පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත! වින්දිත ඔබගේ දැණුම පිණිසයි!
Posted on April 5th, 2026
Ratanapala
Easter Sunday – 5 Apr 2026
ගම්මන්පිල මහතගේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු සොයා යාමේ කෘතියේ සඳහන් කරනවා අල් බග්ඩාඩිගේ ලෝක ඉස්ලාමීයකරනයේ ISIS න්යායපත්රයේ සහරාන් මෙහෙයුම කිරීමේ බරපැන වශයෙන් රු 300 මිලියනයක් සැපයූයේ ජවිපේ සාමාජික ඊබ්රහාමි නානාබව. මේබව පසුපස යෑමට ලංකා නීති පද්ධතියටත්, දනට බලයේ ඉන්න ජවිපෙටත්, කතෝලික පල්ලියටවත් අවශ්‍ය නැත. කතෝලික පල්ලිය පාස්කු ප්‍රහාරයේ කතෘකම මුස්ලිම් ඝාතකයන්ගෙන් වෙන දිසාවකට ගෙනගොස් ආගමීය සහ දේශපාලන සිතැඟි ඉටුකර ගැනීමට රාජපක්ෂ වරුන් වෙත ගෙනයාමට යත්න දරනවා. මෙය ඔවුන්ගේ සැමදා ගමන් සගයන් වන කොටි ඩයස්පොරව සතුටු කිරීමේ වැයමක් බව සියලු නිදහස් මතධාරීන්ට පෙනෙනවා නොඅනුමානයි. අවට සිටින අනෙකුත් පූජකවරුන්ට – 1950 ගණන්වල කතෝලික ආක්රමණයේ ( Catholic Action ) දූ දරුවන්ට ඇත්තේ ලංකාවේ ක්‍රිරිස්තියානි දේව රාජ්‍ය ගොඩ නැගීමට අවහිර කරන සිංහල බෞද්ධයන් කෙරෙහි ඇති භීතියයි, වයිරයයි. එහි වරක් තාවකාලික මුහුණුවරවූ ගෝඨාභය කෙරෙහි ඇති වයිරයයි! අවුරුදු 500 කට පෙර දොන් ජුවාන් ධර්මපාලගෙන් කරවා ගත නොහැකිවූ දේව රාජ්‍ය ලංකාවේ ස්ථාපනය කිරීම නූතන දොන් ජුවාම්ලා වන රනිල්, සජිත් සහ අනුරලාගෙන් කරවා ගැනීටය! සිරිලක බෙදා වෙන්කිරීමේ මිරිඟුව පිටිපස යෑමෙන් කාට සෙතක් වේද? බෙදුණු , අස්වාභාවික සීමාවලින් වෙන්වුනු රටක සාමය, සතුට සහ නීතියේ ආධිපත්‍ය බලාපොරොත්තු විය හැකිද! එවැනි බෙදී වෙන්වී සාමයෙන් සිටින රටවල් ඔබ දන්නවාද? ඉන්දියාව, නුතන සුඩානය, ඔට්ටෝමන් අධිරාජ්‍යය බින්දවටීමෙන් පසු ඇතිවූ මැද පෙරදිග මේ ක්‍රියාවන්ට කදිම නිදසුන් ගෙන එනවා! ඇත්තේ සදාකාලික ගැටුමයි, ත්රස්තවාදයයි, කෙලවර නිම නොමැති යුද්ධයයි!
තමාගේ පුතුන් දෙදෙනා බිල්ලටදී කන්‍යාවන් සමග මොක්සුව පතන ඊබ්‍රහිම් නානා නිදැල්ලේ සිටිනවා! ඔහුට විමර්ශන නැත. ඔහු ඔහුගේ ඉස්ලාමීකරන ව්‍යාපෘතිය ඉදිරියටත් කරනවා ඇති. ඊට හේතුව ඔහු සහ ඔහුගේ වහාබ්වාදී ප්‍රජාව කතෝලික සභාව සහ ලංකාව අස්ථාවරකර කෑලිකරන (balkanize) ව්‍යාපෘතියේ ගමන් සගයින් නිසාය. ගම්මන්පිල මහතා නිදැල්ලේ ඉන්නා මරාගෙන මැරෙන ත්‍රස්තයින් 300 ගැන පැවසුවේ ඒ නිසාය. Born Again විශ්වාසවන්තයෙකු ලෙස සලකන සජිත් ප්‍රේමදාසටවත් ඔහුගේ මුස්ලිම් / ක්‍රිස්තියානු මුදල්වලට සහ ඡන්දවලට ගැති NGO වලින් යැපෙන ඇම්බට්ටයින්ටත්, බොහෝ අනෙකුත් ඒහා සමාන අනාගත බලාපොරොත්තු ඇති අයටද සත්‍ය කුමක්ද යන්න අවශ්‍යම නැත. ඔවුන්ට ඇත්තේ ජනාධිපති සිහිනය මිස අන්කිසිවක් නොවේ! වින්දිතයන්ට ලබාදීමට උත්සහ ගන්නේ නියම ඇත්ත නොව සිංහල බෞද්ධ වයිරය පවත්වාගෙන යෑමය; බෙදා වෙන්කර පාලනය කිරීමයි. රාජපක්ෂ භීතියෙන් පෙලෙන මොවුන් කරන්නේ පාස්කු ප්‍රහාරයේ ආක්‍යානය (narrative) රාජපක්ෂ කඳවුර වෙතට ගෙනගොස් අහිංසක වින්දිතයන්ගේ මනස විකුර්ති කරීමයි, ඇත්ත පාස්කු ප්‍රහාර විමසුම තමාගේ එදිනෙදා සිතැඟි පරිදි වෙනස්කර ජනමනස අතරමං කිරීමයි! අද මහ මොලකරු – ඉංදියාව, අබුහින්ද් සහ සොනික් සොනික් පසුකර ගෝඨාභය දෙසට ගමන් කරමින් සිටී. මෙහි ආන්තික මෙහෙයුම එදා බෙදුම්වාදය පරාජයවීම නිසා අද මාරාන්තික වයිරයකින් ඉන්නා දෙමල ඩයස්පෝරාව සැනසීම පිණිස ගන්නා ප්රයත්නයක් බව ඔබට වැටහෙන්නේ නැද්ද? LTTE ක්රියාන්විතයන්ට උතුරේ ත්‍රස්ත උපකාරක සහායද, දකුණේ යුද්ධය අතරමග බකල් කිරීමට සාම දූතයන් වූ කල්ලි කව්රුද යන්න ඔබ දන්නවා! එය අකුරුවලින් කිව යුතුද? 60 දාහක් ඝාතනය වූ ඒ කුරිරු යුද්ධයට අනුබල දීම ගැන විමර්ශන සිදුවිය යුතු නැද්ද?
සියලු වින්දිතයන්ට, විශේෂයෙන් කතෝලික බැතිමතුන්ට කියන්න තියෙන්නේ මේ මහා පාපයට දායක නොවන ලෙසටයි! ඔවුන්ගේ පැවැත්මට සහ සුඛවිහරනයට ඔබගේම කතෝලික සභාව ඔබ වහලුන්මෙන් පාවිච්චි කරනවා! මධ්‍යස්තව සිතන්න, ඇත්තටම මොකද වුනේ කියලා. ඔබ හොදටම දන්නවා මේ මලේඥ ප්‍රහාරය ගැන දැනුම එදා පැවති රජයට තිබුණ බව. ඒ සදහා නිසි විමර්ශන නොකල වගකිවයුත්තන් අදද එම පුටුවල සිටිමින් ඇත්ත වසන් කිරීමේ කාර්ය එදාටත් වැඩිය හොදින් කරගෙන යනවා. විස්තර ගැන යම් දැනුමක් තිබුන හරීන් ප්රනාන්දුවවත් මහ මොලකරු ප්‍රබන්ධය ගෙන ආ හිටපු නීතිපති දප්පුල ද ලිවේරාවත් තවම විමර්ශනය නොවූයේ මන්දැයි ඔබට කිසිම චකිතයක් නැත්ද?
පාස්කු ප්‍රහාරයේ ආදිතම මහමොලකරු ලෝක ඊස්ලාමිකරනයේ අත්පොත කුරානය, ඊට අදාල ෂාරියා නීතිය සහ සර්වලෝක ඉස්ලාමීය කරණයයි. පලමු කාලිෆේටය ඇතිවන්නේ ඒ දර්ශනයට අනුවය ෂාරියා නීතිය අනුවය. මෑතකදී මහමොලකරුවන්නේ Petrodollars වලින් පොහොසත්වී ලෝක ඊස්ලාමීයකරනයේ දිගුවක්වන වහාබ්වාදයත්, අල්බග්ඩාඩීගේ නැවත පුරාණ කාලිෆේටය ඇති කිරීමේ ISIS / ISIL ව්‍යාපාරයත්, ලංකාවේදී මේ න්‍යාය පත්‍රයට නායකත්වය දුන් සහරාන් ඇතුලු කල්ලියත්ය. ඔවුන්ගේ පුරවැසියන්ද වින්දිතයන්වූ නිසා ඇමෙරිකාවේ FBI , ඔස්ට්‍රලියාවේ AFP සහ මහා බ්‍රිතානයේ ස්කොට්ලන්ඩ් යාර්ඩ්ද ප්‍රහාරය පිලිබඳ විමර්ශන සිදු කළා. ප්‍රහාරය ගැන කතෝලික පල්ලිය ඔවුන්ගෙන් වැඩි දුර ප්‍රශ්න නොකරන්නේ මන්ද? බොදුනුවන් සහ කිතුනුවන් අතැර ඇති විශ්වාශය, සමගිය බිඳ දමා රට බෙදීමේ සහ දේව රාජ්‍යය යන කුට ව්‍යාපාරය සාර්ථක කිරීමේ තවත් අංගනයක් නේද මේ?
එදා නවසිලන්තයේ සිදුවුනු කිතුනුවෙකුගේ මුස්ලිම් පල්ලි ප්‍රහාරය නිසා කෂණික පලිගැනීමක් ලෙස දලදා පෙරහැරට මේ ත්‍රස්තයින් ජූලි මාසයේ කරන්නට සැලසුම් කර තිබු ප්‍රහාරය ලංකාවේ කිතුණුවන් සහ බටහිරයන් වෙතට යොමුකල බව ඔබට නොදැනේද? ඒ පිලිබඳ තීරණය කලේ ISISද සහරාන්ද යන්න වෙදගත් නැත, මන්ද ප්‍රහාරයකට අවශ්‍ය සියලු දේ ඒ වනවිට සැලසී තිබුන නිසාය. පලමු ප්‍රහාරයට ආනයනයකල කඩු 12,000 ගැන විමසුමක් නැත්තේ මන්ද? ඒ කඩු ගෙනාවේ මුස්ලිම් පල්ලිවල තනකොල කැපීමට යන්න ඔබ පිලිගන්නේද? මේ සියල්ල මැදපෙරදිග මුදල්වල බලයෙන් බහුතරයක් දේශපාලුවන් යට ගහන බව ඔබට වැටහෙන්නේම නැද්ද? අද සාර්ථකව මේ මුසාව පාර්ලිමේන්තුවේ ඉදිරියට ගෙනියන්නේ සමගි ජන බලයේ (සජබ) මුජිබුර් රහමන්ය. අල් ටාකිය ( Al Taquiyaa) නියාවට අනුව පාර්ලිමේන්තුවේ හිරිකිතයක් නොමැතිව මුසා දොඩන්නේ ඔහුය. ලංකාවේ සීග්‍රයෙන් සිදුවන ඉස්ලාමීකරනය වසන් කිරීමේ කාර්ය ඔහු මැනවින් ඉටු කරමින් සිටී.
ලෝක ඊස්ලාමීය කිරීමේ න්‍යාය පත්‍රයේ සැලසුම් දැනට ඔඩුදුවා ඇතිබව යුරෝපය සහ ඇමරිකාවේ ජනතාව වටහා ගනිමින් තිබෙනවා. ලංකාවේ මෙන්ම සවීඩනය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය සහ අනෙකුත් වින්දිත රටවල් අතර ඉතාලියත් ඉන්නවා. එම රටවල් එදා මුලු ලෝකයටම මානුෂික අයිතිවාසිකම් සහ ප්රාජාතන්ත්රවාදය ගැන බන දෙසුවත් දැන් දැන් ඒ තත්වයන්ගෙන් බැහැරවී ජාතිකත්ව මගට යමින් සිටිනවා! තම තමන්ගේ සභ්‍යත්වය, සංස්කෘතිය සහ ජාතිකත්වය – මානුෂීය අයිතිවාසිකම්, මූලික අයිතිවාමිකම්, ඉහවහාගිය ප්රජාතන්ත්රවාදය යන උද්වේගශීලී එහෙත් මහ පොලොවේ පැලනොවෙන තර්කවලට ඉහල බව තේරුම් ගනිමින් සිටිනවා. ඔඩු දුවපු ප්රජාතන්ත්රවාදය නිසා ශිෂ්ටාචාර රාජ්‍යයන් විනාශ වෙමින් තියෙන බව කියනවා. මේ අතරින් මුලධර්මවාදීන්ට රටවල් ගිල ගැනීමට අවකාශය ඇති වෙමින් පවතිනවා. දියුණු වෙමින් සිටි රටවල් අස්ථාවර කිරීමට යොදාගත් ඉහත සඳහන් අයිතිවාසිකම් නිසා තමන්ගේ රටවල් තමාටම අහිමිවීගෙන යනබව ඔවුන්ට යතාර්ථයක් වෙමින් තියෙනවා. අද ලන්ඩනය ඉංග්රීසියන්ට අයිති නැත. නිව්යෝර්කයත් එසේමය. වෙනත් ජාතීන් අයිති කරගෙන ඇත. අනෙක් බොහෝ රටවල තත්වයද මෙසේමය. එක්සත් ජාතීන්ගේ සංගමය (UNO) හිස සුන් කුකුලන් මෙන් හැසිරෙන්නේ ඒ නිසයි. බලරහිත නපුන්සකයින් බවට පත්වී ඇත්තේ ඒ නිසයි.
පාස්කු ප්‍රහාරයේ මුල හෙවත් ලංකාව ඉස්ලාමීකරණයේ අතීතය දිවයන්නේ මහින්ද රාජපක්ස දේශපාලනයට එන්න දශක ගණනකට ප්‍රතමය. 1976 යේ නොබැඳි ජාතීන්ගේ සමුළුවට පැමිණි කර්නල් ගඩාෆි ලංකාවේ මුස්ලිම් වරුන්ට කීවේ ඔවුන්ගේ ජනගහනය වැඩිකර ගන්නට, පාරවල් වලට යාබද ඉඩම් මිලදී ගන්න සහ මුස්ලිම් පල්ලි විශාල වසයෙන් ඉදිකරන්නය. ඉදිරියේදී ලංකාව ඉස්ලාමීය කරණයේ අඩිතාලම එදා දැමුයේ එසේය. දශක පහකට පසු 2026 දී මේ තත්වය කොපමණ දුර ඇවිත්ද යන්න ඔබම තේරුම් ගන්න. ඔබේ වටපිටාවේ ජන සංයුතිය වෙනස් වෙන හැටි නොපෙනේද? ෂරියා නීතියට අනුව ක්‍රිස්තියානින් සහ බෞද්ධයින් වසරකට වරක් දෙවියන්ට පුදන ගව සම්පත පමණි! අතීතයේ මාල දිවයිනට, මැලේසියාවට, ඉන්දුනීසියාවට වුනදේ අනෙක් බොහෝ රටවලට සිදු කරන්නයි ඔවුන්ගේ නියාය පත්‍රය!
රාජපක්ෂලා රටට ඉතිහාසගත සේවයක් කර ඇත. කොටි ත්‍රස්තවාදය රටෙන් තුරන් කර ඇත. ඔවුන් 2009 යේ කොටි මර්දනයෙන් පසු සිදුවුනු දරුණු ත්‍රස්ත ක්‍රියාව පාස්කු ප්‍රහාරයයි. ඒ වසර දහයකට පසුවයි. එතකන් සාමය පැවතුනේය. උද්දච්ච් කමින් තොරව රට නියම ලෙස පාලනය කරානම් මේ කිසිවක් සිදුවන්නේ නැත. හරියට පාලනය කරානම් 2015 දී යහපාලනය යනුවෙන් නුතන දොන් ජුවාන් වන රනිල් බලයට පත්වන්නේ නැත. මහා බැංකු කොල්ලය සිදුවන්නේ නැත. පාස්කු ප්‍රහාරය සිදු වන්නේ නැත. තම පව්ලේ පැවැත්ම සහ අනෙකුත් ආත්මාර්ථකාමී වැඩ පිලිවැල් නිසා රාජපක්ෂවරුන් ඉතිහාසයට එක්වන්නේ ඉතිහාසය හරියට කියවා නොගත් අඳබාලයින් ලෙසය.
එහෙත් රටෙන් පිට සිටින කොටි සාමාජිකයන් නැවත ත්‍රස්තවාදය රට තුලට ගෙනීමට වලිකනවා. නොයෙක් ආකාරයේ ප්රයත්න දරනවා. ත්‍රස්ත ප්රභාකරන් මරා ඔහුගේ ත්‍රස්ත ව්‍යාපාරය අතුගා දැමීමට පලිගැනීමක් හැටියට රාජපක්ෂලාගෙන් පළිගන්නට කොටි ඩයස්පෝරාව නොකරන දෙයක් නැහැ. රාජපක්ෂ කෙනෙක් දකුණේ රජයකින්ම සිපිරි ගෙයට යවන එක ඔවුන්ගේ ඉතාමත් වැදගත් අරමුණක්. මේ ප්රයත්නයේ දිගුවක් හැටියට තමයි පාස්කු ප්‍රහාරය රාජපක්ෂ වරුන්වෙත ගෙනියන්න තැත්කරන්නේ. කරුණු මෙසේ තිබියදී කලකදී බෙදුම්වාදයට කඩේ ගිය කතෝලික පල්ලිය ඉස්ලාමීය ආක්රමනයට සුදු හුණු ගාන්නේ මන්ද යන්න කතෝලික ජනතාවම කරුණු කාරණා නිසි ලෙස පසක් කර වටහා ගත යුතුය.
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කෘතිය එලිදක්වන විට ශාලාවේ ඈත මුල්ලක වැඩසිටි ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් දුටුවිට මට ඇතිවූයේ දරාගත දුකකි, අසරණ බවකි, මන්ද උන්වහන්සේ පාස්කු ප්‍රහාරයේ අක්මුල් සියල්ල ප්‍රහාරයට බොහෝ වසර ගනනකට පෙර පැවති සියලු රජයන් වෙත නොබියව පවසා සිටිය නිසාය. අන්තිමට ගොටාභය ජනාධිපති සමග මුළු රටට – “එක රටක් එක නීතියක්” ගෙන එන්නට වෙර දරූ උන්වහන්සේ අද අසරණය! මේ සියල්ල දකින උන්වහන්සේගේ සිතිවිලි කුමක් වන්නට ඇත්ද? මේ කරුණු එලිකිරීමේ වරදට කිහිපවරක් සිර දඩුවම් විඳි උන්වහන්සේ දිනක ලක් ඉතිහාසයට එක්වන්නේ ලක්දෙරණේ අද්වීකීය විරුවෙක් ලෙසය. එය වැලැක්වීමට නීති පද්ධතියේ ඇති කිසිම ජගතෙකුට නොහැකිවනු ඇති. උසාවියක උස්හඬින් කතා කෙකරුවාට අවුරුදු 19 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් ලැබෙන්නත් බුදුන් වහන්සේට අගෞරව කල ජෙරොම් ප්‍රනාන්දුට දඩුවම් නොලබන්නටත් නීතිය නැමෙන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. අධිකරනයට අපහාස කල පද්මිණී රණවක නිදැල්ලේය. ලංකාවේ නීතිය අපැහැදිලිය, නිරුත්තරය, නිරුවත්ය! ජනතාවගේ චන්දයෙන් පත්වුණ රජයක් පිටස්තර බලවේග පිළියෙළ කල අරගලයකින් පන්න දමනවිට අත්පොලසන් දුන්නේ කව්ද? ඔවුන් කලේ 1931 සිට පවත්වාගෙන එන සර්වජන චන්දය සහ ප්රජතන්ට්රවාදයේ නග්න බව විහිලුවට ලක් කිරීම නොවේද? ජනතාව අද්වීතිය යනුවෙන් අදහන අධිකරණය දේශපාලනීකරණය වී නැත්ද?
පාස්කු ප්‍රහාරයේ ආඛ්‍යානය වෙනතනට ගෙනයන්න වෙරදරන කතෝලික සභාවේ ප්රයත්නය සියලු බුද්ධිමතුන් පිලිකුලින් හෙලා දැකිය යුතුය! සත්‍යයේ පැතිකඩ මහජනතාවට විස්තරාත්මකව හෙලිකරන ගම්මන්පිල වැනි විද්වතුන් ආරක්ෂා කොට පෝෂණය කල යුතුව ඇත. එය යුගයේ අවශ්‍යතාවයකි! පනිවිඩකරු ඝාතනය කරන්න එපා. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඉගෙන ගන්න. එවිට පාස්කු ප්‍රහාරයේ අක්මුල් ඔබට වැටහෙනු ඇති! එවිට ඔබට අවශ්‍ය සැනසුම ලැබෙනු ඇත. ඒ ඔබට ඇත්තටම සත්‍ය දැනගැනීමට අවශ්‍ය නම් පමණි! එදා රුකඩ සිරිසේනගේ යහපාලන රජය, රාජ්‍ය ආරක්ෂාවට ප්‍රමුකත්වය දුන්නනම් නිසි පියවර ගත්තා නම් පාස්කු ප්‍රහාරයේ මියගියයන් අදටත් අප අතරය. මාරාන්තික තුවාල ලැබූවන් සහ සෙසු වින්දිතයන්, වින්දිතයින් වන්නේ නැත. සියල්ල මෙවරත් පාස්කුව සමරණු ඇති!
මේ දිගහැරුම සාමකාමී සම්ප්රදායී ඉස්ලාම් භක්තිකයන්ටද සැනසුමක් ගෙනදේවා! මුලධර්මවදීන්ගේ උගුල් වලට අසු නොවේව! අපේ ශ්‍රී ලංකාව රැක ගනිමු. ජාතික සමගියට ගරු කරමු!
සත්‍යය ඔබව නිදහස් කරනු ඇති!
මේ කියවන ඔබට ජය!
Sarath Bulathsinghala