මේ අවස්තාවේදී පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යාම කබලෙන් ලිපට වැටීමකි.
Posted on May 3rd, 2022

ආචාර්ය සුදත් ගුණසේකර

ප්‍රථම්යෙන්ම එවැනි යෝජනා කරන අයගේ මොලේ තියෙන්නේ කොහේදැයි වහාම පරීක්ශා කළයුතුය.

මන්ද දැනට රටතුල පවතින ආර්ථික,දේශපාලනික සහ සමාජ අසහනය අනුව විපක්ශ නායකයා සහ අනුර දිසානයක ඇතුලු ඇතැම් අය කියන පරිදි මැතිවරරණයකට යාමට මේ අවස්ථාව කිසිසේත්ම සුදුසු නොවන බැවිනි..

මන්ද පළමුවෙන්ම පාර්ලිමේත්ව විසුරුවා මැතිවරණයකට යාමෙන් අද රටේ පවතින දේශපාලන,ආර්ථික හා සමාජ අර්බුධ තවත් උග්‍ර වෙනවා මිස ඒවාට කිසිසේත්ම විසදුම් නොළැබෙන නිසාය.

දෙවනුව මැතිවරණයක් පවත්වා අවසාන කිරීම සඳහා අවම වශයෙන් මාස 5 ක් වත් ගතවීම, රටතුල පවතින අර්බුධකාරි තතවය නිසා සාධාරන මැතිවරණයක් පැවැත්වීමේ දුස්කරතා, මැතිවරණයකට වැයවන රුපියල් කෝටි 1500 පමණ විශාල වියදම සහ එය සොයාගැනීමේ ඇති අපහසුතාව, පවතින සමාජ අසහනය යටතේ පාක්ශිකයින් අතර මැතිවරණයකදි ඇතිවිය හැකි ගැටුම් නිසා විශාල ගණනක් මියයාමට වුවද ඇති ඉඩකඩ, මැති වරණයක් තිබ්බද කිසිම පක්ශයකට රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන සන්ක්යාවක් නොලැබීම නිසා අනිවාර්යෙන්ම එකිනෙකට පරස්පර අදහස් හා අරමුණු ඇති පිරිස් සමන්න්ඝ හවුල් ආණ්ඩුවකට යාමට සිදුවීම නිසා බලලෝභී, ආත්මාර්ථකාමි දේශපාලකයින් ඕනෑම පාවාදිමක් කොට ආණ්ඩුවක් පිහිටුවනු ඇත.එසේ වූ විට බෙදුම්වාදීන් සහ ජාතිවාදීන් අතට පාලන බලය නැවතත් යාම නිසා සින්හල බෞද්ධයින්ගේ අයිතිවාසිකම් තවත් අහිමිවීම සහ පක්ශ දේශපාලනය නමැති මළපුඩුවේ මේ රට තව තවත් හිරවී ඉන් මිදීමට ඇතී ඉඩකඩ මුළුමනින්ම ඇහිරීයාම  ආදී හේතු මැතිවරණයකට විරුද්ධව ඉදිරිපත් කළ හැක. එසේම සමස්ථ සමාජයම, අවිනිස්චිත භාවයෙන් සහ පීඩනයෙන් අවුල්වූ මනසින් වික්ශිප්තව සිටින මෙවැනි අවස්ථාවක පවත්වන මැතිවරනයකින් හැඟීම්වලින්තොර බුද්ධිමත් තීඉරණයක් ගැනීමටද මිනිසුන්ට අපහසුය.එබැවින් බල ලෝභයෙන් උමතුවි ගිනිගෙන දැවෙන අනුන්ගේ රැවුලෙන් තම සුරුට්ටුව පත්තුකර ගැනීමට දඟලන බඩගෝස්තරවාදි බලලෝබී දේශපාලකයින් හැර සිහි මොලේ ඇති කිසිවෙකු මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමට එකඟ නොවනු ඇත.

මේ අර්බුධයෙන් රට ගොඩ ගැනීමේ ඒකායන ක්රමය

එමනිසා වර්තමාන  අර්බුධය විසඳීමට ඇති  අවස්ථාවෝචිත හා සුදුසු එකම  ක්‍රමය මහජන මතයට කන්දී  ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහාම ඉල්ලා අස්වී පවතින පාර්ලිමෙන්තුවට විවස්ථාවෙ 40 වන වගන්තිය අනුව නව ජනාධිපතිවරයෙකු පත්කොට ගැනීමට ඉඩ සලසා පාර්ලිමෙන්තුවේ සිටින සියලුම දේශපාලන පක්ශවල නායකයින්ගෙන් සහ ඉන් පිටතින් නව ජනාධිපතිවරයා විසින් තෝරාගණු ලබන දේශපාලනය, ආර්ථිකවිද්යාව, මේ රටේ කෘශිකර්මාන්තය,කර්මාන්ත, මූල්ය, විදේශප්‍රතිපත්ති, පරිපාලනය, වෙළඳ හා වානිජ කටයුතු,  සෞක්ය වැනි ශේස්ත්‍ර පිළිබඳ විසේසඥ දැනුමක් සහ ප්‍රායෝගික දැණුමක් ඇති දේශප්‍රේමී බුද්ධිමතුන් කීපදෙනකුගෙන් සමන්විත විධායක බලතල සහිත 17 දෙනකුගේ පමණ අන්තර්කාලීන කුඩා ඇමති මන්ඩලයකින් රට පාලනය කරන රජයකින් පමණි. වර්තමාන ඇමති මන්ඩලයේ මෙන් මෙම නව ඇමති මන්ඩලයේ, මැටි  ඇමති, මිරිස් ඇමති, රතුලූණු ඇමති,වේවැල් ඇමති,පිත්තල ඇමති, එලවුළු ඇමති,පලතුරු ඇමතී, බතික් හා, හා බුලත් සහ හුණු ඇමති  වැනි විකාර උප ඇමති හා රාජ්ය ඇමති තවාන්ද නොතිබිය යුතුය.එසේම බලය රැකගැනීමේ එකම අරමුනින් කැබිනට් අමතිවරුන් යටතේ නොවැටෙන ඊට වග නොකියන රාජ්ය ඇමති වරුන් නම් වූ විකාර ඇමති වරයින්ද මෙහි නැත

නව ඇමතිමන්ඩලය ජනතා අපේක්ශාවන්ට අනුකූලව සකස්කෙරුණු ජාතික ප්‍රත්හිපත්ති මාලාවක් ක්‍රියාත්ම්ක කිරීමටද  එකඟ විය යුතුය. ඊට එකඟ  නොවන කිසිවෙක් එම ඇමති මන්ඩලයේ සිටීමට සුදුසුකම් නොලබයි. තවද 2025 මැතිවරණය දක්වා එම ඇමති මන්ඩලය පැවතිය යුතු බවද මම යෝජනා කරමි.

පාර්ලිමේන්තුවේ සිටින සෙසු මන්ත්‍රිවරුන් සියලු දෙනාම අමාත්යාන්ශ 17 ට අදාල  කමිටු 17 කට බෙදා එකී අමාත්යාශ වල කටයුතු අධීක්ශනය කළ යුතුයයිද තවදුරටත් මම යෝජනා කරමි.

යෝජිත ඇමති මන්ඩලය.

නව ජනාධිපති වරයා විසින් තුන් අවුරුදු කාලසීමාවකට උපරිම වශයෙන් 17 දෙනකුට නොවැඩි අන්තර්කාලීන සර්වපාක්ශික අමාත්ය මණ්ඩලයක් පත්කළ යුතුය. (මෙම ඇමති මන්ඩලයේ නියෝජ්ය ඇමතිවරුන්ද නැත )

නව අමාත්ය මණ්ඩලය පහත සඳන් පරිදි විය යුතුයයි මම යෝජනා කරමි.

 යෝජිත අමාත්ය මණ්ඩලය

ජනාධිපති; අමාත්ය මණ්ඩලයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා සහ සන්නද්ධ සේවාවන්හි ප්‍රධානියා

1අග්‍රාමාත්ය, රාජ්ය ආරක්ශක,  බුද්ධසාසන හා සන්ස්කෘතික කටයුතු

2 මුදල් හා හා රජයේ වැඩ

3 ඉඩම්, වාරිමාර්ග සහ පරිසර සන්රක්ශන

4 කෘශිකර්මාන්ත, වැවිලි කර්මාන්ත සහ කුළුබඩු

5 කර්මාන්ත, බලශක්ති හා තාක්ශන 

6 අධ්යාපන සහ ක්‍රීඩා

7 අධිකරණ, නිතිය හා සාමය

8 සෞක්ය, ආයුර්වේද සහ සමාජසේවා

9 නිවාස, පලාත්පාලන හා ජලසම්පාදන

10 වෙලඳ හා නාවික 

11 විදේස සහ ජාත්යන්තර (මෙම ඇමති ධුරයට නිතරම පත්කලයුත්තේ ශ්‍රි.ලන්. වි.සේ  විශිස්ඨතම නිලධාරියෙකි- ජාතික ළැයිස්තුවෙන්)

 12 ධීවර සහ සමුද්‍ර සම්පත් –

13 කම්කරු හා රැකිරක්ශා –

 14 ගමනාගමන, මහාමාර්ග හා ගුවන්සේවා 

 15 ප්‍රවුර්ති, ගුවන්විදුලි, රූපවාහිනී සහ ජනමාධ්ය

16`උඩරට ගැමි පුනරුත්ථාපන සහ කන්ද උඩරට (ජාතියේ හදබිම ) සන් රක්ශනය 

17 ස්වදේශ කටයුතු රාජ්ය පරිපාලන හා ග්‍රාම සන්වර්ධන (මෙම ඇමති ධුරයට නිතරම පත්කල යුත්තේ ශ්‍රි.ලන්.ප.සේ විශිස්ඨතම නිලධාරියෙකි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress