චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.
‘13-A කියන්නේ අපේ අවසාන බලාපොරත්තුව නොවේ. ඊට එහාට (රාවුෆ් හකීම්ගේ වචන වලින් නම් ඉන් ඔබ්බට) යන්න ඕන.’ මනෝ ගනේෂන්-12/12/2021
බළලා මල්ලෙන් එලියට පැනීම
13-A යනු, තමන් අත ගැසූ හැමදේම අසාර්ථක කර ගත් ජේ.
ආර්. විසින් රටට අටවා දුන් මර උඟුලක් බව ඉන්
අවුරුදු 34 කට පසුව මනෝ ගනේෂන් හා හකීම් කල ඉහත ප්‍රකාශයෙන්
ඔප්පු නොවේද? යහපාලන සුරතලාවූ සම්බන්ධන් ඒ දිනවල කතාකලේ <ඔක්කොම එකතු වෙන්න පුළුවන් හොඳ තීන්දුව> ගැනය. රනිල්ගේ ඔරුමිත්තනාඩු ව්‍යාපාරය භාරව සිටි එක් අගසව්වෙක්වූ ආබ්‍රහම් සුමන්තිරන්ගේ සිහිනය වූයේ <මධ්‍යම රජයට ආපසු ගන්න බැරි ආකාරයේ> බලය බෙදීමක්ය. දැනට රටින් පැණගොස් සිටින, අනිත් අගසව්වූ මාක්ස්වාදී ජයම්පති වික්‍රමරත්න, යළි හිස ඔසවමින්, මාදුළුවාවේ සෝභිත හිමියන්, රැවටී, අතරමංවී, අපවත්වූ, සාධාරණ සමාජයක් සඳහාවූ ව්‍යාපාරයේ යයි
කියමින්, අයිලන්ඩ් පත්තරයට ලියමින්, දකුණු අප්‍රිකාව පස්සේ යමින්, පරණ ඔරුමිත්තනාඩු මගඩිය යළි එළියට දමමින් සිටී.
හිලරි ක්ලින්ටන්, රොබට් බ්ලේක්, මන් මෝහන් සිං, බැන් කී මූන්ලාගේ යෝජනාව වූයේ <මීනින්ෆුල් ඩෙවොලුෂන්ය්> දීමටය. ක්‍රිස්තියානි මාක්ස්වාදීයෙක්වූ, දැනට සජිත් ගේ උපක්‍රම න්‍යායාචාරියාවන, දයාන් ජයතිලක, මේ සියල්ලම <තර්ටීන් ඒ ප්ලස්> යන සීනිබෝලයක් ලෙස කැටිකර පෙන්වා,
2009 මැයි 19 දාට පසු ජිනීවා ගොස් ජනාධිපති
මහින්ද රාජපක්ෂවත්, රටත්, සිංහල ජාතියත්, සිංහල බෞද්ධයින්වත් එක මිටට ගෙන අමාරුවේ
දැම්මේය. රටේ නීතියේ 13-A තිබෙනතාක් කල් රට පිලිකාවක් බඩේ ගිලගත්
ලෙඩෙකි. මිසිස් චන්ද්‍රිකා-නීලන්-ජීඑල්-ජයම්පති විසින් 1995-2000 දීත්, රනිල්-සුමන්තිරන්-ජයම්පති
විසින් 2018-2919 දීත් කරන්නට සැදූ රට කැබලිකිරීමේ ප්ලෑන්, චෙල්වනායගම්ගේ <දමළ නිජබිම් මිථ්‍යාව> වෙනුවට, <දෙමළ කතාකරණ ජනයා> යනුවෙන් අළුත් සිංදුවකින් ගයන්නට බංකොලොත් දෙමළ හා මුස්ලිම් පක්ෂ නායකයින්
දරණ වෑයම රටට නැවත එලිවූයේ <ඥානසාර බලකාය> උතුරේ හා නැඟෙනහිර මහජනයා ඉදිරියට යෑමත් සමඟය. (2015)
මඩකලපුවේ මංගලාරාම රජමහා විහාරයේ අම්පිටියේ සුමනරතන
හිමි
විශෙෂයෙන් නැඟෙනහිරට ඉඩම් හා පොලිස් බලතල
දීමට වලිකන සමහර සිංහල නායකයින්, එහි බිම්මට්ටමින් කලක සිට උග්‍රලෙස ක්‍රියාත්මකවන මුස්ලිම් ආක්‍රමණයට විරුද්ධව සුමනරතන හිමියන් තනියෙන්
(හුදකලාවී) ගෙනයන <සටන> උපහාසයට ලක් කලේය (අතීතයේදී, වල්බිහිව තිබූ ලංකාවේ නටබුන්, පූජාභූමි යනාදිය, දහදුක් විඳිමින් කැලේ පැල් අටවාගෙන පදිංචිවී
රටට රැක දුන්නේ මෙවන් හාමුදුරුවරුන් විසින්ය). එක රටක්-එක නීතියක් බලකාය ඉදිරියේ නොබෝදා දුන් ශාක්ෂිවලින් ඒ පලාතේ සිංහල
හා දෙමළ ජනයාට ග්‍රාමසේවකයාගේ සිට ඉහළටත්, අධිකරණයෙන් පවාත් මුස්ලිම් ශාරියා කාරයින් කරණ හිරිහැර හා පොලිසිය පගාවට
යටවී සිටින ආකාරයත් එලිවිය. මොවුන්ගේ අරමුණ තනිකර මුස්ලිම් අරාබි ප්‍රදේශ සදාගැනීමට
සි-හල හා දෙමළ ජනයා හිරිහැරකර එලවා ගැනීමය. මේ නිසා ඥානසාර හිමි ප්‍රධාන බලකායට, 13-A <මර උඟුලෙන්> ගැලවීමට නොහැකිය.
LankaWeb – ‘Federal’ Marriages and
Water Wars
LankaWeb – 13 වන සංශොධනයේ පොලිස්
බලතල: ඉන්‌දියාවෙන් අපූරු පාඩමක්!
වනැස යූටියුබ් නාලිකාව
මුහුණුපොත්, යූටියුබ් අට්ටාල හරහා ඔහේ දොඩවන, බොහෝවිට ඩොලර් ඒජන්තලා වියහැකි, කොල්ලෝ කුරුට්ටන් හට වනැස යූටියුබ් සටහනින්, රට ප්‍රභාකරන්ගෙන් බේරා ගැනීම සඳහා දුප්පත් යුද භටයින් කල ජීවිත පරිත්‍යාග
ගැන යම් අවභෝධයක් ලබාගත හැකිය. යුද ජයෙන් පසු යුද ආඥාවකින් 13-A අහෝසි නොකිරීම හසලක වීරයා වැනි රණවිරුවන් පාවාදීමකි.
එක රටක්-එක නීතියක් ජනාධිපති කාර්යසාධක බලකාය පත්කිරීම සැළකිය යුත්තේ මෙම පාපය නිවැරදි
කිරීමේ පියවරක් වශයෙනි. එහෙත් මේ මෝඩ සිංහල
කල්ලි කරන්නේ එහි සුක්කානම භාරදුන් ඥානසාර හිමිඳුන්ගේ සිවුර පසුපස යෑමය. නානා මාදිලියේ යුටියුබ් කාරයින්, සමහර තපෝවන භික්ෂූන් පවා හාමුදුරුවන්ගේ මස් රාත්තලම
ඉල්ලා කෑගැසීමය.
නමුත් මෙම අඥාන සිංහල යයි කියාගන්නා ද්‍රෝහීන් මෙන්
නොව, 2019 ජනාධිපති මැතිවරණයෙන් සිංහල බෞද්ධ ජනයා
දිනාගත්, 1815 න් පසු රටේ සිදුවූ මෙම ඓතිහාසික බලකායේ
බරපතලකම දෙමළ හා මුස්ලිම් <මහාවංශ විරෝධීන්> එහි ආරම්භයේ සිටම දැන සිටියේය. දැනට තිබෙනා නීති හැමෝටම එක සමානව ක්‍රියාවේ
යෙදීම මිස වෙනම බලකායක් අවශ්‍ය නතැයි යන ඉඟියක් දෙමින් එය හෑල්ලු කිරීමට අලි සබ්‍රි
පවා උත්සාහ කලේය. එහි කාර්යභාරය හා 13-A අතර ඇති නොවැළැක්විය
හැකි ගැටුම මේ අය හොඳින්ම දැනසිටියේය.
කවදාවත්ම දිණන්න බෑ කිවූ තිස් අවුරුදු යුද්ධය වගේම, අවුරුදු 34 ක් වන 13-A මර උඟුල ගලවා දැමීමේ ජාතික මෙහෙවර මෙම බලකාය හරහා සිදුවිය හැකි බව ඊළම්
හා ශාරියා කාරයින්ට අමතරව, දයාන් ජයතිලක, ජෙහාන් පෙරේරලා වැනි ක්‍රිස්තියානී-මාක්ස්වාදී පිරිසද ඉවෙන් මෙන් දැන සිටියේය. ඔවුන් හොරගල් ඇහුළුවේ
ඔවුන්ට මතවාදී වශයෙන් කෙළින්ම ඥානසාර හිමියන්ට
මුහුණදීමට ශක්තියක් නොමැති නිසාය. පාර්ලිමේන්තුවේ 225 න් එක් අයෙක් වශයෙන් ඥානසාර හිමියන්ට එන්නට ලැබුණු අවකාශය කුමන්ත්‍රණකාරී
ලෙස වැලැක්වුයේද උන්වහන්සේට මතවාදීව අභියෝග කලහැකි පංචස්කන්ධයක් දැනට දියවන්නා හෝටලයේ
නැති නිසාය.
පාරාවළල්ලක් වන අළුත් ඊළම් අමුඩය
දමිළ හා මුස්ලිම් පක්ෂනායකයින් එකතුව <දෙමළ කතාකරන ජනයා> වෙනුවෙන් 13 -A රැක ගැනීමට දෙසැම්බර් 21 දා ඉන්දියාවට පෙත්සමක් ඉදිරිපත් කිරීමට තීරණය කලේ
තවදුරටත් උගුරට හොරා බේත් කෑමට නොහැකි නිසාය. විග්නේශ්වරන්ට අනුව අළුත් ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා යෝජනාවලින් 13-A ඉවත් කර ඇත. මේ නිසා ලංකාවේ මුල් ජනයා
ද්‍රවිඩයින් යයි ඔහුට ලියා දෙන ලිපි ඔහුගේ නමින් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට දම්ම්වා
ගනිමිනි සිටී. මේ අතරතුර උතුරේ හා නැඟෙනහිර
දමිළ හා සාම්ප්‍රදායික මුස්ලිම් ජනයා එක රටක්-එක නීතියක් බලකායට සහාය දෙන බව ඔවුන්ට
පෙනෙමින් පවතී. මේ පසුගිය චන්දයෙන් ටි.එන්.ඒ. පසුබැසීමට ලක්වූ පසුබිමකය. මේ නිසා <දෙමළ නිජ භූමිය> යන කතාව වෙනුවට <දමිළ භාෂාව කතාකරණ ජනයා> යනුවෙන් හකීම්ලා වැන්නන් ඈඳා ගැනීමට සම්බන්ධන්-විග්නේෂ්වරන්ලා
අමුඩ ගසමින් සිටී.
LankaWeb – Genocide Tamil joke and
Vigneswaran’s five Shivalinga – part I
ද්‍රවිඩ ජනයාගේ නිජ භූමිය තිබෙන්නේ ටැමිල්නාඩ් වලය.
ලංකාවේදී ඔවුන් හැඳින්වුනේ මලබාර් ඉන්හැබිටන්ට්ලා ලෙසය. මෙය ලංකා දෙමළ කියා වෙනස්කලේ
අරුණාචලම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයට ගියාට පසුව කල ප්‍රථම ජන සංඛ්‍යා සංගණනයේ
සිටය. නියම නිජ බිමේ වෙනම රටක් සඳහා සටන් කරන්නට ගොස් ඔවුන් නේරුට පරාදවිය. මලයාවේ
භූමිපුත්‍ර ව්‍යාපාරයෙන් හා වඩා මෑතකදී ෆිජි දූපතෙන්ද ඔවුන් බැට කෑවේය. චෙල්වනායගම්
මැලේසියාව අතහැර යාමට සිදුවූ අයෙකි. දකුණු ඉන්දියානු පල්ලිය හරහා පැමිණි ඔහු ලංකාව
ගොඳුරක් කර ගත්තේ සිංහල පක්ෂ දේශපාලක කළුසුද්දන්ගේ
නිවට හා වංක හැසිරීම නිසාමය.
මුවර් ප්ලෑනට අසුවූ චෙල්වනායගම්
ඒකාලයේ
චෙල්වනායගම්ලාත් මේ දෙමළ කතාකරණ කතාව ඉස්සරහට දමා අමාරුවේ වැටුණේය. මුස්ලිම් නායකයින්
ඊට සහයෝගයක් නොදුන්නේ තම අරාබි (ශාරියා) අනන්‍යතාවය රැක ගැනීම පිණිස සිංහල පැත්ත ගැනීමට අවශ්‍යවූ
නිසා යයි 1987 දී වසුන්‌ධරා මෝහන්
විසින් කල අචාර්ය උපාධි නිබන්ධනයේ පෙන්වාදී ඇත.
