ඇග කිලිපොලා යන ‘බැසිල් මෙහෙයුම’ ගම්මන්පිල සිරසේදී හෙලි කරයි..
Posted on March 13th, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ශ්‍රී ලංකාව නිදහසින් පසු මුහුණ දුන් බරපතලම අර්බුදය ට මුහුණ දී සිටියත් මේ මොහොතේ ආර්ථිකය කඩා වැටෙද්දී ඊට පිළියම් ලෙස කිසිවක් නොකර ආර්ථිකය කඩාවැටීමට ඉඩ දී බලා සිටීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

බැසිල් රාජපක්ෂ මහතාගේ රටට අහිතකර ව්‍යාපෘතීන්ට එරෙහිව ජනතාව නැගී සිටින බවත් රට තුළ ඖෂධ, ආහාර සහ ඉන්ධන හිඟයක් ඇති කර ජනතාව අසරණ කිරීම තුළින් එම ව්‍යාපෘතීන්ට එරෙහි විය නොහැකි බෙලහීන ජාතියක් නිර්මාණය කිරීම ඔහුගේ සැලසුම බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම 1997 දී ඉන්දුනීසියාව තුල සිදුවූ අයුරින්ම ලංකාව විදේශ බලවේගයන්ට යටත් කිරීම මෙහි යටි අරමුණ යැයි ඒ මහතා සඳහන් කර සිටියේය.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සඳහන් කර සිටියේ පසුගිය දින සිරස 10 Questions වැඩසටහන හා එක්වෙමිනි.

මෙහිදී කැබිනට් මණ්ඩලය තුළ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රකෝපකාරී හැසිරීම් ඇතුළු කාලීන දේශපාලන රහස් රැසක් උදය ගම්මන්පිල මහතා විසින් හෙළි කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress