කුණාටුවක ගමන් පථය හා හැසිරීම කෘත්‍රිමව වෙනස් කළ හැකිද?
Posted on February 5th, 2026
අජිත් සී හේරත්
හැඳින්වීම
පසුගිය නොවැම්බරයේදී ශ්‍රී ලංකාව හරහා හමා ගිය දිත්වා කුණාටුව සහ ඒ සමග ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයන් දහසකට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත විනාශ වූ අතර ඩොලර් බිලියන ගණනක හානියක් ආර්ථිකයට සිදු විය. කාලගුණ දෙපාර්තුමේන්තුව විසින් කරන ලද අනතුරු ඇඟවීම් රජය විසින් නොතකා හැරිම හේතුවෙන් මේ තරම් විනාශයකට මුහුණ පෑමට ජනතාවට සහ රටට සිදු වූයේ යැයි යනුවෙන් චෝදනාවක් රජයට එරෙහිව එල්ල වී තිබේ.
විනාශයෙන් අනතුරුව එළැඹි දිනවලදී මෙවැනි විපත්වලට හේතුව කාබන් ඩයොක්සයිඩ් විමෝචනය නිසා සිදුවන වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යෑම මගින් සිදු කරන දේශගුණික විපර්යාසය යැයි යන ආඛ්‍යානය දැඩි තීව්රතාවයකින් යුතුව යළි කරළියට ගෙන එනු ලැබිණි. ඒ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුරකුමාර දිසානායක යන ජනාධිපතිවරුන් විසින් ලෝකයේ විවිධ මූල්‍ය ජාවාරම්කර සමාගම් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් දේශගුණ විපර්යාසවලට අදාළ නිල් සහ හරිත බැඳුම්කර, ස්වභාවධර්මය සඳහා ණය හුවමාරු බැඳුම්කර (Blue / Green Bonds, Debt for Nature Swap) ආදි කොල්ලකාරි ගිවිසුම් ගණනාවකට අත්සන් තබා තිබූ අතර මෙම ව්‍යසනය පසුබිමේ ඒ්වා වහාම සක්‍රිය කෙරිණි. ඊට අමතරව ආපදා සහන කටයුතු සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන හානි කල්තබා වැළැක්වීමට යැයි කියමින් එක්සත් ජනපදය සහ ඉන්දීයාව ඇතුළු රටවල විවිධ විශේෂඥ කණ්ඩායම් සහ ගලවාගැනීමේ හමුදාවන් රටතුළ ස්ථාන ගතකරන ලදි.කාබන් ඩායොක්සයිඩ් විමෝචනය සහ දේශගුණික විපර්යාස අතර සම්බන්ධතාවක් ඉදිරිපත් කිරීමට තරම් සාක්ෂි නොමැති බවට ලෝකය පුරා භූ භෞතික විද්‍යාඥයන්, දේශගුණික සහ කාලගුණික ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කර තිබේ. ඒ අතර මෙවැනි ආපදා ස්වාභාවික ආපදා ලෙස පෙනී යන පරිදි බලගතු රටවල් විසින් කාලගුණය සහ දේශගුණය යුද අවියක් ලෙස යොදාගනිමින් විවිධ මෙහෙයුම් දියත්කරන බවට ලොව පුරා මතයක් පැතිර යමින් පවතී.
ඒ් සඳහා යොදාගනු ලබන ක්‍රම අතර විවිධ රසායනික ද්‍රව්‍ය ගුවන් යානා මගින් අහසේ විසුරුවා හැරීම මගින් සහ පොළොවේ සිට අහසට ප්‍රක්ෂේපනය කිරීම මගින් සිදු කරන වළාකුළු වැපිරීම (Cloud seeding) දැනට බහුලව හඳුනාගෙන ඇති කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රමයක් ලෙස සැලකේ.
මේ සඳහා යොදාගනු ලැබන අනෙක් ක්‍රමය යැයි සැකකරනු ලබන්නේ පොළොව මත හෝ චන්ද්‍රිකාවල පිහිටුවා ඇති ඇන්ටෙනා පද්ධති මගින් වායුගෝලයේ ස්ථරයන් මත ක්ෂුද්‍ර තරංග නිකුත්කරමින් ඒවා උණුසුම් කිරීම මගින් සිදු කරන කාලගුණි හෝ දේශගුණික විපර්යාසයන් සිදු කිරීමය. එක්සත් ජනපදය විසින් ඇලස්කාවේ ගකොනා හි පිහිටුවා ඇති අධි සංඛ්‍යාත සක්‍රිය අරුණාලෝක පර්යේෂණ වැඩ සටහන (High Frequency Active Auroral Research Program-HAARP ) නමින් හැඳින්වෙන ක්ෂුද්‍රතරංග ඇන්ටනා පද්ධතිය එවැන්නක් වේ. නමුත් එම පද්ධතිය හෝ ලෝකයේ විවිධ තැන්වල ස්ථාන ගතකරවා ඇති ඒ හා සමාන වෙනත් පද්ධතීවලට කාලගුණික හෝ දේශගුණික වෙනස් කිරීමේ හැකියාවක් නැතැයිද ඒවා පිහිටුවා ඇත්තේ කාලගුණය සහ දේශගුණය පිළිබඳ අධ්‍යයන කටයුතු සඳහා පමණක් යැයිද යන්න ඒ් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන නිල මතය වේ.
පසුගිය නොවැම්බරයේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් දිත්වා කුණාටුව ස්වාභාවික විපතක් නොව සැලසුම් සහගතව සිදු කළ කාලගුණික යුද මෙහෙයුමක් යැයි සැකයක් මතුව තිබේ. ඒ හා ආශ්‍රිතව සිදුවුනු වෙනත් බොහෝ සිදුවීම් මෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මෑතක සිට අහසේ දක්නට ලැබෙන සුදු පැහැති පථ යනු කෘත්‍රීම වැසි ඇති කිරීම සඳහා ගුවන්යානා මගින් අහසේ ඉසින ලබන රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ඇතිවන රසායනික පථ (Chemical trails) ලෙස සැකයක් ජනතාව අතර මතුව තිබීම ද, පසුගිය ව්‍යසනය ස්වාභාවික එකක් නොවන බවට පැතිරී ඇති මතයට හේතුවේ. ආසන්න කාලයේදී අහසේ දක්නට ලැබුණ සුදු පැහැති රසායනික යොදාගෙන වළකුළු වැපිරීම, අධික වර්ෂාපතනය ඇති වූයේ ස්වාභාවික වර්ෂාපතනය හේතුවෙන් යන මතය ප්‍රශ්න කිරීමට තරම් සෑහෙන සාක්ෂියක් ලබා දෙන නමුත් කෘත්‍රිම ලෙස කුණාටුවක් ඇති කළ හැක්කේ කෙසේද යන ගැටළුවට එයින් පිළිතුරක් නොසපයයි. මක් නිසාද යත් වළාකුළු වැපිරීම මගින් වර්ෂාපතනය ඇතිකළ හැකි නමුත් කුණාටු ඇති කළ නොහැකි බැවිනි.
මෙහිදී අවධානයට යොමු කළ යුතු කරුණ වන්නේ HAARP වැනි අවධිගත ක්ෂුද්‍රතරංග වින්‍යාස ඇන්ටෙනා පද්ධති (Phased Array microwave Antenna) මගින් කුණාටු ඇති කළ හැකිද යන්නයි. මෙම ඇන්ටෙනා පද්ධති මගින් අයනගෝලය මත එල්ලකරන අධි හෝ අව සංඛ්‍යාත ක්ෂුද්‍ර තරංග මගින් අයනගෝලයේ නිශ්චිත කලාපයන් උණුසුම් කර කාලගුණයට බලපෑම් කළ හැකි බවට ඒ පිළිබඳව සිදු කළ විද්‍යාත්මක අධ්‍යයන වලින් පෙන්වා දී තිබේ. HAARP පද්ධතියේ නිර්මාතෘ ලෙස සැලකෙන ආචාර්ය ඊස්ට්ලුන්ඩ් විසින් සිදු කර ඇති අධ්‍යයනයක් පිළිබඳව වන පත්‍රිකාවක් මගින් මේ පිළිබඳව කරුණු දක්වා තිබේ. නමුත් ඔහු එහිදී අදහස් දක්වා ඇත්තේ කාලගුණික වෙනස් කම් අධයයනය, සුළිකුණාටුවක බලය සහ වේගය අඩුකිරීම ආදිය කිරීමට අවධිගත ක්ෂුද්‍රතරංග වින්‍යාස ඇන්ටෙනා පද්ධතිවලට ඇති හැකියාව ගැනය. කුණාටුවක් ඇති කිරීමට හෝ කුණාටුවක දිශානතිය වෙනස් කිරීමට එම තාක්ෂණය භාවිතා කළ හැකිද නැද්ද යන්න ගැන එහි සඳහන් නොවේ. කෙසේ නමුත් කුණාටු ඇතිකිරීම යනු යහපත් අරමුණක් සහිතව කෙරෙන දෙයක් නොවන නිසා එවැනි පර්යේෂණ කරන කිසිදු විද්‍යාඥයෙක් හෝ ආයතනයක් ඒ පිළිබඳව විවෘතව පිළිගනිතැයි සිතීමට ඉඩක් නැත.
