ශ්‍රි ලන්කාව දැනටමත් සින්හල බෞද්ධ රටක් නොවේද?
Posted on May 30th, 2026

ආචාර්‍ය සුදත් ගුණසේකර.

මහනුවර 30. මැයි 2026.

සාමාන්‍යයෙන් අපි දන්නා කාලේ සිට, ඒ කියන්නේ 6 4 තෙරුණදා සිටම වෙසක් උත්සවය තමා අපේ ලොකුම ජාතික උත්සවය. මම පුන්චිකාලේ මට මතකයි අපේ අම්මා කියනවා පුතේ අපේ ජාතියේ ලොකුම උත්සවය වෙසක් කියලා.

මට මතකයි 1972 මම මහනුවර කච්චේරියේ කුඩා කර්න්මාන්ත සහකාර අධ්‍යක්ෂ වෂයෙන් ඉන්න කොට එවකට හිටපු දිසාපති මාරලන්ද මහතා මට කථාකරලා අස්ගිරියේ මල්වත්තේ මහනායක හාමුදුරුවන්ගෙ වෙසක් පනිවිඩ දෙක හදලා දෙන්ට පුලුවන්ද ඇහුවා.දිසාවෙ දිසාපති වරයා තමා ස්වදේශ කාටයුතු අමාත්‍යන්ශයට ඒක යවන්නෙ. ඒක සතියකවත් කලින් ගෙන්වා ගන්නවා. එකත් අකොට වෙසක් දවසේ සියළුම පුවත්පත්වල  පළවෙනි පිටුවේ මහනායක හිමිවරුන්ගෙ,අගමැතිගෙ සහ ස්වදේශ කටයුතු පිලිබඳ ඇමති වාරයාගේ පණිවිඩය පළවෙනවා.

මේ වෙසක් දාට ඒ කිසිවෙකුගේ පණිවිඩ රූපවාහිනියේ තිබුනෙත් නැ.ඒ පත්තරවලත් නැ. මේ රට දැන්  සින්හල බුද්ධ රට වශයෙන් වර්තමාන රජය පිලි නොගන්නා නිසාදැයි මම රජයෙන් අසමි.මේ සම්භන්ධයෙන් රජය වහාම ප්‍රකාශයක් කළ යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress