Author Archive for Nalin De Silva

ලිච්ඡවිලාගේ රනිල්

Sunday, July 26th, 2015

නලින් ද සිල්වා ධර්මිෂ්ඨලාගේ ජේ ආර්ට පසුව අපට ලිච්ඡවිලාගේ රනිල් පහළ වී ඇත. පහළ වී ඇතැයි කිව ද ඔහු ද අනෙක් මිනිසුන් මෙන් ම උත්පත්තිය ලත් තැනැත්තෙකි. ජේ ආර්ට උපදෙස් දුන්නේ කවුදැයි නො දනිමි. රනිල්ට රතන හිමියන් උපදෙස් දුන්නත් ඔහු එ භාරගනී යැයි සිතිය නො හැකි ය. ලිච්ඡවිලාගේ රනිල්ට උපදෙස් දෙන්නේ ලිච්ඡවිලාගේ උදවියවත් කෞටිල්‍යලාගේ උදවියවත් […]

More >

රනිල් ද මහින්ද ද

Friday, July 24th, 2015

චින්තන පර්ෂදය මේ ඔබට ලැබෙන අන්තිම අවස්ථාව කරගන්න එපා. අවුරුදු දෙදහස් පන්සීයක් පැවතුණු සිංහල රට හා අවුරුදු දෙදහස් තුන්සීයකට වැඩි කාලයක් පැවතුණු සිංහල බුද්ධාගම ඔබ අගෝස්තු 17 වැනි දා ගන්නා තීරණය මත සඳහට ම නැතිවන්න පුළුවන්. ඔබ එදාට රනිල් අගමැති කරන්න ඡන්දය දුන්නොත් ඔබේ දරුවන්ට හා මුණුබුරන්ට ජීවත්වන්න සිද්දවෙන්නෙ ඔබ ජීවත් වුණු රටේ නෙ වෙයි.  […]

More >

මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාව 

Thursday, July 23rd, 2015

නලින් ද සිල්වා සුදු වෑන් කතා අතනින් මෙතනින් ඇසෙයි. මහින්ද රාජපක්‍ෂ යෑමට නියමිත මාර්ගවල බෝම්බ තිබී හමුවේ. අකුරැස්සේ දී බීමත් ව සිටි යා යැයි කියන අයකු මහින්ද රාජපක්‍ෂගේ අත මිරීකු බවට ප්‍රවෘත්ති හා ඡායාරූප පළවෙයි. එහි දී මහින්ද රාජපක්‍ෂ අදාළ පුද්ගලයාට පහර දුන් බව දේශදේශාන්තරවල පැතිර ගොස් ඇතැයි ආණ්ඩුවේ ජනමාධ්‍ය හෙළිදරවු කරයි. එය තවත් සිරිකොත […]

More >

අනුර කුමාර හා රනිල්

Wednesday, July 22nd, 2015

නලින් ද සිල්වා ජ වි පෙ වත්මන් නායක අනුර කුමාරට එ ජා පක්‍ෂයෙන් විශාල මුදලක් ලැබුණු බව කියන්නේ ජ වි පෙ හිටපු නායක සෝමවංස අමරසිංහ ය. එය සත්‍ය ද නැද්ද යන්න ගැන මට කිසිවක් කිව නොහැකි ය. එහෙත් අනුර කුමාර හැසිරෙන ආකරයෙන් නම් හැඟී යන්නේ ඒ ප්‍රකාශය සත්‍යයක් බව ය. අනුර ජ වි පෙ නායකයා […]

More >

මෛත්‍රිපාල බටහිරයන් වෙනුවෙන් රනිල් රකියි

Wednesday, July 22nd, 2015

නලින් ද සිල්වා  මෙරට පැවැත්වෙන තීරණාත්මක ම මැතිවරණය ආරම්භ වී ඇත. රටේ ස්වෛරිභාවය ඒකීයත්වය ආදිය අගොස්තු 17 වැනි දා තීරණය වනු ඇත.සියළු දේශීය හා විදේශීය විජාතික බලවේග මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධ ව පෙළ ගැසී ඇත. බටහිර හා ඉන්දීය ඔත්තුසේවා නිලධාරීහු සිය අමන කාර්යයන්හි යෙදී සිටිති. චම්පක රණවක වැන්නන්ගේ රෙදි පිළි ගැළවී අහසේ පාවී යයි. රතන […]

More >

රට රැකි මහින්ද හා රට පාවාදෙන රනිල්

Tuesday, July 21st, 2015

නලින් ද සිල්වා සියළු විජාතික බලවේගවලට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ පැරදවීම ය.  මහින්ද නැති ශ්‍රි ල නි පක්‍ෂයක් නැති බව දහස් වරක් පෙනී ගොස් ඇත. අද ඇත්තේ ශ්‍රී ල නි ප හෝ එ ජ නි ස හෝ මැතිවරණ ව්‍යාපාරයක් නොව මහින්ද මැතිවරණ ව්‍යාපාරයකි. බටහිරයන්ට අවශ්‍ය ඊනියා මහින්ද රෙජිමය පැරදවීම ය. ඒ ඔවුන්ගේ ලංකා වසන්තය ය. ඔවුන්ට […]

More >

මහින්දට අගමැති වීමට නො හැකි ද?

Monday, July 20th, 2015

නලින් ද සිල්වා ඇතැමුනට අනුව මහින්ද රාජපක්‍ෂට අගමැති වීමට බාධාවක් වෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මහින්ද රාජපක්‍ෂට තුන්වැනි වරට ජනාධිපති විය නො හැකි ය. අනෙක් අතට යම්කිසි ආකාරයකින් මෛත්‍රිපාල සිරිසේනගේ සේවා කාලය අවසන් වීමට පෙර ජනාධිපති තනතුරේ පුරප්පාඩුවක් ඇති වුවහොත් මසක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයකු ජනාධිපති ලෙස තෝරා පත් කර ගනු ලැබිය යුතු […]

More >

ශ්‍රී ල නි ප යළි ඉපදෙයි

Monday, July 20th, 2015

නලින් ද සිල්වා විජාතික බලවේගවල මෙහෙයවීමෙන් පසුගිය ජනවාරි 8 වැනි දා මෛත්‍රිපාල සිරිසේන විසින් ශ්‍රී ල නි ප ඝාතනය කෙරිණි. ජූලි 17 වැනි දා ශ්‍රී ල නි ප අනුරාධපුරයේ දී යළි උපත ලබා ඇත. අගෝස්තු 17 වැනි දා මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධාන ආණ්ඩුවක් මෛත්‍රිපාල පල පල කියමින් ඔහු ඉදිරියේ දී […]

More >

අශීලාචාරයෝ කවරහු ද? 

Monday, July 20th, 2015

නලින් ද සිල්වා අද දෙරණ වෙබ් අඩවියට අනුව මෛත්‍රිපාල සිරිසේන ලබන අගෝස්තු 17 වැනි දිනට පසු ගෙදර හරින බවට මා කළ ප්‍රකාශය අශිලාචාර එකක් යැයි කබීර් හෂීම් පවසා ඇත. මා කිසි දිනෙක ගේට්ටු කඩාගෙන විත් මෛත්‍රිපාල ගෙදර හරින බවක් කියා නැත. මා පැහැදිලිව කියා ඇත්තේ ව්‍යවස්ථානුකූලව දෝෂාභියෝගයක් මගින් මෛත්‍රිපාල ගෙදර හරින බව ය. ඒ අශීලාචාර […]

More >

මෛත්‍රිපාල සමග ඇයි හොඳයියක් අවශ්‍ය නැහැ 

Friday, July 17th, 2015

නලින් ද සිල්වා -මෙය මෛත්‍රිපාල  සිරිසේනගේ ජඩ ප්‍රකාශයට පෙර ලියන ලද්දකි මම කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙක් නො වෙමි. එහෙත් මට රනිල් මෛත්‍රිපාල පික්පොකට් ආණ්ඩුව මැතිවරණයේ දී පරාජය කිරීම අවශ්‍ය වෙයි. එයට හේතුව ඒ ආණඩුව බටහිර යටත්විජිත ගැති ඉන්දීිය පක්‍ෂපාති සිංහල විරෝධී එකක් වීම ය.  මේ දුස්සංධානය හා දෙමළ ජාතික සංධානය අද මෙරට බටහිර හා ඉන්දිය […]