මෙම ලිපිය මගින් අපි HAARP පද්ධතිය සහ එහි හැකියාවන් පිළිබඳ මූලික තොරතුරු ස්වල්පයක් ඉදිරිපත් කිරීමට අදහස් කරමු.
අයනගෝල තාපක සහ වායූගෝලීය ප්‍රතිධ්වනි තාක්ෂණය

1970 දශකයේ සිට මිනිසුන් විසින් සිදුකරන ලබන භූ ඉංජිනේරුකරණ කටයුතු වඩාත් දියුණු වූ අතරම ඒවා වඩාත් රහසිගත ලෙස පවත්වාගෙන යනු ලබයි. වර්ෂාව ඇති කිරීමේ” සම්ප්‍රදායික ක්‍රම ලෙස සළකනු ලබන ගුවන් යානා මගින් සිල්වර් අයොඩයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය ජලවාෂ්ප අන්තර්ගත වළාකුළු තුළට විසුරුවා හැරීම මගින් සිදු කරන වළාකුළු වැපිරීමේ (cloud seeding) ක්‍රමය 1940 ගණන්වල සිටම පැවැතිණි. එහෙත් 1990 ගණන්වලදී එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් කාලගුණය බල බහුගුණකයක් ලෙස: 2025 දී කාලගුණය අත්පත් කරගැනීම” නම් ලේඛනය ප්‍රකාශයට පත්කළ දවස්වල සිට 2025 එළැඹීමටද පෙර බොහෝ දුර බැහැර දක්වා බලපෑමෙහි සමත්කම සහ විශාල හැකියාවන් සහිත නව ක්‍රම කාලගුණ විපර්යාස සහ භූ ඉංජිනේරුකරණ ක්ෂේත්‍රය තුළ සංවර්ධනයට නගා භාවිතා කරමින් පවතී.
1996 දී එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් නිකුත් කරන ලද ඉහත සඳහන් වාර්තාවේ මෙසේද සඳහන් වේ.
” අයනගෝලය විපර්යාසයට ලක්කිරීම යනු දියුණු කිරීමේ විභවයක් සහිත භාවිතාවන් ගෙන් පිරුණු ක්ෂේත්‍රයක් වන අතර එය අනාගතයේදී සංවර්ධනය කළ හැකි විවිධ නව භාවිතාවන්ගෙන්ද සමන්විතය.”
එක්සත් ජනපදයේ ගුවන් හමුදාව සහ නාවික හමුදා අයනගෝලීය පර්යේෂණ ව්‍යාපෘති කාර්යාලය ඇලස්කාවේ ගකෝනා හිදී දියත් කරන ලද අධි සංඛ්‍යාත ක්‍රියාකාරි අරුණාලෝක පර්යේෂණ වැඩ සටහන (High Frequency Active Auroral Research Program-HAARP) වෙත දැඩි ජාත්‍යන්තර අවධානයක් යොමුව ඇත. 1999 ජනවාරි මාසයේදී යුරෝපා සංගමය මෙම HAARP ව්‍යාපෘතිය ගෝලීය වශයෙන් දැඩි සැලකිල්ලකට යොමුව ඇති බව සඳහන් කළ අතර එහි පාරිසරික සහ සෞඛ්‍යමය අවදානම් ගැන පුළුල් විස්තර සපයන ලෙස ඉල්ලා සිටියාය. නමුත් එක්සත් ජනපදය විසින් මෙම ඉල්ලීම නොතකා හරින ලදි. HAARP ප්රයේෂණ ව්‍යාපෘතියේ දත්ත බොහොමයක් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු ලෙස වර්ග කරමින් ඒවා රහසිගතව පවත්වා ගෙන යාම සිදු විය. මේ හේතුවෙන් මෙම ව්‍යාපෘතිය හරහා දියත් කෙරෙන දුෂ්ට ක්‍රියාකාරකම් පිළිබඳව සැකය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී ඇත.


පෙන්ටගනයේ (Defense Advanced Research Projects Agency- DARPA) විසින් සපයන අරමුදල් ලබමින් ARCO තෙල් සමාගමේ කටයුතු කළ දීප්තිමත් භෞතික විද්‍යාඥයෙකු ආචාර්ය බර්නාඩ් ජේ ඊස්ට්ලුන්ඩ් ( Dr. Bernard J. Eastlund) විසින් පේටන්ට් බලපත්‍ර අංක US #4,686,605 යටතේ පෘථිවියේ වායුගෝලය, අයනගෝලය, සහ හෝ චුම්බක ගෝලය වෙනස් කිරීම සඳහා වන ක්‍රම වේදයන් සහ උපකරණ (Method and Apparatus for Altering A Region In the Earth’s Atmosphere, Ionosphere, And Or Magnetosphere.)සඳහා පේටන්ට් බලපත්‍රයක් 1985දී ARCO තෙල් සමාගම වෙනුවෙන් ලබාගෙන ඇත.
මෙම පේටන්ට් බලපත්‍රයේ විස්තරයේ සඳහන් වන්නේ බලගතු සහ විශේෂිත ගුවන්විදුලි තරංග ධාරාවන් අයනගෝලය වෙත එල්ලකිරීම මගින් පෘථිවි අයන ගෝලය රත් කිරීමට එසවීමට හැකි බවය. එම ක්‍රමය කාලගුණය පාලනය කිරීමට, සුළිකුණාටුවල බලය සහ දිශාව වෙනස් කළ හැකි බවද, නියඟ සහ වර්ෂාපතනයන් ඇති කල හැකි බවද පැවසේ. ARCO තෙල් සමාගම වෙත එක්සත් ජනපද මිලිටරිය පැමිණි අතර එම සමාගම ඉහත පේටන්ට් බලපත්‍රය මිලිටරිය වෙත අලෙවි කරන ලදි.
පසුව එක්සත් ජනපද මිලිටරිය පසුව මෙම පේටන්ට් අයිතිය එහි ඉහල පෙළේ මිලිටරි කොන්ත්‍රාත්කාර සමාගමක් වන රේතියොන් සමාගම (Raytheon)වෙත පවරන ලදි. රේතියොන් සමාගම වූකලී අයනගෝලය උණුසුම්කරන රේඩාර් බල වින්‍යාස පද්ධති( Ionosphere Heating Radar Arrays) ගෝලීයව ස්ථාපිත කරන මිලිටරි තාක්ෂණික සමාගමක් බවට වාර්තා පළවී ඇත. Gary Vey (Dan Eden), The Never Ending, 2010, කෙසේ වුවද HAARP ව්‍යාපෘතියේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඔවුන් ඊස්ට්ලුන්ඩ්ගේ පේටන්ට් බලය හිමි ව්‍යාපෘතිය තමන් භාවිතා නොකළ බවයි.

