීරසිංහ | කථිකාචාර්ය | රජරට විශ්වවිද්‍යාලය | |
| ලසන්ති ජයතුංග | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය | |
| එන් එම් එන් කේ නාරායන | සහාය මහාචාර්ය | රුහුණ විශ්වවිද්‍යාලය | |
| මෙත්තික විතානගේ | මහාචාර්ය | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය | |
| ආර් එෆ් නිරන්ජන | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | නැගෙනහිර විශ්වවිද්‍යාලය | |
| එන් . කොට්ටේආරච්චි | මහාචාර්ය | වයඹ විශ්වවිද්‍යාලය | |
| ඒ ජී ඒ ඩබ් ඒ අලකොලංග | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය | |
| ඊ ඩී එන් එස් අබේරත්න | මහාචාර්ය | ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය | |
| දේශානි මුදන්නායක | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය | |
| ටී ගිරේතරන් | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | නැගෙනහිර විශ්වවිද්‍යාලය | |
| කපිල දිසානයක | මහාචාර්ය | සබරගමුව විශ්වවිද්‍යාලය | |
| රුවිනි අබේපාල | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය | |
| ඒ ඩබ් විජේරත්න | මහාචාර්ය | සබරගමුව විශ්වවිද්‍යාලය | |
| ජී ඩී කේ කපිල කුමාර | මහාචාර්ය | සබරගමුව විශ්වවිද්‍යාලය | |
| ජී ජී සිකුරාජපති | අධ්‍යක්ෂක | කෘෂිකර්ම දෙපාර්තම්නේතුව | |
| එච් එස් ආර් රොසයිරෝ | මහාචාර්ය | සබරගමුව විශ්වවිද්‍යාලය | |
| එම් එල් එම් සී . දිසානායක | මහාචාර්ය | සබරගමුව විශ්වවිද්‍යාලය | |
| ඒ ඩී. අම්පිටියාවත්ත | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | සබරගමුව විශ්වවිද්‍යාලය | |
| ගීතානි සෝමරත්න | කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| ප්‍රසාද් මහින්දරත්න | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය | |
| ගයත්‍රි රත්නායක | කථිකාචාර්ය | ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය | |
| කේ. පකීරතන් | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | යාපනය විශ්වවිද්‍යාලය | |
| ජී . ආශාර්ෆ් ශර්මෙක් | කථිකාචාර්ය | යාපනය විශ්වවිද්‍යාලය | |
| ඊ ඒ එල් ලෝචනා | කථිකාචාර්ය | ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය | |
| ඒ බී පී බණ්ඩාර | කථිකාචාර්ය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
| එම ඩබ් ඒ සී එස් විජේතුංග | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය | |
| ජී. අබිරම් | කථිකාචාර්ය | ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය | |
| අරුණ විජේසූරිය | හිටපු අධ්‍යක්ෂක | උක් පර්යේෂණ ආයතනය |