රුසියානු තෙල් ඩොලර් 150ට දෙන්න හදද්දි ඉන්දියාවෙන් ඩොලර් 258ට ගන්නේ ඇයි? උවිඳු ප්‍රශ්න කරයි
Posted on April 25th, 2026
Lanka Leader
ලංකාවේ බලශක්තිය නිෂ්පාදනයට අදාලව උපරිම දාරිතාව ලබාදිය හැකි ගල් අඟුරු ලංකාවට පැමිණ නැති බව මේ වන විට අනාවරණය වී ඇති බවත්, එනිසා ගල් අඟුරු හරහා විදුලිය නිෂ්පාදනය කිරීමේදී බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත පසුබෑමක් ඇතිවී තිබෙන බවත් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.
මෙම තත්ත්වය යටතේ ගෝලීයව ඇතිවී තිබෙන තත්ත්වයත් සමග මෙම අර්බුදය ලංකාවට ඉතා තදින් බලපා ඇති බවත් පවසන ඒ මහතා මෙයින් ගොඩ ඒම සඳහා රුසියානු රජයෙන් ලංකාවට ඉතා වාසි සහගත දැවැන්ත යෝජනාවක් ගෙනවිත් තිබුනද ඊට රජයෙන් ප්‍රතිචාර ලබාදීම ප්‍රමාද වන්නේ කිසිවෙකුගේ බලපෑමක් නිසාදැයි ප්‍රශ්න කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..