<අයිඩන්ටිටි ක්‍රයිසිස් ඔෆ් ශ්‍රී ලංකා මුස්ලිම්> යන මෙය ඉන්දියාවේ
රාජස්ථාන් සරසවියේදී කරණ ලද්දකි. මෙම පොතේ කොටස් කීපයක් හෝ මෙහි උපුටා
දැක්‌විය යුතු වන්නේ සිංහල ජනයාට, මායාවකින් තොරව මෙම යථාර්‌ථය
අවභොධ කර ගැනීමට උපකාර වීම පිණිසය. සෙනරත් රජුගේ කාලයේදී සිද්‌ධීන් කෙසේ වෙතත්,
ඉංග්‍රීසි
කාලයේදී,
සිංහලයා
දමණය කිරීමේදී,
බර්‌ගර්
ජනයා මෙන්,
මුවර්
හා ඉන්දියන් මුවර් වරු හා මැලේවරු විසින්, භට
සේනා හා ඔත්තු සැපයීම් කලේය. ඒ හැර වෙන කලහැකි දෙයක්ද ඔවුන්ට නොවීය.
1946 සිට
එතෙක් පැවති
<මුහම්මදන්
ආගම අදහන අය>
යන
නිර්‌වචනය වෙනුවට, සිලෝන් මුවර්,
ඉන්දියන්
මුවර් හා මැලේවරු යන තුන් කොටසම <මුස්ලිම්>
යන
පොදු නමකින් ජන සංඛ්‍යා ලේඛනයේ සඳහන් කරණ ලෙස ඔවුන් විසින් බලකර සිටියේය (මෙය මලබාර්
වැසියන් යන්න දෙමළ කියා වෙනස් කිරීමට සමානය). ඔවුන් රටේ පොකුරු වශයෙන් විසිරී සිටීම
නිසා උතුරු-නැඟෙනහිරදී දෙමළ මව්භාෂාව ලෙසත්, සෙසු
ප්‍රදේශ වලදී,
පොකුරු
(ඒක රාසීවූ ජනාවාස/නිවාස) වශයෙන් සිටිමින් දෙමළ-සිංහල කතා කිරීමටත් සිදුවිය. පොන්නම්බලම්ලාගේ,
චෙල්වනායගම්ලාගේ
බෙදුම්වාදයට ඔවුන් එකතු නොවූයේ ඉන් ඔවුන්ට සිදුවන්නේ දෙමළීකරණය වීමක් පමණක් නිසාය.
ඔවුන් යොදාගත් ඥානාන්‌විත උපක්‍රම කදිමය. මේ ගැන වසුන්‌ධරා කියන්නේ මෙසේය:
<…. මුස්ලිම්
නායකයින් සිංහල රාජ්‍ය භාෂාව කිරීම අනුමත කලේ මහ ජාතිය හා බද්‌ධ වීමට නොව,
තමන්
දෙමළ ජාතියෙන් වෙනස් බව පෙන්‌වීමටය. 1948 වන විට ගොවිතැනේ යෙදුණ
නැඟෙනහිර පලාතේ (දෙමළ මව් බසවූ) හා වෙළදාමේ යෙදුණ (බස්නාහිර මුහුදු තීරයේ,
ඉංග්‍රීසි
කතාකරණ) කොටස් දෙක භාෂාව වෙනුවට ආගමට මුල්තැනක් දීමට තීරණය කලේය. අරාබි සම්භවය නමැති
මිථ්‍යාව ගොඩනගන්නට ක්‍රියාකලේය.
LankaWeb – මුස්ලිම් වෙළෙන්ඳන්, ශාරියා/ඉකුවාන් මිණීමරුවන් කරගැනීම –
2
හකීම්ලා ශාරියා සඳහා ක්‍රියාකරණ ආකාරය හිස්බුල්ලා
කාත්තන්කුඩි- සයින්දමරිදු වලින් අරාබිකරණය ආරම්භ කිරීමෙන්
නොපෙනේද? හකීම්ලා අවලංගු කාසි වැනිය.ඔහුට රනිල්
ලොකු මුදල් පගාවක් ගෙනගිය අයුරු රජීව විජේසිංහ විසින් ප්‍රසිද්ධකර ඇත. ශාරියා ප්ලෑන
අනුව මුළු රට පුරාම මුස්ලිම් බලකොටු (බණ්ඩාරගම, අටළුගම වැනි) ස්ථානගත කරමින් සිටී. ඒ අස්සේ අසාද් සාලි
වලිගේ පාගාගෙන මුස්ලිම් ශාරියා නීති ඕලන්ද කාලේ සිට එන නිසා ඒවාට අත නොතැබිය යුතු යයි
කියයි. මේ ගොනාට නොතේරෙන දෙයක් නම් පුද්ගලිකව ගෙදර කාමරයේ හෝ පල්ලියේදි කල හැකි යම්
ආගමික කටයුත්තක් පවා, ඉන් රටේ සෙසු ජනයාට පොදුවේ හානියක් වේ
නම් එයට ඉඩ දිය නොහැකි බවය (private
wants & needs vs. Public aspirations). බල්ලෙක් වුනත් ඉස්සෙල්ලාම බලන්නේ යමෙකුගේ
මූණය. මූණ වසාගත් අයට ගෝනි බිල්ලා කියන්නේ ඒ නිසාය. ස්ත්‍රීන් සම්බන්ධයෙන් මුස්ලිම් පිරිමින්
පවත්වාගෙන යන වහල් කාම සූත්‍ර ක්‍රමය අනුව ජනයා බෝ කිරීම අරාබි මුස්ලිම් රටවලට ගැලපුනත්, සිංහලයාට ඇති එකම දූපතේ ඊට ඉඩදීම ජාතියේ සිය දිවි
නසා ගැනීමකි.
දෙමළ කතාකරණ ජනයා වාසයකරණ ප්‍රදේශයක් (රටක්?) යන මකුළු දැලකින්
අඩුතරමින් නැඟෙනහිර පලාතේවත් ශාරියා ව්‍යාප්තවාදය
බැඳ තැබිය නොහැකිය. මෙම අළුත් දෙමළ කතාකරණ මිනිසුන් යන දේශපාලන සෙල්ලම, පාරාවලල්ලක් බව මේ අන්ධයින්ට නොපෙනේ. වතුකරයේ පමණක් නොව වැල්ලවත්ත, අකුරණ, අටළුගම, බේරුවල යනාදි වශයෙන් රටපුරා විසීරී සිටින දෙමළ කතාකරණ
ජනයාට ද 13-A යටතේ ඉන්දියාවේ පොන්ඩිචරි මොඩලයේ ආකාරයේ ස්වාධීන ප්‍රදේශ ඉල්ලා සිටීමට
ඉඩ ප්‍රස්ථා සැළසේ. නිරන්තර මායිම් අරගල වලට අමතරව මෙය සිංහල ජනයාට, විශේෂයෙන් සිංහල බෞද්ධයින්ට බලවත් ආතතියක් ගෙන දෙන
කරුණකි. ජෙහාන් පෙරේරලා, දයාන් ජයතිලකලා වැනි ක්‍රිස්තියානි, මාක්ස්වාදී, බටහිර ඒජන්තලා ලංකාව බහුජාතික රටක් යයි කියමින් සිය මහාවංශ විරෝධී ව්‍යාපාරය
හරහා ඊළම්-ශාරියා කාරයින්ට මුක්කු ගසමින් සිටී
ඉතා සරල ලෙස කියනවා නම්:
- ලංකාවේ තිබෙන්නේ
භාෂාව හෝ ආගම අනුව සිදුවන අගතීන් හෝ අසාධරණකම් හෝ නොව, භූමියේ සම්පත් බෙදීයාමේලා ඇති විෂමතාවය (spatial variation in resource distribution) හා සෑම ජන වර්ගයකටම සමාන අවස්ථා (equal access of opportunity) සපයා නොදීමේ අර්බුදයකි;
- රටේ ජන සංඛ්‍යා ව්‍යාප්තිය දක්වන සිතියම, (ප්‍රහාකරන් විසින් සිංහල හා මුස්ලිම් ජනයා උතුරෙන් පලවා හැරීම හා ශාරියා
ක්‍රමය අනුව සිංහල ගම්මාන ක්‍රමාණුකූලව අරාබි ඩොලර් පාවිච්චිකර පල්ලිවල කඩු එකතුකරන
තනිකර මුස්ලිම් ගම්මාන කිරීමට අමතරව [අළුත්ගම දර්ගා ටවුන් පන්සල ඉදිරියේ හරක් ඔළු දැමීම
වැනි]) බිත්තර ඔම්ලට් එකක් මෙන් නැවත සුදු හා කහ වශයෙන් වෙන්කර ගත නොහැකි මිශ්‍ර සංකීර්ණ
පින්තූරයකි;
- මහළු ජේ. ආර්ට, රජිව් ගාන්ධි නම් කොල්ලා විසින් බලෙන්
ගිල්ලු, බණ්ඩාරණායක අගමැති විසින් 1957 දී චෙල්වනායගම්ට දීමට එකඟවූ, මිසිස් චන්ද්‍රිකා විසින් 1995-2000 නීලන්-ජීඑල් පැකේජ්
ඩිල් වලින් හදාදීමට තැත්කල හා රනිල් විසින් සටන් විරාම ගිවිසුමකින් (2002) පාවාදීමෙන් පසු ඔරුමිත්තනාඩු මගඩියෙන් (2018) යළි ඔක්ෂිජන් සැපයීමට සැදූ, දෙමළ නිජබිම් මිථ්‍යාව නන්දිකඩාල් වලදී නිෂ්ප්‍රභාවිය;
- තවද, APRC කොමිටියේ සභාපති තිස්ස විතාරණත්, ඔරුමිත්ත්නාඩු වැඩේට සම්බන්ධ මහජන අදහස් සමීක්ෂණ
කොමිටියේ ලාල් විජේනායකත් යන අරටු මාක්ස්වාදීන් දෙන්නාම භාෂාව හෝ ආගම අනුව භූමි ප්‍රදේශ
මායිම් කිරීම නුසුදුසු යයි කියා සිටියේය.
LankaWeb – 19-A and balkanization
plan
ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය
අවුරුදු 73 ක් පුරාවටම රට කබාසීනියා කල, ලංකාවේ ප්‍රථම අගමැතිවීමට
සිටි ඩී.බී.ජයතිලකගේ සිට 2020 දක්වා රටේ සිටි ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි
අගමැති හා ජනාධිපති පංචස්කන්ධවල පව් (කරුමය) මේ වනවිට ගොඨාභය රාජපක්ෂගේ කරමත
වැටී ඇත. ඔහුට කරන්නට තිබෙන්නේ මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑවා වැනි කාර්යයකි.
වටේ සිටිනා යර්ස්මන්ලාගෙන් ගැලවී, භගවත් ගීතාවේ අර්ජුන මෙන් ඉදිරිකාලයේදී
ඔහු ක්‍රියා නොකලොත්, රට විනාශවී යනු නිසැකය. රටේ තිබෙන <දුෂ්ඨ ත්‍රිකෝණය> ගැන මුලින් ලියනවිට හිතුවාට වඩා අතිශයින් භයානක ලෙස ත්‍රිකෝණයේ නිලධාරී
පැත්ත බරපතල ලෙස දූෂිත බව දැන් දැන් එලිවේ. රොනී ද මැල්ට සිවිල් සේවයෙන් අස්ව දේශපාලනයට
එනවාට ඔහුගේ ධනවත් බිරිය අනුමැතිය දුන්නේ නිලධාරියාට ඉහළින් දේශපාලකයා නැඟී එන නිසාය.
දැන් සිදුවී ඇත්තේ නිලධාරියා මන්ත්‍රීලාව අල්ලේ නටවමින් මහජනයාට වසකවමින් හවුලේ රට
සූරාකෑමය.
LankaWeb – ලංඩන් මහකොමසාරිස් සංගක්කාර: ලංකාවේ දුෂ්ඨ
ත්‍රිකෝණය -වැසිකිළි දුර්‌ඝන්‌ධය නොහොත්
ලොවින් එකෙක් එක් දෙයකට සමත් වීම
ලංකාවෙබ් වෙබ් අඩවියේ පලවන ලිපි හා චමුදිත සමරවික්‍රමගේ යූටියුබ් වැඩ සටහන් වලින් එලිවන්නේ
රට වෙනුවෙන් සේවයට යොදාගත හැකි අය කෙතරම් සිටිනවාද යනුය. විශේෂයෙන්, 1977 ජේ.ආර් සමඟ හා ඔහුට පසුව රට වැටී ඇති අඝාධය, මිලින්ද මොරගොඩගේ පාත් ෆයින්ඩර් හරහා ගොඩගත නොහැකිය.
ඒ සඳහා පීපල් පවර්, පීපල් කැපිටල් (මහජනයා තුල ඇති දැණුම්
සම්භාරය හා විභවය ) දෙසට යායුතුය. ගෝටාගේ සෞභාග්‍යයේ දැක්මේ ප්‍රකාශණයේ ජනමූල සභා වශයෙන්
දක්වා ඇත්තේ මේ අදහස වුවත් එය අමතක කර දමා ඇතිසේය.
ජනසම්මතවාදය හා ජන සභා සංකල්පය
යුරෝපීය චින්තනක්‍රමයට (Euro-centric mindset – යුරෝපය අති ශ්‍රේෂ්ඨය!), කොටුවී සිටින ලංකාවේ පාලක කළුසුද්දන් පන්තිය හා එන්.ජී.ඕ
ඩොලර් කල්ලි, යටත් විජිතවාදීන් විසින්ම සිය පරණ යටත් විජිතවල ඇතිකල රටවල ජනවර්ග අර්බුදවලට විසඳුම්
වශයෙන් මෑතක සිට (R2Pද සමඟ) යන පොත ලියූ දෙන්නාවත් ඉන්දියාවේ පංචයාත් හෝ ලංකාවේ ගම සභාව ගැන වචනයක්වත්
නොලියයි. ඇමෙරිකන් හා යුරෝපා ප්‍රොපෙසර්ලා විසින් දේශනා කරණ <නන් මැජෝරිටේරියන් ලණුව> ගිලගෙන සිටී. මෙහි න්‍යායාචාරියා වන ඩොනල්ඩ් හොරෝවිට්ස් (Ethnic Groups in Conflict,
Donald L. Horowitz. 1985) හෝ වඩා මෑතකාලයේ ‘වයි නේෂන්ස් ෆේල්’ යන පොත ලියූ දෙන්නාවත් ඉන්දියාවේ පංචයාත් හෝ ලංකාවේ ගම් සභාව ගැන වචනයක්වත්
නොලියයි. මොවුන්ට හා <සොෆ්ට් පවර්> ගැන ලියන ජෝසෆ් නයිලාට (Soft Power: The Means To Success In World Politics – Joseph
S. Nye, 2004), වහල්වූ මනසක් ඇති පිරිසේ නායක දයාන් ජයතිලක 13-A ප්ලස් කියා නැහෙන්නේ නොදන්නා කමට වඩා ඉන්ගිරිස් වලින්
දේශපාලකයින් රැවටීමේ උපාය නිසාය. හොරෝවිට්ස්ලාගේ සූත්‍රය යොදා ගොඩ ආ එකම රටක්වත් ලෝකයේ
නැත, සිදුවූයේ රටවල් කැඩීම හා ඉන් පසු ඒවා
අතර සිවිල් යුද්ධ හටගැනීමය. සොෆ්ට් පවර් කියන්නේ ආයුධ වෙනුවට ඩොලර්
පගා, ට්‍රෝජන් අශ්වයෝ,
කුමණ්ත්‍රන යනාදී
කෞටිල්‍ය ගනයේ, දියරෙද්දෙන් බෙල්ල කපන උපක්‍රම වලටය.
අපේ රටේ භූගෝල විද්‍යාවට, ඉතිහාසයට්, පරිසරයට, සමාජයට ගැලපෙන විද්‍යාත්මක හා සියළු ජනවර්ගවලටම
සාධාරණ විසඳුමක් වශයෙන් මෙම ජන සභා සංකල්පය, 2005 දී හා 2010 දී ජනාධිපති මහින්දටත්, කරු ජයසූරියටත්, උගත් පාඩම් හා සංහිඳියා කොමිෂමටත්, ජනාධිපති මෛත්‍රීපාලටත්, මෑතකදී රොමේෂ් ද සිල්වා කොමිටියටත් ඉදිරිපත් කරණ ලදී. එකරටක්-එක නීතියක්
කාර්ය සාධක බලකායෙන් සිංහල ජනයා බලාපොරොත්තුවන්නේ
මුස්ලිම් හෝ දෙමළ ජන කොටස්වලට හිරිහැර කිරීමක් නොව ඔවුන්ගේ ඓතිහාසික උරුමය වන සිංහලේ
දිවයින සිංහල කළු සුද්දන් විසින් කැබලිකර දැමීම වලක්වා ගැනීමය. සමහර විට, මේ ඒ සඳහා ලැබෙන අවසාන අවස්ථාවද වියහැකිය. 13-A අහෝසිකර ඒ වෙනුවට ජනසභා ක්‍රමයකින් දේශපාලකයින්ට
නොව මහජනතාව බලගැන්වීම, සම්බන්ධන් කියන, <ඔක්කොම එකතු වෙන්න පුළුවන් හොඳ තීන්දුව> ය.
පසුගිය ලිපියේ රූප සටහන මඟින් සරලකර පෙන්වන්නට
සැදුවේ මෙම ජන සභා සංකල්පය (ගම් සභාව, ගම-වැව-දාගැබ ත්‍රිත්වය)
නීතිමය වශයෙන් සාධාරණ, බුදු දහමට එකඟ හා භූගෝල විද්‍යාත්මක නිර්ණායක
වලට අනුකූල වන බවය. බෞද්ධ දශරාජ ධර්ම ගැන කතාකරණවා
වෙනුවට වත්මන් ලෝක හා ලංකා දේශපාලනයට ගැලපෙන ආකාරයේ විසඳුමක් සඳහා විද්‍යාත්මක-මතවාදී
අත්තිවාරමක් මෙම සටහන සපයයි. ජේ. ආර්. විසින් ඔහුගේ 1977 <ධර්මිෂ්ට සමාජයක්> යන ජරමරයේ මෙසෙන්ජර් වශයෙන් යොදාගත්තේ බෞද්ධ දර්ශන මහාචාර්ය W. S. කරුණාරත්නගේ, රටේ, සමාජයේ, අභිවෘධිය සඳහා, බාහිර විප්ලවයක් මෙන්ම සන්තානගත විප්ලවයක්ද
සිදුවිය යුතුය යන දේශපාලන වේදිකාවල දේශනාකල සූත්‍රයය. රූප සටහනේ ලෝභ-ද්වේෂ-මෝහ රවුමෙන්
සෙසු සියල්ල වටකර තිබෙන්නේ මේ නිසාය. නරක ව්‍යවස්ථාවක් වුවත්, යහපත් පුද්ගලයෙකු යටතේ හානිකර නොවන බවත්, කෙතරම් යහපත් ව්‍යවස්ථාවක් වුනත් නරක පුද්ගලයෙක්
යටතේ විනාශයක් වියහැකි බවත් කියවෙන්නේ ද ඒ
අනුවමය. ජන සභා සංකල්පය හා භුගෝල විද්‍යාව අතර ඇති සම්බන්ධය වටහා ගැනීමේදි විශ්‍රාමලත්
මහාචාර්ය මද්දුමබණ්ඩාර විසින් කර ඇති පර්යේෂණ අතිශයින් වැදගත්ය. ඉන් එකක් මෙහි පහතින්
ලින්ක් කර ඇත.
PUBLIC LECTURE : New Provinces for a New Era – YouTube (2015)
‘Think globally, act locally.’ -Patrick
Geddes, Scottish Town Planner (1915)
‘All politics is local.’ – Tip O’Neill, ex-speaker of US House of
Representatives (1977-87)
රූප සටහනේ ඇති ත්‍රිකෝණයේ පදනම භූගෝල විද්‍යාවය.
පොලොව මතුපිට දක්නට ලැබෙන විවිධත්වය (spatial diversity/variability) හා ඒ තුලින්ම හඳුනාගත භූමි ඒකක (regions) , කාලය හා දුර (time and space) අතින් සීමිත හැසිරීමක් ඇති මිනිසාගේ ක්‍රියාකාරී
දේශපාලන සංවිධාන කෙරෙහි බලපාන බව ඉහත සඳහන් ප්‍රකාශ දෙකෙන් පෙනේ. ප්‍රසිද්ධ නගර නිර්මාණ
ශිල්පියෙක්වූ ගෙඩස් විසින් කිව්වායයි සැළකෙන ප්‍රකාශය අනුව සිතීමේ ශක්තිය මෙන් නොව
ක්‍රියාවේ හැකියාව භූමිය වශයෙන් සීමිතය. සෑම දේශපාලන න්‍යායයක්ම (වැඩවසම්, ධනවාදී. සමාජවාදී, අධිරාජ්‍යවාදී, පැසිස්ට්වාදී, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී) සාර්ථකවීම හෝ නොවීම රඳා
තිබෙන්නේ අන්තිමේදී එය කුඩා භූමි ඒකක මට්ටමින් ක්‍රියාත්මක වනවාද යන්න මතය. එඪේර සංක්‍රමණික
මිනිසුන්ගේ පවා ටෙරිටෝරියල් භුක්තිය (mobility and possession) සිංහයෙකු හෝ අලියෙකුගේ හෝ ගවයෙකුගේ ශරීර
ශක්තියට සමාන නොවේ.
මොන්ටෙස්කි කිව්වේද ආණ්ඩු බලය හැකි උපරිම භූමි ඒකක
සංඛ්‍යාවකට විසුරුවා හරින ලෙසය. ෂුමාකර්ගේ ස්මෝල් ඊස් බියුටිෆුල් (1973) යන අදහසෙන් ආරම්භවී, කර්ක්පැට්‍රික් සේල්ගේ හියුමන්
ස්කේල් (1980) මතවලින් ඉදිරිපත්වූයේ මිනිසාට මේච්චල් කරගත හැකි
භූමි ප්‍රදේශවල මිනිසාගේ කටයුතු පරිපාලනය කරගැනීමට ඉඩ සළසා දීමේ යෝග්‍යතාවයය. තිරසර
සංවර්ධන මාවත එයය. මහාපරිමාණයේ වගා සඳහා කැළෑ
එලිකිරීම දැනට ලංකාවේ පවතින දිස්ත්‍රික් මන්ත්‍රී නියෝජන ක්‍රමය හෝ ප්‍රාදේශීය සභා
විහිළුව මෙන්ම රටට අහිතකරය. රටේ 1978 ට කලින් පැවති, 1856 දී වෝඩ් ආණ්ඩුකාරයා විසින් යළි පණදුන් ගම් සභා ක්‍රමයට
යෑමේ අවශ්‍යතාවය පෙන්වමින් නිකුත්කල අභයවර්ධන
කොමිෂම් වාර්තාව පක්ෂ දේශපාලකයින් විසින් හමස් පෙට්ටියේ දැම්මේය (Report of the local government
reforms commission, sessional paper no. 1 of 1999).
රූප සටහනේ පෙන්වන මොඩලයට අනුව රට ගොඩනැඟීමේ මාවතක්
< මහින්ද චින්තන සිතියම් පොත> (MC Atlas) නමින් ප්‍රථම
වරට ඉදිරිපත්කලේ ජනාධිපති මහින්දට 2005 දීය. දැන් රට කොට
උඩ යාමේ ආසන්නයටම පැමිණ ඇත. විරුද්ධ බලවේග සිතන්නේ රට ගැන නොව ජනයා රවටා බලය අල්ලා
ගැනීමටය. කණගාටුවට කරුණ නම් ආණ්ඩුව රෙජීම් චෙන්ජ් කාරයින්ට අවශ්‍ය මූනිස්සම් දිනපතාමවාගේ
සැපයීමය.
අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවට දැන් කලයුතු
ජන සභා සංකල්පය තෝරාගත් දිස්ත්‍රික් තුනක ක්‍රියාවට නැඟීමය. ඒ මඟින් මීලඟ ජනාධිපති
මැතිවරණයට කලින් රටේ සෑහෙන ප්‍රමාණයකට චන්දදායකයාට තම භූමි ප්‍රදේශයේ බොහෝ කටයුතු පාලනය
කර ගැනීමේ බලය පැවරීමට හැකි වන්නේය. මෙම ක්‍රමය 1940 දශකයේදී කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර හිමිඳුන් විසින්, ග්‍රාම ප්‍රතිසංස්කරණ හා අපරාධ මර්දන ව්‍යාපාරය වශයෙනුත්, 2010 කාලයේදී ගැමි දිරිය වැඩ සටහන වශයෙනුත් ඉතා සාර්ථකව
ක්‍රියාත්මක විය. අවස්ථා දෙකේදීම පක්ෂ දේශපාලකයා ඒවා කඩාකප්පල් කලේය (මුල් එක ඩී. බී
ජයතිලක, ඩී. එස්. සේනානායක හා බණ්ඩාරනායක විසිනී).
මේ ව්‍යාපාර දෙකම පක්ෂ දේශපාලකයාගේ මැදිහත්වීමෙන් තොරව සිදුවිය.
මෙම ලිපි මාලාවට ලින්ක් කර ඇති වෙනත් ලිපි වලින් ජන සභා ක්‍රමය ක්‍රියාවට නැඟිය හැකි/යුතු ආකාරය
සවිස්තරව පෙන්වා දී ඇති නිසා , මෙහි දක්වන්නේ රොමේස් ද සිල්වා කොමිටියට
යැවූ යෝජනාවෙන් කොපිකල කොටසකි.
1. රටේ පහලම සිවිල් පරිපාලන ඒකකය වන ග්‍රාම
නිලධාරී සේවක වසම්,
ස්වභාවික
මායිම් සහිත (නැචුරල්) ඒකක වනසේ,
භූගෝල
විද්‍යා-භූජල විද්‍යා-පරිසර විද්‍යා (ජෝග්‍රෆි, ජියෝහයිඩ්‍රොලොජි, ඉකොලොජි) නිර්‌ණායක අනුව
අළුතින් ප්‍රතිසංවිධානය කල යුතුය. කුඩා දූපත් දෙකක් වන නිව්සීලන්තයේද එරට ව්‍යවස්ථාවෙන්
නියෝග කර ඇති අන්‌දමටම ලංකාවේදීද මෙය ව්‍යවස්ථාගත කල යුතුය. මෙම යෝජනාවෙන්, එක ගලකින් කුරුල්ලන් රැසක්
බිම දමන ආකාරයේ,
දැනට
රටේ පවතින පක්‍ෂ දේශපාලකයින් විසින්ම පටලවා ගත් අන්තෝජටා-බහිජටා අර්බුද බොහොමයකටම විසඳුම්
සපයන්නේය.
2. 1833 දී කෝල්බ්‍රෑක් කොමිෂම විසින් රට
පලාත් පහකට බෙදුවේ,
යටත්
විජිත සූරාකෑමේදීද,
ඕනෑ
නම්,
බොහෝ
දෙනා අදටත් මහ උජාරුවෙන් කතාකරණා ලිබරල් වාදය යොදාගත හැකිය යන හිඩැස අනුවය (ලිබරල්
වාදයේද අන්තවාදයක් ඇත). ඔහුගේ එක අරමුණක් වූයේ 1818 කැරැල්ලට පසුව, උඩරට රදලයින්ගේ දල බිඳීමය.
අනික,
ආදායම්
එකතුකර ගන්නා ඒකක සැදීමය. මෙම දෙවන උවමනාව අනුව දිගටම යමින් ලංකාව පලාත් නමයකට බෙදන
ලදී. එහෙත් 1931
න්
පසුව හෝ 1948
න්
පසුව,
තබා
දැන් 2020
දී
වත්,
රටේ
භූගෝල විද්‍යාවට හා ඉතිහාසයට පටහැනි මෙම භූමිය බෙදීමේ සූත්‍රය වෙනස් කිරීමට කට අරින
දේශපාලකයෙක් තබා
<විද්‌වතෙක්>වත් සොයා ගැනීම දුෂ්කරය.
ලඟදී බොරුවට හෝ එසේ කිව්වේ ජනාධිපති සිරිසේන පමණය. මේ පිළිඹඳව ලියූ එකම පරිපාලන සේවා
නිලධාරියාවූයේ,
භූගෝල
විද්‍යා උපාධිධාරියෙකුවූ,
වී.
කේ,
නානායක්කාරය.
පලාත් නවයේ කෘතිම බෙදීම ඔහු පෙන්වා දුන්නේ ඒ මත රටේ ජලය මූලික දේශගුණික කලාප තුන (තෙත්
(රෝස පාට),
අතරමැදි
(කොල),
වියළි
(දුඹුරු)) ආරෝපනය කිරීමෙන්‌ය (ඉන්වයිටින් ෆේලියර් – නේචර් ඔෆ් ද ස්පේෂියල් යුනිට් ඔෆ්
ඩෙවොලූෂන්,
ද
අයිලන්ඩ්,
නොවැම්බර්
8,
2017) මෙහි
පහතින් කොපිකර තිබෙන්නේ ඒ සිතියමය:
3. නන්මැජෝරිටේරියන් විසඳුම් කතාව තදින්ම
බදාගෙන වසීවී සිටින,
ලාල්
විජේනායක යහපාලන කමිටුව පවා,
පාලන
ඒකක,
ජාතිය, වර්‌ගය, ආගම හෝ භාෂාව අනුව මායිම්කල
යුතු නැතැයි නිර්දේශ කර තිබීම,
රට
කැබලි නොකිරීමේ ඒකිය ලංකාවක් යන සංකල්පයේදී ඉතා වැදගත් පියවරකි (9.1.2.6 නිර්දේශය, මැයි 2016). මෙම කෘතිම මායිම් සහිත
පලාත් නමය තුල ඇති දිස්ත්‍රික් 25
හා
ග්‍රාම නිලධාරී වසම් 14,022
මායිම්
කර ඇත්තේද කෘතිම මායිම් සහිතවය. කලින් 4,000 ක් පමණක්‌වූ මේ වසම් සඛ්‍යාව 14,000 කලේ ජනාධිපති ප්‍රේමදාස විසින්, තම පාක්‍ෂිකයින්ට රක්‍ෂා
සැපයීමටය. ගොඩකල එක මඩවගුරකින් සැතපුම් 12 ක්
ඈතින් තවත් මඩවගුරක් ගොඩකර එතැන පාර්ලිමේන්තුවක් සැදුවා වැනිමවූ, මෙම අඥාන, හිතුවක්කාර ක්‍රියාව, ග්‍රාම සේවාව හා එම නිලය
බාල්දු කර දැම්මා පමණක් නොව මොන අන්දමට ඒවා මායිම් කලාදැයි දන්නා කෙනෙක් හෝ ඒ ගැන වාර්‌තා
හෝ නැත. මෙම වසම් ස්වාභාවික ඒකක කිරීමෙන් මෙම නැණවිකල් තීන්දුව වෙනුවට ඊට වඩා බෙහෙවින්
අඩු වසම් සංඛ්‍යාවක් බිහිවෙන්නේය. යම් විශාල ස්වාභාවික වසමකට, අවශ්‍යනම් නිලධාරීන් දෙතුන්
දෙනෙකු පත් කිරීම වෙනම කරුණකි.
Language-Blind Regional Development
Units | PDF | Sri Lanka | Drainage Basin (scribd.com) (2006)
4. මතුපිට ගලනා ජලය හෝ භූගත ජල උල්පත්
හෝ මුල් කරගෙන මෙසේ වසම් මායිම් කිරීම, ලංකාවේ
අනාදිමත් කාලයක සිට පැවති,
ගම-වැව-දාගැබ
(කෝවිල්/පල්ලිය)- යන සමාජ,
ආර්ථික, හා දේශපාලන ත්‍රිත්‌වයට
අනුකූලය. පණ්ඩුකාභය රජුගේ කාලයේ මුළු දිවයිනේම ග්‍රාම මායිම් කලායයි පැවසේ. පරාක්‍රමබාහු
රජු වැසිජලය කළමනාකරණයේ අගය පෙන්‌වා දුන්නේය. ඉන්දියාවේ පංචයාත් යන්නේ අර්‌ථය, පස් දෙනෙක් එකඟතාවයකට පැමිණි
විට,
එතැන
දෙවියන් වැඩ ඉන්නවා යන්නය. සම්මුතිවාදය හා බුදු දහමේ මධ්‍යම ප්‍රතිපදාව අනුව ක්‍රියාත්මක
වුණු 1856
ට
පසු,
වෝඩ්, රොබින්සන්, ග්‍රගරි, යන ආණ්ඩුකාරයින් විසින්
යළි පණදුන් ලංකාවේ ගම් සභාව,
හෝ
ඉන්දියාවේ පංචයාත්,
නූතන
ලෝකයේ නන්මැජෝරිටේරියන් විසඳුම් දීමේ කතාවේ පප්පා වන, සිය තරුණ කාලයේ ලංකාවේ පර්යේෂණද කල, ඇමෙරිකන් ප්‍රොපෙසර් ඩොනල්ඩ්
හොරෝවිට්ස්ට අමතකවීමේ අසනීපය ගැන මෙහි පසුව සඳහන් කර ඇත.
5. ලංකාවේ මෙම මානව ත්‍රිත්‌ව මොඩලය, මුළු දිවයිනම ආවරණය කරණ
භෞතික ත්‍රිත්‌වයක්,
-තෙත්
කලාපය-වියළි හා ශුෂ්ක කලාප- මධ්‍යම කඳුකරය- හා බැඳී ඇත. (මීට අමතරව තෙත් කලාපය, අන්තර් කලාපය හා වියළි
කලාපය වශයෙන් දේශගුණික ත්‍රිත්‌වයක්ද දිවයිනේ ඇත). මධ්‍යම කඳුකරය දිවයිනේ හදබිමය. ලංකාවේ
ඇති ගංඟා 103
මෙම
ත්‍රිත්‌වය පණ ගන්වන ලේ නහරය. උදාහරණයක් වශයෙන් සුද්දා, සමනල කන්ද කෝපි හෝ තේවගාවට එලිකලා
නම්,
මහවැලි, කැළණි, වළවේ කා කලු ගංඟා සිදීගොස්
දිවයින කාන්තාරයක් වන්නට හොඳටම ඉඩ තිබුණි. <මිනිසාගේ ඉතිහාසය යනු වතුරේ ඉතිහාස
කතාව>
නම්, ජල ද්‍රෝණි අනුව ග්‍රාම
සේවා වසම් මායිම් කිරීම,
යම්
රටක බලවත් පිරිසක් විසින් සෙසු ජනයා පාලනය කිරීමේ උපකරණයක් වන නීතියට ප්‍රශ්ණයක් විය
නොහැකිය. ඇල්ලේ ගුණවංශ හිමියන්ට අනුව නීතිය යනු අකුරු ගොඩකි. උන්වහන්සේ එසේ කියන්නේ
මෙතෙක් නීතීඥයින් සැදු රටේ ව්‍යවස්ථා ගැන විය යුතුය!
6. ස්වාභාවික මායිම් සහිත ග්‍රාම සේවා
වසම් ක්‍රමයේ ප්‍රයෝජන (වාසි)
තිරසර සංවර්‌ධනයක මුල් ගල රටේ භූමිය
ස්වාභාවික (නැචුරල්) ඒකක ලෙස මායිම් කිරීමය. සෙසු සියළු මානව ක්‍රියා සිදුවන්නේ පොලොව
මතුපිටය. මෙම ක්‍රියා මතුපිට රටා බිහි කරයි (ප්‍රොසෙසස් ඇන්ඩ් පැටර්න්ස්). එහෙත් මෙම
වසම් මායිම් ක්‍රමයේ බලවත්ම වාසිය නම් එය රට කැබලි කිරීමේ ව්‍යාපාරයට, (මෑතක සිට ශාරියා ඉස්ලාම්
ව්‍යාප්තවාදයට) මතවාදයට,
විද්‍යාව, නීතිය හා බුදු දහම අනුසාරයෙන්
දෙන විසඳුම වීමය. මෙහි පැති දෙකක් ඇත. එනම්:
7. වසම් එකට එකතු කරමින් ඉහලට යමින් ප්‍රාදේශීය
ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්‌යාල බල ප්‍රදේශ මායිම් කිරීම හා සෙසු මධ්‍යම ආණ්ඩුවේ
ආයතන වල ක්‍ෂේත්‍ර ඒකක වල මායිම්ද එසේ සැදීම. උදාහරණයක් වශයෙන්, කෘෂිකර්‍මාන්ත, පොලිස්, සෞඛ්‍ය, මහාමාර්‍ග, අධ්‍යාපන, අපදා කළමණාකරණ, සමාජ සේවා, වනරක්‍ෂණ යනාදී දෙපාර්තමේන්තු
වල බල ප්‍රදේශ මෙම වසම් එකතුකල ස්වාභාවික ඒකකවේ. මෙය රුසියන් බෝනික්කන් ඇතුලේ සිට පිටතට
ලොකුවනවා වැනිය;
සරල
මෙට්‍රික් ක්‍රමය වැනිය. මේ අනුව වසමක පිහිටීම (ලොකේෂන්) තිතක් වශයෙන් සළකා, විවිධ තොරතුරු ඩේටා ටේබල්
හා/හෝ සිතියම් ලෙස පරිගණකයෙන් බලාගත හැකි ක්‍රමයක්ද සදාගත හැකිය.
8. අළුතින් සීමා මායිම් කල ග්‍රාම සේවා
වසම්,
ජනතාව
බලවත් කිරීම (එම්පවර්‌මන්ට් ඔෆ් පීපල් ඇට් ග්‍රාස් රූට් ලෙවල්) සඳහා ජන සභා වශයෙන්
උපයෝගී කරගැනීම ව්‍යවස්ථාගත කිරීමය. මේ අනුව වසමක්, (හෝ ඒවා එකක් ප්‍රමාණයෙන් කුඩා නම්
දෙකක්),
ජන
සභා (ජන මූල සභා) ඒකකයක් ලෙස හඳුනා ගැනීමය. මෙම ජන සභා පක්‍ෂ දේශපාලනයෙන් තොර (ඉතා
සාර්‌ථකවූ එහෙත් මෑතකදී හදිසියේ නතරවූ ගැමි දිරිය වැඩසටහන හෝ සුද්දන් හා කළුසුද්දන්
විසින් කඩාකප්පල්කල,
1930ස්
40
ස්
ගණන් වල කළු කොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන් විසින් සාර්‌ථක ලෙස ගෙනගිය ග්‍රාම ප්‍රතිසංස්කරණ
හා අපරාද මර්‌දන දීපව්‍යාප්ත ව්‍යාපාරය මෙන්), ඉන්දියාවේ (73 සංශොධනය, 1992), පංචයාත් රාජ්‍ය ආයතන වලදී
මෙන් ව්‍යවස්ථාවෙන් බලය දෙනලද,
මැස්ලෝගේ
මිනිස් අවශ්‍යතා හා උවමනා ලැයිස්තුවට අනුව දිය හැකි උපරිම බලතල සහිත ආයතන විය යුතුය.
9. මෙම ජනසභා භූමි ඒකක, 1977 ට පෙර රටේ පැවති පාර්ලිමේන්තු
ආසන සීමා නිර්‌ණය කිරීමේදී හා චන්ද දමන ප්‍රදේශ (පොලින් ඒරියා) මායිම් කිරීමේදී, භාවිතා කල හැකිය. ඉදිරියේදී
රටේ තිබිය යුතු මධ්‍යම රජය,
පාර්ලිමේන්තුව, ජන සභා ජාතික උපදේශක සභාව
හා බිම් මට්ටමේ ජන සභා පමණය. මේ අනුව පලාත් සභා හා ප්‍රාදේශීය සභා අනවශ්‍ය මුදල් නාස්තියකි.
එහෙත් යම් හෙයකින් විකෘති ප්‍රාදේශීය සභා ක්‍රමය අතහැර දැමීමට පක්‍ෂ දේශපාලකයින්ට ශක්තියක්
නැත්නම් තාවකාලිකව හෝ තවදුරටත් ඒවා පවත්‌වාගෙන යාමේදී ඒවායේ බල ප්‍රදේශය හා කොට්‌ඨාශවල
මායිම්,
ජන
සභා ඒකක එකතුකර සදාගත යුතුය.
මෙය මෙම ලිපි මාලාවේ අවසාන ලිපියයි.
ඔබගේ අදහස් ඊමේල් කර එවන්න chandrawijey@gmail.com
=====