HAARP යනු අයනගෝලය වෙත එල්ල කර ඇති අධිබලැති අවධිගත රේඩාර් ඇන්ටෙනා වින්‍යාසයකි. මෙය අයන තාපකයක් ලෙස ද හැඳින්වේ. අයනගෝලය යනු අධි බලශක්ති ආරෝපණයක් සහිත අංශුවලින් සමන්විත වන්නාවූ වායුගෝලයේ ඉහළ ස්ථරයකි.මෙම අයනගෝලය තුළට විකිරණ ප්‍රක්ෂේපනය කළ විට දැවැන්ත බලශක්තියක් උත්පාදනය කළ හැකි වන අතර එය යොදාගනිමින් ඕනෑම ප්‍රදේශයක් විනාශ කළ හැකිය. HAARP ව්‍යාපෘතියේ නිල වෙබ් අඩවිය දැන් මකා දමා ඇති අතර එහි HAARP ව්‍යාපෘතිය මෙසේ හඳුන්වා දී තිබේ.සිවිල් සහ ආරක්ෂක යන අවශ්‍යතාවන් දෙකම සඳහා අයනගෝලයේ ගුණාංග සහ චර්යාවන් අධ්‍යයනය කිරීම ඉලක්ක කොට ගත් ව්‍යාපෘතියකි. ”
ගකෝනා HAARP ව්‍යාපෘතියේ මහජනයාට විවෘත වෙබ් අඩවිය මගින් HAARP ඇන්ටෙනාවලින් නිකුත් කරන සංඥා පිළිබඳ සජීව විකාශනයක් පවත්වාගෙන යනු ලැබිණි. මේ සංඥා වාර්තා HAARP ක්‍රියාකාරකම් සහ කත්‍රිනා කුණාටුව සහ 2008 චීනයේ ෂෙංග්ඩූ භූමිකම්පාව අතර සම්බන්ධතාවක් ඇති බවට සාක්ෂි පවතින බවට ඒවා අධ්‍යයනය කළ බාහිර විශේෂඥයන්ට සොයාගන්නට ලැබිණි. මෙම තත්ත්වය HAARP ව්‍යාපෘතියේ මෙහෙයුම්කරුවන්ට හිසරදයක් වු අතර එම දත්ත පොදුවේ විවෘතව පවත්වාගෙන යාම වැලැක්වීමේ උවමනාවක් ඔවුන් තුළ මතුවිය.

ඇලස්කාවේ ගකෝනාවේ ඉදිකරන ලද HAARP ව්‍යාපෘතිය එක්සත් ජනපද මිලිටරිය විසින් 2013 දී වසා දමන ලදි. 2015 දී ඔවුන් විසින් එම ව්‍යාපෘතිය මෙහෙයවීම සිය සිවිල් හවුල්කරුවන් වන ෆෙයාර්බෑන්ක්ස්හි පිහිටි ඇලස්කා විශ්ව විද්‍යාලය වෙත නිල වශයෙන් මාරු කරන ලදි. ගකෝනා ව්‍යාපෘතිය වසා දැමීම හේතුවෙන් ඒ ආශ්‍රිතව පවත්වාගෙන ගිය වෙබ් අඩවියද වසා දමමින් එම තොරතුරු මහජනයාට සන්නිවේදනය වීම වළක්වන ලදි.
ඇලස්කාවේ ගකොනාහි පවත්වාගෙන ගිය HAARP ව්‍යාපෘතිය ශාස්ත්‍රාලීය පර්යේෂකයන්ගේ සහ පොදු මහජනතාවගේ විමසිලිමත් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පවත්වාගෙන ගිය එකක් බවත් සැබෑ මිලිටරිමය අවශ්‍යතාවන් සඳහා අයනගෝලය විපර්යාසයට බඳුන්කිරීම සඳහා වන ව්‍යාපෘති ලෝකය පුරා වෙනත් තැන්වල පවත්වාගෙන යන බවත් සමහර පර්යේෂකයෝ සැක පහළ කර ඇත.
2015 වනවිට එක්සත් ජනපද මිලිටරිය සහ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනය(National Oceanic and Atmospheric Administration -NOAA) වැනි රජයේ ආයතන ගකොනා HAARP ව්‍යාපෘතියේ හැකියාවන් අභිබවා යන මට්ටමක අදාළ තාක්ෂණයන් සංවර්ධනය කර තිබිණි. ඒ වනවිට ඔවුහු වඩාත් සිය බලගතු අවධිගත අයනගෝලීය රේඩාර් තාප වින්‍යාස පද්ධති (phased array ionospheric radar heat arrays ) ලෝකය පුරා ඉදිකිරීම්කටයුතු අධීක්ෂණය කරමින් සිටියහ.මෙයට නැගෙනහිර ෆෙයාර්බෑන්ක්ස්හි මෙගාවොට් 70ක ධාරිතාවක් සහිත HIPAS පද්ධතියද ඇතුළත්ය. එමෙන්ම පුවෙර්ටෝ රිකෝ හි ඉදිකර ඇති මෙගාවොට් 2ක ධාරිතාවක් ඇති ඇරසිබෝ අයනගෝලීය නිරීක්ෂණාගාරය ( Arecibo Ionosphere Observatory) සහ ජපානයේ පිහිටුවා ඇති මෙගාවොට් එකක ධාරිතාවක් ඇති මූ රේඩාර් (Mu Radar) පද්ධතියද මීට ඇතුළත්ය. මේ සියල්ලටම වඩා විශාලතම අයනගෝලීය තාපකරණ රේඩාර් වින්‍යාසය ලෙස සැලකෙන්නේ ගිගාවොට් 1ක ධාරිතාවක් සහිතව උතුරු නොර්වේහි ට්‍රොම්සෝ(Tromsø) රේඩාර් පද්ධතියයි. අපලකින් සඳහන් කළ ගකෝනා පද්ධතියේ ධාරිතාව වන මෙගාවොට් 3.6 හා සන්සන්දනය කරන විට ට්‍රොම්සෝ රේඩාර් පද්ධතියේ ධාරිතාව විශ්මය ජනක ලෙසින් විශාලය.
තවත් බොහෝ අයනගෝලීය අවධිගත තාපකරණ රේඩාර් වින්‍යාසයන් ( Phased Array Ionospheric Radar Heat Arrays) පිළිබඳව තොරතුරු පවතින්නේ ඉතා ස්වල්ප වශයෙන් වන අතර ඒවා දැඩි රහසිගත බවකින් යුතුව පවත්වාගෙන යයි.එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් ගුවන් හමුදා කඳවුරේ ද මැසචුසෙට්ස්හි මිල්ස්ටෝන්ස් හිල් හිද එවැනි මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවට විශ්වාසයක් පවතී. එමෙන්ම තායිවානයේද මාෂල් දූපත්වලද එවැනි මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවට තොරතුරු පවතී. පෙන්ටගනය හෝ එක්සත් ජනපදයේ වෙනත් එවැනි ආයතන මෙවැනි කරුණු සම්බන්ධව දැඩි රහස්‍යභාවයක් පවත්වාගෙන යයි.
ARCO තෙල් සමාගම වෙතින් ආචාර්ය ඊස්ට්ලුන්ඩ්ගේ පේටන්ට් බලපත්‍රය ලබාගත් එක්සත් ජනපද මිලිටරි කොන්ත්‍රාත් සමාගමක් වන රේතියොන් මෙවැනි මධ්‍යස්ථාන ලෝකය පුරා පවත්වාගෙන යන බව වාර්තා වී ඇත.
එක්සත් ජනපද රජය සිය භූ ඉංජිනේරුකරණ කටයුතු රහසිගතව පවත්වාගෙන යන අතර ඒවා පිළිබඳ විවෘත මහජන සංවාදයක් ඇතිවීම වළක්වා තිබේ. මේ හේතුවෙන් එක්සත් ජනපදය විපතට පත් කළ වඩාත්ම බලගතු කුණාටු වන 2022 සැප්තැම්බරයේදී එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළට කඩා වැදුණ ටෝර්නාඩෝව හෝ ෆ්ලෝරිඩාවට කඩාවැදුණ ඉයන් කුණාටුව(Hurricane Ian) පිළිබඳව හෝ දැඩි නියඟයක් පැවතුණ කාලසීමාවකට පසුව කැලිෆෝනියාව වෙත කඩාවැදුණු වායුගෝලීය ගංගාවන් විසින් ඇති කළ මහා වර්ෂාපතයන් හේතුවෙන් සිදුවුණු විනාශකාරි ජලගැලීම් පිළිබඳව අධිකරණය හමුවේ වගඋත්තරකරුවන් නම් කිරීමට හෝ චෝදනා සනාථ කිරීමට සාක්ෂි නොපවතී. ඉහත සිදුවීම් ස්වභාව ධර්මයේ සාමාන්‍ය සංසිද්ධීන් අනුව පැහැදිලි කළ නොහැකි අභූත සිදුවීම් වෙයි.
අපගේ වායුගෝලය තුළ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අධික වීම හේතුවෙන් ඉහත අධික වර්ෂාපතනයන්, ජලගැලීම් හෝ කුණාටු සිදුවන බවට කිසිදු සාක්ෂියක් නැත. නමුත් බලගතු රාජ්‍යයන් විසින් සිය භූ දේශපාලනික, මිලිටරිමය, ආර්ථික වාසි තකා ඉහත ආකාරයේ සිදුවීම් ඇතිකිරීමට භූ ඉංජිනේරුකරණය යොදාගන්නා බවට ඔවුන් විසින් වර්ධනය කරනු ලබන තාක්ෂණයන්ම සාක්ෂි ලෙස සැලකිය හැකිය.
2018 දී චීන ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුනේ චීන රජයට අයත් අභ්‍යවකාශ තරණ තාක්ෂණය පිළිබඳ ෂැංහයි ඇකඩමිය විසින් ටියාන්හේ ” (ආකාශ ගංගාව) නම් දැවැන්ත භූ ඉංජිනේරුකරණ ව්‍යාපෘතියක් දියත් කරන ලද බවය. ලෝකයේ විශාලතම ගංගාවන්ගේ ජල ප්‍රභවය ලෙස සැලකෙන ඉහළ ටිබැට් සානුවේ ඉදිකරන ලද මෙහි ප්‍රකාශිත අරමුණ ලෙස සඳහන්වන්නේ වර්ෂාව බහුල දකුණේ සිට වියලි කලාපයක් වන උතුර වෙත ජල සම්පාදනය කිරීමයි. කෙසේ වුවද මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කෙරී නැත.
HAARP ව්‍යාපෘතියේ නිල වශයෙන් ප්‍රකාශිත අරමුණු
එක්සත් ජනපද ගුවන් හමුදාව සහ නාවික හමුදාව විසින් HAARP ව්‍යාපෘතිය ඒකාබද්ධව කළමණාකරණය කරනු ලබයි. එහි සැලසුම්ගත නිල අරමුණු ලෙස දක්වා ඇත්තේ සන්නිවේදන සහ නිරීක්ෂණ පද්ධතීන්ගේ කාර්ය සාධනය වෙනස් කිරීමට බලපාන්නාවූ අයනගෝලීය ක්‍රියාදාමයන් අවබෝධ කරගැනීම, කෘත්‍රීම ලෙස ප්‍රති නිර්මාණය කිරීම සහ පාලනය කිරීම” යනුවෙනි.
HAARP පද්ධතිය විසින් ගිගාවොට් 3.6ක විකිරණශීලි බලයක් සහිත අධි සංඛ්‍යාත ගුවන් විදුලි තරංග අයන ගෝලය වෙත යොමුකරමින්,
- මුහුද යට සබ්මැරීන යාත්‍රා සමග සන්නිවේදනය සඳහා ඉතා අඩු සංඛ්‍යාතවලින් යුත් තරංග ( Extremely Low Frequency- ELF) උත්පාදනය කරයි.
- ස්වාභාවික අයනගෝලීය ක්‍රියාදාමයන් අවම කිරීම හෝ පාලනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය සංවර්ධනය කළ හැකිවන පරිදි එම ක්‍රියාදාමයන් හඳුනාගැනීම සහ ගුණාංගිකරණය සඳහා අවශ්‍ය වන භූ භෞතික පර්යේෂණ පවත්වාගෙන යයි
- ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ කටයුතු සඳහා යොදාගත හැකිවන ආකාරයේ අයනගෝලීය ක්‍රියාදාමයන් නිර්මාණය සඳහා අධි සංඛ්‍යාත බලශක්ති විශාල ප්‍රමාණයක් නාභිගත කළහැකි අයනගෝලීය කාච ජනනය කරයි.
- රේඩියෝ තරංග ව්‍යාප්තික ගුණාංග පාලනය කිරීමට යොදාගත හැකි අධෝරක්ත (Infra Red- IR)සහ අනෙකුත් අලෝක විමෝචන සඳහා ඉලෙක්ට්‍රොන ත්වරණය කරයි.
ගුවන්විදුලි තරංගවල පරාවර්තන සහ විසිරීමේ ගුණාංග පාලනය කිරීම සඳහා භූ චුම්බක ක්ෂේත්‍ර රේඛා ඔස්සේ සිදුවන අයනීකරණය ක්‍රියාදාම ජනනය කිරීම- අයනගෝලය මතුපිටට කෝණාකාරව බලශක්ති ධාරාවන් පතිත කරමින් අයනගෝලය උණුසුම් කරමින් ගුවන් විදුලි තරංග ව්‍යාප්තිය මත බලපෑමක් සිදු කිරීම මගින් අයනගෝලීය උත්ප්‍රේරක තාක්ෂණය යටතේ යොදාගැනෙන මිලිටරි භාවිතාවන් පුළුල් කිරීම
වායුගෝලය රත්කිරීම පර්යේෂණ මෙවලමක් ලෙස(Atmospheric Heating as a Research Tool) : ඊස්ට්ලුන්ඩ් හා ජෙන්කින්ස්ගේ පර්යේෂණ අධ්‍යයන පත්‍රිකාවෙන්
වායුගෝලය රත්කිරීම පර්යේෂණ මෙවලමක් ලෙස යන මැයෙන් ආචාර්ය බර්නාර්ඩ් ජේ. ඊස්ට්ලුන්ඩ් සහ ලයිල් එම් ජෙන්කින්ස් විසින් සිදුකර පර්යේෂණයට අදාළ පත්‍රිකාවේ ආරම්භක සංක්ෂිප්තයේ මෙසේ සඳහන් වේ.
ක්ෂුද්‍ර තරංග මගින් සිදුකරණ තාපනය මගින් කාලගුණික පද්ධතිවල වේගයෙන් උණුසුම්වන ඉතා පැහැදිලි ලෙස වෙන්කර හඳුනාගත හැකි කලාප සඳහා විධික්‍රම සපයයි.
…පොළොව මත හෝ චන්ද්‍රිකාවල පිහිටුවා ඇති අවධිගත ක්ෂුද්‍රතරංග වින්‍යාසයන් (Microwave Phased Arrays) වායුගෝලයේ නිශ්චිත ස්ථාන මත නාභිගත කරමින් වායුගෝලය තාපනය කිරීමටත් එමගින් ප්‍රයෝජනවත් කෘත්‍රීම අයනීකෘත ප්ලාස්මා රටාවන් නිර්මාණයටත් යොදාගනු ඇත.
…කුණාටුවල කාලගුණික විපර්යාසයන් සිදු කිරීමද විස්තර කර තිබේ. එවැනි එක් භාවිතයක් නම් වර්ෂාපතනය ඇදවැටෙනවිට සිසිලනය වෙමින් ඒ සමග පහලට ගමන්කරන ඝනකමින් සහ බරෙන් වැඩි වායුධාරාවන් (Rainy downdrafts) රත්කිරීම මගින් සුළි කුණාටුවල (mesocyclone) භ්‍රමණ ශක්තිය සංකේන්ද්‍රණය වීම වැලැක්වීමයි. මෙමගින් අපේක්ෂා කරන ප්‍රතිඵලය වන්නේ කුණාටුවක් නිර්මාණය වීමට හේතුවන නිශ්චිත භ්‍රමණ ජ්‍යාමිතිය වැලැක්වීමත් ඒ මගින් කුණාටු නිර්මාණය වීම වැලැක්වීමත්ය. තෝරාගන්නා ලද කලාපයන් තාපනයට ලක් කිරීමේ ප්‍රවේශය චණ්ඩ මාරුතයන් සහ සුළිකුණාටු මෙහෙයවීම (Steering hurricanes and tornados )සඳහා භාවිතා කළ හැකිය. ”

මෙම පත්‍රිකාවේ සඳහන් වන තෝරාගන්නා ලද කලාපයන් තාපනයට ලක් කිරීමේ ප්‍රවේශය චණ්ඩ මාරුතයන් සහ සුළිකුණාටු මෙහෙයවීම (Steering hurricanes and tornados ) සඳහා භාවිතා කළ හැකිය. ” යන්න ගැන අපගේ අවධානය යොමු විය යුතුය. වැනි අවධිගත ක්ෂුද්‍රතරංග වින්‍යාස අයනගෝලීය තාපක ඇන්ටෙනා යොදාගනිමින් ඒවායින් නිකුත් කරන බලශක්තිය වායුගෝලයේ නැතහොත් අයනගෝලයේ යම් යම් තෝරාගන්නා ලද ස්ථාන තාපනයට ලක්කිරීම මගින් කුණාටුවක හෝ සුළි සුළඟක දිශාව හැසිරවිය හැකි යන්න HAARP නිර්මාතෘවරයා ලෙස සැලකෙන ආචාර්ය ඊස්ට්ලුන්ඩ් සිය පර්යේෂණ සගයා වන ජෙන්කින්ස් සමග මෙහිදී සඳහන්කර තිබේද යන්න ගැන අපගේ විමසිලිමත් අවධානයට යොමු විය යුතුය. මක් නිසාද යත් ඇතැම් තැනක Steering hurricanes and tornados යන්න අර්ථකතනය කෙරී ඇත්තේ ඒවායේ ගමන් පථය අනුමාන කිරීම ලෙස දක්වා ඇති බැවිනි. කෙසේ වුවද අවසානයේදී ඔහුගේ මෙම පර්යේෂණවල පේටන්ට් බලපත්‍රව එක්සත් ජනපද මිලිටරියත් ඒ හරහා රේතියොන් වැනි යුද අවි නිෂ්පාදක සමාගම්වලටත් පැවැරී තිබේ. කුණාටු හැසිරවීමේ ක්‍රියාවලිය යුද තාක්ෂණයක් ලෙසින් මේ වනවිට එහි උපරිමයට වර්ධනය කර නැතැයි කිසිවෙකුට සහතික විය නොහැකිය.