More >

මෛත්‍රිපාලගේ විශේෂ ප්‍රකාශය

Wednesday, July 15th, 2015

නලින් ද සිල්වා මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද විශේෂ ප්‍රකාශයෙහි කරුණු කිහිපයක් අඩංගු විණි. ඔහු මහින්ද රාජපක්‍ෂට අගමැති කම නොදෙන බව කීවේ ය. තමා මහින්ද රාජපක්‍ෂට ජනවාරි 8 වැනි දාට පෙර තිබූ විරුද්ධත්වය එසේ ම පවතින බව ප්‍රකාශ කෙළේ ය. ශ්‍රී ල නි ප (සංධානය) ජයග්‍රහණය කළහොත් අගමැතිකම දීමට පක්‍ෂයේ ජ්‍යෙෂ්ටයන් සිටින බව කීවේ ය. […]

More >

රට රැකි මහින්ද හා රට පාවාදෙන රනිල්

Tuesday, July 14th, 2015

නලින් ද සිල්වා මෙරට පැවැත්වෙන තීරණාත්මක ම මැතිවරණය ආරම්භ වී ඇත. රටේ ස්වෛරිභාවය ඒකීයත්වය ආදිය අගොස්තු 17 වැනි දා තීරණය වනු ඇත.සියළු දේශීය හා විදේශීය විජාතික බලවේග මහින්දට විරුද්ධ ව පෙළ ගැසී ඇත. රාජ්‍ය නොවන ගැත්තෝ මහින්දට විරුද්ධ ව කුරුණෑගල ගෙන් ගෙට යති. බටහිර හා ඉන්දීය ඔත්තුසේවා නිලධාරීහු සිය අමන කාර්යයන්හි යෙදී සිටිති. චම්පක වැන්නන්ගේ […]

More >

ශ්‍රී ල නි ප ඝාතනය

Monday, July 13th, 2015

නලින් ද සිල්වා  ඉරිදා රිවිර ලිපියකි  2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරුණු ශ්‍රී ල නි ප ජූලි 8 වැනි දා ආදාහනය කෙරිණි. මෙහි පහත පළවන්නේ ඒ ඝාතනය 1959 දී සිදු වූ බණ්ඩාරනායක ඝාතනය සමග සංසන්දනය කෙරෙමින් ලියූ ලිපියකි. 1959 දී බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරුණ ද ශ්‍රී ල නි ප ඝාතනය නො කෙරිණි. ඉන්පසුව ද […]

More >

මෛත්‍රිට රටේ බලයක් නැහැ

Sunday, July 12th, 2015

නලින් ද සිල්වා රනිල් පසුගිය දා පවත්වන ලද එ ජා ප සම්මේලනයේ දී විජිතපුර සටන ගැන සඳහන් කර ඇත. එය තවත් පස්දුන් කතාවකි. පස්දුන් කෝරළයෙන් පස්දීම ගැන රනිල් කළ කතාව බොහෝ දෙනාට මතක ඇතැයි සිතමි. රනිල්ට අනුව මෛත්‍රිපාල එ ජා පක්‍ෂයට විජිතපුර සටන දිනා දී ඇත. ඔහු මෙතෙක් ඒ බවක් කීවේ නැත. රනිල් කීවේ ඊනියා […]

More >

මෛත්‍රිගේ හා චන්ද්‍රිකාගේ බලපෑම් පරාජය කරමු

Sunday, July 12th, 2015

නලින් ද සිල්වා එක්සත්  ජනතා නිදහස් සංධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තු තවමත් සම්පූර්ණ නැත. මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් මුල සිට ම කටයුතු කළ කිහිප දෙනකුට ම නාමයෝජනා අහිමි වන ලකුණු පහළ වී ඇත. එයට ප්‍රධාන හේතු වන්නේ චන්ද්‍රිකාගේ හා මෛත්‍රිපාලගේ බලපෑම් යැයි වාර්තා වෙයි. මේ දෙදෙනා ම විවිධ අවස්ථාවල ශ්‍රී ල නි පක්‍ෂයට […]

More >

චම්පක හා වෙල් විදානෙ නියම තැන

Saturday, July 11th, 2015

නලින් ද සිල්වා ජනවාරි 8 වැනි දා සිදු වූයේ විප්ලවයක් යැයි රනිල් බෙරිහන් දෙයි. රාජ්‍ය නොවන පඬියෝ ද එයම කියති. මේ පඬියන්ගෙන් ඇතැමෙක් මාක්ස්වාදීහු වෙති. මාක්ස්වාදයෙහි ද සමාජ විප්ලව ගැන කියැවෙයි. රනිල් කියන්නේ මොන විප්ලවයක් ගැන දැයි පඬියෝ අපට කියා දෙත් ද? ඒ කුමක් වුවත් ජනවාරි 8 වැනි දා සිදු වී ඇත්තේ ප්‍රතිවිප්ලවයකි. අගොස්තු 17 […]

More >

මෛත්‍රිපාලගේ ගැටළුව

Saturday, July 11th, 2015

නලින් ද සිල්වා මෛත්‍රිපාල සිරිසේන යනු බටහිරයන් හා ඉන්දියයන් අතෙහි මෙහෙයවෙන රෑකඩයක් පමණි. තමාට ලැබී තිබෙන කොන්ත්‍රාත්තුවෙන් විශාල කොටසක් ඔහු ඉටු කර ඇත. ඔහුට තවත් ඉතිරිව ඇත්තේ අගොස්තු 19 වැනි දාට පසුව, මනාප ගණන් කර අවසන් වී තවදුරටත් රනිල් පික්පොකට් අගමැති ලෙස රඳවා ගැනීම පමණ ය. ඉන්පසු රට පාලනය කරනු ඇත්තේ බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි රනිල් […]

More >

දහනායක කවු ද?

Friday, July 10th, 2015

නලින් ද සිල්වා කීමට බොහෝ දේ ඇත. එහෙත් මැතිවරණයක් අභිමුඛයේ ඇතැම් දේ කීමට නො හැකි ය. අපි අගෝස්තු 19 වැනි දාට පසුව, මනාප ගණන් කර අවසානයේ, අලුත් ගමනක් යෑමට බලාපොරොත්තු වෙමු. මට ජීවත් වීමට එතරම් වයසක් ඉතිරි වී නැතත් වෙනත් කවුරුන් වුවත් ඒ ගමන යා යුතු ය. ශ්‍රී ල නි ප ඝාතනය කෙරී ඇත.  ජාතික […]

More >

ශ්‍රී ල නි ප ඝාතනය

Thursday, July 9th, 2015

නලින් ද සිල්වා 2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරුණු ශ්‍රී ල නි ප ජූලි 8 වැනි දා ආදාහනය කෙරිණි. 1959 දී බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරුණ ද ශ්‍රී ල නි ප ඝාතනය නො කෙරිණි. ඉන්පසුව ද ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධාන බලයට පත්විණි. 1977 දී ජේ ආර් ජයවර්ධන බලයට පත් වී බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා […]

More >

මෛත්‍රිපාල අත්හරිමු 

Wednesday, July 8th, 2015

නලින් ද සිල්වා අගමැති ධුරයට කෑදරකමින් ශ්‍රී ල නි පක්‍ෂය ද එ ජ නි සංධානය ද කඩාගෙන ගියේ මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු මොකක්දෝ පක්‍ෂයකින් හංසයා ලකුණෙන් විජාතික බලවේගවල ආධාරයෙන් ගියවර ජනාධිපතිවරණය සුළු ප්‍රතිශතයකින් ජය ගත්තේ ය. ඒ දෙමළ හා මුස්ලිම් ඡන්ද ද ජ වි පෙරමුණේ ඡන්ද ද ඔහුට තොගපිටින් වැටෙද්දී ය. ජ වි පෙරමුණට ඇති ඡන්ද තුන්ලක්‍ෂයක ප්‍රමාණය […]

More >

මහින්දගේ පුනරාගමනය හා රටේ වටිනාකම

Wednesday, July 8th, 2015

නලින් ද සිල්වා පසුගිය ජූලි පළමුවෙනිදා අධි ඇසළ පොහොය විය. බෞද්ධ සාහිත්‍යයේ අධි පොහොයවල සිදු වූ විශේෂ සිද්ධි නොමැත. මම ද එදින මැදමූලන ගියෙමි. පොළොන්නරුවේ සිට වැඩම කර එදින මැදමූලන ධර්මදේශනය පැවැත්වූ භික්‍ෂූන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි මෙවර අධි ඇසළ පොහොය මහින්ද රාජපක්‍ෂට ජනතාව අණකළ පොහොය විය. මැදමූලනට දිවයිනේ දසතින් වැඩම කළ භික්‍ෂූන් වහන්සේ හා […]

More >

ගමනක අවසානය

Wednesday, July 8th, 2015

නලින් ද සිල්වා 1959 සැප්තැම්බර් 26 වැනි දා බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් පසු ගමනක අවසානය නමින් කෙටි වාර්තා චිත්‍රපටියක් නිර්මාණය කෙරිණි. මට ඒ චිත්‍රපටියේ නම මතක් වූයේ එතුමා ආරම්භ කළ ශ්‍රී ල නි ප 2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරී ඉන් හයමසකට පසු අද දින (2015 ජූලි 08) ආදාහනය කෙරෙන බැවිනි. ජනවාරි 8 වැනි […]

More >

මෛත්‍රීපාල ගිවිසුම

Monday, July 6th, 2015

නලින් ද  සිල්වා මහින්ද රාජපක්‍ෂ මහතා රැ වැටුණු වළේ දවල් වැටෙන්නට ගොස් බේරී ඇත. වාර්තාවන අන්දමට මහින්ද රාජපක්‍ෂ මහතාට මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් තරගකිරීමට ඉඩදීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කැමති වී ඇත. එහෙත් අගමැතිකම දීම ප්‍රතික්‍ෂෙප කර ඇත.  ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමකු එයට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා විය. මෙය ඉතාමත් භයානක […]

More >

මෛත්‍රිපාලට බලපෑම්

Saturday, July 4th, 2015

නලින් ද සිල්වා මෛත්‍රිපාල සිරිසේනට විජාතික බලවේගවලින් බලපෑම් එල්ල වන බව රහසක් නො වේ. චන්ද්‍රිකාගේ සිට එංගලන්ත මහා කොමසාරිස් දක්වා මහින්දට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරග කිරීමට ඉඩ දීම පිළිබඳ ව මෛත්‍රිපාලට දොස් කියා ඒ ඉල්ලා අස්කර ගැනීමට බලකරනු නිසැක ය. පික්පොකට් අගමැති ද තම තනතුර බේරා ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදා ගනු ඇත. අජිත් […]

More >

හින්ද රෑ වැටුණු වළේ දවල් වැටීම

Saturday, July 4th, 2015

නලින් ද සිල්වා මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්‍ෂට එක්සත් ජනතා සංධානයෙන් තරග කිරීමට ඉඩ දී ඇත. මහින්ද පිළේ බොහෝ අය එය ජයග්‍රහණයක් ලෙස සලකනු ඇත. එහෙත් එය මහින්දගේ අයිතියකි. ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයකු ලෙස එහි හිටපු සභාපතිවරයකු ලෙස මහින්ද රාජපක්‍ෂට එක්සත් ජනතා සංධානයෙන් මැතිවරණයේ දී තරග කිරීමට ඉල්ලීමට අයිතියක් වෙයි. ඔහු අපේක්‍ෂකයකු ලෙස තෝරාගන්නේ ද […]

More >

මහින්දට සංධානයෙන් බැහැ

Thursday, July 2nd, 2015

නලින් ද සිල්වා අද (2015 ජූලි 02) සවස මෛත්‍රිපාල සිරිසේන හමු වූ සංධාන නායකයනට ඔහු පවසා ඇත්තේ මහින්ද රාජපක්‍ෂට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මැතිවරණ අපේක්‍ෂකත්වය ද නොලැබෙන බව ය. ඊයේ සවස මෛත්‍රිපාල හමු වූ එංගලන්ත හා ඉන්දීය මහකොමසාරිස්වරුන් ද ඇමරිකන් තානාතිවරයා ද මහින්ද රාජපක්‍ෂට සංධානයෙන් මැතිවරණය තරග කිරීමට ඉඩ දීම පිළිබඳ තම විරුද්ධත්වය පළ කර […]

More >

මිහිඳු හිමි හා මහින්ද

Thursday, July 2nd, 2015

නලින් ද සිල්වා මහින්ද රාජපක්‍ෂ මහතා පන්සල් යෑම බොහෝ දෙනකුගේ කතාබහට ලක් වී ඇත. අතුරලියේ රතන හිමියන්ට ද එය ප්‍රශ්නයක් වී ඇති බව පෙනෙයි. එහෙත් එය මෙරට ඉතිහාසයට හා සංස්කෘතියට එකඟ ය. රනිල් වික්‍රමසිංහ මහතා නම් එය ප්‍රශ්නයක් විය හැකි වුවත් අද ඔහු වඩාත් කල්පනා කරනු ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිලිබඳ ව ය.  තමන් විසින් […]

More >

මහින්දගේ පුනරාගමනය

Thursday, July 2nd, 2015

නලින් ද සිල්වා අද ජූලි පළමුවෙනිදා අධි ඇසළ පොහොය විය. බෞද්ධ සාහිත්‍යයේ අධි පොහොයවල සිදු වූ විශේෂ සිද්ධි නොමැත. මැදමූලන අද ධර්මදේශනය පැවැත්වූ භික්‍ෂූන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි මෙවර අධි ඇසළ පොහොය මහින්ද රාජපක්‍ෂට ජනතාව අණකළ පොහොය විය. මැදමූලනට දිවයිනේ දසතින් වැඩම ළ භික්‍ෂූන් වහන්සේ හා ගිහි ජනතාව මහින්දට අණ කළේ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස […]

More >

මෛත්‍රීට නො රැවටෙනු

Tuesday, June 30th, 2015

නලින් ද සිල්වා මහින්ද රාජපක්‍ෂ රැ වැටුණු වළේ දවල් වැටෙන්නට යන බව පැහැදිලි ය. වාර්තාවන අන්දමට මහින්දට මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් තරගකිරීමට ඉඩදීමට මෛත්‍රිපාල කැමති වී ඇත. එහෙත් අගමැතිකම දීම ප්‍රතික්‍ෂෙප කර ඇත.  ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමකු එයට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වෙයි. මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුවට […]

More >

මහින්ද විරෝධී කණ්ඩායම

Tuesday, June 30th, 2015

නලින් ද සිල්වා අද හෙට වන විට මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම කාහටත් පෙනෙන පරිදි වෙන් වනු ඇත. ජනවාරි 8 වැනි දා මහින්දට විරුද්ධව ශ්‍රී ල නි පක්‍ෂයේ ද ජාතික හෙළ උරුමයේ ද වෙල් විදානේගේ පක්‍ෂයේ ද සැලකිය යුතු කොටසක් විය. මෛත්‍රිපාල සිරිසේන ඔවුන්ට නායකත්වය දුන්නේ ය. ජනවාරි 8 වැනි දාට පසු පිහිටුවන ලද පික්පොකට් […]

More >

Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress