රස්සා බෙදන්න ගිය මනෝ ගනේෂන්ට, මැතිවරණ කොමිසම හරස් වෙයි
Posted on October 5th, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් අද ගුරු පුහුණු තනතුරට අදාළ පත්වීම් 400 ක් ලබාදීමට සංවිධානය කර තිබූ උත්සවයක් අත්හිටුවීමට මැතිවරණ කොමිසමේ නිලධාරින් සහ පොලීසිය මැදිහත් වුණා.
හෝමාගම – මාකුඹුර ප්‍රදේශයේ පිහිටි ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයෙහි මෙම පත්වීම් ලබාදීමේ උත්සවයට සංවිධානය කර තිබුණේ අමාත්‍ය මනෝ ගනේෂන්ගේ සහභාගිත්වයෙන්.
එම කටයුත්ත අත්හිටවූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි නාගරික මන්ත්‍රීවරියක් සහ අමාත්‍ය මනෝ ගනේෂන් අතර උණුසුම් සංවාදයක් ඇති වුණා.
බදුල්ල, වව්නියාව, මඩකලපුව, නුවරඑළිය ඇතුලූ ප්‍රදේශ ගණනාවක දෙමළ ගුරුවරුන් සඳහා ගුරු පත්වීම් ලබාදීමටයි මෙම උත්සවය සංවිධානය කර තිබුණේ.
අදාළ පත්වීම් ලබාදීම අත්හිටුවීම හේතුවෙන් පැමිණ සිටි පිරිස යළි හරවා යැවීමටයි අමාත්‍යවරයා එහිදී කටයුතු කළේ.