සුළි කුණාටුවක් හෝ චණ්ඩ මාරුතයක් මෙහෙයවීම (Steering a hurricane) යන්නෙහි අනෙක් අර්ථය වන්නේ එය ස්වාභාවිකව ගමන් කිරීම නියමිත පථය වෙනස් කිරීමයි. එමගින් වුවද එහි පාලනය පූර්ණ වශයෙන් අත්පත් කරගැනීමක් අදහස් නොවන බව පත්‍රිකාවේ සඳහන්වේ..
එසේ වුවද සුළි සුළඟ මත බලපාන විශාල පරිමාණයේ වායුගෝලීය සුළං ධාරාවන් වෙත බලපෑම් කිරීම මගින් එහි දිශාව සහ වේගය වෙනස් කළ නොහැකිද යන ප්‍රශ්නය අප හමුවේ මතුවේ.
සුළි සුළඟක භ්‍රමණ දේහයට එයටම උරුම වූ ගමන් කිරීමේ බලයක් නැත. එය ගමන් කරන්නේ එය වායුගෝලයේ වායු ධාරාවන්ගේ ගමන් දිශාව සහ වේගය අනුවය. දිය පහරක පාවෙන ශාක පත්‍රයක් ලෙස සැලකුවහොත් එම ශාක පත්‍රය පාව යන්නේ එම දිය පහර ගලායන දිශාවට දිය පහරේ වේගය අනුව බව අපි දනිමු. දිය පහරේ වේගය සහ දිශාව වෙනස් කිරීමට බලපෑම් කිරීම මගින් අපට ශාක පත්‍රය පාව යන දිශාව සහ වේගය වෙනස් කළ හැකිය. සුළිසුළඟ භ්‍රමණ දේහයද එය අන්තර්ගත වන විශාල වායු ප්‍රවාහයක් තුළ එය හමන වේගය සහ දිශාව අනුව ගමන් කරයි. සුළි සුළඟක් සාමාන්‍යයෙන් වෙළඳ සුළං(trade winds) හෝ එවැනි අධිපීඩන පද්ධතීන් ඔස්සේ ගමන් කරයි. සුළි සුළඟකට අධිපීඩන කලාප හරහා ගමන් කළ නොහැකිය. එය ගමන් කරන්නේ අවපීඩන කලාප හරහාය.
කෙසේ වුවද ඊස්ට්ලුන්ඩ් සිය පේටන්ට් බලපත්‍රයලබාගත් පසුව සහ ඇලස්කා ව්‍යාපෘතියේ ආරම්භය නිලවශයෙන් ප්‍රකාශ කිරීමට පෙර 1988 වර්ෂයේදී Microwave News නම් තාක්ෂණික සඟරාවක මැයි/ජූලි කලාපයේ ඊස්ට්ලුන්ඩ්ගේ මෙම නව සොයාගැනීම පිළිබඳව කෙටි ලිපියක් පළ විය. එම ලිපියේ දැක්වෙන තොරතුරු මගින් ඊස්ට්ලුන්ඩ් විසින් සොයාගන්නා ලද ක්ෂුද්‍ර තරංග අවධිගත වින්‍යාස ඇන්ටෙනා තාක්ෂණය මිලිටරිමය කටයුතු සඳහා යොදාගත හැකි බවට ඉඟියක් සපයයි. නිව්ජර්සිහි ප්‍රින්ස්ටන් සරසවියේ භෞතික විද්‍යාඥ ආචාර්ය රිඩර්ඩ් විලියම්ස් විසින් මේ පිළිබඳව අනතුරු අඟවා තිබේ.
1988 වර්‍ෂයේදී Microwave News නම් තාක්ෂණික සඟරාවක කෙටි ප්‍රවෘත්තියක් පළ විය. මෙම ප්‍රවෘත්තිය මෙසේ විය.
මිලිටරි පද්ධති : වායුගෝලයේ දැවෙන සිදුර
ඉහළ වායුගෝලය මත අධිබලැති විද්‍යුත් චුම්බක විකිරණ යොදාගැනීම පිළිබඳව අවධානය ඉහළ යමින් පවතින්නේ එහි පාරිසරික බලපෑම හේතුවෙනි. 1987 අගෝස්තු මස 11 වැනිදින ටෙක්සාස් ප්‍රාන්තයේ ස්ප්‍රින්ග්හි ආචාර්ය බර්නාර්ඩ් ඊස්ට්ලුන්ඩ් වෙත පේටන්ට් අංක 4,686605 යටතේ, ඉහළ වායුගොලයේ ආරෝපිත අංශු කිලෝවොට් 20-1800 සංඛ්‍යාතයක් පවත්නා විකිරණ මගින් තාපනය කිරීම සඳහා වූ ක්‍රමයක් සඳහා පේටන්ට් බලපත්‍රය පිරිනමා තිබේ. ඒ පිළිබඳව ඔහු පවසන්නේ ඒ මගින් ලෝකයේ විශාල ප්‍රදේශයක සන්නිවේදන කටයුතුවලට සම්පූර්ණ වශයෙන්ම බාධාකිරීමට හැකි බවය” . එයට අමතරව මෙම පද්ධතිය කාලගුණික විපර්යාසයන් ඇති කිරීම සඳහාද යොදාගත හැකිය. සිය පද්ධතිය ” මිලිටරිමය අර්ථයෙන්ද වැදගත් බවත් විශේෂයෙන්ම සතුරු මිසයිල හෝ ගුවන්යානා වලට බාධකයක් ලෙස හෝ ව්‍යාකූල කරවන සාධකයක් ලෙස එය යොදාගත හැකිය. මෙම බලපත්‍රයේ හිමිකම ඇත්තේ ඇට්ලාන්ටික් රිච්ෆීල්ඩ් සමාගමේ අනුසමාගමක් වන APTI,Inc.. වෙතය. නිව්ජර්සිහි ප්‍රින්ස්ටන් සරසවියේ භෞතික විද්‍යාඥ ආචාර්ය රිඩර්ඩ් විලියම්ස් විසින් මේ පිළිබඳව Physics and Society නම් සඟරාවට අප්‍රේලයේදී ලියන ලද ලිපියක් මගින් අනතුරු අඟවමින් සඳහන් කර ඇත්තේ ඊස්ට්ලුන්ඩ්ගේ සොයාගැනීම පෘථිවි වායුගෝලය වෙත බැරෑරුම් තර්ජනයක් විය හැකිය යනුවෙනි. එමෙන්ම ඊස්ට්ලුන්ඩ්ගේ අදහස භාවිතයට නැගෙන ආකාරය කිසිවෙක් නොදනී. මක් නිසාද යත් මෙම සොයාගැනීමටම අදාල තවත් පේටන්ට් බලපත්‍ර දෙකක් රහස්‍ය ලෙස වර්ගීකරණය කර ඇති නිසාය. ඔහුගේ රහස්‍ය නොවන පේටන්ට් බලපත්‍රය තුල ඊස්ට්ලුන්ඩ් සඳහන් කර ඇත්තේ අවධිගත වින්‍යාස ඇන්ටෙනාවක් අවශ්‍ය සංඥා ලබාගැනීම සඳහා ඉතා සුදුසු ක්‍රමයක් බවත් ඇලස්කාවේ උතුරු බෑවුමේ මෙම අවිය අත්හදා බැලිය හැකි බවත්ය. මේ සඳහා බලශක්තිය වොට් බිලියනයක් හෝ ට්‍රිලියනයක් අවශ්‍ය වුවද එම හැකියාව නව තාක්ෂණයක් බවත්ය. ඊස්ට්ලුන්ඩ් විසින් විලියම්ස් වෙත පවසා ඇත්තේ මෙම සොයාගැනීම පිළිබඳව අධ්‍යයනය කිරීමට සහ එය ක්‍රියාවට නැංවීමට රහසිගත ව්‍යාපෘතියක් දියත්කර ඇත යනුවෙනි.
වායුගෝලය රත්කිරීම පර්යේෂණ මෙවලමක් ලෙස(Atmospheric Heating as a Research Tool) : ඊස්ට්ලුන්ඩ් හා ජෙන්කින්ස්ගේ පර්යේෂණ අධ්‍යයන පත්‍රිකාවේ හැඳින්වීම තුළ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
..වායුගෝලයේ ස්ථානික වශයෙන් සිදු කෙරෙන තාපනය හෝ අයනීකරණය සඳහා පොලොව මත හෝ චන්ද්‍රිකා මත පිහිටුවා ඇති යන්ත්‍ර භාවිතා කිරීම මගින් ක්ෂුද්‍රතරංග විකිරණ ධාරා ජනනය කිරීම පිළිබඳ සංකල්ප පැහැදිලි කර තිබේ. වායුගෝලීය ප්‍රපංචයන් පිළිබඳ පරිගණක ආදර්ශ වැඩි දියුණු කිරීම සඳහා මෙම තාපන තාක්ෂණික ක්‍රම පර්යේෂණ මෙවලමක් ලෙස භාවිතා කළ හැකිය මෙහි අවසන් ඉලක්කය මෙම මෙවලම් කුණාටු වැලැක්වීම සඳහා සඳහා භාවිතා කිරීමයි. මෙහි ලා භාවිතා කර ඇති පර්යේෂණාත්මක තාක්ෂණික විධික්‍රම තුළ වැසි බිඳිති තාපනය කිරීම සඳහා ගිගා හර්ට්ස් ( Ghz) 26 සිට 35 දක්වා වන ක්ෂුද්‍ර තරංග සංඛ්‍යාතද, ඔක්සිජන් තාපනය සඳහා ගිගා හර්ට්ස් 55.2 ක්ෂුද්‍ර තරංග සංඛ්‍යාතයන් ද යොදාගෙන ඇත. එමෙන්ම ගිගා හර්ට්ස් 2.45 සහ ගිගා හර්ට්ස් 35 අතර ක්ෂුද්‍ර තරංග විනිරණ විවිධ උන්නතාංශ මත නාභිගත කරමින් වායුගෝලය තුළ කෘත්‍රිම අයනීකෘත ප්ලාස්මා රටාවන් (artificial ionized plasma pattern) නිර්මාණය කෙරෙන ආකාරයද මෙම පර්යේෂණ විධික්‍රම තුළ ඇතුළත්ය… ”
කෘත්‍රීම අයනීකෘත රටාවන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව විසින් විද්‍යුත් සන්නායකතාව වැනි විද්‍යුත් පරාමිතින් සෘජුවම මැනීමක් කරා මෙහෙයවිය හැකිය. වර්ධනය වෙමින් පවත්නා ප්‍රචණ්ඩ කුණාටු තුළ ඇති විද්‍යුත්ගතික බලයේ වැදගත්කම නිර්ණය කිරීමට මෙවැනි පරීක්ෂණ ආධාර වනු ඇත.
…පොළොව මත ස්ථානගත කරන ලද අවධිගත ක්ෂුද්‍ර තරංග වින්‍යාස ඇන්ටෙනා මගින් වායුගෝලීය අයනීකෘත ප්ලාස්මා අනු කලාප (atmospheric ionized plasma patches) නිර්මාණය කළ හැකි ක්‍රම යෝජනා කර ඇත. මේවා නාභිගත කර ඇත්තේ වායු ගෝලයේ නිශ්චිත ස්ථාන මතය….
ඊස්ට්ලුන්ඩ් හා ජෙන්කින්ස් පත්‍රිකාවේ අන්තර්ගත තාක්ෂණික රූප සටහනක්. මෙහි පොළොව මත ස්ථානගත කරන ලද ක්ෂුද්‍ර තරංග අවධිගත වින්‍යාස ඇන්ටෙනා මගින් සුළි සුළඟක් තුළට ප්ලාස්මා රටාවන් ඇතුළත් කරන ආකාරය දැක්වේ. වායුගෝලය තුළ කෘත්‍රීම අයනීකරණ ප්ලාස්මා රටාවන් නිර්මාණය මගින් කුණාටු පද්ධතීන් තුළ විද්‍යුත් ප්‍රපංචවල බලපෑම පිළිබඳව පර්යේෂණාත්මකව අධ්‍යයනය කිරීමටත් විද්‍යුත්ගතික බලයන් ඇතුළු නව පරිගණක සමාකරණයන් ( computer simulations) සඳහා දායකවීමටත් අවස්ථාව ලබා දෙයි. එවැනි ප්ලාස්මා රටාවන් ද ක්ෂුද්‍ර තරංග මගින් තාපනය කිරීම මගින් වායුගෝලය තුළ ධ්වනි තරංග සහ ගුරුත්ව තරංග කෘත්‍රීම ලෙස ජනනය කළ හැකි විශේෂිත නව පර්යේෂණ මෙවලම් සම්පාදනය කළ හැකිය…
සිසිල් වැහි බිඳිති සමග පහලට ගමන්කරන වායුධාරාවන් (rainy downdrafts) තාපනයට ලක්කිරීම මගින් සුළිකුණාටුවක් තුළ භ්‍රමණ ශක්තිය සංකේන්ද්‍රණය වීම වැලැක්වීම එක් සංකල්පයකි. සුදුසු තීව්රතාවයකින් යුතුව නිවැරදි කලාපය වෙතට යොමු කළහොත් සංවහන ධාරාවන්ගේ වේගයේ සහ තීව්රතාවයේ සිදුවන වෙනස්කම් අවහිර කළ හැකිය. මෙමගින් සාක්ෂාත් කරගැනීමට අපේක්ෂිත ඉලක්කය වන්නේ සුළි කුණාටු මගින් සිදුවන මරණ සහ විනාශය නැති කිරීමයි.
අවධිගත වින්‍යාස ඇන්ටෙනාවන්වන්ගෙන් නිකුත් කෙරෙන ක්ෂුද්‍ර තරංග වායුගෝලයේ නිශ්චිත ස්ථානීය කලාප මත නාභිගත කිරීම මගින් කෘත්‍රීම වායුගොලීය ප්ලාස්මා රටාවන් නිර්මාණය කළ හැකිය. මෙම ප්ලාස්මා රටාවන්ද ඒවායේ සංඛ්‍යාතයට ගැලපෙන සංඛ්‍යාවන් සහිත ක්ෂුදු තරංග මගින් තාපනය කළ හැකිය. ප්ලාස්මා රටා වල විද්‍යුත් සන්නායකතාවය, වායුගෝලීය විද්‍යුත් සන්නායකතාවය සමග කරනු ලබන ගැලපීම් හරහා කාලගුණ පද්ධතිවල විද්‍යුත් ගුණාංග හැසිරවීමේ අත්හදා බැලීම් වලට මඟ පෑදිය හැකිය.රූප සටහන 2 යනු සුළිකුණාටුවක අභ්‍යන්තරයේ නිපදවන ලද කෘතිම වායුගෝලීය ප්ලාස්මා රටාවක ක්‍රමලේඛනයකි.
හෙලේනා කුණාටුවේ ගමන් පථය සහ හැසිරීම කෘත්‍රිම ලෙස වෙනස් කරනු ලැබිණිද?
හෙලීන් සුළි කුණාටුව යනු 2024 සැප්තැම්බර් අගදී එක්සත් ජනපදයේ ගිනිකොන දෙසින් පැතිර ගිය ව්‍යසනකාරී හානි සහ බොහෝ මරණ ඇති කළ බලවත් හා විනාශකාරී නිවර්තන සුළි කුණාටුවකි. එය ෆ්ලොරිඩාවේ බිග් බෙන්ඩ් කලාපයට පහර දුන් වාර්තාගත ශක්තිමත්ම සුළි කුණාටුව වූ අතර, 2017 දී මාරියා සුළි කුණාටුවෙන් පසු පැමිණි වඩාත් මාරාන්තික අත්ලාන්තික් සුළි කුණාටුව වූ අතර, 2005 දී කැත්‍රිනා සුළි කුණාටුවෙන් පසු එක්සත් ජනපදයේ ප්‍රධාන භූමියට පහර දුන් මාරාන්තිකම සුළි කුණාටුව විය. මෙම සුළිකුණාටුවේ හැසිරීම සහ ගමන් මග ක්ෂුද්‍ර තරංග අවධිගත වින්‍යාස ඇන්ටෙනා මගින් වායුගෝලයේ ප්ලාස්මා රටාවන් නිර්මාණය කිරීම මගින් වෙනස් කර ඇතැයි ඇතැම් විශේෂඥයෝ සැක පහළ කර තිබේ.
දශක ගණනාවක් තිස්සේ කාලගුණය කෘත්‍රිම ලෙස වෙනස් කිරීම සහ භූ ඉංජිනේරුකරණය පිළිබඳ පර්යේෂණ පවත්වන ඩේන් විටින්ග්ටන් ඒ අතර ඉදිරියෙන්ම සිටින අයෙකි. ඔහු විසින් විවිධ කාලගුණික විපර්යාස, භූ භෞතික රටාවන් ආදියේ අසමානකම් පිළිබඳව දත්ත, වාර්තා සහ විශ්ලේෂණ සිය geoengineeringwatch නම් වෙබ් අඩවියේ අන්තර්ගත කොට තිබේ.
භූමි පාදක සංඛ්‍යාත සම්ප්‍රේෂක ජාල සුළි කුණාටු හැසිරවීමට සහ මෙහෙයවීමට භාවිතා කරනවාද? geoengineeringwatch වෙබ් අඩවියේ පළ කොට ඇති මෙම වීඩියෝ දර්ශන මගින් භූමිය මත ස්ථාපනය කර ඇති සංඛ්‍යාත සම්ප්‍රේෂක ස්ථාපනයන් සහ හෙලීන් සුළි කුණාටුවේ මාර්ගය අතර අන්තර්ක්‍රියාකාරිත්වය පිළිබඳ දෘශ්‍ය සාක්ෂි සපයයි.
මෙම වීඩියෝවේ පසුබිම් කථනයේ සිංහල පරිවර්තනය මෙසේය.
හෙලීන් කුණාටුවේ මාර්ග පථය සහ හැසිරීම හුදෙක් ස්වාභාවික ක්‍රියාදාමයක සහ දේශගුණික රටාවන්ගේ ප්‍රතිඵලයක්ද නැතහොත් එය කෘත්‍රීම වෙනස් කරන ලද්දක් ද? මෙම වීඩියෝවේ දක්නට ලැබෙන නිවි නිවි දැල්වෙන නිල් පැහැති ආලෝක ලප වනාහි නෙක්ස්රාඩ් සම්ප්‍රේෂණ ජාල ස්ථාපනයන්ගෙන් ( Nexrad network of Transmitter Installations) නිකුත්වන සංඛ්‍යාත සම්ප්‍රේෂණ වේ. පවත්නා සියලුම සාක්ෂිවලින් පැහැදිලිවම පෙනී යන්නේ වායුගෝලීය සංඛ්‍යාත සම්ප්‍රේෂණ මගින් වායු ස්කන්ධයන් මත විකර්ශණ ආචරණයක් (ඉවතට තල්ලු කිරීමක්) ඇති කළ හැකි බවත් එසේ සිදුකරන බවත්ය. විශේෂයෙන්ම වායු ස්කන්ධයන් මත විද්‍යුත් සන්නායක ගුණයන් සහිත නැනෝ අංශු විසුරුවා හරින ලද විටෙක එවැනි විකර්ෂණ ආචරණ ඇතිවන බවය. සංඛ්‍යාත සම්ප්‍රේෂණ ස්ථාපනයන් ගේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස දිස්වන මෙම නිල්පැහැති ආලෝක ධාරාවේ දීප්තිය වඩාත් ප්‍රබල වනවිට ඒ ආසන්නයේ දක්නට ලැබෙන වායුස්කන්ධවල හෝ කුණාටුවේ විකර්ශන ආචරණය වඩාත් බලවත් සහ පැහැදිලි එකක් බවට පත්වේ. මෙම වීඩියෝවේ නිල් පැහැති ආලෝක ලප නොදැල්වෙන කොටසේ සංඛ්‍යාත සම්ප්‍රේෂණ නොපවතින අතර එහෙයින් එම ප්‍රදේශ තුළ විකර්ශණ ආචරණයක්ද දක්නට නැත. එහෙයින් එම ප්‍රදේශවලදී කුණාටුවේ ගමන් මගට එරෙහිව බාධාවක් හෝ ප්‍රතිරෝධයක් එල්ල නොවේ. සංඛ්‍යාත සම්ප්‍රේෂණ සහිත (නැතහොත් නිල් ආලෝක ලප සහිත) ප්‍රදේශය දෙසට කුණාටුව සංක්‍රමණය වනවිට එහි කුණාටුවේ ගමන් මගට බාධාවක් නැතහොත් ප්‍රතිරෝධයක් එල්ලවීම හේතුවෙන් සංඛ්‍යාත සම්ප්‍රේෂණ නොමැති දිශාවට (නැතහොත් නිල් ආලෝක ලප රහිත දිශාවට) කුණාටුවේ ගමන් මග වෙනස් කරන බව පෙනී යයි. මම නැවතත් මෙම ප්‍රශ්නය ඔබ වෙත යොමු කරමි.හෙලීන් කුණාටුවේ මාර්ග පථය සහ හැසිරීම හුදෙක් ස්වාභාවික ක්‍රියාදාමයක සහ දේශගුණික රටාවන්ගේ ප්‍රතිඵලයක්ද නැතහොත් එය කෘත්‍රීම වෙනස් කරන ලද්දක් ද?
ඉහත වීඩියෝ දැක්වෙන සංඛ්‍යාත සම්ප්‍රේෂක ස්ථාපනයන්ගේ ක්‍රියාකාරිත්වය සහ හෙලීන් සුළි කුණාටුවේ මාර්ගය අතර අන්තර්ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු පහත දළ තාක්ෂණික රූප සටහන මගින් සරලව දක්වා තිබේ.

ප්ලාස්මාවක් යනු කුමක්ද?

උතුරු අර්ධගෝලයේ නිවර්තන සුළි කුණාටු ව්‍යුහය
image-wikipedia
පිටතට ගලා යන අයිස් වළාකුළු ආවරණය (Outflow cirrus schield)
පිටතට ගලා යන අයිස් වළාකුළු ආවරණය යනු දැඩි නිවර්තන සුළි කුණාටුවක හෝ ගිගුරුම් සහිත කුණාටුවක ඉහළ වායුගෝලයේ නැතහොත් ඉහළ උන්නතාංශයේදී කුණාටුවේ කේන්ද්‍රයේ සිට පිටතට විහිදෙන විශාල අයිස් වලාකුළු වියනකි. එය සෑදී ඇත්තේ කුණාටුවේ මධ්‍යම ඇසෙන් (Eye) ඉවතට තෙතමනය සහ අයිස් අංශු පැතිරෙන සහ විශේෂයෙන් පිටත වැසි පටි (Rain bands) වලින්, අවට වායුගෝලයේ විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි, ශක්තිමත් ඉහළ මට්ටමේ සුළං මගිනි.
උණුසුම් ඉහළ යන වායු ධාරාව (Warm rising air)
කුණාටුවක උණුසුම් ඉහළ යන වායු ධාරාව කුණාටුව සඳහා ප්‍රධාන ශක්ති ප්‍රභවය සහ එන්ජිම වන අතර එය සාගර ජලයට ඉහළින් ඇති තෙතමනය සහිත වාතය (අවම වශයෙන් 79°F/26°C) රත් වී, උත්ප්ලාවකතාවයට පත් වී වේගයෙන් ඉහළ යන විට නිර්මාණය වේ. මෙම ඉහළ යන චලිතය සාගරයේ ඒ අවට අඩු මතුපිට පීඩනයක් ඇති කරන අතර එවිට ඒ අවට මතුපිට සුළං කුණාටුවේ කේන්ද්‍රය ඇතුළට ඇතුළට සර්පිලාකාර ලෙස ගමන් කරයි. එම වායු ධාරාවන් ඉහළ යන විට, සිසිල් වී ඝනීභවනය වේ, ගුප්ත තාපය මුදා හරින අතර එමඟින් වාතය වඩාත් සැහැල්ලු වන අතර ඉහළට චලනය වේගවත් කරමින් දැඩි ගිගුරුම් සහිත වැසි ඇති කරයි.
පිටතට විහිදෙන වායු ධාරාවන් (Out flow )
කුණාටුවක මුදුනේ මැද සිට පිටතට තිරස් අතට සර්පිලාකාරව කේන්ද්‍රාපසාරිව විහිදෙන වායුධාරාවන් Out flow ලෙස හැඳින්වේ. මෙම ක්‍රියාවලිය විසින් කුණාටුවට සිය අභ්‍යන්තරයේ පිරී ඇති වායු ස්කන්ධය ඉවත් කිරීමට අවස්ථාව ලබා දෙන අතර කුණාටුවේ තීව්‍රතාවය පවත්වාගෙන යාමට එය වැදගත් සාධකයකි. එය ඉහළ මට්ටමේදී , දක්ෂිණාවර්තව චලනය වන සිරස් වලාකුළු ලෙස දිස්වන අතර එමඟින් කුණාටුවේ මධ්‍යම ඇසෙන් (Eye) තාපය හා තෙතමනය ඉවතට මුදා හරිමින් අතර කුණාටුවේ අභ්‍යන්තරය නැතහොත් අරටුව උණුසුම්ව හා තීව්‍රව තබා ගැනීමට හැකි වේ.
පහළට ගමන් කරන වායු ධාරාවන් (Cold falling air)
සුළි කුණාටුවක (හෝ, බොහෝ විට, නිවර්තන සුළි කුණාටුවක්) ඉහළදී එහි තෙතමනය සහ ගුප්ත තාපය මුදාහැරීමෙන් පසුව සිසිලනය වී පහළට ගමන් කරන වායු ධාරාවන් යන්නෙන් අදහස් කරන්නේ, සාමාන්‍යයෙන් ගොඩබිමට ළඟාවීමෙන් පසුව සුළි කුණාටුවක් ක්ෂය වන විට, සෑදෙන පහළට ගමන් කරන, සීතල සහ වියලි වායු ස්කන්ධයකි. නිවර්තන සුළි කුණාටුවකට බලය සපයනු ලබන ඉහළට ගමන්කරන වායු ධාරාවන් මෙන් නොව, මෙම සීතල වායු ධාරාවන් වර්ධනය වන්නේ කුණාටු පද්ධතියට එහි සාගරයෙන් සැපයෙන උණුසුම් තෙතමනය සහිත වායු ධාරාවන් ගොඩබිමට ළඟාවීමෙන් පසුව අහිමි වන නිසා, ඝනීභවනය ඉහළ දෙසට සිදුවීම හේතුවෙන් වන අතර එමගින් කුණාටුවේ පහළ කොටසේ නැතහොත්, පාදමේ ශක්තිය ක්ෂය වෙමින් පවතින කොටසේ සීතල වායු අරටුවක් ” නිර්මාණය වේ.
කුණාටුවක ඇස (Eye) සහ කුණාටුවක ඇසේ බිත්තිය (Eye Wall)

නිවර්තන සුළි කුණාටුවක මධ්‍යයේ බොහෝ දුරට සන්සුන් කාලගුණයක් සහිත කලාපය හඳුන්වන්නේ කුණාටුවක ඇස යනුවෙනි. දළ වශයෙන් වටකුරු ප්‍රදේශයක් වන අතර එය සාමාන්‍යයෙන් කිලෝමීටර් 30–65 (සැතපුම් 19–40; නාවික සැතපුම් 16–35) විෂ්කම්භයකින් යුක්ත වේ. එය වටා ඇති ගිගුරුම් සහිත කුණාටු වළල්ල කුණාටුවක අක්ෂි බිත්තිය (Eye Wall) ලෙස හැඳින්වේ. කුණාටුවක වඩාත් දරුණු කාලගුණය සහ සුළි කුණාටුවේ ඉහළම සුළං ඇත්තේ මෙම අක්ෂි බිත්තිය කොටසේය.. සුළි කුණාටුවේ අඩුම බැරෝමිතික පීඩනය ඇත්තේ කුණාටුවේ ඇසේ වන අතර එහි කුණාටුවෙන් පිටත පීඩනයට වඩා සියයට 15 ක් තරම් අඩු විය හැකිය.
ශක්තිමත් නිවර්තන සුළි සුළං වලදී, ඇස සැහැල්ලු සුළං සහ පැහැදිලි අහසකින් සංලක්ෂිත වන අතර, සෑම පැත්තකින්ම උස්, සමමිතික අක්ෂි බිත්තියකින් වට වී ඇත. දුර්වල නිවර්තන සුළි සුළං වලදී, ඇස හොඳින් අර්ථ දක්වා නොමැති අතර මධ්‍යම ඝන වලාකුළු වලින් ආවරණය වී තිබෙනු ඇත. චන්ද්‍රිකා ඡායාරූපවල මෙය දිස්වන්නේ දීප්තිමත්, ඉහළ, ඝන වලාකුළු සහිත වෘත්තාකාර ප්‍රදේශයක් ලෙසය . දුර්වල හෝ අසංවිධානාත්මක කුණාටුවල ඇස සම්පූර්ණයෙන්ම කුණාටු ඇසේ බිත්තිවලින් වට වී නොතිබීමට ඉඩ තිබේ. එමෙන්ම අධික වර්ෂාවක් ඇති ඇසක් ද ඇතැම් කුණාටුවල තිබිය හැකිය. කෙසේ වෙතත්, සියලුම කුණාටු වලදී, ඇස යනු බැරෝමීටර කියවීම අවම වන ස්ථානයයි.
වැසි තීරය (Rain bands)
වැසි තීරයක් යනු සැලකිය යුතු ලෙස දිගටි වූ වර්ෂාපතන ප්‍රදේශයක් සමඟ සම්බන්ධ වූ වලාකුළු සහ වර්ෂාපතන ව්‍යුහයකි. නිවර්තන සුළි සුළං වල වැසි තීරු ස්ථරීකෘත හෝ සංවහන විය හැකි අතර හැඩයෙන් වක්‍ර වේ. ඒවා වැසි සහ ගිගුරුම් සහිත වැසි වලින් සමන්විත වන අතර, අක්ෂි බිත්තිය සහ ඇස සමඟ ඒවා නිවර්තන සුළි කුණාටුවක් සාදයි. නිවර්තන සුළි කුණාටුවක් වටා ඇති වැසි තීරුවල ප්‍රමාණය සුළි කුණාටුවේ තීව්‍රතාවය තීරණය කිරීමට උපකාරී වේ.
කුණාටුවක භ්‍රමණ දිශාව (Strom rotation counter clock wise and clock wise)
පෘථිවියේ භ්‍රමණය නිසා ඇතිවන බලයක් සැලකෙන කොරියෝලිස් ආචරණය හේතුවෙන් කුණාටු ඒවා නිර්මාණය වන පෘථිවි අර්ධගෝලය අනුව එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය වේ. උතුරු අර්ධගෝලයේ, කුණාටු (සුළි කුණාටු/සුළි සුළං) වාමාවර්තව භ්‍රමණය වන අතර දකුණු අර්ධගෝලයේ, කුණාටු දක්ෂිණාවර්තව භ්‍රමණය වේ.
vimarshanaorg@gmail.com
නිර්මාණ සංග්‍රහය
කාටූනය
විශ්ලේෂණ


නව පුවත් සහ ලිපි
- කුණාටුවක ගමන් පථය හා හැසිරීම කෘත්‍රිමව වෙනස් කළ හැකිද? February 2, 2026
- කාලගුණය යුද අවියක් බවට පත් කිරීම: පොපායි සහ දිත්වා මෙහෙයුම් සහ ව්‍යසන ධනවාදයේ හරිත ශෝධනය December 29, 2025
- දත්ත විකෘතිකරණය සහ දේශගුණික විපර්යාස-කාබන්ඩයොක්සයිඩ් ආධානග්රාහි ආඛ්‍යානය- මාර්ක් කීනන් December 24, 2025
- අහිංසාවාදයට සිදුවූයේ කුමක්ද?(2) නව ලිබරල්වාදය ස්වමාංශ භක්ෂණය අරඹා තිබේ. දැන් ඔවුහු දරුවන් මරාදමමින් සිටිති. May 2, 2025

